| |

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ප්‍රමාණවත්ද? – මහාචාර්ය රොහාන් සමරජීව

 

මේ දිනවල නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නිකුත් වන පනත් කෙටුම්පත් අතරින්, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත (ETB) වඩාත් වැදගත් එකක් බව පෙනෙන්නට තිබේ.එයට සහයෝගය දෙන ලෙස ජනාධිපතිතුමා ඇතුළු ඇමැතිවරු ඉල්ලා සිටිති. එයට විවේචකයින් බොහෝමය. ආණ්ඩුවේ සභාගය තුළ ද බෙදීම් මතුව තිබේ.

සාක්ෂාත් කර ගත යුතු ඉලක්ක පිළිබඳ දිගු ලැයිස්තුවක් ඇති පළමු කොටසට පහර දීමට බොහෝ විචාරකයෝ උත්සුක වෙති. ඉලක්ක සපුරා ගැනීමේ සම්භාවිතාව පිළිබඳව බොහෝ දෙනා සැක පහළ කරති. ඒවා විකාර සහගත සහ පරස්පර විරෝධී බව සමහරු පවසති. තවත් අය තර්ක කරන්නේ වත්මන් ව්‍යවස්ථාදායකයන්ට අනාගත ආණ්ඩු/ව්‍යවස්ථාදායකයන් බැඳ තැබිය නොහැකි බව යි.

අනාගත පාර්ලි‌‌මේන්තු බැඳ තැබීම

“ව්‍යවස්ථාමය” විවේචනය පිළිතුරු දීම පහසු ම දෙය වෙයි. ආනාගත ආණ්ඩුවලට සීමා පැනවීමේ නීතිවල කිසිදු වරදක් නැත. මෙම න්‍යාය වලංගු වන්නේ පෙර කල ඩයිසි නම් විශාරදයා විස්තර කල පැරණි එක්සත් රාජධානියේ භාවිතයට පමණකි. නමුත් එක්සත් රාජධානියේ පවා එය අදට අදාළ නොවේ. 2011  ස්ථිර කාල පාර්ලිමේන්තු පනත මගින් පාර්ලිමේන්තු ක්‍රමයේ මව විසින් අනාගත පාර්ලිමේන්තුවල අත් ගැටගසනු ලැබ ඇත්තේ විශේෂ අවස්ථාවක දී තුනෙන් දෙකක බහුතරයකින් හැර නියමිත කාලයට පෙර පාර්ලිමේන්තු මැතිවරණ කැඳවීමට ඉඩ නොතබමිනි. ආර්ථික පරිවර්තන පනත සාමාන්‍ය නීතියකි. අනාගත පාර්ලිමේන්තුවක් විසින් කළ යුතු වන්නේ සාමාන්‍ය බහුතරයකින් පනත අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම හෝ පමණකි.

“ව්‍යවස්ථාමය” විවේචනය පිළිතුරු දීම පහසු ම දෙය වෙයි. ආනාගත ආණ්ඩුවලට සීමා පැනවීමේ නීතිවල කිසිදු වරදක් නැත. මෙම න්‍යාය වලංගු වන්නේ පෙර කල ඩයිසි නම් විශාරදයා විස්තර කල පැරණි එක්සත් රාජධානියේ භාවිතයට පමණකි. නමුත් එක්සත් රාජධානියේ පවා එය අදට අදාළ නොවේ. 2011  ස්ථිර කාල පාර්ලිමේන්තු පනත මගින් පාර්ලිමේන්තු ක්‍රමයේ මව විසින් අනාගත පාර්ලිමේන්තුවල අත් ගැටගසනු ලැබ ඇත්තේ විශේෂ අවස්ථාවක දී තුනෙන් දෙකක බහුතරයකින් හැර නියමිත කාලයට පෙර පාර්ලිමේන්තු මැතිවරණ කැඳවීමට ඉඩ නොතබමිනි.

බන්ධන ඉලක්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව අතීතයේ ක්‍රියා කර ඇත්තේ කුමන ආකාරයෙන් ද? 2003 අංක 3 දරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ (වගකීම්) පනත දෙස අපට බැලිය හැකි ය. වෙනත් දේ අතර එමගින් කැපවූයේ “2006 වසර අවසානය වන විට අයවැය හිගය, ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහක මට්ටම නොඉක්මවිය යුතු බව සහ එම මට්ටම දිගට ම පවත්වාගෙන යාම සහතික කිරීම මගින් රාජ්‍ය ණය විචක්ෂනශිලී මට්ටමකට අඩු කිරීමට” ය.

එම නීතිය සම්මත කළ පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර, 2004 දී විසුරුවා හරිනු ලැබී ය.  ඉන්පසුව විවිධ ආණ්ඩුවලින් පත් වූ මුදල් ඇමතිවරු අයවැය හිගය සියයට පහකට අඩුවෙන් පවත්වා ගැනීමට අපොහොසත් වුහ. විසි වසරක දී එක වරක් හෝ එය සිදු වුයේ නැත. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පිට පිට පවත්වාගැනීම ගැන පැසසුමට ලක් වූ මංගල සමරවීර මහතාට ද අයවැය හිගය පිළිබඳ ඉලක්කය සපුරා ගත නොහැකි වී ය. එම කාලයේ පොලී ගෙවීමේ වියදම් ඉතා ඉහළ මට්ටමක පැවතුනි. ඒවා ප්‍රාථමික ගිණුමට බලපාන්නේ නැති වුව ද, එමගින් අයවැය හිගය ඉහළ දමයි.

එබැවින්, බොහෝ විවේචකයින් කියවා ඇති බව පෙනෙන පළමුවන කොටස ගැන වඩා බරපතළ ලෙස නොසිතීම වඩා හොඳ ය. ආණ්ඩුකරණයේ සත්‍යවාදීබව පවත්වා ගැනීමේ අවශ්‍යතාවය නිසා, මේවා දැඩි සහ තදින් බැඳුණු ඉලක්ක නොව අපේක්‍ෂිත අරමුණු බව විස්තර කිරීමේ වැදගත්කමක් ඇත. එමෙන් ම ජංගම ගිණුමේ හිගය වැනි අතාර්කික කරුණු ඉවත් කළ යුතු ය. ජංගම ගිණුමේ හිගය මගින් අප අපනයනය කරන ප්‍රමාණයට වඩා ආනයනය කරන බව (හොඳ නැත) හෝ විදේශ ආයෝජනයේ අපට අතිරික්තයක් ඇති බව (හොඳ ය) හෝ පෙන්නුම් කරයි.

පසුපස සිට කියවීම

පනත් කෙටුම්පතක් පසුපස සිට කියැවීමේ වටිනාකමක් ඇත. එක් හේතුවක් නම් අතිශයින් වැදගත් වන අර්ථදැක්වීමේ කොටස ඇත්තේ පසු පිටේ වීම යි. මෙය ඇත්තෙන් ම එක් පනතක් නොව එකිනෙක සම්බන්ධ කළ පනත් තුනක් වන නිසා අර්ථ නිරූපණය දෙතුන් පොලක ඇත. අනෙක් හේතුව නම් විශේෂයෙන් ම මෙම පනත වැනි දිගු පනත් (වගන්ති 196 ක්) බොහෝ දෙනා අවසානය දක්වා නොකියැවීම යි. පනත් කෙටුම්පත් කියවීම විනෝදාස්වාදයේ ප්‍රතිපක්ෂය යි.

අවසානයේ සිට කියවන විට කෙනෙකුට, දැනට තිබෙන ආයෝජන මණ්ඩලය සහ ආර්ථික පරිවර්තන පනත මගින් ඇතිකිරීමට යන ආර්ථික කොමිසම, ආයෝජන ශ්‍රී ලංකා, සහ ශ්‍රී ලංකා ආයෝජන කලාප යන අනුප්‍රාප්තික ආයතන අතර අඛණ්ඩතාවය සහතික කරන වගන්ති බලා ගත හැකි වෙයි. නව ආයතනවල  වැඩ නොකිරීමට තීරණය කරන අයට ස්වේච්ඡා විශ්‍රාම පැකේජ ලබා දීමට 194 කොටස මගින් ඉඩ සලසා ඇති අත ආයෝජන මණ්ඩලය තුළ බිහිකර ඇති සිය ගණනක් රැකියා ආරක්ෂිත වනු ඇත.

අවසානයේ සිට කියවන විට කෙනෙකුට, දැනට තිබෙන ආයෝජන මණ්ඩලය සහ ආර්ථික පරිවර්තන පනත මගින් ඇතිකිරීමට යන ආර්ථික කොමිසම, ආයෝජන ශ්‍රී ලංකා, සහ ශ්‍රී ලංකා ආයෝජන කලාප යන අනුප්‍රාප්තික ආයතන අතර අඛණ්ඩතාවය සහතික කරන වගන්ති බලා ගත හැකි වෙයි. නව ආයතනවල  වැඩ නොකිරීමට තීරණය කරන අයට ස්වේච්ඡා විශ්‍රාම පැකේජ ලබා දීමට 194 කොටස මගින් ඉඩ සලසා ඇති අත ආයෝජන මණ්ඩලය තුළ බිහිකර ඇති සිය ගණනක් රැකියා ආරක්ෂිත වනු ඇත.

සිය ගණනක් සේවකයින් ආයෝජන මණ්ඩල / කලාප කළමනාකරණය සඳහා තව දුරටත් අවශ්‍ය වේ ද ? ශේන්සෙන් හි පිහිටුවා ඇති ආයෝජන කලාප සඳහා කටුනායක ආදර්ශය වූ බව සත්‍ය විය හැකි ය. නමුත් වර්තමාන සම්මතය වන්නේ කලාප සංවර්ධනය කිරීම සහ කළමනාකරණය කිරීම පුද්ගලික සමාගම් විසින් සිදු කිරීම යි.  63(1)(m) වගන්තිය මගින් පුද්ගලික කලාප සංවර්ධකයින් පත් කිරීමට ඉඩ ලබා දී තිබේ.  ස්වේච්චාවෙන් විශ්‍රාම යෑම හෝ වෙනත් ආකාරයකින් ඉවත් වන කලාප සේවකයින් සඳහා අලුතින් බඳවා ගැනීමකින් තොරව, ආයෝජන කලාප සඳහා ඉඩම් අත්පත් කර ගැනීම සහ කලාප කාර්යක්ෂම ලෙස කළමනාකරණයට විශේෂිත ආයතනවලට පැවරීමට අපේක්ෂා කෙරෙයි.

නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා රජයේ ආයතන ගණනාවකට යාමට සිදු නොවන ලෙස ආයෝජකයින්ට “සම්බන්ධ වී ක්‍රියාත්මක වීමට” හැකි වන බව සහතික කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා කලාප නිර්මාණය කිරීම, එය අනුග්‍රාහක සංග්‍රහ ස්ථානයක් බවට පත් නොවන තාක් කල් හොඳ අදහසකි. ඒ සඳහා කාර්ය සාධන ඉලක්ක සහ ඔවුන්ගේ වගකීම් ඔවුන්ට ලබා දිය යුතු ය.

 

ආයෝජන මණ්ඩලයේ තවත් කාර්යයක් වුයේ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සහ ඔවුන්ගෙන්  තිත් ඉරක් මත අත්සන් ගැන යි. ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ආයතනය මගින් අපගේ විදේශ දූත මණ්ඩල ඇතුළු රජයේ ආයතන සමග හොඳ සම්බන්ධීකරණයක් සහතික කරන්නේ නම් හොඳ ය. කාර්ය සාධන මිනුම් යෙදවුම් මත නොව ප්‍රතිඵල මත පදනම් විය යුතු ය. නිවැරදි පුද්ගලයින් නිවැරදි රැකියා සඳහා ලබා ගැනීම ද  අවශ්‍ය වනු ඇත (මේ පිළිබඳ වැඩි විස්තර පහතින්).

 

වෙළෙඳ ගිවිසුම්

වෙළෙඳ ගිවිසුම් සඳහා ඵලදායී ලෙස සාකච්ඡා කරන්නේ කෙසේ ද යන්න කෙනෙකුට ඉගෙනගත හැක්කේ එම කාර්යයේ යෙදීම තුලිනි. 2003 දී, ඉන්දියාව සමඟ එවකට පැවති විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම පිළිබඳ මූලික කටයුතුවලට මා සහභාගි වන විට, දෙපාර්ශවයේ දැනුමේ මට්ටම් අතර විශාල වෙනෙසක් නොතිබිණි.  ඉන්දියානු නිලධාරීන් සේවා සම්බන්ධයෙන් වන ඔවුන්ගේ දෙවන සාකච්ඡාවේ සිටි අතර අපි අපගේ පළමු සාකච්ඡාවට පැමිණ සිටියෙමු. නමුත් ඉන්පසු ශ්‍රී ලංකාව වෙළඳ සාකච්ඡා නතර කළේය. ඉන්දියාව, වියට්නාමය, සිංගප්පූරුව සහ තවත් අය සාකච්ඡා කරමින් ඉගෙන ගත්හ.

ආර්ථික පරිවර්තන පනත මගින් අලුත් සහ බලගතු තනතුරක් සහ අලුත් ආයතන දෙකක් ලෙස විසඳුමක් ලබා දෙයි. එනම්, ජාත්‍යන්තර වෙළෙඳාම පිලිබඳ තානාපති, ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය සහ ආර්ථික සහ ජාත්‍යන්තර වෙළෙඳාම පිලිබඳ ශ්‍රී ලංකා ආයතනය වශයෙනි. ඉදිරි මැතිවරණය ජයගන්නා කවුරුන් විසින් හෝ වෙළෙඳ ගිවිසුම් සඳහා වන වර්තමාන අවධානය පවත්වා ගතහොත් සහ නිවැරදි තනතුරු සඳහා නිවැරදි පුද්ගලයින් බඳවා ගතහොත් යෝජිත ව්‍යුහය අර්ථවත් වනු ඇත.

 

නිවැරදි පුද්ගලයින්

මීළඟ මැතිවරණයෙන් දිනන්නේ කවුරුන්ද, වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ගම්‍යතාව ඔවුන් විසින් පවත්වාගෙන යනු ඇති ද වැනි කරුණු තීරණය කළ යුත්තේ ඡන්දදායකයන් විසින් ය. නමුත් නිවැරදි පුද්ගලයන් යොදා  ගැනීම පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කිරීම වැදගත් වෙයි.

ආසන්න අර්බුදයෙන් මිදී රට වර්ධන මාවතකට ගෙන යා හැකි ආකාරය පිළිබඳ නිර්දේශ ඇතුළත්  වාර්තාවක් භාර දීමට 2020 මැයි මාසයේ දී අප එවක ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී, වෙළඳ ගිවිසුම් භාවිතා කරමින් ආසියානු වෙළඳපොළට යොමුවීම පිළිබඳ තර්කය මම ඔහුට ඉදිරිපත් කළෙමි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ඇතුළු ඊට පෙර ඉදිරිපත් කළ නිර්දේශවලට නිහඬව සවන් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මා කතා කරන විට වහා ම දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීය. ඔහුගේ වෙළඳ උපදේශක වෛද්‍ය පාදෙණිය ප්‍රතිරාවය කරමින් එතුමා කියා සිටියේ වෙළඳ ගිවිසුම් ඵලදායී ලෙස සාකච්ඡා කළ හැකි පුද්ගලයින් අපට නොමැති බවයි.

එදා පාදෙනියගේ ස්ථාවරයට එකඟ නොවූ මට එහි යම් සත්‍යයක් තිබෙන බව අද කියන්නට සිදුවී තිබේ. තායිලන්තය සමඟ සාකච්ඡා කරන ලද ගිවිසුමෙන් පෙන්නුම් කරන්නේ අපගේ සාකච්ඡාකරුවන් 1990 ගණන්වල GATS සහ ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISLFTA) සාකච්ඡා සඳහා යොදා ගත්  ප්‍රවේශම් සහගත සහ ගතානුගතික මාදිලියේ දිගට ම රැඳී සිටින බව යි. ඔවුහු  දැනට පවතින කර්මාන්ත පිළිබඳව පමණක් කතා කරන අතර එම ව්‍යාපාරිකයන්ගේ සැබෑ හෝ මනඃකල්පිත බිය ආමන්ත්‍රණය කිරීමට උපරිමයෙන් කටයුතු කරති.  පාරිභෝගිකයන්ගේ සහ දැනට නොපවතින ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලීමට දරන උත්සාහය අල්ප වී ඇත්තේ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති නිසා ය.

තායිලන්තය සමඟ සාකච්ඡා කරන ලද ගිවිසුමෙන් පෙන්නුම් කරන්නේ අපගේ සාකච්ඡාකරුවන් 1990 ගණන්වල GATS සහ ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISLFTA) සාකච්ඡා සඳහා යොදා ගත්  ප්‍රවේශම් සහගත සහ ගතානුගතික මාදිලියේ දිගට ම රැඳී සිටින බව යි. ඔවුහු  දැනට පවතින කර්මාන්ත පිළිබඳව පමණක් කතා කරන අතර එම ව්‍යාපාරිකයන්ගේ සැබෑ හෝ මනඃකල්පිත බිය ආමන්ත්‍රණය කිරීමට උපරිමයෙන් කටයුතු කරති.  පාරිභෝගිකයන්ගේ සහ දැනට නොපවතින ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලීමට දරන උත්සාහය අල්ප වී ඇත්තේ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති නිසා ය.

පරිභෝගිකයින් යනු උපදෙස් ලබා ගැනීමට නොහැකි තරම් විශාල පිරිසක් වන අතර ඔවුන්ගේ අපේක්ෂාවන් අවබෝධ කර ගැනීම දුෂ්කරය. වෙළෙඳ ලිබරල්කරණයෙන් පසුව පමණක් ඇති වන ව්‍යාපාරවලින් උපදෙස් ලබා ගැනීමේ හැකියාවක් නැත. ගතානුගතික ආකෘතිය මගින්  ISLFTA හි දක්නට ලැබුණු ආකාරයේ දීර්ඝ සෘණ ලැයිස්තු ලබා දෙන අතර GATS උප ලේඛන පෙන්නුම් කරන පවතින තත්වය ලේඛනගත කිරීම සිදු වෙයි. සාකච්ඡාවල කේන්ද්‍රීය  ප්‍රවේශය වන්නේ අනවශ්‍ය ලෙස ආරක්ෂා කරන කර්මාන්ත කිහිපයක් රැක ගැනීම නම්, වෙළෙඳපොළ  ප්‍රවේශය සම්බන්ධයෙන් විශාල ප්‍රතිලාභ සාක්ෂාත් කරගත හැකි යැයි සිතිය නොහැකි ය.

නිවැරදි රැකියා සඳහා නිවැරදි පුද්ගලයින් බඳවා ගැනීමට කළ හැක්කේ කුමක් ද? වෙළෙඳ සාකච්ඡා සහ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා විශේෂඥතාවය ලැබෙන්නේ කලින් ලැබූ අත්දැකීම් මගින් නම්, ශ්‍රී ලංකාවට විශේෂඥතාවය නැති බව පිළිගත යුතුව ඇත. එබඳු නිපුනතා කට්ටල  සහ ඔප්පු කළ අත්දැකීම් ඇති උදවිය සොයා ගැනීමට අප කටයුතු කළ යුතුව ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ උපදේශකයින් අතර පවා මෙම කරුණ ගැන පිළිගැනීමක් නොතිබුණා නොවේ.

වරාය නගර පනත පිළිබඳ පුළුල් සංවාදය ආරම්භයේ දී ආචාර්ය පී බී ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ වරාය නගර කොමිසම කාර්ය මණ්ඩලය පිරවීම ජාත්‍යන්තර බඳවාගැනීම් මගින් කිරීමට බලාපොරොත්තු වන බව යි. එසේ වුව ද, ඇවිලී ගිය ජාතිකවාදී ප්‍රතිරෝධය හමුවේ ආණ්ඩුව ඉක්මනින් ම පසු බැස්සේ ය. කොමිසන් සභාවේ නායකත්වය ආයෝජකයින්ගෙන් උද්යෝගයක් ඇති කළ හැකි පුද්ගලයෙකුගේ ප්‍රශස්ත සුදුසුකමට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ සහිත දක්ෂ හා පක්ෂපාතී නීතිඥයෙකුට පවරන ලද්දේය.

කොයි තරම් අලුතින් කොමිසන් සභා, ආයතන ඇති කළත්, නිවැරැදි නිපුනතා  කට්ටල ඇති පුද්ගලයන් ජාත්‍යන්තර වශයෙන් බඳවා ගැනීමේ අවශ්‍යතාව පිළිනොගන්නේ නම් අපේක්ෂිත ප්‍රතිඵල අත්වන්නේ නැත. මෙය වෙළෙඳ සාකච්ඡා සහ ආයෝජන ප්‍රවර්ධනයට පමණක් සීමා නො වී, මේ රට තුළ තිබිය යුතු පුළුල් සාකච්ඡාවකි. රට හදන්න නම් වැඩේ හරි හැටි කරන්නට පුළුවන් හරි මිනිසුන් සොයා ගත යුතුය. පිටරටින් හෝ සොයා ගත යුතුය.

කොයි තරම් අලුතින් කොමිසන් සභා, ආයතන ඇති කළත්, නිවැරැදි නිපුනතා  කට්ටල ඇති පුද්ගලයන් ජාත්‍යන්තර වශයෙන් බඳවා ගැනීමේ අවශ්‍යතාව පිළිනොගන්නේ නම් අපේක්ෂිත ප්‍රතිඵල අත්වන්නේ නැත. මෙය වෙළෙඳ සාකච්ඡා සහ ආයෝජන ප්‍රවර්ධනයට පමණක් සීමා නො වී, මේ රට තුළ තිබිය යුතු පුළුල් සාකච්ඡාවකි. රට හදන්න නම් වැඩේ හරි හැටි කරන්නට පුළුවන් හරි මිනිසුන් සොයා ගත යුතුය. පිටරටින් හෝ සොයා ගත යුතුය.

මහාචාර්ය රොහාන් සමරජීව

අනිද්දා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *