|

ලංකාව කඩා වැටුණේ සත්‍යය යටපත් කිරීම නිසාය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

linkedin sharing button
whatsapp sharing button
messenger sharing button
වේගයෙන් පැමිණි මෝටර් රිය, සීනු නාද රතු එළි නො තකා, දුම්රිය හරස් පාරට පිවිසෙනවාත් සමග පැමිණි දුම්රියේ ගැටිණ.

ඒ සමග විරුද්ධ දිසාවට ගමන් කළ තවත් දුම්රියක පැටළී ගිය එකී මෝටර් රියේ සිර වී තිබුණ මළ සිරුරු දුම්රිය සේවකයන් විසින් ඉවත් කිරීමෙන් සිද්ධිය අවසන් විය.

රේල් පාරේ ගමන් කිරීම අච්චු කළ හැකි වරදක් වුවද, සංඥා නො තකා දුම්රිය හරස් පාර භාවිතා කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. ඉහත කී අනතුර දුටු මැදි වියේ කාන්තාවක් මාධ්‍යට කළ ප්‍රකාශය මෙසේය.

”මුන්ට හෙන ගහන්න ඕනැ. මෙතන ගේට්ටුවක් තිබුණා නම් මේ අපරාධය සිද්ධ වෙන්නේ නෑ. පව්”  ඇය සාප කළේ දුම්රිය බලධාරින්ට හෝ රටේ පාලකයන්ට විය හැකිය.

මෙවැනි අනතුරු,
1. පුරවැසියන් තුළ විනයක් නැතිකම. 
2. තමන්ගේ ආදරණීයන් ගැන හෝ හැඟීමක් නැතිකම. හා 
3. නීතිය රැකිය යුතු නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව නිසා සිදුවේ.  

1684935834 railway crossings 6රේල් පාරේ ගමන් කිරීම අච්චු කළ හැකි වරදක් වුවද, සංඥා නො තකා දුම්රිය හරස් පාර භාවිතා කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත

 

වැසූ ගේට්ටු අස්සෙන් රිංගා පුරුද්දට හැමදාම ගමන් කරන පා පැදි යතුරු පැදි පෙන්වා ඒ ඇයිදැයි ඇසුවොත්, ”පව්…. ඔය පොතේ ඉර ගහන්න ඉස්සර යන්න හදන්නේ…” යයි කියා අර කාන්තාව පොතේ ඉර ගසන එවුන්ට සාප කරනවා සිකුරුය. මේ ලංකාව එහෙමය.

ඉරිදා අතිකාල කරන වරාය සේවකයන්ට පැය අසූවක වටිනාකම ගෙවීම මෙන්ම තම සේවක බැංකු ණයට අදාළ පොලී මුදල් විදුලි බල මණ්ඩලය විසින් ගෙවීමත් යනු වෘත්තීය සමිති මාෆියාව මිස සීඅයිඒ හෝ රෝ සංවිධාන බලපෑමක්  නෙවේ. මෙවැනි පුදුම ප්‍රතිලාභ රටේ සමස්ත සේවක ප්‍රජාවම ඉල්ලා සිටින දවසත් වැඩි ඈතක නොවේ. දැනටම වෛද්‍යවරුන්ගේ දීමනා රෝහල් සුළු සේවකවන්ද, ආචාර්ය මහාචාර්ය අධ්‍යයන දීමනා කාර්ය මණ්ඩල පහසුකම් අනධ්‍යන කාර්ය මණ්ඩල ඉල්ලා සටන් කරති.

 

බස්නාහිර සුව විරුවන්ට කොරෝනා දීමනා ලැබී නෑ' - GMOAමෙවැනි පුදුම ප්‍රතිලාභ රටේ සමස්ත සේවක ප්‍රජාවම ඉල්ලා සිටින දවසත් වැඩි ඈතක නොවේ.

සේවක ප්‍රතිලාභ කොයි සේවකයාටත් ලැබිය යුතු වුවද, වෘත්තීය හා ශ්‍රේණි විෂමතා මෙන්ම ආයතනික වැය බර රටේ ආර්ථීකයට දැරිය හැකි විය යුතුවේ. එකී ප්‍රතිලාභ ගෙවීමට විදුලි බල මණ්ඩලයේ ආදායම් ප්‍රමාණවත් නොවන අවස්ථාවල එකී ණය පොලී ගෙවීමට ලබා ගන්නා බැංකු ණය පසුව රාජ්‍ය භාණ්ඩාගාරයට දැරීමට සිදු වේ. 

මාර්ග අනතුරු අවම කිරීමට යහපාලන යුගයේ වැඩි කළ දඩ මුදල් තමා බලයට පැමිණ සංශෝධනය කරන බවට එකල විපක්ෂ නායකයා දුන් ප්‍රතිඥාවත් මිහින්තලා විහාරයේ විදුලිය විසන්ධි කිරීමට හේතුවූ මිලියන පහකට ආසන්න හිඟ විදුලි බිල වර්තමාන විපක්ෂ නායකයා ගෙවීමත් සංඥා නො තකා දුම්රිය හරස් පාරේ අනතුර දැක හෙන ගහන්න කී කාන්තාවගේ මානසිකත්වයට සමානය.

 

දඩ මුදල් අඩු කිරීමට සහ හිඟ විදුලි ගාස්තු ගෙවීමට අනියමින් සහාය දෙන දේශපාලකයන්, කාටත් සමසේ දිය නොහැකි මූල්‍ය ප්‍රතිලාභ සඳහා මෙහෙයවන වෘත්තීය සමිති ව්‍යාපාර රටේ ආර්ථීකය අවපාතයට ඍජුව වගකිව යුතු වේ. මෙකී දේශපාලන චරිත සහ වෘත්තීය සමිති නායකයන් බංකොලොත් රටේ බදු ගෙවීමට එරෙහිවද ඒකාබද්ධ සටන් මෙහෙයවන්නාහ.

වර්තමානයේ රජයෙන් මාසික ගෙවීම් ලබන හතළිස් හය ලක්ෂ හැට පන් දහසෙන් විසි ලක්ෂයක් රාජ්‍ය සේවකයන් වේ. හය ලක්ෂ හැට පන් දහසක් විශ්‍රාමිකයන් ය. සමෘද්ධි අස්වැසුම් ලාභීන් විසි ලක්ෂයකි. රටේ සිදුවන වංචා දූෂණ නිසා බදු අය කරනවාට එරෙහි වෘතීය සමිති රටේ වංචා දූෂණ නැති කිරීමට නව පාලනයක් ඉල්ලා සිටිති.  

රාජ්‍ය භාණ්ඩාගාරයෙන් එක් සතයක් හෝ වියදම් කිරීමට රාජ්‍ය සේවකයන් හතර දෙනෙකු සහතික කළ යුතු වේ. ටෙන්ඩර් ක්‍රියාවලියට රාජ්‍ය නිලධාරින් මිස දේශපාලනඥයන්ට බලයක් නැත. පවත්නා වංචා දූෂණ වැළැක්වීමේ වගකීම රාජ්‍ය සේවය ආර්ථීකය බිඳ වැටුණ රටේ වැඩි වැටුප් දීමනා ඉල්ලා වර්ජන කිරීමත් දුම්රිය හරස් පාරේ අනතුර දැක හෙන ගහන්න කී කාන්තාවගේ මානසිකත්වයට සමාන හැසිරීමකි.

සහකාර රාජ්‍ය කළමනාකාරිණියකගේ දුව සහ පුතා මහනුවර හිල්වුඩ් සහ ත්‍රීත්ව යන පුද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබති. කොළඹ පුද්ගලික සමාගමක රැකියාව කරන ඇයගේ සැමියා දින පහක් කොළඹ නේවාසිකව සිටීමත් අතුරු වියදමකි. බිරිය රුපියල් 40,000ක් ද, සැමියා 80,000ක් ද ලබන මාසික වැටුප් අනුව මොවුන් ඍජු බදු නො ගෙවති. එසේම මහමායා ධර්මරාජ මෙන්ම, දිවයිනේ සක්‍රිය 9782ක් පුද්ගලික පාසල්වලට යන දරු පවුල් නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා භුක්ති නො විඳිති. එයින් තහවුරු වන්නේ සැලකිය යුතු ජනතාවකගේ ආර්ථීකය ශක්තිමත් බවය.

 

ශ්‍රී ලාංකීය ණය සම්බන්ධ විද්වතුන්ගේ ප්‍රකාශය : 2023 ජනවාරි- (කුසල් පෙරේරා)ජනතාව අපේක්ෂා නො කරන සුභ සාධන පහසුකම් සැපයීමට සහ රටේ පොදු පැවැත්ම සඳහා විදේශ ණය ලබා ගැනීමෙන් 2022දී රට කඩා වැටිණ.
ජනතාව අපේක්ෂා නො කරන සුභ සාධන පහසුකම් සැපයීමට සහ රටේ පොදු පැවැත්ම සඳහා විදේශ ණය ලබා ගැනීමෙන් 2022දී රට කඩා වැටිණ. පාසල් වැසී, ඉන්ධන හිඟ වී, ව්‍යාපාර කඩා වැටී, රක්ෂා අහිමි වී, ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් සඳහා ගෙවූ 15%ක නිත්‍ය පොලිය අහිමි වී, වැටුණ රට වැටුණ සැබෑ තත්වයට රාජ්‍ය සේවය වගකිව යුතු බව විපක්ෂය කියන්නේම නැත.

මාසිකව වැටුපෙන් රුපියල් 35000ක බදු සඳහා ගෙවන, පුද්ගලික අංශයේ විධායක නිලධාරියෙකුට 2022 මැයි තුන් වෙනිදා පුංචි නැන්දම්මාගේ අවමංගල්‍ය සඳහා කඩිනමින් ගමට යා යුතු විය. කොළඹ සිට සියඹලාණ්ඩුවට යාමේදී ටැංකිය පුරා ඉන්ධන අවශ්‍ය වුවද, දවසක් වෙහෙසීත් රුපියල් 1200 බැගින් ගෙවාත් ඔහුට ලැබුණේ පැට්‍රල් ලීටර් 6කි. ත්‍රී විලරයකින් අවමගුලට සහභාගි වූ ඔහුගේ නිරීක්ෂණයන් මෙසේය.  ” ඒ ගමනට රුපියල් 50,000ක් වැය කළ මට මාසිකව රුපියල් 35,000ක් ආණ්ඩුවට බදු ගෙවීමෙන් යළි පුරුදු සුව පහසු ජීවිතය අත් විඳීමට ලැබීම ගැන ඇත්තේ සතුටක් ” මේ අවබෝධය ජනගත කිරීමට කිසිවෙකු උත්සාහ නො කරති.

2019 ජනාධිපති මැතිවරණ දවසේත් රුපියල් 129ක්වූ 95 පැට්‍රල් ලීටරය 2022දී රුපියල් දෙ දහසටත් ලබා ගැනීම අසීරු විය. වර්තමානයේ පැට්‍රල් ලීටරය රුපියල් තුන්සිය අසූ ගණනකි. හැට නව ලක්ෂයක් එක්ව ආණ්ඩුව පෙරලුවේ ජීවන වියදම ආර්ථීක හේතු නිසා නොවේ. වඳ ෂාපි මෙහෙයුම සහ පාස්කු බෝම්බ ගැන භීතියෙනි. වෛද්‍ය ෂාපි නිදොස්වී යළි සේවය කරයි. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ජනාධිපති සහ ආරක්ෂක නිලධාරින්ට වන්දි ගෙවීමට සිදු විය. රටබංකොලොත් වුණේ අත්දැකීම් රහිත පාලකයන්ට බලය ලබාදීම 76 වසරක පාලනයේ වරද නිසා නොවන බව ජනතාව කල්පනා කළ යුතුවේ. 

1973දී රජය සැලසුම් කළ සුළු සේවක නිවාස ක්‍රමයක පදිංචි 63 දෙනා ගෙන් 1991දී පුද්ගලික වාහන හිමි කරුවන් සිටියේ දෙදෙනෙකි. 2022 වන විට එහි හැම නිවෙසකම වාහන හිමියන් තිදෙනෙකි. 2024 අප්‍රේල් මුල් දින 14ක දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් කෝටි 15කි. මහනුවර ලංගම ඩිපෝ 7ක ආදායම රුපියල් දහතුන් කෝටි අසූ අට ලක්ෂයකි. මේ මිනිස් හැසිරීම් කියන්නේ රට වැටිලා කියාද? – 69 වසරක කෙරුවාව නිසා වැටුණා කියන රට වසර දෙකකින් නැගිට්ටේ මිනිස් ශක්තියෙනි. සල්ලි තිබුණාට දුවන්ට ඉන්ධන තිබුණේ නැත.

 

1990 1ඉන්දීය ත්‍යාගයක් වූ  සුව සැරිය ගිලන් රථ සේවය ඉන්දීය රෝ ඔත්තු සේවයේ කොටසක් බවට 2017දී රජයේ වෛද්‍ය නිලධාරින් චෝදනා කළහ.
ඉන්දීය ත්‍යාගයක් වූ  සුව සැරිය ගිලන් රථ සේවය ඉන්දීය රෝ ඔත්තු සේවයේ කොටසක් බවට 2017දී රජයේ වෛද්‍ය නිලධාරින් චෝදනා කළහ. ටැබ් පරිගණක භාවිතයෙන් පාසල් සිසූන් වඳ වේ යයි කීහ. එසේම පැලෝපීය නාලය මිරිකා සිංහල ස්ත්‍රීන් වඳ භාවයට පත් කළ බවට චෝදනා නැගිණ. සුව සැරිය ගිලන් රථ සේවය භාවිතා කළ කිසිවෙකුට විදුලි සැර වැදී නැත. වෛද්‍ය ෂාපි නිදොස් කොට නිදහස් විය. ටැබ් අහිමිවූ පාසල් දරුවන්ට සිව් වසරක් පාසල්ද අහිමි විය.

මේ දේශපාලනික අවලාද ප්‍රසිද්ධියේ කීවේ ගංජා කාරයන් නොවේ. පක්ෂ සමග එක්ව සිටි මහාචාර්ය වෛද්‍යවරුන්, ශ්‍රමන ප්‍රතිරූපකයන් සහ කු ප්‍රකට ජාතික පුවත්පත ස්වකීය වෘතීය ගෞරවය ශ්‍රමන සාරුප්‍යය හෝ ජාතික වගකීම නො සැලකූහ. සිද්ධාර්ථට කොල්ලා කී ශිල්පිනියත්, දළදාව ලබ්බක් කී මන්ද බුද්ධිකයාත් වහා අත් අඩංගුවට පත් කොට නඩුත් අසා අවසන් කළ අර ජාතික පුවත්පත, ජාතින් අතර වෛරය පතුරුවා බලය ලබා ගැනීමට කළ කුමන්ත්‍රණ ගැන වචනයක් ලියා නැත.

මේ අපරාධය සිදු කළේ 2019දී පමණක් නොවේ. රටේ දේශපාලන බලය ලබා ගැනීමට වරින් වර රටේ පුර වැසියන් මුළා කළහ. 1965 සිට රට පාලනය කළ එජාපය, 1966දී බුසල් 26ක්ව පැවති වී අස්වැන්න 1969දී බුසල් 106ට දක්වා වැඩි කළ බවට කරුණු දක්වා තමන් රට සහළින් ස්වයංපෝෂිත කළ බව කීහ. ඊට පිළිතුරු දුන් විපක්ෂය කන්ඩ හාල් නම් හඳෙන් හෝ ලබා ගත හැකි වුවද, 1966දී දෙමළ භාෂා  විධිවිධාන පනත හරහා සුළු ජාතික ඉල්ලීම් ඉටු කළ එජාපයට යළි බලය ලැබුණොත් උතුරු නැගෙනහිර වෙන් කර දෙති යයි ජනතාව බිය ගැන්වීය. ඒ චෝදනා විශ්වාස කොට ජනතාව ලබා දුන් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයෙන්, සෝල්බරි ව්‍යවස්ථාවෙන් තහවුරු කළ සුළු ජාතික අයිතිවාසිකම් සහ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය අහෝසි කොට, 1972දී ජනරජ ව්‍යවස්ථාව සම්මත කළහ. තිස් අවුරුදු වර්ගවාදි යුද්ධයත් රාජ්‍ය සේවයේ බිඳ වැටීමත් එහි ප්‍රතිපලය විය. සහළින් ස්වයංපෝෂිතව පැවති කෘෂිකාර්මික ලංකාවේ ගොවීන්ටත් 1973දී සතියට දෙ දිනක් බත් කෑම තහනම් කිරීමට හාල් හඳේ ඇතැයි කී පාලකයන්ට සිදුවිය.  

නිදහසින් පසු අවුරුදු 74 ම එක කෝවක දමන ඉතිහාසය නොදන්නා අඟුටු මිට්ටන් -  (කුසල් පෙරේරා)1956 මැතිවරණයේදී, සිංහල භාෂාව රජ කොට, කතෝලික ආක්‍රමණය පරදා බුද්ධාගමට නිසි තැන ලබාදීමට රටේ ජනතාව දුන් කැමැත්ත නිසා පරම්පරා හතක දරුවන්ට ඉංග්‍රීසි භාෂා දැනුම අහිමි විය.

 

සිංගප්පූරුවත් ආදර්ශයට ගත් ලංකාවේ 1956 මැතිවරණයේදී, සිංහල භාෂාව රජ කොට, කතෝලික ආක්‍රමණය පරදා බුද්ධාගමට නිසි තැන ලබාදීමට රටේ ජනතාව දුන් කැමැත්ත නිසා පරම්පරා හතක දරුවන්ට ඉංග්‍රීසි භාෂා දැනුම අහිමි විය. බුද්ධාගමට මුල් ගැන දුන් අගමැති මැරුම් කෑවේ භික්ෂූවක් අතිනි. 1994 සහ 1999  ජනාධිපති මැතිවරණ ජයග්‍රහණ සඳහා එල්ටීටීඊ බෝම්බ ප්‍රහාර දායක වූ අතර, 2005දී ප්‍රභාකරන්ගේ තර්ජනයට බියෙන් 35,00252ක් දෙනා ඡන්දය නො දුන් අතර, එවර ජනාධිපති තේරී පත් වුණේ වැඩි ඡන්ද ගණන 180786කි. මේ අනුව ගෙවී ගිය ආසන්න (1994-2024) විසි වසරක් ලංකාවේ පැවති 1994, 1999, 2005 සහ 2019 යන ජනාධිපති මැතිවරණ ජයග්‍රහණයට ත්‍රස්තවාදින් මැදිහත් විය.

මැතිවරණ යනු ලංකාවේ ඡන්ද අපේක්ෂකයන්ට කැසිනෝ සූදු පොළකි. දිනුවත් පැරදුණත් ඔවුන් බිලියනපතියන් වෙති. 2019දීත් 1970දී මෙන් වසර තුනක් යාමට පෙර රටත් ජනතාවට තුන්වේල අහිමි මහ පාරේ සමහරු මිය ඇදුනාහ. අප තවදුරටත් අනතුරු දායක මැතිවරණ ගේට්ටු අස්සෙන් කිසිවකුට රිංගා යාමට ඉඩ දිය යුතු නැත. 

වරාය නැගෙනහිර ජැටිය ගන්න යන ඉන්දිය සමාගමේ 'ලෝකල් ඒජන්ට්' අගමැතිගේ හිතවතෙක්!මෑතක කලාපීය සමුළුවකට සහභාගි වූ අමෙරිකාවේ නාවික අද්මිරාල් හැරී හැරිස් ලංකාව හඳුන්වන ලද්දේ වාර්ෂිකව තෙල් නැව් 45000ක් පසු කර යන සක්‍රිය වරායක් හැටියටය

මෑතක කලාපීය සමුළුවකට සහභාගි වූ අමෙරිකාවේ නාවික අද්මිරාල් හැරී හැරිස් ලංකාව හඳුන්වන ලද්දේ වාර්ෂිකව තෙල් නැව් 45000ක් පසු කර යන සක්‍රිය වරායක් හැටියටය. ඒ වරායේ ලාභය වෘත්තීය සමිති මාෆියාව නිසා රාජ්‍ය භාණ්ඩාගාරයට නො ලැබේ. සංචාරකයන් ප්‍රිය කරන ලෝකයේ සිව්වෙනි රට ලංකාව වුවද දුම්රිය වර්ජන හේතුවන් ඊයේත් පෙරේදාත් බොහෝ සංචාරකයන් අපහසුවට පත් විය. තවමත් ලෝක දැක්මෙන් ලෝකයෙන් උතුම් වූ ශ්‍රී ලංකාව, රොබට් නොක්ස්ට හමුවූ අමුඩ ගසා ගත් රජවරුන්ගේ මී මුනුපුරන් හඳෙන් හාල් කෑමට ආණ්ඩු පෙරළා රට යුද්ධයකට තල්ලූ කළහ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් 2019 පෙළ ගැසුණ ජනතාවට දෙ වසක් තුළ හිඟා කෑමට සිදු විය. බුද්ධ ජයන්තිය බුදුරැස් හෝ හෝ දියසේනලා විශ්වාස නො කොට, දෙපා හයියෙන් දිව ගොස් රටට ජයග්‍රහණ ගෙන දුන් වලල තරුෂිලා, චමෝදී ප්‍රබෝධා නම් මොනරාගල ක්‍රිකට් බට්ටිලා චමරි අතපත්තුලා නීති කැඩුවේ හෝ පාලකයන්ට බැන වැදුණේ නැත. අපට වැරදුණ තැන් අසා දැන ගැනීමට, අතීතයේ ලංකාව ආදර්ශයට ගත් සිංගප්පූරු විශිෂ්ඨ අත්දැකීමකි.

පසු සටහන  :
තිස්සමහරාමයේ ගල් වලක ගිලී මියගිය දරුවන් දෙදෙනාගේ ඛේදජනක ඉරණමට හේතුව ජන සැපයුම අඩාල වීමය. අත්හැර දැමූ ගල්වල් ස්ථීර නාන තටාක ලෙස භාවිතා කිරීම වියලි කලාපයේ සාමාන්‍ය සිද්ධියකි. හවස නාන්න යන්නේ වැවටද ගල් වලටද යන්න තීරණය කරන්නේ පවුලේ සමානච්ඡන්දයෙනි. හෙට අනිද්දා ගල්වල පවත්නා ගෙන හිමිකරු රක්ෂිත බන්ධනාගර ගත කිරීමට පොලිසිය ක්‍රියා කරනු ඇත. 

ලාංකේය ගුරු භූමිකාව සහ දේශපාලනය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *