පොහොට්ටුවේ මැති ඇමති හැටක් ජනපති හමු වී සහය පළ කරති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් හැට දෙනෙකු පානම අද රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ජනාධිපතිවරණයේ දී සහය දීමට එකඟ වී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කිරීමෙන් පසු මෙම හමුවීම සිදු වී තිබේ.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතගේ මෙහෙයවීමෙන් මෙම හමුව සිදු වී තිබේ.

පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයකු ඉදිරිපත් වුවත් තම සහය හිමිවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව මෙම මැති ඇමති පිරිස ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *