ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 හෝ 28 !

මැතිවරණ කොමිසමේ සභාපත ආර් එම් එල් ඒ රත්නායක මහතා අද මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයට අනුව මේ මස අවසානයට පෙර නාම යෝජනා කැඳවන්නේ නම්, ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 හෝ 28 යන දින දෙකෙන් ඒකක පැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

නාමයෝජනා භාරගන්නේ මැතිවරණය කැඳවීමේ දැන්වීමෙන් ඩි 16 ක් සහ 21 ක් අතර ය. ඒ අනුව මේ මස අවසානයට පෙර දැන්වීම නිකුත් කළ හොත් අගෝස්තු මස මැද නාම යෝජනා භාරගැනීම සිදුවනු ඇත.

නාම යෝජනා භාර ගැනීමේ දින සිට සති හතරත් හයත් අතර මැතිවරණය පැවැත්විය යුතු ය.

ඒ අනුව සැප්තැම්බර් අවසානයට පෙර මැතිවරණය පැවැත්විය යුතු වෙයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ප්‍රකාශ කළේ ඡන්දදායකයින්ට පහසු දිනක ඡන්දය පැවැත්වෙනු ඇති බව යි. මීට පෙර ඒ සඳහා යොදාගෙන ඇත්තේ සෙනසුරාදා දින යි.

ඒ අනුව මැතිවරණය සැප්තැම්බර් 21 සෙනසුරාදා හෝ 28 සෙනසුරාදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *