එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී සම්මත කර ගත් 34/L I යෝජනාව දෙමළ ජාතික සන්ධානය විසින් සාදරයෙන් පිළිගනු ලබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම, වගවීම හා මානව හිමිකම් සම්බන්ධයෙන් 2015 දී සම්මත කරගත් 30/1 දරන යෝජනාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය නැවත වරක් සනාථ කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මඟින් සම්මත කරන ලද 34/L I යෝජනාව දෙමළ ජාතික සන්ධානය විසින් සාදරයෙන් පිළිගනු ලබයි.

 

34/L I යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට හා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට නිශ්චිත කාලයක් ලබාදීමත්, 30/1 යෝජනාව සාර්ථක ලෙස ක්‍රියාත්මක කර ඒ පිළිබඳ වාර්තාවක් පිළිවෙලින් 2018 දී හා 2019 දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 37 වන හා 40 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියම කිරීම පිළිබඳවත් දෙමළ ජාතික සන්ධානය තම ප්‍රසාදය පළකරයි.

 

තම පොරොන්දු වලට ගරු කර ඒවා අකුරටම හා හරවත් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසට අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.  එම පොරොන්දු ඉටුකරමින්, ඉඩම් නිදහස් කිරීමේ ගැටළුව, දෙමළ දේශපාලන සිරකරුවන් රඳවා තබා ගැනීම, අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල්වල දුක්ගැනවිලි හා ව්‍යවස්ථාමය ප්‍රතිශෝධන කෙටුම්පත් කිරීම යන කරුණු පිළිබඳවත් අවංක ලෙස කටයුතු කරන ලෙස ද අපි ඉල්ලා සිටිමු.

 

දෙමළ ජනතාව මෙම පීඩාවන් ඉවසා සිටීමේ අන්තයටම පැමිණ ඇති බැවින්, මෙම බොහෝ ගැටළු සම්බන්ධයෙන් තමන්ට මුහුණපෑමට සිදුවී ඇති අහිමිවීම්, පීඩාවන් සඳහා කඩිනමින් පිළියම් යෙදිය යුතු බවටත් අපි ඉල්ලා සිටිමු.

 

ඉහත සඳහන් කරුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව දක්වන සහයෝගයත් ඒ සම්බන්ධ කටයුතු වල අඛණ්ඩව නියැලී සිටීමත් පිළිබඳව අපි ප්‍රසාදය පළ කරමු.  එක්සත් ජාතීන්ගේ නිර්දේශ හා ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය හා සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධයෙන් ඇති වෙනත් යෝජිත ක්‍රියාවලි ක්‍රියාත්මක කිරීමෙහිලා සමීපව කටයුතු කිරීමෙන් හා ඒවා අධීක්ෂණය කිරීමෙන් තම වගකීම් ඉටු කරලන බව, දෙමළ කථා කරන ජනතාවගේ ඡන්දයෙන් පත් වූ නියෝජිතයින් ලෙස දෙමළ ජාතික සන්ධානයේ අපි නැවත වරක් කියා සිටිමු.

 

එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් අත්වන ප්‍රතිලාභ, විපත්වලට ගොදුරු වී සිටින ජනතාවට ලබාදීම සඳහා එක්සත් ජාතීන්, මානව හිමිකම් කවුන්සලය හා ජාත්‍යන්තර ප්‍රජාව විසින් ගතහැකි සියළු පියවර ගැනීමට කටයුතු කළ යුතු යැයි අපි සැලකර සිටිමු.

 

දෙමළ ජාතික සන්ධානය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *