පෙබරවාරියේ සිට ඔක්තොබර් දක්වා-: 1917 රුසියානු විප්ලවයේ ඉතිරිය – ජයදේව උයන්ගොඩ

රුසියානු විප්ලවයේ ශත සැංවත්සරය අප මෙම වසරේ සමරන්නේ, සම්පූර්ණයෙන් පාහේ වෙනස් වූ ඓතිහාසික පසුබිමකය. ලෝක ඉතිහාසයේ ගමන් මගෙන් ඉවත් වෙනු ඇතැයි දහනවවැනි සියවසේ හා විසිවැනි සියවසේ මුල් භාගයේ සමාජවාදීන් සිතූ සහ අපේක්ෂා කළ ධනවාදී ක‍්‍රමය තවමත් පවතී. එහෙත් ධනවාදී ක‍්‍රමයේ සුජාත භාවය ගැන සහ එය දිගින් දිගටම මනුෂ්‍ය වර්ගයාටත් ලෝකයටත් සිදුකරන හානිය ගැන සිදුකරන ප‍්‍රශ්න කිරීම් නම් නැවතී නැත. මේ අතර සමාජවාදී විකල්පය පිළිබ`දව පසුගිය සියවස මුලදී තිබූ දේශපාලන ආකර්ශණය ද විශාල ලෙස පසුබෑමට ලක්වී තිබේ. ධනවාදයට විකල්ප සමාජx ආර්ථිකx දේශපාලනික මාදිලියක් ලෙස සමාජවාදය සතුව තිබූ ආකර්ෂණය විසිවැනි  සියවස අවසන් වන විට ක්ෂය වී ගොස් තිබිණ. සමාජවාදයේ විකල්පය ගැන යලි සිතා බලමින් එය අලූතෙන් සංකල්පගත කිරීම ස`දහා සමාජවාදීන් අතරම මතුවූ සාකච්ඡුාව තවමත් සිදුවෙමින් පවතී. මේ අතර ආර්ථික ගෝලීයකරණය සහ නව ලිබරල්වාදය විසින්  ලෝක මට්ටමෙන් ඇතිකරන ලද ගැටළු ලෝක ධනවාදයේ  මධ්‍යයේ රටවල් වලටද පැතිර තිබේ. බි‍්‍රතාන්‍යයේ සහ ඇමෙරිකාවේ පසුගිය වසරවල දී ප‍්‍රකාශවන්නට පටන් ගැණුනු නව දේශපාලන ප‍්‍රවනතා වලින් ප‍්‍රකාශවන වැදගත් කාරණයක් වන්නේ, සමාජවාදයේ අදාලත්වය පිලිබ`ද නව සිතා බැලීමකට මනුෂ්‍ය වර්ගයා පෙළඹෙන නව ඓතිහාසික තත්ත්වයක අප සිටින බවයි. පසුගිය වසරේ සිදුවූ ඇමෙරිකානු ජනාධිපතිවරණ ක‍්‍රියාවලියේදී මෙම නව සිතීමේ දිගහැරීම ලෝක ධනවාදී ක‍්‍රමයේ මධ්‍යයේහිම ආරම්භවීමේ වැදගත් කම අපට අඩුවෙන් තක්සේරු කළ නොහැකිය. 2016 වසරේදී ඇමෙරිකානු දේශපාලනයේත්, ලෝක මට්ටමෙත් වැදගත් නව ප‍්‍රවණතා දෙකක් ප‍්‍රකාශයට පත්වූ බව කෙනෙකුට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. ඉන් පළමු වැන්න නම් නව ලිබරල්වාදයට එරෙහි මහජන විරෝධය, ඇමරිකානු දේශපාලන ක‍්‍රමයේම අභ්‍යන්තර පෙළඹවීමකට තුඩුදෙන අනපේක්ෂිත දේශපාලන වර්ධනයක් කරා ගමන් කර ඇති බවයි. දෙවැන්න සමාජවාදී විකල්පය පිලිබ`දව වඩාත් සමකාලීන සහ නිර්මාණාත්මක යලි සිතීමක් ස`දහා ඓතිහාසික අවකාශය දැන් විවෘතව තිබෙන බවයි.

මෙම පසුබිම තුල අප රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සමරන්නේ හිස් ඓතිහාසික අවකාශයක නොවේ.  මෙම අවකාශය ලංකාවට අදාළ වන්නේ කෙසේද යන්න, ඔක්තෝබර් විප්ලවයේ සියවස උත්සවාකාරයෙන් සමරන සෑම කෙනෙකුම මතුකළයුතු ප‍්‍රශ්නයකි. මෙම ප‍්‍රශ්නයට නොයෙකුත් පිළිතුරු තිබිය හැකිය. එයට එක් පිලිතුරක් යෝජනා කරමින් මෙම සාකච්ඡුාව ඉදිරියට ගෙනයාමට මා කැමතිය. එම පිලිතුර මෙසේය. ඓතිහාසික වශයෙන් ලංකාවේ දේශපාලන න්‍යාය පත‍්‍රයේ අද පවතිනා කේන්ද්‍රීය තේමාව වන්නේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්නේ කෙසේද? යන්නයි. ලංකාවේ අප ඉදිරියේ ඇති ප‍්‍රතිසංස්කරණ පිළිබ`ද තේමාව, වූ කලී ලෝක මට්ටමෙන් ප‍්‍රකාශයට පත්වන ඓතිහාසික උභතෝකෝටිකයක්ද වෙයි. එය රුසියානු විප්ලවයේ දෙවැනි දශකයේදී යුරෝපීය සමාජවාදී ව්‍යාපාර අතර විවාදයට ලක් වූ මහා ගැට`ළුවක් අලූත් ස්වරූපයකින් යලි ප‍්‍රකාශවීමකි. එය නම් ”විප්ලවයද ප‍්‍රතිසංස්කරණයද?” (Reform or Revolution)  යන්නයි. ඉතිහාසය කරන එක් සරදම්කාරී කි‍්‍රයාවක් නම්, මෙවැනි මහා ගැටළු නව සන්දර්භයන් තුළ උඩු යටිකුරු කර පෙරලීමයි. එපරිදි විසිඑක්වන සියවසේ දෙවැනි දශකයේ නව ලිබරල්වාදී ධනවාදයේ ලෝක අර්බුදය ඉදිරියේ මතුවන ඓතිහාසික තෝරා ගැනීම වනාහී විප්ලවය නොව ප‍්‍රතිසංස්කරණයයි. ඇමරිකාවේ ප‍්‍රජතන්ත‍්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක බර්නි සැන්ඩර්ස් ඉතාම ව්‍යක්තව සහ ඉවසිලි සහගතව පැහැදිළි කරමින් පෙන්වා දුන්නේ ප‍්‍රතිසංස්කරණය පිළිබ`ද න්‍යාය පත‍්‍රය විප්ලවයේ න්‍යායක් තරම් හදිසි ගැඹුරු සහ කල්දැමිය නොහැකි දේශපාලන නිෂ්ඨාවක් ලෙස මතුවී තිබෙන බවයි. ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඔහුටම ආවේණික විනාශකාරී චර්යාවකින් කියා සිටින්නේද එයයි.

ලංකාවේ දේශපාලනයේ ප‍්‍රතිසංස්කරණ පිළිබ`ද ඓතිහාසික න්‍යාය පත‍්‍රය අවස්ථා කිහිපයකම මතු වී, පසුබැස්මට ලක්වී, නැවත මතුවෙමින් පවතින්නකි. ලංකාවේ  ඇති ප‍්‍රතිසංස්කරණ ගැට`ළුව පැතිකඩවල් දෙකකින් සමන්විත වන බව පෙනේ. පළමුවැන්න, එය පසුබෑම්වලට ලක් වුවත්, සහ පසුබෑම්වලට ලක්වෙමින් සහ අලූත්වෙමින්,  දේශපාලන කරලියේ කේන්ද්‍රයට නැවත නැවතත් පැමිණීමේ ශක්‍යතාවයෙන් යුක්ත දේශපාලන තේමාවක් යන්නයි. දෙවැන්න එම තේමාව සාර්ථක ලෙස අවසානයක් කරා ගෙනයාමේ දේශපාලන අධිෂ්ඨානය සහිත දේශපාලන බලවේග සහ කතෘකයන් මුණ ගැසෙන තුරු තවමත්, වික්ෂිප්තව බලා සිටින්නේය යන්නයි.

II

දේශපාලන අවකාශය, දේශපාලන අධිෂ්ඨානය සහ නායකත්වය පිළිබ`ද ලංකාවේ සමකාලීන යථාර්ථ වෙතින් මතුවන ඉහත අප ඉ`ගිකළ ගැට`ළුව රුසියානු විප්ලවයේ අත්දැකීමේ එක් පැතිකඩක් වෙත ගෙනයාමට අපට දොර විවෘත කරයි. මාගේ කතාවේ දෙවැනි කොටසින් මා කරන්නනේ ඒ ස`දහා ”පෙබරවාරියේ සිට ඔක්තොබර්” යනුවෙන් මගේ දේශනයට දී ඇති මාතෘකා කොටස වෙත හැරීමයි. දේශපාලන ක‍්‍රියාධරයෙකු හැටියට නොව ශාස්තී‍්‍රය වෘත්තිකයෙකු ලෙස මා පළමුවෙන්ම ස`දහන් කිරීමට කැමති කරුණක් තිබේ. එය නම් 1917රුසියානු විප්ලවය පිලිබ`ද වෘත්තාන්තය, විග‍්‍රහය සහ තේරුම් ගැනීම සෑහෙන දුරට අලූත්වී තිබෙන බවයි. දේශපාලන පක්ෂවල ක‍්‍රියාධරයින් හැටියට අපගේ පරම්පරාව රුසියන් විප්ලවය පිලිබ`ද ඉගෙනගත යුත්තේ ප‍්‍රධාන මූලාශ‍්‍ර දෙකක් පදනම් කොටගෙනයි. ඉන් පළමුවැන්නේ රුසියානු විප්ලවයේ ප‍්‍රධාන නිර්මාතෘවරයා ලෙස මිතුරන් මෙන්ම සතුරන් විසින් එකසේ සළකනු ලැබු ලෙනින්ගේ වෙ`ළුම් ගණනාවකින් සමන්විත ලියවිලිය. දෙවැන්න රුසියානු විප්ලවයේ සමxනිර්මාතෘවරයෙකු ලෙස පිළිගැනෙන ට්‍රොට්ස්කි ලියූ, සම්භාව්‍ය කෘතියක් ලෙස සැළකෙන, වෙළුම් තුනකින් සමන්විත ”රුසියානු විප්ලවයේ ඉතිහාසය”නම් කෘතියයි. ලංකා සමසමාජ පක්ෂයේ ලෙස්ලි ගුණවර්ධන සිංහල භාෂාවෙන් ලියූ මෙම කෘතියේ සාරාංශයක් බ`දු වූ මෙම පොත් පිංච, සිංහල ස්වභාෂික දේශපාලන ක‍්‍රියාධරයින්ට  ලැබුණු එකම ග‍්‍රන්ථමය මූලාශ‍්‍රය වූවාට සැක නැත. ඒ අතර රුසියන් විප්ලවය පිලිබ`ද රොමෑන්තික ආඛ්‍යාන නම් අප රටේ සෑම දේශපාලන පක්ෂයකම දේශපාලන පංති වල අනිවාර්යයෙන්ම තිබිණ. මේවාට ස්වාධීනව, රුසියානු විප්ලවය පිළිබ`ද පර්යේෂණ, ශාස්ත‍්‍රීය සාහිත්‍යයක්ද ගොඩනැගී තිබේ. 1980 ගණන් වලින් පසුව, එනම් සෝවියට් සංගමයේ විවෘතතා පරිවර්තනයෙනුත්, සෝවියට් සංගමය බි`ද වැටීමෙනුත් පසුව රුසියානු ලේඛණාගාර බාහිර ලෝකයට විවෘත කිරීම නිසා රුසියානු විප්ලවය පිලිබ`ද පු`ළුල් පර්යේෂණාත්මක සාහිත්‍යයක් පසුගිය දශක කීපය තුළ බිහිවී තිබේ.

මෙම නව පර්යේෂණ සාහිත්‍යයේ සාකච්ඡුා වන වැදගත් තේමාවක් නම්, මාගේ අද කථාවටද තේමා වන ”පෙබරවාරියේ සිට ඔක්තොබර්”දක්වා සිදුවූ කි‍්‍රයාවලියයි. ඉතිහාසඥයන්ට අලූතෙන් පරිශිලනය කිරීමට ලැබී ඇති ලේඛණාගාර ගත ලේඛණගත සාක්ෂි පදනම් කරගෙන ගොඩනැගී ඇති මෙම ශාස්ත‍්‍රීය සාහිත්‍යයෙන් ප‍්‍රධාන දායකත්ව දෙකක් සිදුවී තිබේ. ඉන් පලමුවැන්න පෙබරවාරී සහ ඔක්තෝබර් දක්වා සිදුවූ සිදුවීම් පිලිබ`ද විස්තරය වඩාත් පු`ළුල් සහ ගැඹුරු වීමයි. දෙවැන්න, ඒ මත පදනම්ව රුසියානු විප්ලවය පිළිබඳව පැවති සාම්ප‍්‍රදායික විග‍්‍රහය සහ තේරුම් ගැනීම අලූත් කිරීමයි. ඇමරිකාවේ ජෝජ් මේසන් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥයෙකු වන මහාචාර්ය රෙක්ස් ඒ වේඞ් :ඍැංග්ගඋ්ාැ* මේ ගැන පුරෝගාමී මෙහෙවරක් කළ කෙනෙකි. ඔහු 2004 දී පළ කළ ඍැඩදකමඑසදබ්රහ ඍමිිස්ථ භැඅ ්චචරද්ජයැි  නම් කෘතිය මෙම විෂය ගැන උනන්දුව දක්වන ශාස්ත‍්‍රීය ප‍්‍රජාවට නිර්දේශ කළ හැක්කකි.

ශාස්ත‍්‍රීය            ඉතිහාසඥයින් රුසියානු විප්ලවය ගැන අලූතින් හැදෑරීමට මේ තරම් උනන්දුවන්නේ ඇයි ?. එයට ඇති බොහෝ හේතු අතරින් වැදගත්ම එකක් වන්නේ, ඒ පිළිබ`දව පෙර පැවති රෝමෑන්තික ආකර්ෂණය අඩුවී ගොස් තිබුණත්, නූතන ලෝක ඉතිහාසයේ තීරණාත්මක සිදුවීමක් ලෙස එහි වැදගත්කම පෙර පරිදිම නොඅඩුව පැවතීමයි. නූතන ලෝකය සහ නූතන ලෝකයේ දේශපාලන ගමන් මග තේරුම් ගැනීමේ දී කෙනෙකුගේ පක්‍ෂපාතිත්වය හෝ අපක්‍ෂපාතීත්වය                           නොසළකා, එම සිදුවීමේ වැදගත්කමේ ඇති කේන්ද්‍රීයත්වය ප‍්‍රතික්‍ෂේප කළ නොහැකිය. රුසියානු විප්ලවය ගැන ජෝන් රීඞ් නම් ඇමෙරිකානු පුවත්පත් වාර්තාකරුවා ලියූ ”ලෝකය හෙල්ලූ දස දවස”   නම් කෘතිය එම ඓතිහාසික සිදුවීම පිළිබ`දව පළමූ සම්භාව්‍ය ඇසින් දුටු වාර්තාවයි. 1980 ගණන් වලින් පසු ඉතිහාසඥයින් ගොඩනගා ඇති අලූත් ශාස්ත‍්‍රීය සාහිත්‍යය, රුසියානු ලේඛනාගාරවල ඇති දහස් ගණන් තම ඇසින් දුටුවන්ගේ සාක්‍ෂි පදනම්ව සකස්කර ඇති ඒවාය. එම කෘති කියවන විට අපට පෙනෙන කරුණක් නම් රුසියානු විප්ලවයේ බහුජන සමාජමය ක‍්‍රියාකාරිත්වය පිළිබ`දව ට්‍රොට්ස්කි රුසියානු විප්ලවයේ ඉතිහාසය නම් කෘතියේ පෙරවදනේ ලියූ පහත ස`දහන් ෙඡ්දය පහසුවෙන් අමතක නොකළ හැකි බවයි.

”විප්ලවයක් සතු කිසිදු සැකයට භාජනය නොවන ඉතාම වැදගත් ලක්‍ෂණය නම් ඓතිහාසික ගමන් මගෙහි බහු ජනතාව සිදුකරන මැදිහත් වීමයි. සාමාන්‍ය කාල වල, රාජ්‍ය, ඒ රාජාණ්ඩුවාදී වේවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වේවා, පවතින්නේ ජාතියට ඉහලින්ය. ඉතිහාසය ගොඩනගන්නේ රජවරුන්, ඇමතිවරුන්, නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරන් සහ මාධ්‍යවේදීන්ය. එහෙත් පැරණි ක‍්‍රමය තවදුරටත් ඉවසා සිටීමට පොදු ජනතාවට නොහැකි තීරණාත්මක මෙහොතවල් වල, පොදු ජනතාව කරන්නේ තමන් දේශපාලන වේදිකාවෙන් වෙන්කර තබන බාධක කඩා බි`ද පෙරලා දැමීමයි. තමන්ගේ සාම්ප‍්‍රධායික නියෝජිතයන් එළවා දැමීමයි. නව දේශපාලන තන්ත‍්‍රයක් නිර්මාණය කිරීමට මගපාදන මැදිහත්වීම් සිදුකිරීමයි. මෙය හො`ද දෙයක්ද නරක දෙයක්ද යන්න විනිශ්චය කිරීමේ කාර්යය අපි සදාචාරවාදීන්ට භාරදෙමු. අප කරන්නේ සිදුවීම් දිගහැරීමේ ක‍්‍රියාවලියේ ඇති කරුණු පෙළගස්වා ඉදිරිපත් කිරීමයි. විප්ලවයක ඉතිහාසය යනු, අප දකින පරිදි,  තමන්ගේම ඉරණම තීරණය කිරීමේ කාර්යය තමන්  අතට ගැනීමට පොදු මහජනයා බලහත්කාරයෙන් ප‍්‍රවිශ්ඨවීමේ ඉතිහාසයයි.

විප්ලවයේ කුණාටුවට හසුවී සිටින සමාජයක, පන්තීන් සිටින්නේ එකිනෙක සම`ග ගැටෙමිනි. එහෙත් විප්ලවයක ආරම්භයේදීත්, අවසානයේදීත් සමාජයේ ආර්ථික පදනමේත්, එහි පන්ති සමාජ ව්‍යුහයේත්  ඇතිකරන වෙනස්කම්  ම`ගින් පමණක්, විප්ලවයේ ගමන් ම`ග පැහැදිලි කළ නොහැකිය. විප්ලවයකට පැරණි ආයතන පෙරලා දමා අලුත් ඒවා ගොඩනගා ඒවා නැවතත් පෙරලා දැමීම කෙටි කාලාවකාශයක් ඇතුළත සිදුකළ හැකිය. එහෙත් විප්ලවිීය සිදුවීම් වල ගතිකත්වය ඍජුවම තීරණය කරනු ලබන්නේ විප්ලවයට පෙර පටන් නිර්මාණය වී තිබෙන  පන්තිවල මානසිකත්වයේ ඇතිවන තියුණු සහ කැකෑරෙන වෙනස්වීම් විසිනි.”

ඔක්තෝම්බර් 26 දා කූට ප‍්‍රාප්තවූ දේශපාලන  පරිවර්තනයේ ක්ෂණික සිදුවීම් පෙළ ආරම්භවූයේ 1917 මුල් සතියේය. පෙබරවාරි මාසයේ සිදුවූ ප‍්‍රධානතම  දෙය නම්, කම්කරු පංති වැඩවර්ජන සහ විරෝධතා පෙළපාලි මධ්‍යයේ සාර් නිකොලස් අධිරාජයා ඉල්ලා අස්වීමත්, රාජාණ්ඩුව බි`දවැටී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක් ගොඩනැ`ගීමත්ය. ඉතිහාසඥයන් මෙම සිදුවීම හ`දුන්වන්නේ 1917 පෙබරවාරි විප්ලවය ලෙසය. බෝල්ෂෙවික් පක්ෂය බලයට පැමිණියේ ඔක්තෝම්බර් මාසයේදීය. සාම්ප‍්‍රදායික මාක්ස්වාදී සාකච්ඡුා වලට අනුව පෙබරවාරි මාසයේ රුසියාවේ සිදුවුයේ ධනේෂ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයකි. ඔක්තොම්බර් මාසයේ සිදුවූයේ සමාජවාදී විප්ලවයකි. රුසියානු විප්ලවය දෙස බලන වෘත්තීය ඉතිහාසඥයින්,   1917 දී රුසියාවේ සිදුවූ දේශපාලන පරිවර්තනය  හැඳින්වීමට  ඉහත අප දැක්වූ ආකාරයේ         ,අඩයාලම්, නැතහොත්  ලේබල්; භාවිතා කරනවාට කැමති නැත. ඔවුන් කියන්නේ එම ලේබල් බෝල්ෂෙවික් පක්ෂයේ සහ මාක්ස්වාදීන්ගේ න්‍යායික පූර්ව නිගමන වෙතින් ගොඩනගන  ලද සංකල්පමය  රාමුගත කිරීමක්  හැටියටය.  එම සංකල්පමය ලේබල් භාවිතා නොකරමින්  වුවත් අලුත් පර්යේෂණ කෘති  වලින්ද  තහවුරු වී ඇති කරුණක් වෙත ඔබේ අවධානය  යොමු කරන්නට මා කැමතිය. එය නම් 1917 පෙබරවාරි මාසයේ පටන් මහජන විරෝධතා ව්‍යාපාරවල තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්ෂා  පෙබරවාරි සිට ඔක්තෝම්බර් දක්වා සිදුවූ වේගයෙන් වෙනස් වූ දේශපාලන පරිවර්තනයේ තිබූ මූලික තේමාවක් වීය යන්නයි.

මෙම කාරණය පෙන්වා දෙන්නේ, රුසියානු විප්ලවීය  කාල පරිජේදය තුළ මතු වූ බහුජන ව්‍යාපාරයෙහි දේශපාලන විවාදය තුළ භාෂා භාවිතය පිළිබඳව  අධ්‍යයනය කර  ඇති පර්යේෂකයින්ය. භාෂා භාවිතයේ  රටා සහ විශේෂතා  ආශ‍්‍රයෙන් සමාජ සහ ඓතිහාසික ප‍්‍රපංචයන්ගේ සමාජ මනෝමූලමය  පැතිකඩ පරික්ෂා කිරීම සමාජීය විද්‍යා  න්‍යායේ හා විධික‍්‍රමයේ සිදුවූ ”වාග් විද්‍යාත්මක හැරීම” නමින් හැඳින්වෙන වර්ධනයේ ප‍්‍රතිපලයකි. මෙම අධ්‍යයනයන්ගෙන් පෙන්නුම් කරන දෙයක් නම් සටන්කාමී කම්කරු පංති කොටස් අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව ඔවුන්ගේ ජීවිතයේ යථාර්ථය වෙතින් නිර්මාණය වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සංකල්ප සහ කතිකාවක් තිබුණු බවයි. එය වනාහි ධනේෂ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස බෝල්ෂෙවික් වාදීන්  විසින් න්‍යාය ගත කරනු ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වඩා ගැඹුරු හරයාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි.  එය එසේ වී ඇත්තේ ඒවා රුසියානු සටන්කාමී කම්කරුවන්ගේ එදිනෙදා ජීවිතය සම`ග බැඳුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පිළිබඳ සිතීමක් වූ නිසාය. ෂබඑැරචරුඑසබට ඔයැ ඍමිිස්බ ඍැඩදකමඑසදබ ථ ඔයැ ඛ්බටම්ටැ ්බා ිහපඉදකි    ඍමිිස්බ නම් කෘතියෙහි පෙන්වා දී ඇති කරුණු කිහිපයක් මෙසේය.

පෙබරවාරි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ එක් පැතිකඩක් වූයේ කෙරෙන්ස්කි සහ තාවකාලික ධනේෂ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුව අවධාරණය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා පාර්ලිමේන්තුවාදි ආයතන ගොඩනැ`ගීමත්, මැතිවරණ කි‍්‍රයාවලියක්  ආරම්භ කිරීමත්, මානව අයිතිවාසිකම් සහ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීමත්ය. ඊට සමාන්තරව  පැවැතියේ කම්කරුවන්ගේ පැත්තෙන් මතු වු ”පහළ සිට පැන නැගෙන  ප‍්‍රජාතන්ත‍්‍රවාදය” :ෘැපදජර්ජහ දෙප ඊැකදඅ* පිළිබඳ වඩාත් රැුඩිකල් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයකි. නාට්‍ය ශාලාව, පල්ලිය සහ පාසැල් ප‍්‍රජාතන්ත‍්‍රීකරණය කිරීමට මහජනයා උත්සහගත් අතර කම්හල් සේවයට  කළමනාකරණ ක‍්‍රම හඳුන්වාදීමට කම්කරුවෝ ඉදිරිපත් වූහ. යුද හමුදාව ප‍්‍රජාතන්ත‍්‍රීකරණය කිරීමට සොල්දාදුවෝ ඉදිරිපත් වූහ. පහළ මට්ටමේ සොල්දාදුවන් වෙතින් ආ  හමුදා ප‍්‍රජාතන්තී‍්‍රකරණය  නිසා ”රුසියාවේ  පෙබරවාරි  විප්ලවයෙන් පසුව ගොඩනගා  ඇත්තේ  ලෝකයේ ඇති ඉතාම නිදහස් හමුදාව යැයි ” තාවකාලික ආණ්ඩුවේ අගමැති කෙරෙන්ස්කිට ආඩම්බරයෙන් කිවහැකි විය. හමුදාවේ සමහර ඛණ්ඩ වල තීරණ ගැනීම ඡුන්දයෙන් සිදුවන තරමට පහළින් ආ ප‍්‍රජාතන්ත‍්‍රීකරණ රැුල්ලකින්  හමුදා ව්‍යුහය ප‍්‍රතිසංස්කරණය කෙරිණ.

ඉහත අප හඳුනාගත්  පොතේ තවදුරටත් පෙන්වාදෙන  පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මතවාදය සහ භාෂාව රුසියානු විප්ලවයේ  මතවාදය සහ භාෂාවද බවට පත්විය. ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය”  යන වචනය කොතරම් ජනප‍්‍රියත්වයට පත්වූයේද යත් ”පළවැනි නිකොලායි අධිරාජයා”  යන නමින් තිබුණු  යුද නෞකාවේ  අලුත් නම වූයේ ” ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ”   බලයෙන් පහකළ  අධිරාජයාගේ පවුල් නාමය වූයේ රොමානොව් යන නම තිබූ සොල්දාදුවෙක් ෘැපදර්එසදඩ යනුවෙන් තම  පවුල් නාමය වෙනස් කිරීමට බලධාරීන් ගෙන් ඉල්ලීමක්ද කළේය. ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය” පිළිබඳ තිබූ මේ මහජන  ආශාව කොතරම්  ව්‍යාප්තවිීද යත් බෝල්ෂෙවික්වාදීන් ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක්ම තමන්ද සැබෑම සැබෑ  ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් යැයි  තර`ගයට කියාපාන්නට වූහ. සොල්දාදුවන් ලෙනින්  පවා  හැඳින්වූයේ සමාජවාදී නායකයා ලෙස නොව , ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ   නායකයා ලෙසය. 1917 මැයි මාසයේ බෝල්ෂෙවික් පත‍්‍රයේ කතෘ මණ්ඩල කාර්යාලයට ලිපියක් ලියූ සොල්දාදුවන් එම ලියුමේ  මෙසේ කියා සිටියහ. ”රුසියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නායකයා වූත්  අපේ අභිලාෂයන්ගේ ආරක්ෂකයා වූත් ලෙනින් සහෝදරයාට  අපගේ උණුසුම් සුබපැතුම් මේ සම`ග එවන්නෙමු. ”

මේ කෙටි සාකච්ඡුාව ” පෙබරවාරි සිට ඔක්තෝම්බර් දක්වා ” යන අපගේ මාතෘකාවට  සම්බන්ධ කිරීමට දැන් අපි  පියවර ගනිමු. පළමුවෙන් කිවයුත්තේ 1917 පෙබරවාරි මස  ඇතිවූ විප්ලවයට ” ධනේෂ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය ” යනුවෙන්  සංකල්පගත කිරීම, සමාජයේ කම්කරු පංතිය, සොල්දාදුවන් හා සාමාන්‍ය පුරවැරසියන්ගෙන් මතු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය  පිළිබඳ රැුඩිකල් අභිලාෂ සහ පරිකල්පනයන්ට සාධාරණය ඉටු කරන්නේ නැත යන්නයි. එය වනාහී  පහළ සිට මතු වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය තේරුම් කිරීමට ප‍්‍රමාණවත්  නොවන න්‍යායික ප‍්‍රභේදයකි. දෙවැනිව අපට  ප‍්‍රශ්නයක්  මතුකළ  හැකිය. ජනතාවගේ රැුඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂ අවධාරණය කරන ශාස්ත‍්‍රීය ඉතිහාසඥයින්ගේ අධ්‍යයනයත්,  කම්කරු පංතියේ  සමාජවාදී අභිලාෂ හේතු කොටගත් රුසියානු විප්ලවය  පිලිබඳ නිල ආඛ්‍යානත් අතර  තිබෙන්නේ යැයි පෙනෙන පරස්පරය සමනය කළ හැකිද? එය සමනය කිරීම  දුෂ්කර කාර්යයක් නොවේ. මන්දයත්  කම්කරු පංතියේත්, පොදු ජනතාවගේත් දෘෂ්ටිකෝණයෙන් බලන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජවාදය  යනු එකිනෙක සම`ග  බැඳුණු දේශපාලන අභිලාෂ දෙකකි. මෙම බැඳීම තේරුම් ගැනීමට නම් අප කළ යුත්තේ  කම්කරු පංතියේත්, සොල්දාදුවන්ගේත්, සාමාන්‍ය ජනතාවගේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂ  හුදෙක් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒවා නොව, ඊට ඈතට ගිය රැුඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂ බව පිළිගැනීමයි. ඒවා පහළ සිටම  දේශපාලන, සමාජ දේහය යලි ගොඩනැ`ගීම පිළිබඳ අභිලාෂ සමුච්චයකි. ඔක්තෝම්බර් මස වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සමාජවාදී විප්ලවය බවට පරිවර්තනය කිරීමේ කාර්යය, බෝල්ෂෙවික්වරුන්ට හැකිවූ මේ පසුබිමේ තිබුණේ මෙම සාධකයයි.

III

1917 පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස අටක්  වැනි කෙටි කාලයක් තුළ  රුසියානු දේශපාලනයේ  සිදුවුයේ අතිමහත් පරිවර්තනයකි.  ඒ අර්බුදකාරී පරිවර්තනය කෙළවර වූයේ ඔක්තෝබර් මාසයේ බෝල්ෂෙවික්වරුන් විසින් කෙරෙන්සිකිගේ තාවකාලික ආණ්ඩුව පෙරළා දමා,  දේශපාලන බලය අත්පත් කර ගැනීමෙනි. සමාජවාදීන්ගේ  දේශපාලන භාෂාවෙන්  මෙම පරිවර්තනය විස්තර කර තිබෙන්නේ සමාජවාදී විප්ලවය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය විස්ථාපනය කිරීම ලෙසයි. රුසියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේත් සමාජවාදී විප්ලවයේත් කාර්යයන් එකට සංයෝගවීමේ ඓතිහාසික  මොහොතක් හැටියටද  සමාජවාදීහු එය හඳුන්වති. ඒ පරිවර්තනය ගැන කෙටියෙන් හෝ විස්තර කිරීමට මෙය අවස්ථාව නොවේ. ඒ වෙනුවට වෙනත් ප‍්‍රශ්නයක් , ලංකාවේ වර්තමානයත් අදාළ වන ප‍්‍රශ්නයක්, මතු කිරීමට මා කැමතිය. පසුගිය අවුරුදු සියයක කාලය තුළදී රුසියාවේ  ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජවාදය පිළිබඳ  අපේක්ෂා දෙකම  බිඳවැටී ඇත. එම නිශේධනීය පසුබිම තුළ  රුසියානු අත්දැකීම ලංකාවේ වර්තමානයට  අදාළ වන්නේ කෙසේද? යනු එම ප‍්‍රශ්නයයි.

මට පෙනෙන හැටියට එම අදාළතාවය ඍජු නොවන වක‍්‍ර එකකි. එම අදාළත්වය පවතින්නේ  ප‍්‍රධාන කාරණා  දෙකක් මතය. ඉන් පළමුවැන්න, මා මුලදී කියූ පරිදි  දේශපාලන ප‍්‍රතිසංස්කරණයේ  න්‍යාය පත‍්‍රය, දේශපාලන විප්ලවයේ න්‍යාය පත‍්‍රය  වෙනුවට දේශපාලන පරිවර්තන ක‍්‍රියාවලියේ මධ්‍යය වෙතට  පැමිණ තිබෙනවා පමණක් නොවේ. එය සංකීර්ණ, දුෂ්කර සහ පසුබෑම් වලට මුහුණ දෙන ගමන්ම නිරතුරුවම අලුත්වන්නා වූ ද න්‍යාය පත‍්‍රයකි. එහෙත් එම න්‍යාය පත‍්‍රය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයාමේ කර්තව්‍යය භාරගන්නා ලෙස දේශපාලන කතෘක බලවේග පිළිබඳ ප‍්‍රශ්නය ලංකාවේ පසුගිය දශක දෙක තුන පුරා නැවත නැවතත්  මතු වී තිබේ. දෙවැන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ප‍්‍රතිසංස්කරණ සඳහා වරින්වර  වේගයෙන් මතුවන  දේශපාලන අභිලාෂ සංයුක්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් බවට පත්කිරීම සඳහා  අත්‍යවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය සහිත පරිවර්තන කතෘක බලවේග  පිළිබඳ ප‍්‍රශ්නයයි. දේශපාලන කතෘකත්වය සහ  දේශපාලන  අධිෂ්ඨානය  අසම්පූර්ණව පවත්නා ලංකාවේ අද පවත්නා බැරූරුම් තම දේශපාලන අභියෝගය වන්නේ ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය” ඉදිරියට ගෙනයාමයි.

මෙම  අභියෝගය ඉදිරියේ අපරටේ දේශපාලන බලවේග අලුත් ද්‍රැවීකරණය වීමක් සහ දේශපාලන විවාදයේ පරාසය පටුවීමක් මේ දිනවල අපට නිරීක්ෂණය කළ හැකිය.  මේ බව ඉතා හොඳින්  ප‍්‍රකාශයට පත්වන්නේ  ආණ්ඩුක‍්‍රම  ප‍්‍රතිසංස්කරණය පිළිබඳ දැනට සිදුවන විවාදයෙහිය. දැනට විවාදයට  භාජනය වී ඇති මාතෘකා  අතර ප‍්‍රධාන එකක් වන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ”ජනමත විචාරණයක් ”  මාධ්‍ය කොටගෙන සිදුකල යුතුද? නැද්ද යන්නයි. මේ කරුණු මත ආණ්ඩුවේ ඇත්තේ එකිනෙකට පටහැනි ස්ථාවර දෙකක් බව ජනමාධයෙන් මහජනයාට  ලැබී ඇති මතය  ප‍්‍රතික්ෂේප වන ප‍්‍රචාරයක් ආණ්ඩුව පැත්තෙන් ලැබී නැත. විසඳෙන බවට  ලකුණු නැති මෙම මතභේදය  නිසා  බොහෝවිට සිදුවීමට ඉඩ තිබෙන්නේ  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ප‍්‍රශ්නය,  2000 වසරේදී සිදුවූ ඉරණමට යළි ඇදවැටීමයි. එනම් යලිත් වරක් තීරණාත්මක පසුබෑමකට ගොදුරුවීමයි.

මට පෙනෙන හැටියට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  ප‍්‍රතිසංස්කරණ  ක‍්‍රියාවලිය එවැනි ඛේදනීය ඉරණමකට පාත‍්‍රවීම වැළැක්වීමට නම් ඒ සඳහා අලුත් ප‍්‍රවේශයක්  ගොඩනැ`ගීමට  අත්‍යවශ්‍ය වෙයි. ඒ සඳහා කරණු තුනක් යෝජනා කිරීමට මම කැමැත්තෙමි.

ඉන් පළමුවැන්න නම්,  ආණ්ඩුක‍්‍රම  ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය, දැනට සිදුවී තිබෙන  පටු, පක්ෂග‍්‍රාහී සහ තාවකාලික වාසි ලබන   දේශපාලනීකරණයෙන්  වෙන්කර  අලුත් ආකාරයක  සාධනීය  දේශපාලනීකරණයකට  පාත‍්‍ර කිරීමයි. ඒ සඳහා තර්ක  දෙකක් ගොඩනැ`ගිය හැකිය.  පළමුවැනි තර්කය නම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා  ප‍්‍රතිසංස්කරණය යනු  ලංකාවේ නිම නොවූ ”ප‍්‍රජාතාන්ත‍්‍රික විප්ලවය” ඉදිරියට ගෙනයාමේ ඓතිහාසික කර්තව්‍යයක් යන්නයි.  එය වනාහී  අප රටේ ජනතාවගේ  ප‍්‍රජාතන්ත‍්‍රික අභිලාෂ  මුදුන්පත් කිරීම සඳහා  අද තිබෙන එකම ” විප්ලවීය” ක‍්‍රියාමාර්ගය ද වන්නේය යන්නයි. දෙවැනි තර්කය නම්, ආණ්ඩුක‍්‍රම  ප‍්‍රතිසංස්කරණ යනු ලංකාවේ තවමත් සම්පූර්ණ වී නැති රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය කූට ප‍්‍රාප්ත කිරීමේ  ව්‍යාපෘතියක්ය යන්නයි. ලංකාවේ රාජ්‍යය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස යළි ගොඩනැ`ගීම, 1980  ගණන් වල සිටම ප‍්‍රධාන  දේශපාලන පක්ෂ දෙකම විසින් මෙරට පුරවැසියන් ඉදිරියේ ශපථ කරන ලද , එහෙත් ඉටුනොකරන ලද  සහ කල්දමන ලද  පොරෙන්දුවකි. ව්‍යාජ හේතු මත ඒ පොරොන්දුවට පිටුපෑමට යම් දේශපාලන පක්ෂ ඉදිරිපත් වන්නේ නම්  එය  වනාහී ලැජ්ජා  විය යුතු ආත්මාර්ථකාමී  ක‍්‍රියාවකි.

දෙවැන්න නම් ”ජනමත විචාරණය” පිළිබඳ ඇති පටු විරෝධය  මෙන්ම හුඹස් බියද  අතහැරදමා  ඒ සඳහා ආණ්ඩුව නොපැකිලව  ඉදිරිපත් වියයුතුය යන්නයි. ලංකාවේ රාජ්‍යය හරයාත්මක ලෙස ප‍්‍රතිසංස්කරණය  කිරීමට නම් සහ ජනවාර්ගික ගැටලුවට විසඳුම් සැපයිය හැකි කල්පවත්නා  ප‍්‍රජාතාන්ත‍්‍රීය  ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමට නම්,  දැනට පවත්නා  1978  ව්‍යවස්ථාවේ සාපේක්ෂ වශයෙන්  අනම්‍ය වගන්ති කිහිපයක්ම ප‍්‍රතිසංස්කරණය කළයුතුව තිබේ. තුනෙන් දෙකක බහුතරයෙන්  පමණක් කළ හැක්කේ  1978  ව්‍යවස්ථාවේ මතුපිට  පැලැස්තර දැමීමක් පමණි. ජනවාර්ගික ප‍්‍රශ්නය  විසින් දශක ගණනාවක්  තිස්සේ අවධාරණය කළ කරුණක් අපේ වෘත්තීය දේශපාලඥයින්  බොහෝ දෙනෙකුට දැන් අමතක වී තිබෙන බව පෙනේ. එනම් රටේ දේශපාලන  යථාර්තය, රාජ්‍යය ව්‍යූහය  අභිභවා , ඉක්මවා ගොස් ඇති බැවින්  දේශපාලන යථාර්ථයන්  පවත්නා රාජ්‍ය  ව්‍යුහයත් අතර සමනය කළ නොහැකි ප‍්‍රතිවිරෝධීත්වයක් ගොඩනැ`ගි ඇති බවයි. එම ප‍්‍රතිවිරෝධය සමනය කරන්නට නම් එක්කෝ දේශපාලන යථාර්ථය වෙනස්කල යුතුය. නැතිනම් රාජ්‍යය රැුඩිකල් ප‍්‍රතිසංස්කරණයකට භාජනය කළ යුතුය. පළමුවැන්න කළ නොහැකිය. දෙවැන්න කළ හැකිය.  ඒ සඳහා ජනතාව සූදානම් වුවත්, වෘත්තීය දේශපාලඥයින් පොරොන්දුවීමට මිස,  පොරොන්දු කි‍්‍රියාත්මක  කිරීමේ දේශපාලන  අධිෂ්ඨානය  අහිමි කරගෙන ඇති බව පෙනේ.

” දේශපාලන  අධිෂ්ඨානය” යන සංකල්පයෙන්  අදහස් වියයුත්තේ කුමක්ද යන්න කෙටියෙන් හෝ පැහැදිලි කර ගැනීම  මෙතැනදී අපට  ප‍්‍රයෝජනවත්ය. එය නිට්ෂ්චියානු  ”බලය සඳහා වූ අධිෂ්ඨානය ” යන සංකල්පය සම`ග  මිශ‍්‍ර කළයුතු නැත. මන්ද බලය සඳහා වූ  අධිෂ්ඨානය  යන්න ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ,ප‍්‍රජාපීඩක ,ඒකබලාධිකාරී පාලන තන්ත‍්‍රයක් සඳහා  දේශපාලඥයන් සතු  අභිලාෂයන්  සාධාරණය කිරීමට  යොදාගත හැකි සංකල්පයක් නිසාය. අප උනන්දුව දැක්විය යුත්තේ ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ  සඳහා වූ  දේශපාලන අධිෂ්ඨානය” යන සංකල්පය පැහැදිලි කර ගැනීමටයි. ලංකාවේ වර්තමාන දේශපාලන පසුබිම  පදනම්කරගත්  එවැනි දේශපාලන අධිෂ්ඨානයක පහත සඳහන් අංග සතර ඇතුළත් වියයුතු බව පෙනේ.

x              නොසැලෙන කැමැත්ත සහ හැකියාව:

ප‍්‍රජාතාන්ති‍්‍රක රාජ්‍යය ප‍්‍රතිසංස්කරණ සඳහා සමාජය  වෙතින්  ගොඩනැ`ගී තිබෙන දේශපාලන කතිකාව සංයුක්ත දේශපාලන ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක්  බවට පරිවර්තනය කිරීමේ කැමැත්ත හා ශක්‍යතාව ,නොසැලී පවත්වා ගැනීම.

 

x              මතවාදී හා බුද්ධිමය නායකත්වය සැපයීම:

සමාජය දේශපාලන වශයෙන් තියුණු ලෙස  බෙදී පැවැතීමේ  පසුබිමක් තුළ , එම දේශපාලන බලවේග වල  බහුතරය ප‍්‍රජාතාන්ත‍්‍රික රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියේ පාර්ශවකරුවන් හා හවුල්කරුවන් බවට පරිවර්තනය කිරීමට සමත්වන මතවාදී හා බුද්ධිමය නායකත්වය සැපයීම.

 

x              මූලෝපායික දැක්ම

රාජ්‍ය  ප‍්‍රතිසංස්කරණ යනු දේශපාලන බලවේග තියුණු ලෙස බෙදා,  දේශපාලන        ප‍්‍රතිවිරෝධතා යලි තියුණු කිරීමේ අනතුර නිසර්ගයෙන්ම  හිමිකරගත් දේශපාලන      කි‍්‍රයාවකි.  එම    අවබෝධය සහිත, රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාමාර්ගය නිසාම තියුණුවන දේශපාලන     ප‍්‍රතිවිරෝධතා  සාධනීය ලෙස සමනය කරමින්  ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමේ මූලෝපායික දැක්මක් වෙතින් ම`ග       පෙන්වා ගනු ලැබීම.

x              ප‍්‍රතිසංස්කරණ විරෝධී රාජ්‍ය යන්ත‍්‍රයට යට නොවීම.

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සම්බන්ධව තිබෙන අති මූලික         පරස්පරතාවක් වන්නේ ප‍්‍රතිසංස්කරණ සඳහා  ඇති  මහජන අභිලාෂය සහ රාජ්‍යයේ ආයතන  සහ එම ආයතන මෙහෙයවන පිරිස් අතර ඇති ප‍්‍රතිසංස්කරණ    විරෝධයේ නොපෑහෙන කමයි. ලංකාවේ ඇත්තේ ප‍්‍රතිසංස්කරණ විරෝධී රාජ්‍ය             ව්‍යූහයකි. මෙම පරස්පරතාව ජයගත හැකි ලෙස  ප‍්‍රතිසංස්කරණ හිතකාමී මහජන බලවේගවල දේශපාලන විශ්වාසය සහ පාක්ෂිකත්වය නොසැලී පවත්වාගෙන යෑමේ කැපවීම. ප‍්‍රතිසංස්කරණ විරෝධී රාජ්‍ය ව්‍යූහයන්ගේම ගොදුරු සහ සිරකරුවන්  නොවීමට දේශපාලන නායකත්වය වගබලා ගැනීම.

මෙතැනදී ”ජනමත විචාරණය ” පිළිබඳ ගැටලුව සම්බන්ධ නිරීක්ෂණයක්  කිරීමට මම කැමැත්තෙමි. ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය, එම වගකීම නෛතික වශයෙන් භාරව සිටින මහජන නියෝජිතයන් අතර ඇති මතභේද  සහ  විවාද වල ගොදුරක් බවට පත්වෙමින් තිබෙන බව දැන් පැහැදිලිය.

 

මහජන නියෝජිතයන්ට ඒ සඳහා පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව නැමති අවකාශය තුළ එක`ගවිය නොහැකි නම්, එයින් කියැවෙන්නේ කුමක්ද? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යයේ වගකීම පැහැදිලි තීරණයක් ගැනීමේ වගකීම  මහජනතාව වෙත පැවරිය යුතුය යන්නයි. වෘත්තීය දේශපාලඥයින් වන මහජන නියෝජිතයන් ඉටුකිරීමට අකමැති සහ ප‍්‍රතික්ෂේප කරන කාර්යය, ප‍්‍රජාතන්ත‍්‍රවදී දේශපාලන බලයේ උල්පත වන මහජනතාව  වෙතට බාරදීමයි. ”ජනමත විචාරණය” අන් කවරදාටත්  වඩා අද ලංකාවේ  ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සඳහා අවශ්‍යවන්නේ  එබැවිනි. තමන්ට ප‍්‍රජාතාන්ත‍්‍රික රාජ්‍ය  ප‍්‍රතිසංස්කරණ අවශ්‍යද නැද්ද යන්න තීරණය කිරීමට රටේ මහජනතාවට  අවස්ථාව ලබාදීම අත්‍යන්තයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවකි. මා ඉහතින් දැක්වූ ආකාරයේ දේශපාලන  අධිෂ්ඨානයක් සහිත දේශපාලන නායකත්වයක් ඒ ගැන පසුබට වියයුතුද නැත.

තුන්වෙනුව, ප‍්‍රජාතන්තවාදී රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකත්වය කරා ඉදිරියට ගෙනයන් නම්, එම කර්තව්‍යයට කරගහන  බර දරන්නෙකු සහ ”වීරයෙකු” සිටිය යුතුය. එම බර දරන්නා නොසැලෙන අධිෂ්ඨානයෙන් සිටිය යුතුවා පමණක් නොව තමන්ගේ පුද්ගලික දේශපාලන ඉරණම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ නායකත්ව කාර්යය සමග අනන්‍යකරගත්තෙකු විය යුතුය. දේශපාලන සටනේදී එදිනෙදා මතුවන චූල දේශපාලන න්‍යාය පත‍්‍ර වලින් තම ඉදිරි දැක්මට හානි පමුණුවන්නට ඉඩ නොතබන, තමා  සතු ඓතිහාසික වගකීම පිළිබඳ සැක පහළ කර නොගන්නා ” නූතන කුමාරයෙකු”  වියයුතුය.

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *