|

ජනාධිපතිවරණ සටනින් සජිත් ඇදවැටෙන හැටි – රටේ රාළ

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මැතිවරණය කැම්පේන් ගොඩක් දැන් ක්රියාත්මකයි.සජබය, මාලිමාව,පොහොට්ටුව,ලන්සා – ශ්රිලනිප නව සන්ධානය,සර්ව ජනබලය ඒ අතරින් ප්රධානයි.මේ හැම කැම්පේන් එකකම විචිත්රවත් බව සහ ප්රාසාංගික බවේ අඩුවක් නෑ.ඇත්තටම පෙනුමෙන් සහ වියදමින් මේවා එකකට එකක් දෙවෙනි නෑ. සෙනඟ සහභාගීත්වය අතින් උනත් එහෙමයි.
හැබැයි ගුණාත්මක පැත්ත ගත්තොත් සාපේක්ෂව හිතද්දී ගොඩක්ම දුර්වල සජිත්ගේ කැම්පේන් එක. සජිත් තමන්ගේ දේශපාලන වේදිකාව බවට ගොඩක් වෙලාවට පත්කර ගන්නේ කොහේ හරි ප්රාථමික පාසාලක සුහුරු පන්ති කාමරයක්.ඔයාලා නිකං හිතන්නකෝ ඒ Level එකට අඩුම ගානේ පොහොට්ටුවත් වැටිලා නෑ.2015 පැරදිලා ගෙදර ගිය මහින්ද ටික දවසකින් එයාගේ පන්සල් චාරිකාව පටන් ගත්තා.
එදා මහින්ද දේශපාලනය කරන්න පන්සල යොදා ගන්නවා කියන ලොකුම විවේචනය කළේ සජිත්. එහෙම කියපු සජිත් අද දේශපාලනය කරන්නේ ප්රාථමික පන්තිවල ලමයි එක්ක,නැත්තං ඉස්පිරිතාලේ ඉන්න ලෙඩ්ඩුත් එක්ක.සජිත්ගේ සක්වල,හුස්ම සහ සසුනට අරුණ වැඩසටහනට බරපතල චෝදනාවක් සජබෙ පැත්තෙන්ම එල්ල වුනා.සජිත්ගේ මේ program’s වලට සල්ලි වියදම් කරන්නේ ජාවාරම්කාරයෝ සහ කැෂීනෝකාරයෝ කියලා සජබ සභාපති සරත් ෆොන්සේකා කියනවා.
පහුගිය දවසක වැඩසටහනකදී පාසැල් ශිෂ්යාවක් මරික්කාර්ගෙන් ඔය ප්රශ්නය ඇහුවා.සජිත්ට වියදම් කරන්න සල්ලි හම්බ වෙන්නේ කොහෙන්ද කියලා.මරික්කාර්ට ඒ ප්රශ්නය උත්තර දෙන්න බැරිවුනා.මරික්කාර් කිව්වේ ඒක නායකතුමාගෙන් අහලා බලන්නම් කියලා.ඇත්තටම එතන හංගන දෙයක් තියනවා.සජිත්ලා රටට ඇත්ත කියනකං ෆොන්සේකාගේ කතාව තවමත් වලංගුයි.
ඒ වෝදනාවට හරි උත්තරයක් දෙන්නේ නැතිව සජිත් තවමත් ලැජ්ජා නැතිව ගිහින් පුංචි ලමයි ටිකක් ඉස්සරහින් තියාගෙන දේශපාලනය කතා කරනවා.ඇත්තටම ජනාධිපතිවරණ කැම්පේන් එකට සාපේක්ෂව හිතුවත් පළල් දේශපාලන ලයින් එකක් සජිත්ට නෑ.ඒක නිසාම සජිත්ගේ කැමිපේන් එකට වැඩිය ඉස්සරහට තවත් කැම්පේන් කීපයක් ඇවිත් තියනවා.ඔව්චර අර්බුදයකට හිටපු පොහොට්ටුව උනත් බිමට බැහැලා තියනවා.
ඒකෙන් පේන්නේ එක පැත්තකින් සජිත් තනිවෙලා කියලයි.සජිත්ගේ කැම්පේන් එක අරන් යන්න ඕනි චරිත සජිත් ළඟ නෑ.සජිත්ගේ කැම්පේන් එක පෝෂණය නොවී සජිත්ගේ වැඩවසම් පම්පෝරි විතරක් ලොකු කරගෙන ඔහේ යන එකක් තමයි තියෙන්නේ.සජිත්ට සටන් හරි පාඨයක් නෑ.සටන් පාඨ නැතිකම ඇතුලේ සජිත් හිරවෙලා.ආර්ථික පැත්තෙන් හිතුවොත් හර්ෂලා,එරාන්ලා,කබීර්ලා උනත් ලොකු කැම්පේන් එකකට උර දෙන පාටක් පේන්නේ නෑ.
ඒක හින්දා කැම්පේන් එක ඇතුලේ සජිත් අර්බුදයට යන එක නතර කරන්න බෑ.ඔයාලට මතක ඇති මීට ඉස්සෙල්ලා රටේ රාළ කිව්වා සජිත් කියන්නේ කැම්පේන් එකක් ඇතුලේ උස්සන්න පුළුවන් චරිතයක් නෙවෙයි.ඒකට බලපාන්නේ සජිත්ගේ පෙනුමවත්,හාෂා ශෛලියවත් නෙවෙයි,සජිත් තවමත් කරේ තියාගෙන යන වැඩවසම් චින්තනය තමයි ඒකට තියන එකම බාධකය.ඒකෙන් වෙන්නේ සජිත්ගේ තියන දේශපාලන ස්ථාවරයන්ට වඩා කැපිලා පේන්නේ එයාගේ වැඩවසම් ලක්ෂණ ටිකයි.
සජිත්ගේ පැත්තෙන් වෙන මේ අවුල කවර් කරන්න සජිත් ළඟ විකල්පත් නෑ.සුජීව සේනසිංහ වගේ අයට ඒක කවර් කරන්න බෑ.මොකද සුජීව සජිතීටත් වඩා වැඩවසම් චරිතයක්.ඇත්තටම සජිත්ට සෙනවියෝ නෑ.පොඩි කණ්ඩායමක් තමයි ඉන්නේ. ඒක නිසා සජිත්ට වන් මෑන් ෂෝ හැර වෙන උත්තරයකුත් නෑ.සජිත්ට වැඩේට පාවිචිචි කරගන්න ඕනි සම්පත් ටික මූලදීම සජිත් නැති කරගත්තා.සජිත් පාඨළීගෙන් සහ ෆොන්සේකගෙන් ගන්න ඕනි වැඩේ ගත්තේ නෑ.
එයාලට ආමන්ත්රණය කරන්නට පුළුවන් සමාජ ස්ථරවලට ආමන්ත්රණය කරන්න ඉඩ දුන්නේ නෑ. සජිත් රාජිතගෙන් ගන්න ඕනි වැඩේ ගත්තේ නෑ. සජිත්ට ඕනි තරම් ඉඩ තිබුණා රාජිත හරහා උතුරු සහ නැඟෙනහිර පාලත්වල ඉන්න දෙමල සහ මුස්ලිම් සමාජයට ඇඩ්රස් කරන්න.සජිත් වෙල්ගමගෙන් ගන්න ඕනි වැඩේ ගත්තෙත් නෑ. අඩුම ගානේ සජිත්ට හිරුණිකාවත් හරියට දේශපාලන ඉළක්කයකට මෙහෙව්වේ නෑ. හැබැයි සජිත් ළඟ හිටපු ඔය මිනිස්සුන්ගෙන් තව වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා සජිත්ට බැරිවුන වැඩේ රනිල් ගන්නවා.
ඒ විතරක් නෙවෙයි සජිත් ළඟ ඉන්න රිෂාඩ්ගෙන් සහ හකීම් ගෙනුත් රනිල් වැඩ ගන්නවා.ඒක තමයි දේශපාලනය කියන්නේ.සජිත් ළඟට කීපදෙනෙක් රිංග ගත්තා මිසක් පළල් සමාජයට සජබේ ගෙනියන්න සජිත් අසමත් වෙලා තියනවා. වෙනත් සංවිධාන හරි පක්ෂ හරි එකතු කරගැනීමේ හැකියාවක් සජිත්ට නෑ.සජිත්ට පුළුවන් තනි පුද්ගලයෝ පුද්ගලික වාසි පෙන්වලා දිනා ගන්න මිසක් දේශපාලන මැදිහත්වීම් කරලා සමාජ බලවේග දිනා ගන්න සජිත්ට බෑ.
දැන් සජිත්ගේ වේදිකාවෙන් එන්න ඕනි රටේ ආර්ථික හදන වැඩපිලිවෙලක් ගැන සාකච්චාවක්. ඒකට ගන්න දේශපාලන ලයින් එක ගැන සාකච්ඡාවක්.කවුරු කොහේ ඉඳන් දේශපාලන දර්ශන ගැන කිව්වත් සියල්ල අන්තිමට සන්සන්දනය වෙන්නේ රටේ ශේෂ පත්රයත් එක්ක. අපි කොහොමද රටට ඕනි සල්ලි ටික හොයා ගන්නේ කියන සාකච්ඡාවක් දැන් ඕනි.සජිත් කියන මානුෂික ධනවාදය ඇතුලේ ඒ වෙනුවෙන් කරන ව්යාපෘති මොනවාද කියන සාකච්ඡා දැන් රටට ඕනි.
ඒ සාකච්ඡා ගන්නේ නැතිව මම ප්රේමදාස ගේ පුතා,විපක්ෂයේ ඉඳන් ජනතාවට සහන දුන්න එකම නායකයා මම කිය කියා ගිහින් වැඩක් නෑ.රටේ රාළ කියන්නේ දැන් රටට ඕනි ඇඩ්වානස් පොලිටික්ස් මිසක් වැඩවසම් පොලිට්ක්සි නෙවෙයි.සජිත්ගේ කැම්පේන් එකට තව වැඩිදුරක් යන්න බෑ.කැම්පේන් එක ෆේල් වෙනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person, dais and text that says 'සකවලු க கடடியேழுப்ப කවළ •Universe සකවළ වළ සක්වළ සක්වළ රමදාස මහතාගේ దందా සක්වළ வர் சஜித் பிரேமதா க்கருவா்கும் සක්වළ -0 වළ සක්වළ'

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *