|

රේස් එක දුවන්න රනිල් පළවෙනි මංතීරුවට – රටේ රාළ

දැන් ජනාධිපතිවරණ රේස් එක නිල වශයෙන් එනවුන්ස් කරලා ඉවරයි. රේස් එක එනවුන්ස් කළ වහාම රනිල් පළවෙනි මං තීරුවට වාර්තා කළා.මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්රකාශ කරලා පොඩි වෙලාවකින් රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඇප තැන්පත් කළා.පහුගිය 27 වෙනිදා ගාල්ලේ තිබුණ ආණ්ඩු පක්ෂ රැලියේදී තමන් ජනාධිපතිවරණයට එනවා කියලා රනිල් නිල වශයෙන් ප්රකාශ කළා.
ජනාධිපතිවරණය ප්රකාශයට පත්කරනවාත් එක්ක සහ රනිල් ඉදිරිපත් වෙනවා කියනවත් එක්ක ජනාධිපතිවරණය ගැන හා රනිල් ගැන තිබුණ ගොඩක් සැක සංකා ගොඩක් දුරුවෙලා ගියා.දැන් තියන්නේ නෑ කියපු ජනාධිපතිවරණය තියනවා. තරඟ කරන්නේ නෑ කියපු රනිල් තරඟ කරනවා.දැන් අනුරට හරි සජිත්ට හරි ජනාධිපති වෙන්න තියන එකම විදිහ ජනාධිපතිවරණයේදී රනිල් පරාජය කරන එක.රනිල් තරඟයට පැමිණීමෙන් ජනාධිපතිවරණ සටන තව තවත් සංකීර්ණ වෙනවා.
රනිල්ගේ පැමිණීමෙන් කලින්ම පිටියට බැහැලා හිටපු අනුරලා, සජිත්ලා හොල්මන් වෙලා.රනිල් දුවන්න හදන්නේ දවස් 38 ක බොහොම කෙටි රේස් එකක්.රනිල් රේස් එකට එන්නේ එළියෙදීම ප්රතිවාදියෝ කීපදෙනෙක් බිම දාගෙන.ධම්මික පෙරේරා,සරත් ෆොන්සේක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයිද කියලා තවමත් පූවර් නෑ.ධම්මික ආවොත් බොහෝවිට ෆොන්සේකා එයි.දැන් රාජපක්ෂලාටත් ඇඩ්රස් නෑ.දැන් බැසිල් යටත්වීමේ සාකච්ඡා පටන් අරන්.තව ටික දවසකින් නෙළුම් මාවතේ පොහොට්ටු මූලස්ථානයේ සුදු කොඩිය වැටෙනවාම තමයි. රාජපක්ෂලාත් අන්තිමට සුදු කොඩි උස්සගෙන ඇවිත් යටත් වෙනවාමයි.
සුදු කොඩි අරන් ආපු අයට වෙඩි තියන ඉතිහාසයක් තිබුණේ රාජපක්ෂලාට.හැබැයි රටේ රාළ සුදු කොඩි අරන් එන රාජපක්ෂලාට වෙඩි තියනවට විරුද්ධයි. රටේ රාළ කියන්නේ රාජපක්ෂලා පැත්තකට කරලා පැදුරේ වාඩිකරලා තියන්න මේක තමයි හොඳම වෙලාව.ඒ කියන්නේ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නොදා රාජපක්ෂලාට පැත්තකට වෙන්න කියන එකයි.දැන් ඒක කරන්න අවශ්ය පරිසරය පොහොට්ටුව ඇතුලේම නිර්මාණය වෙලා තියනවා.
මොකද මේ වෙලාව කියන්නේ රාජපක්ෂලා control කරන්න හොඳම වෙලා.තවමත් රාජපක්ෂලා එයාලගේ ප්ලෑන් බී එක අතෑරලා නෑ.ඒක ක්රියාත්මක කරන්න අවස්ථාවක් ආවොත් අනිවාර්යයෙන්ම ක්රියාත්මක කරනවා.හැබැයි ඒක ක්රියාත්මක කිරීමත් දැන් ලේසි නෑ.ඒක වෙන්න නං සජිත් දිනනවා කියලා තහවුරු වෙන්න ඕනි.එහෙම නැතිව රාජපක්ෂලා ඒ වැඩේට අත තියන්නේ නෑ.ඒ නිසාම දැන් රනිල්ලා වැඩි බරක් තියන්න ඕනි සජබය දුර්වල කරන්න.
මොකද සජබ ඇතුලේ තත්වය දවසින් දවස දෙගිඩියාවට යනවා. තවමත් සජබ බහුතරය ඉන්නේ රනිල් සජිත් එකතු වෙන්න ඕනි කියන තැනක.ජයග්රහණය වෙනුවෙන් රනිල් සඡිත් එකතු වෙලා මතුවෙමින් එන ජවිපෙ පොල්පොට්වාදය පරාජය කරන්න ඕනි කියන මතය තමයි දැන් සජබ ඇතුලේ තියෙන්නේ.රටේ රාළ කියන්නේ සජිත්ට ඒ තීරණය ගන්න බැරි නම් සජබෙටත් පොහොට්ටුවට අත්වුන ඉරණම අත්වෙන්න ඉඩ තියනවා,සජිත්ටත් රාජපක්ෂලාට අත්වුන ඉරණම අත්වෙනවාම තමයි.
රාජපක්ෂලා මුල ඉඳන්ම හිටියේ මස් රාත්තලම ඉල්ලන තැනක. රාජපක්ෂලා ප්රතික්ෂේප වෙලා පස්සට බිම ඇණිලා ඉන්න මේ වෙලාවෙත් බැසිල් ඉල්ලන්නේ පාර්ලිමේන්තු අපේක්ෂකත්වයන්ගෙන් 90% ක් සහ පලාත් සහ පලාත් පාලන කෝටාවෙන් 70% ක්.ඒක දෙනවට වැඩිය හොඳයි රනිල් ගිහින් කෙලින්ම පොහොට්ටුවෙන් තරඟ කරන එක.ඇත්තටම රාජපක්ෂලා මේ කෝටා කතාව දාන්නෙත් කපටිකමට.එයාල පොහොට්ටුවේ අයට පෙන්නන්න හැදෙන්නේ අපි හැපෙන්නේ පොහොට්ටුව වෙනුවෙන් කියලා.
හැබැයි පොහොට්ටුවේ අය තේරුම් ගන්න ඕනි එක දෙයක් තියනවා. රාජපක්ෂලා පොහොට්ටුව ඉස්සරහට දාගෙන ඔය ෆයිට් කරන්නේ ඔයාලා වෙනුවෙන් නෙවෙයි.තනිකරම රාජපක්ෂ පවුල වෙනුවෙන්.ඒකේ ඉත්තෝ වෙන්න එපා.රාජපක්ෂලා වගේ පටු තැනකට සජිත් වැටුනොත් සජබයත් පොහොට්ටුව වගේම චකබ්ලාස් වෙන්න පුළුවන්. සජිත් තවමත් රටේ ප්රශ්නය ගන්නේ නැතිව එයාගේ උන්නතිකාමී බල උවමනාව වෙනුවෙන් විතරක් නං සටන් කරන්නේ සජබය ඇතුලෙත් ඔය ගැටුම එන එක නවත්වන්න බෑ.
ඇත්තටම දැනටත් සජබ ඇතුලේ ගැටුම ඇවිත්.ඔහොම ගියොත් ගැටුම පුපුරා යන එක නවත්තන්න සජිත්ට බෑ.දැන් මේ රට නිවැරදි පාරට ඇවිත් කියන එක ඕනි හෘද සාක්ෂිය තියන කෙනෙක් පිලිගන්නවා.මේ පාරේ තව අවුරුදු පහක් යනවා හැර වෙන විකල්පයක් නෑ.මේ වෙලාවේ අපි වාහනේ රියදුරා මාරු කරනවා නං අනිවාර්යයෙන්ම ලොකු ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඇක්සිඩන්ට් එක වෙන්නේ සජිත්ට නෙවෙයි.මේ රටට.
එදා 2022 තිබුණ තත්වයට ආයෙත් මේ රට වැටුනොත් කවුද ඒකට වගකියන්නේ.ඒක නිසයි තව අවුරුදු පහක් රනිල්ගේ නායකත්වයෙන් ඉස්සරහට යන්න ඕනි.ඊට පස්සේ තව අවුරුදු පහක් රනිල්ට දෙන්න අපිත් එකඟ නෑ. රනිල් දාපු අත්තිවාරම උඩ ඉදිකිරීම කරන්න පුළුවන් නායකයෙක් අපි හොයා ගන්න ඕනි.අද අපි රටක් විදිහට ඉතිහාසයේ නිශ්චිත සන්ධිස්ථානයකට ඇවිත් තියනවා. මේ වෙලාවේ මේ කඩයිම පනින්න නායකත්වය දෙන්න රනිල් තරම් සුදුස්සෙක් නෑ.
රටේ රාළ කියන්නේ ඒ වැඩේ අපි රනිල්ගෙන් ගන්න ඕනි කියලයි. එහෙම නොගත්තොත් අපි අනාගත පරපුරට ද්රෝහී වුනා වෙනවා.ඔය හෘද සාක්ෂිය වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා සජබ මන්ත්රී කණ්ඩායමෙන් සහ පාක්ෂිකයන්ගෙන් මතු වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ජනමනස ඇතුලේ රනිල්ට විවෘත වෙලා තියන අවකාශය.ඒක කවුරුත් කියලා හදපු එකක් නෙවෙයි.ඇත්තටම 2022 සිට අද දක්වා අපේ රටේ ජනතාව ලබපු අත්දැකීම් මත ජනතාවගේ හෘද සාක්ෂිය අවධිවීමක්.
රටේ තැනින් තැනින් සාමාන්ය ජනතාව තුලින් මතු උන ඒ හෘද සාක්ෂියේ මතය අද වේගයෙන් රට පුරා පැතිරෙනවා.ඒක පෝෂණය කරන්න රටේ රාළ බළකාය විශාල කාර්යභාරයන් කළා.ඒ ගැන නිහතමානී අඩම්බරයක් අපටත් තියනවා.අනිවාර්යෙන්ම මේ රට මේ පාර දිගේ තව අවුරුදු පහක් නෙවෙනස්ව ඉදිරියට යන්න ඕනි.
හරි එහෙමනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *