|

රනිල්ට ඇති අවසන් තුරුම්පු දෙක – රටේ රාළ

දැන් ඉතින් ජනාධිපතිවරණය තියන බව ස්ථිරයි. කාට කාටත් ජනාධිපතිවරණයට මුහුණ දෙන්න හිත හදාගන්න වෙනවා.ජූලි 17 න් පස්සේ මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමේ බලය පැවරෙනවා.පහුගිය දවසක රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට අවුරුදු 27 පිරීම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වුනා.ඒ උත්සවයට රනිල්,මහින්ද, ගෝඨාභය,බැසිල් නාමල් ඇතුළු කණ්ඩායමක් සහභාගීවෙලා හිටියා.
එතනදී රනිල් රෝහිතට කිව්වේ රත්තරං මන්ත්රීතුමා කියලා.රනිල් ඒක මොන අර්ථයෙන් කිව්වද කියන්න රටේ රාළ දන්නේ නෑ.මාල කතාවට රත්තරං කිව්වද එහෙමත් නැත්තං හිත හොඳම මනුස්සයා කියන අදහසින් රත්තරං කිව්වද කියලා අහන්න ඕනි රනිල්ගෙන්ම තමයි. එතනදී බැසිල් රනිල්වත් ඉස්සරහා තියාගෙන කිව්වේ එයාලා රනිල්ට බයත් නෑ,ණයත් නෑ කියලයි.
අපි නං අහලා තියෙන්නේ රෑට පාලු සොහොන් පිට්ටනි ළගින් යනකොට හයියෙන්ම කෑගහන්නේ වැඩියෙන්ම බය හාදයා කියලයි.රාජපක්ෂලා මොන පොරටෝක් දුන්නත් මෙතනදී එකක් පැහැදිලියි.රාජපක්ෂලා ආයෙත් අඩියක් පස්සට අරන්.ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද පත්රිකාවේ පොහොට්ටු ලකුණ අනිවාර්යයෙන්ම තියනවා කියපු නාමලුත් දැන් පහුබැහැලා.
දැන් නාමල් කියන්නේ ජනාධිපතිවරණ ඡන්ද පත්රිකාවේ පොහොට්ටුව ලකුණ තියෙන්න ඕනි කියන එක එයාගේ ස්ථාවරය කියලයි.ඒ ස්ථාවර ජයග්රහණය කිරීම වෙනුවෙන් නාමල් සටන් කරනවාලු.කොහොම උනත් රාජපක්ෂලාගේ පැහැදිලි පසුබැසීමක් පේනවා.හැබැයි ඔය මොනවා කිව්වත් රාජපක්ෂලා විශ්වාස කරන්න බෑ.එයාලා රනිල්ව කොටු කරන්න විවිධ උත්සාහයන් තවමත් ගන්නවා.
ඒක බැරි උනොත් සජිත් දිනවලා විපක්ෂයට ගිහින් විපක්ෂ නායකකම ගන්නත් නාමල්ගේ සුදානමක් තියනවා.හැබැයි තව වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා රාජපක්ෂලාටත් අවසන් තීරණයකට එන්න වෙනවා.රනිල්ට උදව් කරනවද,වෙන අපේක්ෂකයෙකු දානවද කියන තීරණ දෙකෙන් එකකට එන්න වෙනවා.රනිල්ගේ පැත්තෙන් බැලුවොත් රාජපක්ෂලා මොන තීරණය ගත්තත් ඒ තීරණය රනිල්ට අවාසිදායකයි.
රාජපක්ෂලා ඉස්සරහා තියාගෙන කැම්පේන් කරන්න ගියොත් රනිල් එක්ක එකතු වෙන්න ඉන්න අනිත් බලවේගය අවුල් වෙනවා. රාජපක්ෂලා වෙන අපේකෂකයෙක් දැම්මොත් රනිල්ට එන්න තියන ඡන්ද කුට්ටියක් නැති වෙනවා.ඒක ලොකු ප්රමාණයක් නොවෙන්න පුළුවන්.හැබැයි ජනාධිපතිවරණයකදී එක ඡන්දයක් උනත් වැදගත්.විශේෂයෙන් මේ ජනාධිපතිවරණයේදී හැම ඡන්දයක්ම තීරණාත්මකයි.
දැන් රාජපක්ෂලා හින්දා රනිල් උභතෝකෝටික ප්රශ්නයකට මැදිවෙලා.මෙතනදී බැසිල් සහ මහින්ද සාධක දෙක තීරණාත්මකයි.රාජපක්ෂලා ගණන් හදන්නේ රනිල්ට වෙන වාසි,අවාසි ගැන හරි රටට වෙන වාසි,අවාසි ගැන හරි හිතලා නෙවෙයි.රාජපක්ෂලාට වෙන වාසි අවාසි මොනවද කියලයි එයාලා තක්සේරු කරන්නේ.
පොහොට්ටුව රනිල්ට උදව් කරන්න තීරණය කළොත් එක පැත්තකින් පොහොට්ටුවේ බෙදීම පිටට පේන එක නතර කරගන්න පුළුවන්. හැබැයි ගැටුම අභයන්තරිකව දිගට තියෙයි.රාජපක්ෂලා දැන් කොහොමත් ටාගට් කරන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය.මහ මැතිවරණයේදී කොහොමද බලය ආරක්ෂා කරගන්නේ කියන එකයි රාජපක්ෂලාගේ ලොකුම ටාගට් එක. මෙතනදී රාජපක්ෂලා ගන්න තීරණයට අනුව සහ ජනාධිපතිවරණ ප්රතිඵලය අනුව රාජපක්ෂලාගේ පංගුව කීයද කියලා තීරණය වෙනවා.
ජනාධිපතිවරණ ඡන්ද පත්රිකාවේ පොහොට්ටුව ලකුණ නොතිබුණත් මහ මැතිවරණ ඡන්ද පත්රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටුව ලකුණ තියනවා.පොහොට්ටුව රාජපක්ෂලාත් එක්ක එකතු වෙලා රනිල්ට උදව් කරලා රනිල් දිනුවොත් ඊළඟට එන මහ මැතිවරණයේදී පොහොට්ටුව තනියම තරඟ කළොත් ලැබෙන ප්රතිඵල සහ පොහොට්ටුව රාජපක්ෂලා එක්ක එකතු වෙලා රනිල්ට උදව් කරලා රනිල් පැරදුනොත් මහ මැතිවරණයේදී එන ප්රතිපලය එකිනෙකට වෙනස්.
ඒ වගේම පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් දාලා තියන තත්වයක් යටතේ රනිල් ජනාධිපතිවරණයට දිණුවොත් මහ මැතිවරණයේදී පොහොට්ටුවට එන ප්රතිපලය සහ පොහොට්ටුව වෙන අපේක්ෂකයෙකු දාලා රනිල් පැරදුනොත් මහ මැතිවරණයේදී පොහොට්ටුවට එන ප්රථිපලයත් එකිනෙකට වෙනස්.රටේ රාළ කියන්නේ මේ තක්සේරුව බැසිල් කරගන්නවාම තමයි.
පොහොට්ටුව මොන තීරණය අරන් මොන ප්රතිපලය ආවත් පොහොට්ටුව දෝලනය වෙන්නේ ආසන 05 සහ ආසන 25 කියන පරාසය ඇතුලෙයි. එතකොට බැසිල් බලන්නේ ආසන පහේ සීමාවෙන් නතර වෙන්න නෙවෙයි.කොහොම හරි ආසන 25 සීමාවටවත් යන්න.එතනදී රාජපක්ෂලාට එන්න තියන හොඳම තීරණය වෙන්නේ අපේක්ෂකයෙක් නොදා රනිල්ට උදව් කිරීමයි.
ඒ තීරණයට පොහොට්ටුව ආවොත් අර්බුදයට යන්නේ රනිල්.මොකද රාජපක්ෂලා ඉස්සරහා තියාගෙන ගිහින් රනිල්ට දිනන්න බෑ.රනිල් පරදින තත්වයක් යටතේ ආයෙත් පොහොට්ටුවට පහේ සීමාවට වැටෙනවා.ඇත්තටම මෙතනදී රනිල්ගේ පැත්තෙන් හිතුවොත් වෙන්න ඕනි හොඳමදේ තමයි පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නොදා රාජපක්ෂලා පැත්තකට වෙන එක.
හැබැයි ඉතින් එක කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.රාජපක්ෂලා කියන්නේ ජයග්රහණයේදී අයිති සහ වාසිය ගන්න දුවගෙන එන පරාජයේදී අනිකා මත වගකීම පටලලා පැනලා යන දේශපාලන සත්වයෝ කොට්ඨාශයක්. දැන් රනිල්ට මේ අභියෝගය දිනන්න පුළුවන්ද කියන ප්රශ්නය එනවා.රනිල්ට ඒ වෙනුවෙන් ගහන්න තියෙන්නේ තුරුම්පු දෙකයි.එකක් පොහොට්ටුව ඇතුලේ රනිල් පාර්ශවය ශක්තිමත් කරගැනීම.රනිල් පාර්ශවය ශක්තිමත් වෙන තරමට රාජපක්ෂ පාර්ශවය දුර්වල වෙනවා.
අනික තමයි සජබයත් එක්ක එකඟතාවයකට යෑම,නැත්තං සජබය දුර්වල කරලා ලොකු කුටියක් කඩාගැනීම.මේ උපක්රමය දෙක හැර අන් මඟක් රනිල්ට නැත.මේ මොනවා කරන්නත් රනිල්ට තියෙන්නේ තව බොහෝම කෙටි කාලයයි. අපි බලමු රනිල් මේ අභියෝගය ඉස්සරහ මොකද කරන්නේ කියලා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *