|

ගෘහස්ත විදුලි ගාස්තුවේ සහන කපා කර්මාන්තවලට දෙන්න – මාලිමවේ ආර්ථික විශේෂඥ චතුරංග අබේසිංහ උපයෝගිතා කොමිසමට කියයි

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කොට ඇති ගාස්තු සංශෝධනය මගින් ගෘහස්ත පාරිභෝගිකයින්ට දී ඇති සහනය අඩු කොට එම සහනය කර්මාන්ත සඳහා ලබා දෙන ලෙස ජාතික ජන බලවේගයේ විධායක සභික සහ එහි ආර්ථික විශේෂඥයකු වන චතුරංග අබේසිංහ මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගේතා කොමිසන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ඊයේ ප්‍රකාශ කළේය.

ගෘහස්ත පාරිභෝගිකයන්ගෙන් මණ්ඩලය ලාභ නොලබන බවත්, සිදුවන්නේ වියදම් පියවාගැනීම පමණක් බවත් ඒ මහතා කී ය.

ඒ මහතා මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කළේ, ගෘහස්ත පාරිභෝගිකයන්ට යෝජිත සියයට 25 ක සහනය සියයට 20 දක්වා අඩු කරන ලෙසයි. එමෙන් ම, සාමාන්‍ය පරිභෝජනය සඳහා වන කාණ්ඩයට යෝජිත සියයට 15 ක සහනය සියයට 10 දක්වා අඩු කිරීමටත්, රජයේ ආයතන සදහා සහනය සියයට 13 සිට 10 දක්වා අඩු කිරීමටත් ඒ මහතා යෝජනා කළේය.

එමගින් කර්මාන්ත ක්ෂේත්‍රයට සියයට 11.6 ක සහනයක් ලබා දීමට චතුරංග අබේසිංහ මහතා යෝජනා කළේය.

කර්මාන්ත අංශයෙන් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලයන 12 ක පමණ විදේශ විනිමය ඉපයීමක් සිදුවන බවත්, රට තුළ කෙරෙන නිෂ්පාදනය ඩොලර් බිලියන 30 කට වැඩි බවත්, චතුරංග අබේසිංහ මහතා කියයි.

කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ ප්‍රධානියකු වන සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා ප්‍රකශ කළේ මෙරට ආර්ථික අර්බුදයට හේතුව පැවති ආණ්ඩු විසින් මෙරට නිෂ්පාදන ආර්ථිකය කඩා වට්ටවා තිබීම බවයි.

චතුරංග අබේසිංහ මහතාගේ සංඛ්‍යා අනුව මෙරට ජාතික නිෂ්පාදිතයෙන් සියයට 50 පමණ ලැබෙන්නේ කාර්මික නිෂ්පාදන අංශයෙනි. කෘෂිකාර්මික නිෂ්පාදනය මීට අමතර වශයෙන් පවතියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *