|

රනිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ කිරීම – රටේ රාළ

ඊයේ (29) මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් රැස්වුන පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දාන්න තීරණය කළා.රටේ රාළ දිගටම කිව්වේ රාජපක්ෂලා විශ්වාස කරන්න බෑ කියලයි. රාජපක්ෂලා කියන්නේ පිටිපස්සේ ඉඳන් පිහියෙන් අනින ජාතියක්.රටේ රාළ බළකාය ඔය දුර මුලදීම දැක්කා.ඒ වගේම ලන්සට සහ රාජිතටත් ඔය දේශපාලන කියවීම ඒ විදිහට තිබුණ බව කුහක නොවී කියන්න ඕනි.
රාජපක්ෂලා ඉන්න කඳවුරකට අපි එන්නේ නෑ කියපු පාඨළීලටත් දැන් තිරණයක් ගන්න හොඳ අවස්ථාවක් ඇවිත් තියනවා.හැබැයි එජාපයේ සාගලලා,වජිරලා…. රාජපක්ෂලා කරේ තියාගෙන ගියේ රාජපක්ෂලාගෙන් ගොඩයන්න බලාගෙන. දැන් රටේ රාළට එයාලගෙන් අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන් කියලයි.නැත්තං දැන් සැපද කියලයි.එයාලා එජාපය හදාගන්නේ නැතිව රාජපක්ෂලා දිහා බලාගෙන හිටියා.
අන්තිමට රාජපක්ෂලා එයාලට මතක හිටින පාඩමක් උගන්නලා තියනවා.රටේ රාළ දිගටම කිව්වේ රාජපක්ෂලා වැඩ කළේ ප්ලෑන් දෙකකට කියලයි.එකක් රනිල් පොහොට්ටුවේ අපේක්ෂකයා කරගෙන රනිල් ජනාධිපති කරලා නාමල් අගමැති වෙන්න.ඊට අමතරව කැබිනට් එකේ වැඩි පංගුව අරගෙන රනිල් ලවාම රාජපක්ෂ පවුල ශක්තිමත් කරගන්න.මේ කාලය ඇතුලත ඒ වෙනුවෙන් රාජපක්ෂලා එක එක වර්ගයේ උප්පරවැට්ටි යෙදුවා.
හැබැයි රනිල් රාජපක්ෂලා අටවපු ඒ උගුල්ලට අහුවුණේ නෑ.රාජපක්ෂලා දිගටම ජනමත සමීක්ෂණ ගැන අවධානයෙන් හිටියා.සාමානයෙන් බැසිල් එහෙම කෙනෙක්.එයාලා ඒ ගැන වැඩි අවධානය යොමු කළේ ක්රියාත්මක කරන්නේ Plan A ද නැත්තං Plan B ද කියන එක තහවුරු කරගන්න.එයාලා වැඩිය කැමති Plan B එකට.හැබැයි පවතින තත්වයන් යටතේ ආදේශ කරන්නේ Plan A ද Plan B කියන එක තීරණය වෙනවා.
රාජපක්ෂලා අභයන්තරිකව සජබය control කළේ ඒ වෙනුවෙන්.සජබෙන් රනිල්ට එන්න හිටපු අය නැවැත්තූවේ බැසිල්.බැසිල් කිව්වේ ඔයාලා දැම්ම තීරණ ගන්න එපා අපිත් රනිල්ට උදව් කරනවාද නැද්ද කියලා තීරණය කරලා නෑ කියලයි. එහෙමයි රාජපක්ෂලා තමන්ගේ වැඩේට කල් ගත්තේ.එක වෙලාවක මාලිමාව 27% ක සීමාවකට ළඟා වෙලා උඩින්ම හිටියා.රාජපක්ෂලා හිතුවේ මාලිමාව ඒ ආපු ගැම්මෙන්ම ඉස්සරහට යයි කියලා.
ඒ වෙලාවේ රාජපක්ෂලා හිටියේ එයාලගේ මූලික සැලැස්මේ.ඒ කියන්නේ Plan A එකේ.මොකද මාලිමාව බලයට එන එක රාජපක්ෂලාට මාරාන්තිකයි.එහෙම තත්වයක් ආවා නම් රාජපක්ෂලා සජබයත් කඩලා රනිල්ට උදව් කරනවා.හැබැයි මාලිමාවට තමන්ගේ රැල්ල පවත්වගෙන යන්න බැරි වුනා.මාලිමාව කඩා වැටෙනකොට සජිත් උඩට ආවා. දැනුත් සජිත් තමයි උඩින් ඉන්නේ.
සජිත් උඩට ඒමෙන් සජිත්ටත් වැඩිය සතුටු උනේ රාජපක්ෂලා.මොකද රනිල් පරද්දලා සජිත් ජනාධිපති කරගත්තොත් ආයෙත් රාජපක්ෂලාට චාන්ස් එකක් එන බව එයාලා දන්නවා.රනිල් ජනාධිපති උනොත් රනිල් අලුත් ආර්ථික උපායමාර්ගයක් ඔස්සේ මේ රට ඉස්සරහට ගෙනියනවා.තව අවුරුදු පහක් මේ විදිහට ගියොත් අපේ රටට අවශ්ය දේශපාලන සහ ආර්ථික ප්රතිසංස්කරණ ටික කරගන්න පුළුවන්.
ව්යවස්ථාවේ තියන මේ unbalance එකත් හදාගන්න පුළුවන්.එහෙම උනොත් රාජපක්ෂලාට මෙතනින් පස්සේ open වෙන්න දේශපාලන පරිච්ඡේදයක් නෑ.රාජපක්ෂලා ඕනි ජාතිවාදය,ආගම්වාදය. වැඩවසම්වාදය.ඒකේ සංකේතය තමයි ඔය බෙල්ලේ ඔතාගෙන ඉන්න වැඩවසම් සාටකය.රනිල්ගේ ඊළඟ පීරියඩ් එකේ ඒවට ඉඩ නැති වෙනවා.රාජපක්ෂලාට වැඩෙන්න ඕනි පස නැති වෙනවා.ඒක වෙනවා දකින්න රාජපක්ෂලා කැමති වෙයිද?රටේ රාළ කියන්නේ රාජපක්ෂලාට නැවත බලයට එන්න හොඳම දේ තමයි සජිත් දිනවන එක.
සජිත් දිනලා වැඩි දවසක් යන්න වෙන්නේ නෑ.මාස තුන හතරෙන් රට 2022 තිබුණ තත්වයට වැටෙනවා. ඒක තමයි රාජපක්ෂලාට නැවත නැගිටින්න තියන හොඳම අවස්ථාව.එයාලට ground එක විවෘත කරගන්න තියන හොඳම විදිහ.රටේ රාළ මීට කලින් කිව්වා රාජපක්ෂලාට එරෙහිව කිසිම පියවරක්ම ගන්නේ නෑ කියන පොරොන්දුව සජිත් දීලා ඉවරයි කියලා.මහින්ද ළඟ හිටපු හෙට්ටි සජිත් ළඟට ඒමේ ලොකු සැකයක් රටේ රාළට තියනවා.
රාජපක්ෂලා ආරක්ෂා කරන බවට පොරොන්දු වෙලා ඇවිත් තමයි සජිත් කියන්නේ රනිල් රාජපක්ෂලා ආරක්ෂා කරනවා කියලා.සජිත් – රාජපක්ෂ අශුද්ධ හවුලෙන් ප්ලෑන් කරන්නේ පොහොට්ටුවේ ඡන්ද කුට්ටි ගෙඩිය පිටින් රනිල්ට යන එක නවත්තන්න.ඒකෙන් කොටසක් කැඩුවම ඉබේම සජිත් දිනනවා.ඕක තමයි රාජපක්ෂලගේ සූත්රය.හැබැයි රටේ රාළ කියන්නේ ඔය සූත්රය වැරදියි.රාජපක්ෂලා අපේක්ෂකයෙක් දාලා ඡන්ද ප්රමාණයක් කඩයි.
හැබැයි තව පැය 24 ක් යන්න ඉස්සෙල්ලා පොහොට්ටුව කැඩෙනවා.ඊළඟට පොහොට්ටුව දාන අපේක්ෂකයා කඩන ඡන්ද ප්රමාණයට වඩා තුන් හතර ගුණයක් රනිල්ට එකතු වෙනවා.මෙහෙන් ලක්ෂයක් ගියොත් එහෙන් ලක්ෂ හතරක්වත් එනවා.මෙතනදී කවුද පොහොට්ටුවෙන් දාන අපේක්ෂකයා කියන ප්රශ්නය එනවා.එයාලට ඉන්නේ අපේකෂකයෝ දෙන්නයි. එක්කෝ ධම්මික නැත්තං නාමල්.
මේ දෙන්නාගෙන් කවුද දාන්නේ කියන ප්රශ්නය ඊළඟට එනවා. අපේක්ෂකයා තේරීමේදී රාජපක්ෂලා තක්සේරු කරන කාරණා දෙකක් තියනවා.සජිත් දිනන එක ෂුවර්ද කියලා බලන එකයි,කැමිපේන් එකට සල්ලි වියදම් කරන්න තඩි මෝරෙක් කොටුකර ගන්න එකයි තමයි ඒ දෙක.සජිත් දිනන එක ෂුවර් නැත්තං එයාලා බොහෝ වෙලාවට දාන්නේ බිලි boy කෙනෙක්.එහෙම උනොත් ධම්මික තමයි.එතකොට ධම්මික ජනපති – නාමල් අගමැති කියාගෙන යන්න පුළුවන්.
හැබැයි රාජපක්ෂලාට සජිත් දිනන එක ෂුවර් නං නාමල් අපේක්ෂකයා වෙන්නත් ඉඩ තියනවා.එතකොට නාමල් ජනපති – ධම්මික අගමැති කියාගෙන යන්න පුළුවන්.ඔය මොන ක්රමයට ගියත් ධම්මික මෝරා වෙන එක නවත්තන්න බෑ.හැබැයි රටේ රාළ කියන්නේ ඔය විදිහට නෙවෙයි අපේ රටේ ජනමනස හැසිරෙන්නේ.අපේ රටේ ජනතාව දන්නවා රට ගොඩදැමීමේ රනිල් කියලා.රනිල්ට තිබුණ එකම චෝදනාව තමයි රාජපක්ෂලා ආරක්ෂා කරනවා කියන එක.
ඒකට ජනතාව කැමති නෑ.දැන් හැබැයි රාජපක්ෂලාම රනිල් ඒ චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කරලා.රාජපක්ෂලාම රනිල් රාජපක්ෂ කියන නමේ රාජපක්ෂ කෑල්ල ගලවලා අයෙත් එතෙන්ට වික්රමසිංහ කෑල්ල දාලා දීලා.හරි නං රනිල් රාජපක්ෂලාට ස්තුති කරන්න ඕනි එයාලා විසින්ම රනිල්ට ආයෙත් තාත්තාගේ වාසගම අරන් දුන්නට.ඒ වගේම දැන් කිසිම ප්රශ්නයක් නැතිව අපේ රටේ දෙමළ,මුස්ලිම් සහ වතුකරයේ පක්ෂවලට රනිල්ගේ ධාරාවත් එක්ක එකතු වෙන්න පුළුවන්.
රනිල් ගැන පැහැදීමක් තිබ්බත් රාජපක්ෂලා හින්දා රනිල් එක්ක එකතු වෙන්න බැරිව හිටපු බලවේගවලට තිබුණ බාධාව රාජපක්ෂලා අයින් කරලා දීලා.රටේ රාළ කියන්නේ ඉදිරි සතිය ඒ කියන්නේ අගෝස්තු පහ දක්වා සතිය තීරණාත්මකයි. පාර්ලිමේන්තුවේ මන්ත්රීවරු 225 ටම තීරණයක් ගන්න වෙනවා.රනිල්ද, සජිත්ද,පොහොට්ටුවේ අපේක්ෂකයද නැත්තං වෙන කවුරු හරිද කියලා.ඒ බෙදෙන විදිහ ඇතුලේ ජයග්රහණය තීරණය වෙන්නේ නෑ.
හැබැයි දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අති බහුතර මන්ත්රීවරුන්ට රනිල්ද නැත්තං සජිත් – රාජපක්ෂ අප්රකාෂිත අශුද්ධ හවුලද කියලා තීරණයක් ගන්න වෙනවා.ඒකෙන් එයාලගේ දේශපාලන අනාගතය තීරණය වෙයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *