ජනාධිපතිට සහය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස 115 කට වැඩියි – පොහොට්ටු මන්ත්‍රී නිමල් ලන්සා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද දින සහය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙදෙනාට අමතරව අද නොපැමිණි  තවත් පිරිසක් සහය දීමට සිටින බවත් එම සම්පුර්න මන්ත්‍රී සංඛ්‍යාව 115 ඉක්මවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රී කණ්ඩායමක් සමග ජනාධිපතිවරයාට සහය පළකිරීමෙන් පසු ඒ මහතා මේබව ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ අද ජනාධිපතිතුමා හමුවුයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බවත්, ශ්‍රීලංකා නිදහස් පක්ෂය හෙට රැස් වී තීරණය ගන්නා බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *