මහ බැංකුවේ බැදුම්කර මගඩි වලින් ප්‍රකෝටිපතියන් බිහිවෙලා – “සන්ඩේ ටයිම්ස්” වාර්තාවකින් කියයි .

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර අලවියේ මගඩි දශකයකට වැඩි කලක් තිස්සේ සිදුවන බවත් , එමගින් කෝටිපතියන් ගණනාවක් හා ප්‍රකෝටිපතියන් කිහිප දෙනකු බිහිවී ඇති බවත් , ඔවුන් කවුදැයි බැදුම්කර වෙළෙඳ ව්‍යාපාරයේ නියැලෙන උදවිය දන්නා බවත් “සන්ඩේ ටයිම්ස් “ පුවත්පතට විශේෂ වාර්තාවක් සපයන විශේෂඥයකු ප්‍රකාස කොට ඇත . ඔහු කියා ඇත්තේ පෙබරවාරියේ බැඳුම්කර නිකුතුවේදී මතුවුයේ ඉන් සුළු කොටසක් පමණක් බවයි . මෙලෙස බැදුම්කර ජාවාරමෙන් ප්‍රකොටිපතියකු වූවකුට “ශ්‍රී ලංකා බැදුම්කර රජා “ ලෙස නමක් පටබැදී ඇති බවද එම ලියුම්කරු කියයි .

පසුගියදා මහ බැංකුවේ සිදුවූ ආන්දෝලනාත්මක බැදුම්කර ගනුදෙනුව පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් කොට ඇති මෙම ලියුම්කරුගේ නම සදහන් කොට නැති අතර කතුවරයා ඔහුව හදුන්වා දී ඇත්තේ බැදුම්කර විශේෂඥයකු වශයෙනි . ඔහුගේ වැදගත් නිරීක්ෂණ හා ගණන් බැලීම් කිහිපයක් මෙසේය .

ඇතුළතින් ලැබෙන විශ්වාසවන්ත තොරතුරුවලින් තොරව මෙබදු ගනුදෙනුවක් සිදුවිය නොහැකිය .

බිලියන දහයක් සදහා සියයට 1 .003 බැගින් මහ බැංකුවට වැඩිපුර ගෙවීමට සිදුවන මුදල වසර තිහකදී බිලියන තුනකි . අද පොලිය වන 10 .724 අනුව ගණන් බැලූ විට පාඩුව බිලියන දශම නවයකි .

මෙම ගනුදෙනුවෙන් පෙර්පෙචුවල් ට්‍රේසරීස් සමාගමට රුපියල් මිලියන 675 කට වැඩි ලාභයක් හිමිවිය . රජයට පාඩුව රුපියල් මිලියන 900 කට වැඩිය .

මෙහි පාඩුව පිලිබදව පසුගිය කාලයේ ඉදිරිපත්වූ බොහෝ ගණන් බැලීම් නොමග යවන සුළු හා වැරදිය .

කෙසේ වෙතත් දිගු කලක් තිස්සේ සිදුවන මෙම ජාවාරම් පිලිබදව පරීක්ෂා කොට මහ බැංකුවේ අදාල අංශ පිරිසිදු කිරීමටත් ජාවාරම්කරුවන්ට එරෙහිව පියවර ගැනීමටත් කටයුතු කලයුතු බව “සන්ඩේ ටයිම්ස් “ ලියුම්කරු කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *