|

ජවිපෙ මූලස්ථානය වටකර ඇසිය යුතු ප්‍රශ්නය – රටේ රාළ

ජවිපෙ වෘත්තීය සමිති ත්රස්තයන් විසින් ජූලි 08 සහ ජූලි 09 දවස් දෙක ඇතුලේ රාජ්ය සේවය සම්පුර්ණයෙන්ම අකර්මණ්ය කළා.රටේ රාළ දිගටම කිව්වේ ජවිපෙ කියන්නේ පරාජය හමුවේ වියරු වැටෙන පක්ෂයක් කියලයි.ඒ වගේ වෙලාවක ඕනිම විනාශකාරී වැඩක් කරන්න ජවිපෙ දෙපාරක් හිතන්නේ නෑ.මීට අවුරුදු දෙකකට උඩදී අපි බංකොලොත් උන රටක්.ඒ වෙලාවේ රටේ වගකීම බාරගන්නේ නැතිව අනුර කුමාරලා බයේ පැනලා ගියා.
රනිල් රට බාර අරගෙන පහුගිය අවුරුදු දෙකක කාලය ඇතුලත දරපු උත්සාහයේ ප්රතිඵලයක් විදිහට අද රට යථාවත් වෙලා තියනවා. බංකොලොත්භාවයෙන් මිදෙන මාවතක් විවර වෙලා තියනවා.ඇත්තටම ඒ පාර කැපුවේ රනිල්. රනිල්ගේ ආර්ථික දැක්මට අනුව රනිල් තේරුවේ IMF විස්තීර්ණ ණය පහසුකම අරගෙන ණය ප්රතිව්යුහගතකරණ කිරීමේ ක්රියාවලියකට යන්න.
එදා රනිල් ඒ පියවර තියද්දී අනුර දිසානායක සහ එයාගේ ගෝලබාලයෝ කිව්වේ IMF ගිහින් ගොඩගිය ලෝකේ එක රටක් කියන්න කියලයි. රනිල් වැල් පාලමේ යනකොට අනුර කිව්වේ දරුවට තොප්පියක් නෑ.මේස් දෙකක් නෑ.දරුවට ජංගියක්වත් නෑ කියලයි.ඇත්තටම දරුවට ඒ මොකුත් තිබුණේ නෑ තමයි.හැබැයි දරුවට යන්තම් හුස්ම වැටෙමින් තිබුණා.වැල් පාලමේ යන අභියෝගය බාර ගන්නේ නැතිව රනිලුත් අනුරලා වගේ පැනලා ගියා නම් දැන් දරුවා මැරිලා මැරිච්චි තැන්වල ලොකු ගසුත් පැලවෙලා.
ඒකයි රනිල් පණ තියන නිරුවත් දරුවා අරන් වැල් පාලමේ යන්න තීරණය කරන්න ඇත්තේ.දරුවා විතරක් නෙවෙයි රනිල් නිරුවතින් ඒ ගමන ගියත් ඒක ඒ වෙලාවේ යන්නම ඕනි ගමනක්.රනිල් වැල් පාලමේ අන්තිම හරියට එනකොට අනුර කිව්වේ වැල්පාලමේ ඉතිරි ටික යන්න එයාටත් පූළුවන් කියලා.දැන් එතකොට රනිල් දුෂා නම් ලංකාව තමයි දරුවා.එතකොට එතෙර වෙන්න තිබුන එකම වැල්ලාලම තමයි IMF එක.
අනුරත් වැල් පාලමේ යන්න එකඟයි කියන එකෙන් තහවුරු වෙන්නේ අනුරත් IMF ගමන ඉදිරියට ගෙනියනවා කියන එකයි.අනුර නෙවෙයි ඒ වෙලාවේ ඒ ගමන යන්න ලෑස්ති වෙන ඕනිම කෙනෙකුට තිබුන එකම උත්තරය රනිල් ගිය වැල් පාලම තමයි.ඒ කියන්නේ IMF එක තමයි.හෙට දවසේ අනුර ජනාධිපති උනත් IMF එකත් එක්ක තියන එකඟතාවයන් කඩන්න අනුරට බෑ. කැඩුවොත් ආයෙත් අපි ප්රපාතයට වැටෙනවා.ඒ ගමන තමයි දැන් අපි අවුරුදු දෙකක් ඇවිත් තියෙන්නේ.
IMF සහ අපි අතර තියන එකඟතාවයට අනුව අපිට සල්ලි අච්චු ගහන්න බෑ.අපේ වැට් බදු සීමාව තියෙන්නේ18% ක.මේ තත්වය පවත්වාගෙන ඇවිත් තමයි අපිට අපේ සංචිත බිලියන 5 දක්වා වැඩිකරගන්න පුළුවන්වෙලා තියෙන්නේ.මේ තත්වය පවත්වාගෙන ආපු හින්දා තමයි 70% පැනලා තිබුණ උද්ධමනය දැන් 1.9% සීමාවට ඇවිත් තියෙන්නේ.ඒකෙන් තමයි ජනතාවගේ පැත්තට සහන ටිකක් හරි දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.
මේ අවුරුද්දේ රාජ්ය සේවයට රුපියල් 10000 කින් වැටුප් වැඩි කළේ ඒ කළමණාකරණය හින්දයි. විදුලි බිල 30 % කින් අඩු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ කළමණාකරණය හින්දයි.අස්වැසුම දෙන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ඒක හින්දා තමයි.ඒ කියන්නේ අන්ත දුප්පතාගේ පටන් රාජ්ය සේවකයා දක්වා මේ දුෂ්කරතාවයන් විදගෙන යම් හෝ සහන වැඩපිලිවෙලකට රට ගෙනත් තියනවා.ඒක හොඳම එක නෙවෙයි.ඒවායේ අඩුපාඩු එමටයි.හැබැයි බංකොලොත් වෙච්ච රටක් අවුරුදු දෙකකින් මේ තත්වයට ආපු එක ගැන අපි සතුටු වෙන්න ඕනි.
මෙතනින් එහාට අඟලක් හරි ඉස්සරහට රට තල්ලු කරන එක තමයි පුරවැසියාගේ වගකීම. ඒක සාමාන්ය මනුස්සයෙකුට වඩා රාජ්ය සේවකයෙකුට තියනවා.යන්තම් මේ තත්වයෙන් එළියට ආවට පස්සේ එකපාරට රුපියල් 25000 කින් පඩි වැඩි කරන්න ඉල්ලන එක සාධාරණද?වැටුප් විෂමතාව සම්බන්ධව නිර්දේශ දෙන්න කමිටුවක් පත්කරලා තියෙද්දී,ඒ නිර්දේශ අනුව 2025 අයවැයෙන් ඒ මුදල් ගෙවනවා කියලා තියෙද්දී මේ නටන පිස්සුව මොකද්ද?
එහෙම පඩි වැඩි කිරීමක් දෙනවා නම් වැට් බද්ධ 18% ඉඳන් 21% ට ගේන්න වෙනවා.අස්වැසුම කපලා දාන්න වෙනවා.විදුලි බිල අඩු නොකරන පවත්වාගෙන යන්න වෙනවා.එහෙමත් නැත්තං සල්ලි අච්චු ගහන්න වෙනවා.ඒක නිසා රටේ රාළ කියන්නේ රුපියල් 25000 කින් පඩි වැඩි කරන්න කියලා ඉල්ලන අනුරගේ වෘත්තීය සමිති මාෆියාව රටට කියන්න ඕනි කොතනින් අඩු කරලද 25000 දෙන්න ඕනි කියලා.
මොකද ඒ පඩි වැඩිවීම දෙන්න තවත් රුපියල් බිලියන 280 හොයන්න ඕනි.ඒක මේ රටේ සාමාන්ය ජනතාව මත පටවලද රාජ්ය සේවකයන්ට පඩි වැඩි කරන්න කියන්නේ.ඊළඟට අනුර කියන්න ඕනි බැරිවෙලාවත් එයා ජනාධිපති උනොත් ඒ සැනින් රාජ්ය සේවයට රුපියල් 25000 ක වැටුප් වැඩි කිරීම දෙනවද කියලා.මොකද එයා බාර ගන්නෙත් මේ භාණ්ඩාගාරයම තමයි.25000 ක් දෙනවා කියලා වැඩක් නෑ.
ඒකට සල්ලි හොයාගන්න විදිහත් කියන්න ඕනි. අනුරට පුළුවන් ඕනි නම් ජවිපෙ අරමුදලෙන් හරි ඒක දෙනවා කියලා කියන්න.ඒක නිසා මේ වෘත්තීය සමිති මාෆියාවට එරෙහිව ජනතාව නැගිටින්න ඕනි.එහෙත් නැත්තං ජනතාව වෘත්තීය සමිති මාෆියාවත් එක්ක හිටගෙන කියන්න ඕනි අපිට අස්වැසුම එපා.අපිට සහන එපා,උද්දමනය වැඩි උනාට කමක් නෑ.ඕනි තරම් සල්ලි අච්චු ගහපල්ලා.
අපිට මොනවා උනත් කමක් නෑ රාජ්ය සේවයේ අයට රුපියල් 25000 වැටුප් වැඩිවීම දීපල්ලා කියලා.ඒ වගේම රාජ්ය සේවකයා දැන ගන්න ඕනි මේ රට බංකොලොත් කරන්න දේශපාලනඥයා වගේම රාජ්ය සේවකයත් වගකියන්න ඕනි කියලා. මේ රටේ දේශපාලකයෝ වගේම රාජ්ය සේවයත් අන්ත දූෂිතයි.ජවිපෙ මේ කරන්නේ වෙන මොකවත් නෙවෙයි අවකරණය නම්න් එකතු කරගන්න මුට්ටි කාසි වෙනුවෙන් රටක් පාවා දීමයි.
මේ තත්වය තේරුම් ගන්න තරම් අපේ රටේ ජනතාව දේශපාලන වශයෙන් සවිඥානික නෑ. නැත්තං මේ වෙනකොට ජනතාව ඇවිත් ජවිපෙ මූලස්ථානය දෙතුන් පාරක් වට කරලා තියෙන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ
May be an image of 4 people and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *