සයිිටම් ප‍්‍රශ්න මේ තරම් දුරදිග ගියේ අදාළ අමාත්‍යවරුන්ගේ වරදින් – සයිටම් මාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

සයිටම් ප‍්‍රශ්නය අවුරුදු අට හමාරක් පමණ ඇදී ගිය ප‍්‍රශ්නයක්. සයිටම් පශ්නය අද වෙනකොට ඇතිවෙලා තියන තත්ත්වය කුමක්ද?

සයිටම් ප‍්‍රශ්නයට (පුද්ගලික විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාදීමට* පක්‍ෂ මෙන්ම විරුද්ධ කණ්ඩායම් දෙකක් පැහැදිළිව පෙනෙන්න තියනවා. ඔවුන් දෙපාර්ශවයම තමතමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරලා තියනවා. මේ වන විට මේ ප‍්‍රශ්නයට වගකිව වගකිවයුත්තා රජය කියලයි මම කියන්නේ.

මොන පදනමක සිට ද ඔබ රජයට චෝදනා කරන්නේ?

මේ ප‍්‍රශ්නයට සම්බන්ධ ඇමතිවරුන් දෙපල වන කිරිඇල්ල ඇමතිවරයා හා රාජිත සේනාරත්න ඇමතිවරයා ක‍්‍රියාකරපු ආකාරය සම්බන්ධව අපට සෑහීමකට පත්වෙන්න බෑ. ඒ අයට මේක නිරාකරණය කරගැනිමට අවස්ථා තිබුණා. මම දකින්නේ මේ ඇමති දෙපල විසින් තමයි අපේ දරුවන් අමාරුවේ දාන්න කටයුතු කරලා තියෙන්නේ කියලා.  මම වෛද්‍ය සංගමයට චොදනා කරන්න සූදානම් නැහැ ඒ වගේම වෛද්‍ය පීඨයේ ළමයින්ට චොදනා කරන්න උත්සාහ ගන්නේ නැහැ. ඒ අයගෙ එක එක අදහස් තියනවා. දේශපාලන මතිමතාතන්තර තියනවා. ඒවා ඉස්මතු වෙන්න වැඩ කටයුතු කෙරුවේ මේ ආණ්ඩුවේ මේ අමාත්‍යවරුන් දෙපල.

විභාගෙ ට වාඩිවෙලා අවුරුදු හතක් අටක් වෙච්ච දරුවො ඉන්නවා. මේ වනවිට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කණ්ඩායම් විභාගේට වාඩි වෙලා ඒ දරුවන් අසාධාරණයට පත් වෙලා තියනවා. ඉන්න දරුවන්වත්් අසාධාරණයට පත්වෙලා තියෙනවා. ඒක බරපතල අර්බූදයක්. මම හිතන්නේ මේ සියල්ලම සිද්ධවෙලා තියෙන්නේ අමාත්‍යවරුන්ගේ වගකීම පැහැරහැරීම තුළයි.

ඔබ කියන විදිහට දැන් කණ්ඩායම් තුනක් විභාගය සමත් වෙලා තියනවා. ඔවුන් උපාධිධාරීන් විදිහට පිළිගන්න වෛද්‍ය සභාව සූදානම් නැහැ. ඔබ හිතන්නේ මෙයට විසඳුම දියයුත්තේ දේශපාලන අධිකාරිය විසින් ද, අධිකරණය විසින් ද?

අපි මේ පිළිබඳව සාධාරණය ඉල්ලලා අධිකරණයට ගියා. ඒ පිළිබඳව ගැටළුවක් තිබුණා. ඒ තින්දුව නැවතවරක් අභියොගයට ලක්කරන්න කටයුතු කරලා තියනවා. නමුත් අපි දකින්නේ අධිකරණයට එහා ගිය විසඳුමක් අත්‍යාවශ්‍යයි.

එහෙම නම් දේශපාල මැදිහත් වීමක අව්‍යශ්‍යතාවය තියනවා. ඒ පිළිබඳ ක‍්‍රියා කර නැද්ද?

ජනාධිපතිවරයා මේ වනවිට මේ ප‍්‍රශ්නයට මැදිහත් වෙලා තියනවා. අපි බලාපොරොත්තුවෙනවා ජනාධිපතිවරයා ගේ අවසන් තීන්දුව කොහොමද කියලා. හෑම පාර්ශවයක්ම ජනාධිපතිවරයා දිහා බලාන ඉන්නවා මේ පිළිබඳ තිණ්දුවක් ලබාදෙන තුරු.

ජනාධිපතිතුමාට මේ ප‍්‍රශ්නය දෙස බලන්න සිද්ධවෙන්නේ ඇයි? ආදාල අමාත්‍යවරු වගකිවයුතුයි නේද?

ආණ්ඩුවේ අදාල ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපය නිසයි ජනාධිපතිවරයාට මේ ප‍්‍රශ්නයට මැදිහත් වෙන්න සිද්ධ වුනේ. විසඳන්න බැරි ප‍්‍රශ්නයක් උනාම ජනාධිපතිතුමා එය අතට ගන්නවා. ඒක තමයි එතුමාගේ ස්වභාවය. නමුත් අවාසනාව හරියාකාරව කටයුතු කළා නම් ඇමතිවරු. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා. මේ ගැටළුවක් පැනනගින්නේ නැහැ.

වෛද්‍යසභාව වාර්ථාවක් නිකුත්කරලා තිබුණා, සයිටම්එක පැත්තෙන් ප‍්‍රධාන අඩුපාඩු තුනක් පෙන්නුම් කරලා තිබුණා. එක රෝහලේ රෝගීන්ගේ මදිකම. දෙවෙනිඑක තමයි අධිකරණ වෛද්‍ය පුහුණුව මදිකම, තුන්වෙනිඑක ප‍්‍රජා වෛද්‍ය පුහුණු පහසුකම මදිකම.  දැනට අවිසාවේල්ල රෝහලෙන් අධිකරණ වෛද්‍යසේවාව පිළිබඳ දැනුම ලාබාගැනීම සිදු වෙනවා. ප‍්‍රජා වෛද්‍ය පුහුණුව සඳහා කඩුවෙල ප‍්‍රජා වෛද්‍ය එකකය තුළ පුහුණුවීම් කරනවා. මේකට මැදිහත් වුනේ අපි. මේ පහසුකම අපි ඉදිරිපත්වී කටයුතු කරන්න පෙර, අමාත්‍යාංශ මගින් කරන්න තිබුණා.

මේ පිළිබඳව වාර්ථාවක් වෛද්‍ය සභාව මගින් නිකුත් කලා නේද?

දසපුද්ගල විශේෂඥවාර්ථාවක් තමයි වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කර තිබුණේ. ඒ දසපුද්ගල කමිටුවේ නිර්දේශයන් ඉවත්කර තමයි වෛද්‍ය සභාව විසින් එම වාර්ථාව ඇමතිවරයාට ඉදිරිපත් කරතිබුණේ. ඒක බරපතල ගැටළුවක්. සාමාන්‍යයෙන් වාර්ථාවක් ඉදිරිපත් කරනවානම් ඒ ලබාදුන් නිර්දේශයන් ඉදිරිපත් කිරිමත් අත්‍යාවශ්‍යයි.

වෛද්‍ය සභා වාර්ථාවෙ නිර්දේශ ඉදිරිපත් කෙරුවාම සෞඛ්‍ය ඇමතිවරයා තමයි ඒ වාර්ථාව අනුව කටයුතු කරන නිසිබලධාරියා. මෙහි පිටපත් යවලා තිබුණා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්. ජනාධිපතිවරයාත් පරීක්‍ෂකර බලලා සෞඛ්‍ය ඇමතිවරයාට එවනව. අගමැතිවරයාත් ඒක පරීක්‍ෂාකර සෞඛ්‍ය ඇමතිවරයාට එවනවා. සෞඛ්‍ය ඇමතිවරයා වගකීම් රහිතව කටයුතු කරලා තියනවා. සෞඛ්‍ය ඇමතිවරයා පරීක්‍ෂා කරලා බලලා නැහැ ඇයි මේ වාර්ථාවේ නිර්දේශයන් සඳහන් කරලා නැත්තේ කියලා.

නිර්දේශයන් සඳහන් කළ පිටුවම වෛද්‍ය සභාව විසින් ඉවත්කර තිබුණා. ඒක බරපතල වංචාවක්. එතකොට ඒ වංචාව නිසා අපේ දරුවන් අපහසුතාවයකට පත්වුණා. ඒ නිර්දේශය පැහැදිලිවම කියලා තියෙන්නේ මේ ශිෂ්‍යයින්ට, රෝගීන් බහුලව සිටින රෝහලක ශල්‍ය, ළමා, කාන්තා, කායික රෝග පිළිබඳව මාස හතරක පුහුණුවක් ලබාදෙන්න කියලා. එය  වංචනික ලෙස ඉවත් කිරීම බරපතල වංචාවක්.

වෛද්‍ය සභාව විසින් මේ කරනලද වංචාව ඉතාම බරපතල ගණයේ වංචාවක්. ඇමතිවරයා මේ පිළිබඳව විමර්ශනයක් කළේ නැති එකෙන් තමයි. මේ ප‍්‍රශ්නය මේ තරම් දුරදිග ගියේ. ඇමතිවරයා සයිටම් එක පැත්තේ අඩුපාඩු පිළිබඳව හරියාකාරව විමසීමක් කළේ නැහැ. එයින් දෙපැත්තටම ආසාධාරණයක් වුණා.

මම මේ තත්ත්වය පිළිබඳ දැනගෙන වාර්තාව පිළිබඳ සාමාලෝචනය කරලා රාජ්‍ය ඇමතිවරයෙක් එක්ක සාකච්ඡුා කළා. ඒ අනුව සයිටම් එකේ පාළන අධිකාරියත් සම`ග කතා කෙරුවා. මේ වන විට පළවෙනි කණ්ඩායමේ විභාගය තියන්න සූදානම් වෙන කාලේ. මම කිව්වා රෝහල සංවර්ධනය වෙන්න  ඕනෑ. නැත්නම් රෝහල සම්බන්ධයෙන් කුමක් හෝ ක‍්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා. මේ වකවානුවෙම මම උසස් අධ්‍යාපන ඇමතිවරයාට මේ සම්බන්ධයෙන් කතාකරන්න වෙලාවක් දා ගත්තා. මම දෙමාපියන් පහළොස් දෙනෙක් එක්ක උසස් අධ්‍යාපන ඇමතිවරයා හමුවෙන්න ගියා. එදා උසස් අධ්‍යාපන ඇමතිවරයා මාව එලවා ගත්තා. උසාවි ගිහින් නඩුවක් දාගන්න කියලා දෙමාපියන්වයි මාවයි එලවාගත්තා. උසස් අධ්‍යාපන අමාත්‍යංශ්‍ය යෙන් තමයි උපාධි අනුමැතිය ලබා දෙන්නේ. ඔහුත් සමගයි මේ පිළිබඳව කතා කළ යුතු වෙන්නේ. ඔහු මට ඇහුකම්වත් දුන්නේ නැහැ.

ඊට පස්සේ මම වෙලාවක් අරගෙන අගමැතිතුමා හමුවුණා. සියලූ විස්තර පැහැදිලි කළා. අගමැති තුමා කිව්වා එහෙමනම් මෙම රෝහල රජයේ රෝහලක් බවට පත්කළ යුතුයි කියන එක.  මේ වනවිටත් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ සභාපතිවරයා ජනාධිපතිවරයාට දැනුම් දීලා තිබුණා, රෝහලේ කොටසක් රජයට ලබාදෙන්න සතුටුයි කියලා. අගමැතිතුමාගේ අවශ්‍යතාවය තිබුණේ මේක පූර්ණ රජයේ රෝහලක් බවට පත්කළ යුතුයි කියලයි. අගමැතිතුමා පාස්කරලිංගම් මහතාට දැනුම් දුන්නා මේ කටයුත්ත කරන්න කටයුතු කරන්න කියලා. නමුත් අවුරුදු එකහමාරක් වෙනකම් මේ කටයුත්ත කෙරුනෙ නැහැ.

දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු මහතා පුවත්පතකට මෙම සතියේ දී ප‍්‍රකාශයක් කර තිබුණා, රෝහල සම්පූර්ණයෙන්ම හෝ කොටසක් රජයට පවරා ගන්නේ නැහැ කියලා.

ඒක පරස්පර විරෝධි කතාවක්. නමුත් සායනික පුහුණුව සම්බන්ධයෙන් ගැටළුවක් තියනවා. ඒ සම්බන්ධයෙන්, අනිවාර්යෙන් ආණ්ඩුව මැදිහත් වෙලා කටයුතු කළ යුතුයි. වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයේ රෝහල් වල පුහුණුවට ඉඩ දෙන්නැත්නම්, රජය පැත්තෙනුත් යම් පිළියමක් ලබාදිය යුතුයි.

ඔබ මේ රජයේ අමාත්‍යවරුන්ට චෝදනා කළත් සයිටම් එක පසගිය රජය කාලයේ ආරම්භ කළ ආයතනයක්. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිතුමා තිමයි පළමු ශිෂ්‍යාත් ඇතුළත් කිරීම සිදු කළේ.

මහින්ද රාජපක්‍ෂකාලේ තමයි මෙය බිහිකරන්න කටයුතු කළේ. 2011 දී තමයි සයිටම් ආයතනය ස්ථාපිත කිරීමේ පළවෙනි ගැසට් නිවේදනය කිකුත් කළේ. ඒ වකවානුව තුළ විරෝධතාවයක් ආවේ නැහැ. ඒ වෙලාවෙම විරෝධාකරුවන්ට හැකියාව තිබුණා ගැසට් නිවේදනය උසාවිය මගින් හෝ අවලං`ගු කරවා ගන්න. ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් උසාවි ගියේ අවුරුද්දකට විතර පස්සේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඒ නඩුව නිෂ්ප‍්‍රභා වුණා. එවකට හිටිය විනිශ්චකාරතුමිය ඇහුවා, මේ ළමයින්ට මොකද කරන්නේ කියලා? අධිකරණයෙන් සාධාරණය ඉෂ්ට වුණා.

විරෝධතා පාර්ශ්වය එදාම විරෝධය දක්වන්නේ නැතුව පස්සේ විරුද්ධ වීම වැඩක් නෑ. ඒක හුස්ම ගන්න දීලා බෙල් මිරිකනව වගේ වැඩක්. මහින්ද රාජපක්‍ෂ කාලෙදි ණයකුත් දීලා, ඉඩමකුත් දීලා කටයුතු කෙරුවා. අන්තිමේ දී සුළු ප‍්‍රශ්නයකින් තිමයි මේ වැඬේ අනිත් පැත්තට ගියේ. මේ ප‍්‍රශ්නය විසඳිමට ආණ්ඩුවට දැනුත් කල් තියනවා. මට දැනගන්න ලැබුණා ආණ්ඩුව පුහුණු සඳහා රෝහල් ලබාදෙන්න කටයුතු කරනවා කියලා. ජනාධිපතිවරයා මේ කාරණයට අතගහලා තියන නිසා මේ වනවිට මේ යාන්ත‍්‍රණය සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ.

මහින්දගේ ආණ්ඩුවේ දී සයිටම් විරෝධි කණ්ඩායම්, මෛත‍්‍රී ආණ්ඩුවේ දී කියනවා සයිටම් හොඳයි කියලා.

මහින්දගේ කාලෙදි මේකට විරෝධයක් දක්වපු නැති කට්ටිය මෛත‍්‍රීගේ කාලෙදි මේකට විරෝධයක් දැක්වීමයි සිදුවෙන්නේ.

දෙපිරිසක් පාර්ශ්ව දෙකක ඉඳන් චෝදනා කරවා. ළමයින්ගේ පැත්තෙන් දෙමාපිය සංගම් කියනවා ළමයින්ට අසාධාරණ වෙනවා කියලා. වෛද්‍යවරුන් ඇතුළු විරෝධතාකණ්ඩායම කියන්නේ සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් බිහිවෙනවා. උපාධිය මුදලට විකිණෙනවා කියලයි. එතකොට සයිටම් පැත්තෙන් කියනවා එහෙම කියන්නේ ඉරිසියාවට කියල,  දොස්තරලා වැඩිවුනාම ‘ඩිමාන්ඞ්’ එක නැතිවෙන හින්දයි එහෙම කියන්නේ කියලයි.

ළමයිගේ දැනුම පිළිබඳ අභියෝග කරන්න වෛද්‍යවරුන්ටවත්, කාටවත් බෑ. අපි කියනනේ පොදු විභාගයක් තියලා, රජයේ ළමයින් හා සයිටම් ළමයින් ගේ දැනුම පරීක්‍ෂා කරන්න. ඊට පස්සේ සමත් වුණොත් උපාධිය ප‍්‍රධානය කරන්න.

අපේ ළමයි නවලෝක, ලංකා, ආසිරි වගේ පුද්ගලික රෝහල්වලට ගිහිල්ලා පුහුණුවක් ලබනවා.

එක් එක් කණ්ඩායම් වලට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විතරක් නෙවෙයි. අනෙක් හැම උපාධි අධ්‍යාපන ආයතනයකටම නියාමනයක් අවශ්‍යයි. නියාමනය කරන්න මේ වැඩ හරියට කෙරෙනවද කියලා. අපි කියන දේ අහන්න අවශ්‍ය නෑ.

සයිටම් පාළන අධ්‍යක්‍ෂකවරයකුට වෙඩි ප‍්‍රහාරයක් එල්ලවීම නිර්මාණයක් බවට සැක කිරිම තුළ ආයතනය යම් අපහසුතාවයකට පත්වුනා නේද?

ඒ පිළිබඳව සීමාසහිත ප‍්‍රකාශයකුයි කරන්න වෙන්නේ. පොලීසිය විසින් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරමින් යනවා. ඒකෙන් යම් අවාසි සහගත තත්ත්වයක් ඇති වුණා අපේ සයිටම් ආයතනයට. අපි කියන්නේ සාධාරණ පරීක්‍ෂයකින් ඇත්ත හෙළිකළ යුතුයි කියලයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *