|

ජනාධිපති සටනට – රනිල් පිටියට – රටේ රාළ

ජනාධිපතිවරණය තවම ප්රකාශයට පත්කරලා නෑ.ඒත් ප්රකාශ නොකල ජනාධිපතිවරණයක් වෙනුවෙන් මහ සටනක් පොලොවේ තියනවා.ඒ ජනාධිපතිවරණය ප්රකාශයට පත් කරලා නැතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ ගණනාවක් ground කැම්පේන් කරන හින්දයි.දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ප්රකාශ කරපු අපේක්ෂකයන් කීපදෙනෙක් ඉන්නවා.සජිත්,අනුර,දිලිත්,විජේදාස ඒ අතරින් ප්රධානයි.
මේ හතර දෙනා සලකද්දී අනුර සහ සජිත් එක bunch එකක් විදිහට ගන්න පුළුවන්.සජිත්,අනුර ඉන්න bunch එක තමයි රේස් එකේ දැනට ඉස්සරහින්ම ඉන්නේ.ඊළඟට දිලිත් ඉන්නවා. හැබැයි ළඟ නෙවෙයි.ඊටත් පස්සෙන් විජේදාස ඉන්නවා.ඒත් ළඟ නෙවෙයි.අනුර සහ සජිත් සළකද්දී දෙන්නා එක ළඟ උනාට සජිත් අනුරට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නවා.රේස් එක තවමත් නිල වශයෙන් පටන් අරන් නැති උනත් මෙයාලා වැඩට බැහැලා.
රේස් එක පටන් ගත්තට පස්සේ එනවා කියන තවත් ක්රීඩකයෝ දෙන්නෙක් එළියේ ඉන්නවා.ඒ රනිල් සහ ධම්මික පෙරේරා.බැරිවෙලාවත් රනිල් ආවේ නැත්තං එන්න බලාගෙන ඉන්න අතිරේක ක්රීඩකයෝ දෙන්නෙකුත් ඉන්නවා.ඒ චම්පික සහ ෆොන්සේකා.දැනට රේස් එකේ ඉන්න සජිත්ට සහ අනුරට අතරමඟදී බෑ කියලා හිතුනොත් ඒ වෙනුවට දාන්න ඩලස් සහ හරිනි stand by ඉන්නවා.දැනට රේස් එකේ තත්වය ඕක.
මුලදී අනුරට ලොකු ground සපෝට් එකක් තිබුණා.මොකද අනුර තමයි රේස් එකට ඉස්සෙල්ලම බැස්සේ.රේස් එකේ කවුරුත් නැති නිසා ජනතාව තනියෙන් දුවන අනුරට සපෝට් කළා.සාමාන්යයෙන් ක්රීඩාවේ හැටි එහෙමයි. ඔයාලා දකින්න ඇති 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මැරතන් ධාවන තරඟයෙන් අන්තිමයා උන අපේ රණතුංග කරුණානන්දට හම්බවුන ground සපෝට් එක කොහොමද කියලා.හැබැයි අනුරට හම්බ උන ground සපෝට් එක සජිත් ගේමට බහිනවත් එක්ක අඩුවුනා.
ලන්සා – ශ්රිලනිප සන්ධානය ground එකට එනවත් එක්ක තවත් අඩුවුනා.දිලිත් ඇවිත් ඒක තවත් අඩු කළා.දැන් අනුරට වඩා ground සපෝට් එකක් සජිත්ට තියනවා.දැන් අපිට බලන්න වෙන්නේ රනිල් සහ ධම්මික ආවම රේස් එකේ ස්ථාන කොහොමද වෙනස් වෙන්නේ සහ ground සපෝට් එක කොහොම වෙයිද කියලයි.ධම්මික දැනට කියන්නේ රනිල් එනවා නං එයා එන්නේ නෑ කියලා.විජේදාසත් එහෙම කියනවා.
එහෙම උනොත් රනිල් තරඟයට එන්නෙම තව තරඟකරුවෝ කීපදෙනෙක් හලාගෙන.නැත්තං සාක්කුවේ දාගෙන.සාමාන්යයෙන් තරඟයක තීරණය වෙනස් කරන්න පුලුවන් ක්රීඩකයෝ ඉන්නවා. ක්රිකට්‌වලදී අර්ජුනලා,අරවින්දලා කියන්නේ ඒ ජාතියේ dangerous batsman ලා.ශ්රී ලංකා කණ්ඩායම කොච්චර අසීරු අඩියක හිටියත් අර්ජුන හරි අරවින්ද හරි පිච් එක මැද ඉන්නවනං ප්රතිවාදී කණ්ඩායමේ කිසිම කෙනෙක් අපිව අවතක්සේරු කළේ නෑ.
රනිල් කියන්නෙත් දේශපාලන මැච් එකක් තනියම ගහන්න පුළුවන් ක්රිඩකයෙක්.එහෙම ගහලා පෙන්නපු ක්රීඩකයෙක්.
රනිල් තරඟයට එනවා කියලා එනවුන්ස් කිරීමෙන් පවා තරඟයේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම රනිල්ට දැනට ground බැහැලා ඉන්න සජිත්ලා,අනුරලා බයයි.මොකද රනිල් මේ රේස් එකට ඇවිත් තියෙන්නේ පරණ රනිල් විදිහට නෙවෙයි.2022 අප්රියෙල් 12 වෙනිදාට ඉස්සෙල්ලා හිටපු රනිල් විදිහට නෙවෙයි.ඊට ඉස්සෙල්ලා හිටපු රනිල් ආවා නම් දිනන්න නෙවෙයි දිනන්න හිතන්නවත් බෑ.ඒ කාලේ හිටියේ බටලන්දේ රනිල්.
දැන් ඉන්නේ රනිල් නොවන රනිල් කෙනෙක්. බටලන්දේ රනිල් 2020 මහ මැතිවරණයෙන් කුජීත විදිහට පරාදවෙලා ගෙදර ගියා.බටලන්දේ රනිල් ගෙදර ගියේ ආපහු එන්නත් නෙවෙයි.ඒත් ධෛවය විසින් බටලන්දේ රනිල්ට ගෙදර ඉන්න දුන්නේ නෑ. එජාපයට හිමි පිං මන්ත්රීකමට රනිල්ව ආපහු කැඳෙව්වා.බටලන්දේ රනිල් ආපහු පරාජිතයෙක් විදිහට පාර්ලිමේන්තු ආවා.එදා 1964 අපේ කරුණානන්දට වගේම රනිලුත් මුලින්ම උසුළු විසුළුවලට ලක්වුනා.රනිල්ට ජෝක් නොකරපු කෙනෙක් ඔය පාර්ලිමේන්තුවේ නැතිව ඇති.
හැබැයි එදා රනිල්ට ජෝක් කරපු ආණ්ඩු පක්ෂයේ විරයෝ මේ රට බංකොලොත් කරලා පැනලා ගියා. ඒ වෙලාවේ විපක්ෂයේ හිටපු අනිත් විරයෝ දෙන්නත් රට බාර ගන්නේ නැතිව පැනලා ගියා. අන්තිමට රටට ඉතිරි වුනේ බටලන්දේ රනිල් විතරයි.පරාජිත රනිල් විතරයි.පරාජිත රනිල් රට බාරගත්තා.බාර අරගෙන අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා රට සතුටු දායක තැනකට ගෙනාවා. රට වෙනස් කළා වගේම රනිලුත් වෙනස්වුනා. ඇත්තටම රනිල් රටට ජයග්රහණ ගෙනාවා.
රනිල් එදාත් මැච් එකේ ස්වභාවය සම්පුර්ණයෙන්ම වෙනස් කළා.ඒකයි රටේ රාළ කියන්නේ රනිල්ව අවතක්සේරු කරන්න එපා කියලා.රනිල් ජනාධිපතිවරණ සටනට බහිනවත් එක්ක තරඟයේ ස්වභාවය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.රනිල් බොහොම පහසුවෙන් ආරම්භයේදීම පළවෙනි bunch එකට එනවා.එතනින් පස්සේ තරඟය ගැන වෙනම කතා කරමු. හැබැයි රනිල් එකපාරට පළවෙනි bunch එකට එන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනි.
ඒකට ගොඩක් බලපෑවේ රනිල්ගේ ආත්ම විශ්වාසය.
ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ රනිල්ගේ උදව්වට හිටපු අය මොකුත් කළේ නෑ කියලා.හැබැයි ඒවා රනිල්ට මෙච්චර ඉක්මනට පළවෙනි bunch එකට එන්න ලොකු සේවයක් කළා කියලා රටේ රාළ නං හිතන්නේ නෑ.ජවිපෙ වගේ සංවිධානාත්මක පක්ෂ යාන්ත්රණයක් මහ පොලොවේ තියෙද්දී,සජබේ වගේ ගමටම ගිය සංවිධාන යාන්ත්රණයක් බිම තියෙද්දී,තවමත් යම් තරමකට හරි ශක්තිමත් සංවිධාන යාන්ත්රණයක් පොහොට්ටුවට තියෙද්දී,ඒ සියලු යාන්ත්රණවලින් රනිල්ට දිගට හරහට පහර දෙද්දී,රනිල්ව බේරගන්න එජාප යාන්ත්රණයක් පොලොවේ නොතිබෙද්දී රනිල්ගේ නැවත නැගිටීම ඇත්තටම පුදුම සහගතයි.
එතනදී පොහොට්ටුවේ පිරිසක් රනිල්ට සහය දුන්නා.ලන්සලා එලියේ ඉඳන් ලොකු සහයක් දෙනවා.ශ්රිලනිප කණ්ඩායමක් උදව් කරනවා.ඒවා අවතක්සේරු කරන්න බෑ.හැබැයි රනිල්ගේ එජාපය නම් පක්ෂයක් විදිහට ලොකු දෙයක් කළේ නෑ.ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනි. එජාප කට්ටිය සිරිකොතේ ඉඳන් ගහ මරා ගත්ත එක තමයි කළේ.අඩුම ගානේ ගමේ ඉන්න එජාප පාක්ෂිකයාට සමාජයට ගිහින් කියන්න කතාවක් හදලා දීලා නෑ.
ඇත්තටම මේ සියල්ලට වඩා රනිල්ගේ ජනප්රියත්වයට හේතු උනේ රනිල් බංකොලොත් රට බංකොලොත්භාවයෙන් මුදාගෙන රට යථාවත් කිරීමයි.ඒ ගැන රටේ ජනතාව ස්වේච්චාවෙන් කතා කරන්න පටන් අරගෙන.රනිල් ජනාධිපතිවරණයෙන් දිනුවත්,පැරදුනත් රනිල් මේ රට මහා විනාශයකින් බේරගත්තා කියන ගරුත්වය අපේ රටේ ජනතාවගේ හදවත් ඇතුලේ සෑහෙන කාලයක් තියෙයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 3 people, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *