|

වියන්ගොඩට අනුර සජිත් දෙදෙනා, නිදොස් කළ හැකි ද? – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

pinterest sharing button
messenger sharing button
අනිද්දා පත්‍රයේ 2024-07-05 දින පළවූ ”මේ වෙලාවේ රනිල් තමයි(ලූ) !” නම් ලිපියේ අප වළෙන් ගොඩ ඇවිත් ඇතැයි ඇස් දෘෂ්ඨියට පෙනුනත් එය විශ්ව කර්ම වැඩක් නොවේ යයි මා මිත්‍ර ගාමිණි වියන්ගොඩ ලියා තිබේ.

රටේ දෙ අවුරුදු සාර්ථකත්වය දෘෂ්ඨී මායාවක් නම් අප්‍රේල් අරගලයත් රාජපක්ෂ වාදීන් කියන විදියට ඇස් බැන්දුමකි. කෙනෙකුට තවමත් ජනාධිපති ගෝඨාභයමදැයි හිතෙන්නටත් පුළුවන.

2021 සිට රටේ විදුලිය සැපයුම බිඳ වැටුණ නිසා 2021 දෙසැම්බරයේ අපොස සා පෙළ විභාගය කල්යාම පාසල් දරුවන් ලක්ෂ ගණනකගේ වෛරයට හේතු විය. ඉන්ධන පෝලිම්වල සිදුවූ මරණ දෘෂ්ඨි මායා ගණයට නො වැටේ. ගෝඨාගෙන් ඇබෑර්තු වූ හිස්වූ ජනාධිපති තනතුරට ඩලස් අනුර පරදා ව්‍යවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහ පත්වීම මෙන්ම ගෙවුණ දෙ වසර තුළ හිතේ හැටියට දේශපාලන රැළිවලට ජනතාව ප්‍රවාහනය කිරීමත් දෘෂ්ඨි මායාවන් නොවේ.

යහ පාලන ආණ්ඩුව තද කළු ද?

 

2021 දෙසැම්බර් 03 වෙනිදා ‘අනිද්දා’ පත්‍රයේ වියන්ගොඩගේ (රනිල් නායකත්වය දුන්) යහ පාලන ආණ්ඩුව තද කළු දනම් ලිපියෙහි සඳහන් පහත දැක්වෙන කිසිවක් දෘෂ්ඨි මායාවන් නොවේ.

” රටේ මාස කිහිපයක් තුළ, රට උඩුයටිකුරු වී තිබේ, ඊයේ සාමාන්‍ය කඩයකින් තේ කෝප්පයක් බීමට මට රුපියල් 70ක් වැය වුවද, මාසයකට හෝ දෙකකට කලින් එම කඩයේ තේ කෝප්පය රුපියල් 40කි. ශතය වඳ වී රුපියලත්, රුපියල වඳ වී සියයත්, සියය වඳ වී දහසත්, දහස වඳ වී පන් දහසත් ආදි වශයෙන් වූ මුදල් ඒකක පොදු පරිහරණ පරිශ්‍රයට එද්දී, අනික් පැත්තෙන්, අත්‍යාවශ්‍ය ආහාරපානාදිය මිල දී ගැනීමට  කිලෝ ග්‍රෑම් සිට ග්‍රෑම්වලට මාරුවී එළවළු හෝ මාළු කිලෝවක් ගත් කෙනා, දැන් ග්‍රෑම් සියක් දෙසියක් ගැනීමට හිත හදා ගනී.” උපුටා ගැනීම අවසන්ය.

ගාමිණි වියන්ගොඩ 2022 පෙබරවාරි 18 වෙනිදා අනිද්දා පත්‍රයට සපයන ලිපියෙහි මෙසේ දැක්වේ.

 

පෝලිම් පැන එන්නත් විදගැනීම : 'රජයට කිසිම සැලසුමක් නැහැ'ඛෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැවව්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ අස්තියාදු විමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී
” ඛෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැවව්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ අස්තියාදු විමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. ඛෙහෙත් පෙත්ත හැරුණු විට ඉතිරි දේවල්වල හිඟයට හිත හදා ගැනීමට අකමැත්තෙන් වුවත් මිනිසුන්ට පිළිවන. එහෙත්  ඛෙහෙත් පෙත්ත ගැන හිත හදා ගැනීමට කෙනෙකුගේ කැමැත්ත/අකමැත්ත උඩ කළ හැකි දෙයක් නොවේ. ඒ නිසා, වෙන ඕනෑම දෙයක් සීමා කරගෙන, අත්‍යාවශ්‍ය සහ හදිසි ඛෙහෙත් වෙළඳ පොලට සැපයිමට තරම්වත් මොළයක් සහ මානුෂිකත්වයක් පාලකයන්ට තිබිය යුතුය, එය, පාලකයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි අවමයි.” උපුටා ගැනීම අවසන්ය.

හදිසි ඛෙහෙත් පමණක් නොව ඇති පදම් ඉන්ධන ලබා ගත හැකි තරමට වෙනස්වීම දෘෂ්ඨී මායාවක් කියන්නේ ඇයි?

දිනපතා ලක්ෂ ගණන් විදේශීය සංචාරකයන් පැමිණෙන තරමට ලංකාව සංසුන් මෙන්ම සංග්‍රහශීලී රටක් බවට පත්වීම තේරුම් ගත් සාමාන්‍ය ජනතාව මේ වෙලාවේ රනිල් තමයි යනුවෙන් තමන්ටම මුමුණා ගන්නේ යමක් අපෙක්ෂාවෙන් නොව ලැබුණ දේ ගැන ඇතිවූ සතුටෙනි. බොහෝ දීමනා පහසුකම් ලබන රජයේ සේවකයන්ගේ වැඩ වර්ජන නිසා පීඩාවට පත් සාමාන්‍ය මිනිසා මාධ්‍ය හරහා මේ ආයතන පුද්ගලික අංශයට දිය යුතු බව කියති. 

පුංචි ඡන්දය මාර්තු 9 වැනි දා පැවැත් වේවි ද ? - (නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර)හදිසි මැතිවරණයකට පාලකයන්ට මෙන්ම, දේශපාලනඥයන්ටද ප්‍රමාණවත් ඉන්ධන කරදාසි ආදි කිසිවක් පහසුවෙන් කඩිනමින් ලබා ගැනීමට රටට ශක්තියක් නැත.

 

රාජපක්ෂලා බලයේ සිටි මැයි 9 දාට පෙර 2022 මැයි 06 දින නිකුත් වූ අනිද්දා පත්‍රයට මා ලියූ අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ නම් ලිපියේ හදිසි මැතිවරණයකට රට නුසුදුසු බවට මෙසේ කරුණු දක්වා ඇත.

”හදිසි මැතිවරණයකට පාලකයන්ට මෙන්ම, දේශපාලනඥයන්ටද ප්‍රමාණවත් ඉන්ධන කරදාසි ආදි කිසිවක් පහසුවෙන් කඩිනමින් ලබා ගැනීමට රටට ශක්තියක් නැත. රෝගින්ට ඛෙහෙත් නැති රටේ මැතිවරණ ඉල්ලීම මානසික රෝගයක් මිස සාධනීය කල්පනාවක් විය නො හැකිය.” උපුටා ගැනීම අවසන්ය. මා එසේ ලියන්නේ  අගමැති ජනාධිපති තනතුරු ඇබෑර්තු වෙතැයි කිසිවෙකු නො සිතූ අවස්ථාවකය.

අනිද්දා පත්‍රයට 2021 දෙසැම්බර් 03 දින වියන්ගොඩ නමින් පළවූ යහ පාලන ආණඩුව තද කළු ද?‘ නම් ලිපියේ මෙසේ කියැවේ.

”යහපාලන ආණ්ඩුව, එතෙක් පැවති නරකම ආණ්ඩුව යයි පැවසීමට බොහෝ දෙනා ආශා කරති. ඔවුන් ඒ වැරදි නොකළා නම්, මෙවැනි තීන්දුවක් 2019 දි තමන් නො ගනු ඇතැයි යන්න ජනතාව අද නොකියා කියයි. ලංකාවේ වෙසෙන්නන්ටත් වඩා රාජපක්ෂවාදීන් වූ බටහිර රටවල වෙසෙන ලාංකිකයා හෙවත් ගියවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දිම සඳහා තකහනියක් ලංකාවට පැමිණි පුද්ගලයන් අද මේ ආණ්ඩුව ගැන දරන අදහස් උදහස් අසන්නට පසුගිය සති කිහිපයේ මට වාසනාව ලැබුණි. ඒ සති කිහිපයේ යුරෝපයේ ඇතැම් රටවලදී මට හමු වූ, එදා ඡන්දයට ලංකාවට පැමිණි සහ නො පැමිණි ඒ සෑම රාජපක්ෂවාදියෙකුම තමන්ට තලා ගැනීමට දැන් මඩු වලිග සොයති.” උපුටා ගැනීම අවසන්ය. ඒ විප්‍රවාසින් අදත් ඒ සෙල්ලම කරමින් නො සිටීද?

 

ගෝඨාගේ පොතෙන් රනිල් බැසිල්ට පහර දෙයිඒ ලිපියේම, මහින්ද සහ ගෝඨාගේ පාලනය සමග රනිල්ගේ යහ පාලනය සසඳා බලනැයි ඉල්ලා සිටියි.
ඒ ලිපියේම වියන්ගොඩ, මහින්ද සහ ගෝඨාගේ පාලනය සමග රනිල්ගේ යහ පාලනය සසඳා බලනැයි ඉල්ලා සිටියි. ඊළඟට බැඳුම්කර වංචාව ආදි යහ පාලන සෙල්ලම් සමග ගෝඨාගේ පාලනයේ සීනි, සුදු ලුණු, තෙල්, ඉන්දීය දියර පොහොර, චීනයේ අසූචි නෞකා වංචාවන් මතක් කරයි. බැංකු මගඩියට වඩා මුදලක් සිනි වංචාවෙන් ගසා කෑ බව කියන වියන්ගොඩ බැඳුම්කරු හොරුන් මාස ගණන් හිරේ හිටියත් සීනි තෙල් පොහොර හොරුන් පොලිසියට කට උත්තරයන් හෝ නො දුන් බව සිහි කරන මගේ මිත්‍රයා පාස්කු ප්‍රහාරය යහ පාලන අගමැති ජනාධිපති අප්‍රසන්න ආරවුලේ එහි ප්‍රතිපලයක් විය හැකි බවටද සැක කරයි. එසේම දූෂිත ජයසුන්දර වැන්නන් ගෝඨා ඉහළ තනතුරු වලට පත් කිරීමද ලාවට මතක් කරයි.

2021 දෙසැම්බරයේ මගේ මිත්‍රයා තුළ පැවති එකී ආකල්ප, යටපත් කළ බලපෑම කුමක්ද? ඔහු 2024 ජූලි 05 අනිද්දා පත්‍රයෙහි අනුර සජිත් අර්බුදයෙන් මඟ හැර යාම විශිෂ්ඨ ක්‍රියාවක් බව තහවුරු කරමින් මෙසේ කියයි.

” මඟහැර යාම” සිදු වුණේ අගමැති තනතුර සම්බන්ධයෙනි. ගෝඨා කිහිප දෙනෙකුට ආරාධනා කළේ, තම ජනාධිපති තනතුර භාර දීමට නොව මහින්දට එපාවූ අගමැතිකම සඳහා ය. එවැන්නක් සජිත් හෝ අනුර ප්‍රතික්ෂේප කිරිම වරදක් වන්නේ කෙසේද?” උපුටා ගැනිම අවසන්ය.

අගමැති කෙනෙක් නැතිව රටක් පැවතිය නො හැකි බව අනුරලා දැන නො සිටියාට, රටේ තත්වය බලා සිටිය නො හැකි තරම් බරපතල බව රනිල් දැන සිටීම හරහා වියන්ගොඩ කියන විශිෂ්ඨත්වය තේරුම් ගැනීමට පස්සර බස් රිය අනතුර යොදා ගනු කැමැත්තෙමි. ප්‍රපාතයට වැටුණ මගීන්ගේ විලාප හඬ මිස බස් රථය හෝ නො දුටු අහල ගම් හතක මිනිස්සු සිය ගණන් දිවි නො තකා එකී ප්‍රපාතයට බැස්සේ රනිල් මෙන් කල්පනා කළ නිසාය. සජිත් අනුර ජාතියේ මිනිසුන් රටේ ඇත්තේ ඉතා ස්වල්පයකි. ලංකාව පස්සර ඛේදවාචකය නම් කවුද හරි කළ යුතුව තිබුණේ කුමක්ද යන්න තේරුම් ගැනීමට ලොකු කතා අවශ්‍ය නැත. සමාජ මාධ්‍ය දේශපාලන කතා පරිශීලනය නො කරන රටේ බහුතරයක් දෙනා මේ වෙලාවේ රනිල් තමයි කියා හිතන්න පටන් ගෙන හමාරය.  

මා මිත්‍ර වියන්ගොඩ, අනුරලා සජිත්ලා උදේ හවා මතුරණ රනිල්ගේ වැට් බදු, වර්ජන මැඩ පැවැත්වීම ආදි ක්‍රියාවන්  වියන්ගොඩ තුළ පවත්නා ආකල්පය අලුත් ලිපියේ මෙසේ දැක්වේ.

”ජනාධිපති වරයා ජනප්‍රිය තිරණ යුතු යයි මේ ලියුම්කරු යෝජනා නො කරයි. ඇත්තෙන්ම, ලංකාව වැනි රටක් ගොඩ නැගීමට නම්, කාට හෝ යම් දවසක ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදු වන්නේය. ඇත්තෙන්ම අපේ අභාග්‍ය සම්පන්න වර්තමානය නිර්මානය වි ඇත්තේ, ජනප්‍රිය තීන්දු මිස ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට කිසි පාලකයෙකුට මෙතෙක් නොහැකි වී තිබීම නිසාය.” උපුටා ගැනීම අවසන්ය.

 

ගුරු අරගලය හරහා රාජ්‍ය සේවය දැකීම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)ගුරු වර්ජන
පාසල් පද්ධතියේ පැවැත්ම පිණිස ඔහු ගුරු වර්ජන වලට එරෙහිව ගත් අභීත තීරණ පවා මෙහිදී මගේ මිත්‍රයා උපේක්ෂාවෙන් සලකන බවති. එජාපයම ගෙදර යැවූ හැට නව ලක්ෂයක් ජනතාව, රනිල් රටේ ජනාධිපති වී සිටිම ඉවසා සිටින්නේ රටට විකල්පයක් නැති නිසා මිස රනිල් හොඳ නිසා නොවේ. වියත්මග අටවා ගෝඨා බලයට පත් කළ ගොඩහේවලා අද සජිත් සමගය. 2021 දෙසැම්බර් 03 වෙනිදාත් යහ පාලනය අගය කළ වියන්ගොඩත් අද එක්කෝ සජිත් සමගය. නැතොත් අනුර සමගය. එසේම මගේ මිත්‍රයාට රාජපක්ෂලාට සාපේක්ෂව රනිල් හොඳය. ජනප්‍රිය තීන්දු නො ගැනීමේ රනිල්ගේ ක්‍රමයද යහපත්ය. ඇත්තේ රනිල්ගේ චෝදනා වලින් සජිත් අනුර දෙදෙනා නිදොස් කොට නිදහස් කර ගැනීමේ උවමනාව පමණකි.

රටේ වගකීමට තනිව කර ගැසූ රනිල් වට්ටවා එහි වාසි ලබා ගැනීමට සැරසී සිටි අනුර – සජිත් දෙදෙනා කෙළින් කිරීමට වියන්ගොඩ ගන්නා උත්සාහයට මම සුභ පතමි. සජිත් හෝ අනුර එදා ජනාධිපති වී අයිඑම්එෆ් ගියා නම් මේ ප්‍රතිලාභ නො ලැබේද? ඔවුන් ඒ වගකීමෙන් කර හැරිය නිසා වියන්ගොඩගේ ප්‍රශ්නයට ලැඛෙන්නේ  නොයෙදේ හෝ අදාළ නොවේ වැනි පිළිතුරක් නොව ප්‍රතිචාරයකි.

අද රටේ කවුරුත් අඳින පළඳින කනබොන සියල්ල ලැඛෙන්නේ අනුර සහ සජිත් නිසා නම් නොවේ. රනිල් කෑ කට්ටත් අනුරලා ඇද්ද බාල්දිත් දන්නා ජනතාව නිහඬව තීන්දුවක් ගැනීමට නියමිතය. වියන්ගොඩට අනුව රටගොඩ දැම්මේ පොහොට්ටුවේ මුදල් රාජ්‍ය ඇමති මිස රනිල් නොවේ. ගොඨාභය ඒ ටික කරවා ගත නොහැකි වූ රහසක් නොවේ. කිව්ආර් කේතය හඳුන්වා දුන්නා නම් අදටත් ගෝඨා රටේ ජනාධිපති බව මම නිතර කියන්නේ ඒ නිසාය. ඉතිරිව ඇත්තේ (අ) ගෝඨාගේ නො හැකියාව (ආ) සජිත් අනුර කර ඇරීම සහ (ඇ) රනිල් තනිව මරාලයට කර ගැසීම යන තීරණාත්මක සංසිද්ධින් ත්‍රීත්වය විමසා බලා වළේ වැටෙනවාද නැද්ද යන්න ජනතාව තීරණය කිරීම පමණකි.

 

උතුර ගැන කතාකරන සර්ව පාක්ෂික සමුළුව අද : සජිත් එයි - අනුර නොඑයි !අනුර – සජිත් දෙන්නා මග හැර ගිය බව රනිල් අදටත් කියන්නේ ඒ දෙදෙනා අදටත් ලබා ගත් ජයග්‍රහණයන්ට වෛර කරන නිසාය.

අනුර – සජිත් දෙන්නා මග හැර ගිය බව රනිල් අදටත් කියන්නේ ඒ දෙදෙනා අදටත් ලබා ගත් ජයග්‍රහණයන්ට වෛර කරන නිසාය. අර්බුදය ආරම්භයේ ජාතික ආණඩුක් අපේක්ෂාවෙන් ජනාධිපති ගෝඨාභය කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට අනුර සජිත් දෙදෙනාම ගියේ නැත. රනිල් වික්‍රමසිංහ, එදා ඊට සහභාගි වුණේ අගමැති ජනාධිපතිකම් අපේක්ෂාවෙන් නොවන බව මගේ මිත්‍රයා ඕනෑකමින් අමතක කරයි.   

රට වෙනුවෙන් එක්ව වැඩ කරන තරමට සජිත් හෝ අනුර කිසිදාක රට වෙනුවෙන් එකතු වන්නේත් නැති බව බව රටේ මිනිස්සුත් දනිති. අපහසුවකින් තොරව හැල්මේ ධාවනය වන වාහනයක රියැදුරා මාරු කිරීමට කිසිදු මගියෙක් කැමති නො වන්නා සේම, ලංකාවේ මිනිසුන් ”මේ වෙලාවෙ රනිල් තමයි”..  යනුවෙන් කල්පනා කිරීම  ගැන මා මිත්‍ර වියන්ගොඩ කලබල විය යුතු නැත.

 

80 ජූලි වර්ජනය: 40 වසරකට පෙර අහිමි කම්කරු සටන්කාමීත්වය.1980 වැඩ වර්ජනය
1980 වැඩ වර්ජනයට හසුවූ වියන්ගොඩට එක් රාත්‍රියක දරුවන්ට කන්ඩ දීමට පාන් රාත්තලක් ගැනීමට රුපියලක් නො මැතිව සිටි බව විජය ඩයස් පිළිබඳ 2023-09-02 දින අනිද්දා පත්‍රයේ ලිපියේ දැක්වේ. මා යළි යළි උපුටා දක්වන වලල තරුෂිලාගේ, මොනරාගල බට්ටිලාගේ දුප්පත් අම්මලා ගැහැණු එක මිටට ගියා නම් ඒ දැරියන්ට ජාත්‍යන්තර සම්මාන වෙනුවට හිමි වන්නේ පෝස්ටර් සහ පාප්ප බාල්දි පමණකි.

රුපියලක් සොයා ගිය දිනයේ කතාව සිහිවූ හැම විටෙකම හඬා වැටුණා කියන වියන්ගොඩ, කළ යුත්තේ තනිව නැගී සිටිය හැකි බව කියා දීමද? දරිද්‍රතාව මුවහත් කරවීමද? 80 වර්ජන අත්දැකීම හැරවුම් ලක්ෂය ලෙස ගනියි නම් උදා වී ඇත්තේ රටේ මිනිස්සු මරා කන මොහොතක් නොවේ.  නැතිබැරි මිනිසාට හිඟන මානසිකත්වය එන්නත් කිරීමෙන් තරුෂිලා බට්ටිලා චමරිලා රට තුළ නිර්මාණය වන්නේ නැත.

ලාංකේය ගුරු භූමිකාව සහ දේශපාලනය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
නිදහස් ලේඛක
sugathcb@gmail.com

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *