|

රනිල්ද,සජිත්ද රාජපක්ෂලා කෙලින් කිවයුතුයි – රටේ රාළ

පහුගිය ජූලි 10 වෙනිදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහින්ද සහ බැසිල් එකට හම්බවෙලා තිබුණා.දෙගොල්ලොම කතා කරලා තිබුණේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ගැන. රාජපක්ෂලාගේ සහය රනිල්ට කියන කතාව පහුගිය සතියේ ඉඳන් එලියට එමින් තිබුණ මාතෘකාවක්.බැසිල්ගේ ටෝන් එකෙන්,නාමල් එක පාරටම රිවස් ගහන්න පටන් ගැනීමෙන් ඒක සමාජයට දැනුනා.රනිල් පවා කියලා තිබුණේ මහින්ද සහ රනිල් හොඳ තැනක ඉන්නවා කියලා.
රනිල් වගේම රාජපක්ෂලා විශ්වාස කරන තවත් කණ්ඩායමක් එජාපයේ ඉන්නවා.ඒක නිසා රාජපක්ෂලා තදින් විශ්වාස කරන රනිල් ඇතුළු කණ්ඩායමට මේ අනතුරු ඇඟවීමත් කරලා තියන්න ඕනි.රාජපක්ෂලා මෙතනින් එහාට සියලු තීරණ ගන්නේ එයාලගේ බලය සහ රැකවරණය කියන සාධක දෙක මුල් කරගෙන.ඒ වගේම නාමල්ගේ දේශපාලන අනාගතයත් මුල් කරගෙන. මේ එන ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කෙනෙකුට ජනාධිපති වෙන්න බෑ.
ඒ වගේම පොහොට්ටුවට පාර්ලිමේන්තු බලයක් අරන් ආණ්ඩුවක් පිහිටවන්නත් බෑ.ඒ තක්සේරුව රාජපක්ෂලාට තියනවා.ඉතින් මේ තත්වය යටතේ නාමල්ගේ අනාගතයට අවශ්ය අඩිතාලම දාගන්නේ කොහොමද?ඕකයි රාජපක්ෂලාට තියන ප්රශ්නය.එහෙම නැතිව රට ගැනවත්,රනිල් ගැනවත් රාජපක්ෂලාට හැඟීමක් නෑ.දැන් මේ තත්වය යටතේ කවුරු ජනාධිපති වෙනවටද රාජපක්ෂලා කැමති.ඒක හරියට ලෙහා ගත්තොත් රාජපක්ෂලා කරන්න ඉඩ තියන දේවල් ටික හදුනා ගන්න පුළුවන්.
රාජපක්ෂලාගේ අනාගත බල ව්යාපෘතියට රනිල්,සජිත්,අනුර තුන්දෙනාගෙන් කවුරු දිනන එකද හොඳ.මේ තුන්දෙනාගෙන් අනුර කවදාවත් රාජපක්ෂලාගේ තේරීමක් වෙන්නේ නෑ.අනුර මේ රටේ ජනාධිපති වෙනවට නෙවෙයි විපක්ෂ නායකයා වෙනවටවත් රාජපක්ෂලා කැමති නෑ.ඒ අනුර රාජපක්ෂ විරෝධියෙක් හින්දා නෙවෙයි. අනුරට වැඩිය හොඳ options රාජපක්ෂලාට තියෙන හින්දයි.මෙතනදී රාජපක්ෂලා අනුරට වැඩිය රනිල් සහ සජිත් දෙන්නම හොඳයි.
රනිල් ජනාධිපති වෙන එකද සජිත් ජනාධිපති වෙන එකද රාජපක්ෂලාගේ බල ව්යාපෘතියට වැඩිය හොඳ කියලා හිතුවොත් බැලු බැල්මටම පේන්නේ රාජපක්ෂලාට හොඳ රනිල් දිනන එක කියලයි.හැබැයි ඒ තක්සේරුව වැරදියි.ඇත්තටම රාජපක්ෂලාට වාසිදායක සජිත් ජනාධිපති වෙන එකයි.රටේ රාළ කියන්නේ මේ මොහොතේ රාජපක්ෂලා කැමති සජිත් ජනාධිපති වෙලා නාමල්ට විපක්ෂ නායක වෙන්න පුළුවන් නම් ඒකට.ඒ වෙනුවෙන් දැන් රාජපක්ෂලා කරමින් ඉන්නේ රනිල් සහ ධම්මික පෙරේරා අන්ඳවන එක.
ඒක වෙන්නේ මෙහෙමයි.එක පැත්තකින් එයාලා පොහොට්ටුවේ බෙදීම සළකලා බලයි. පොහොට්ටුවේ දැනට ඉන්න මන්ත්රීවරුන්ගෙන් 70 කට වැඩි පිරිසක් රනිල් එක්ක ඉන්නවා. රාජපක්ෂලා එක්ක ඉන්නේ තිහට අඩු පිරිසක්. තවමත් වැනෙන ටීම් එකක් ඉන්නවා.රනිල් ජනාධිපතිවරණයට එන්නේ පොදු ලකුණකින් සහ පොදු අපේක්ෂකයෙක් විදිහට.රනිල් දිනුවොත් මහ මැතිවරණයේදී රනිල් හදන සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතර ආසන ගාණක් දිනා ගන්න පුළුවන්.
ඒ වගේ තත්වයක් යටතේ පොහොට්ටුවට එන්නේ බොහොම සුළු ආසන සංඛාවක්.පොහොට්ටුවට එතකොට ඉන්න වෙන්නේ සජබෙට සහ සමහරවිට මාලිමාවටත් පහලින්.රාජපක්ෂ කෙනෙකුට රනිල් අගමැතිකම දෙන්නේ නෑ.ඒක රාජපක්ෂලා දන්නවා.ඒක දැනගෙන තමයි රාජපක්ෂලා අගමැතිකම ධම්මිකට දෙන්න කියලා කියන්නේ.රනිල් අගමැතිකම දෙනවා ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගාණක් දිනා ගන්න කණ්ඩායමේ ප්රධානියාට.
ඒක නිසා රනිල් දිනුවොත් රාජපක්ෂලාට අගමැතිකමත් නෑ,විපක්ෂ නායකකමත් නෑ.අනික තමයි රනිල් දිනුවොත් රනිල් මේ ආර්ථික ගමනම ඉදිරියට අරන් යයි.ඒක ඇතුලේ රාජපක්ෂලාට ඉඩක් හැදෙන්නේ නෑ.රනිල් නව ආර්ථික සහ දේශපාලන ප්රතිසංස්කරණ ගෙනත් රට අලුත් පාරක ගෙනියයි.ඒ හැකියාව රනිල්ට තියනවා. රනිල්ගෙන් පස්සේ රාජපක්ෂලාට ඉඩක් හැදෙයි කියලා හිතන්න බෑ.ඒක නිසා දේශපාලන වශයෙන් රාජපක්ෂලාට හොඳ රනිල් දිනනවාට වඩා සජිත් දිනන එකයි.
එහෙම තත්වයක් යටතේ සජිත් සහ රාජපක්ෂලා අතර එකඟතාවයක් නොහැදී තියෙන්න බෑ.සජිත් දිනලා රාජපක්ෂලාට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නේ නෑ කියලා විශ්වාසනීය සහතිකයක් දෙනවා නම් රාජපක්ෂලාට ඒ ඇති.එතකොට රාජපක්ෂලාට තියෙන්නේ සජිත්ට කවර් එකක් දෙන්න.නාමල්ට විපක්ෂ නායකයා වෙන්න වැඩිම පහසු ඒ ක්රමයට.මොකද එතකොට රනිල් එක්ක ගිය පොහොට්ටුකාරයන්ට යන එන මං නැතිවෙලා ආපහු පොහොට්ටුවට එන්න වෙනවා. පොහොට්ටුව ආයෙත් රාජපක්ෂලාගේ තනි බලයට යට වෙනවා.
දේශපාලන වශයෙන් හිතුවොත් නාමල්ගේ දේශපාලන ගමනට වඩාත් සුභ සජිත් දිනන එකයි.සජිත් දිනලා ඉතා කෙටි කාලයකින් වැඩේ අනාගන්න බව රාජපක්ෂලා දන්නවා.එතකොට ground එක හදාගන්න පුළුවන් වෙයි කියලා එයාලා හිතනවා.රටේ රාළ තවමත් කියන්නේ රාජපක්ෂලා රනිල්ට දිලා තියෙන ඔය පොරොන්දුව සත පහකට විශ්වාස කරන්න බෑ කියලයි.මෙතනදී ගොඩක් අයට හිතෙන්නේ රාජපක්ෂලාට තියෙන්නේ Options දෙකයි කියලයි. නෑ රාජපක්ෂලාට Options තුනක් තියනවා.
එකක් තමයි පොහොට්ටුව විදිහට රනිල්ට උදව් කරන එක.ඒකත් රනිල්ට සුභ නෑ.අනික රනිල්ට විරුද්ධ අපේක්ෂකයෙක් දාන එක.ඇත්තටම රාජපක්ෂලාට දාන්න අපේක්ෂකයෙක් නෑ.ධම්මික පෙරේරා ඔය තරඟයට එන්නේ නෑ.තුන්වෙනි එක තමයි වඩාත් භයානක Option එක.දැන් ඔය බැසිලුයි,රනිලුයි ඉන්නව වගේ කිරියි,පැණියි වගේ ඉන්නවා.අපේක්ෂකයෙක් දාන්නෙත් නෑ.හැබැයි අන්තිම මොහොතේ පොහොට්ටුව මොකක් හරි ප්රතිපත්තිමය කාරණයක් කියලා ඡන්ද ටිකක් බ්ලොක් කරනවා.නාමල් දැනුත් පොහොට්ටුවේ ප්රතිපත්ති ගැන නිතර කතා කරනවා.
ඡන්ද බ්ලොක් කිරීම ප්රසිද්ධියේ නොකර අප්රසිද්ධියේ උනත් කරන්න පුළුවන්.ඒකට රාජපක්ෂලාට කිට්ටු පක්ෂ යාන්ත්රණය පාවිචිචි කරගන්න පුළුවන්.ජනාධිපතිවරණයක ඡන්ද ලක්ෂ දෙකක් බ්ලොත් කලොත් ඇති.රාජපක්ෂලා රනිල්ට එරෙහිවම එල්ටීටීඊ එකත් එක්ක එකතු වෙලා ඔය වැඩේම වෙන විදිහකට කළා.උතුරේ රනිල්ට වැටෙන්න නියමිත ඡන්ද ටික කොටි සංවිධානයට සල්ලී දීලා බ්ලොක් කළා.අන්තිම මොහොතේ එහෙම boycourt එකකට ගියොත් රනිල්ට කඳ හරහා ඇණ ගන්න වෙනවා.
ඒ අවධානම නෑ කියලා හිතනවා නම් ඒක බරපතල වැරැද්දක්.ඒකයි රටේ රාළ දිගටම කියන්නේ රාජපක්ෂලා විශ්වාස කරන්න එපා කියලා.පිටි පස්සේ ඉඳන් පිහියෙන් අනින්න රාජපක්ෂලා තරම් දක්ෂ පොරවල් තවත් නෑ.ඒ අවධානමෙන් මිදෙන්න රනිල් කරන්න ඕනි පොහොට්ටුව ඇතුලේ රාජපක්ෂලා දුර්වල කරලා තියන එකයි.එහෙම දුර්වල උනොත් විතරයි රනිල්ගේ Option එකට රාජපක්ෂලා ගේන්න පුළුවන්.
මේ වෙලාවේ රනිල්ගේ Option එක වෙන්න ඕනි පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නොදා රාජපක්ෂලා පැත්තකට වෙන එකයි.ඒක කරන්න නං ඉස්සෙල්ලාම රාජපක්ෂලා යටත් කරගෙන ඉන්න ඕනි.ඒක කරන්න රනිල්ට තිනියෙන් බෑ. ඒකට පොහොට්ටුවේ සීයක්වත් රනිල් සෙට් කරගන්න ඕනි.එහෙම නොවී රාජපක්ෂලා දමනය කරන්න බෑ.ඒ වගේම රනිල්ගේ එජාපයේ ඉන්න නායකකාරකාදීනුත් රනිල් මේ පත්වෙලා තියන තත්වයට වගකියන්න ඕනි.
එයාලා තවමත් හිතාගෙන ඉන්නේ රාජපක්ෂලාගේ ඡන්දවලින් ගොඩයන්න.සජබෙන් ගන්නවා කියලා බොරු කයිවාරු ගගහා හිටියා මිසක් සජිත්ගේ මයිලක්වත් තවම නං හොල්ලන්න එයාලට බැරිවෙලා තියනවා.මේ බයිසිකල් රේස් එකේ banch එක කඩාගෙන සජිත් ඉස්සරහට පැන්නොත් රනිල්ට Sorry ම තමයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
See Translation
May be an image of 3 people and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *