දුම්රිය වැඩ වර්ජනය අවසන් කරයි ; විනය පියවර නවතී

අද රෑ 12.00 පෙර සේවයට වාර්තා කළහොත් සේවය හැරගියා සේ සලකන ලිපි ඉවත්කර ගැනීමේ එකඟතාව මත දුම්රිය වැඩ වර්ජනය අවසන් කොට තිබේ.

ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන මහතා සහ වෘත්තීය සමිති නායකයින් අතර අද සවස පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්න විසඳීමට මීට පෙර ඇතිකරගෙන තිබු එකඟතා ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *