|

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය පියුමී හංසමාලිට – රටේ රාළ

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්න තමන් සුදානම් කියලා ප්රකට ව්යාපාරික පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා කියලා තිබුණා.පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති මධ්යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් තමයි ධම්මික ඒ කතාව කියලා තිබුණේ.ධම්මිකගේ ඒ කතාවෙන් එක දෙයක් පැහැදිලියි. ධම්මික කියන්නේ රාජපක්ෂලාගේ පදයට නටන තවත් දේශපාලන රූකඩයක්.
ධම්මික එතනදී කිව්වේ 2005 දී මහින්ද රට බාර ගන්නකොට රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 1250 යි,2014 දී මහින්ද ආපහු රට බාර දෙනකොට ඒක පුද්ගල ආදායම ඩොලර් 3850 යි කියලයි. අවුරුදු දහයකට පස්සේ අද අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3820 යිලු.මහින්ද රට බාර දෙනකොට තිබුණ තත්වයට වඩා ඩොලර් 30 ක් පිටි පස්සෙන් තමයි දැන් අපි ඉන්නේ.පහුගිය අවුරුදු දහය ඇතුළත කිසිම සංවර්ධනයක් වෙලා නෑ කියලයි ධම්මික කියන්නේ.
හැබැයි එතනදී ධම්මික හිතාමතාම අමතක කරපු පැත්තක් තියනවා.2019 දී රාජපක්ෂලා ආයෙත් රට බාරගත්තා කියලා ධම්මිකට මතක නෑ.ඒ ආණ්ඩුවේ ජනාධිපති ගෝඨාභය,අගමැති මහින්ද සහ මුදල් ඇමති බැසිල් කියලා ධම්මිකට මතක නෑ.ඒ ආණ්ඩුව රට බංකොලොත් කළා කියලත් ධම්මිකට මතක නෑ.රට බංකොලොත් කිරීමට වගකියන්න ඕනි ගෝඨාභය,මහින්ද,බැසිල් ඇතුළු එයාලගේ ගෝලබාල කණ්ඩායම කියලා ශ්රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියනවා කියලත් ධම්මිකට මතක නෑ.
ධම්මික මේ කතාව කියාගෙන එන්නේ මොකටද කියලා ඔයාලටත් තේරෙනවා ඇති.ධම්මික මේ කියන්නේ මේ රටේ ආර්ථිකය හදන වැඩේට මං එනවා කියලා වෙන්න ඇති.ධම්මික මේ වෙනකොට මේ රටේ ආර්ථිකය ගොඩදැමීමේ වැඩපිලිවෙල හදමින් ඉන්නවා කියලත් කියනවා. රාජපක්ෂලා ගිය පාර ගෝඨාභය ගේනකොටත් ඔය වගේ ස්ලෝගන් එකක් තමයි ඉස්සුවේ.
” එක රටක් – එක නීතියක් ” හදන්න තමයි ගෝඨාභය ගෙනාවේ.අන්තිමට හදපු රටකුත් නෑ, හදපු නීතියකුත් නෑ,හදන්න ආපු ගෝඨාභයත් නෑ. කොහොම උනත් ධම්මික පෙරේරා තමන්ගේ අපේකෂයා විදිහට ඉදිරිපත් කරන්න පොහොට්ටුවට තියෙන අයිති රටේ රාළ කීයටවත් ප්රතික්ෂේප කරන්නේ නෑ.හැබැයි ධම්මික පෙරේරාට පොහොට්ටුවේ අපේක්ෂකයා වෙන්න තියන සුදුසුකම් මොනවද කියලා හොයලා බලන්න රටේ රාළටත් අයිතියක් තියනවා.ධම්මික කියන්නේ කිසිම දේශපාලන පරිචයක් තියන කෙනෙක් නෙවෙයි.ගෝඨාභයත් එහෙමයි. ගෝඨාභයටත් දේශපාලන පරිචයක් තිබුණේ නෑ. හැබැයි ගෝඨාභය මිල්ටරි පරිචයක් තිබුණා.
මහින්දගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් වෙන්න ඉස්සෙල්ලා ගෝඨාභයගේ මිල්ටරි ඉතිහාසයේ අඳුරු පැති ගොඩක් තිබුණා.මහින්දගේ ආණ්ඩුවේ ආරක්ෂා ලේකම් විදිහට ඉන්දැද්දිත් ගෝඨාභය දූෂණ චෝදනා සහ ඝාතන චෝදනා ගොඩක් එල්ල වුනා.හැබැයි ආරක්ෂක ලේකම් විදිහට ගෝඨාභය කරපු සාධනීය වැඩ කොටසකුත් තියනවා.ඒත් ජනාධිපති විදිහට ගෝඨාභයට කිසිම දෙයක් නොකරපු ජනාධිපති කෙනෙක් විදිහට රටින් පැනලා යන්න සිද්ධවුනා.
ධම්මික දේශපාලන පරිචයක් නැතත් ව්යාපාරිකයෙක් විදිහට පරිචයක් නියෝජනය කරනවා.අපේ රටේ ඉන්න ලොකුම කෝටිපතියා තමයි ධම්මික.ධම්මික පෙරේරා තමයි අපේ රටට ජැක්පොට් සහ කැෂීනෝ හදුන්වලා දුන්නේ. යුරෝපයෙන් කුණු මේ රටට ආනයනය කළෙත් ධම්මික.ඒ සුදුසුකම් දෙකම මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුකම් දෙකක් නෙවෙයි.
පොහොට්ටුවේ අපේක්ෂකයා වෙන්න ඒවා සුදුසුද කියලා රටේ රාළ දන්නේ නෑ.
ඊට අමතරව මොකද්ද ධම්මිකට තියන සුදුසුකම. ධම්මික ව්යාපාරිකයෙක් වීම නං ඒකට තියන එකම සුදුසුකම එහෙනම් ව්යාපාරික දිලිත් ජයවීරට ඊට වැඩිය සුදුසුකම් තියනවා.කැලණියේ නයා ගෙන ඒමේ මාධ්ය අනුග්රහය සහ ධම්මික පැණිය ප්රමෝට් කරන්න දිලිත් සම්බන්ධ උනා කියන චෝදනාව දිලිත්ට තියනවා.ඒත් ඒවා දිලිත්ගේ සෘජු ගේම් නෙවෙයි.හැබැයි දිලිත් විශ්ව විද්යාලයේ ඉදන් කරපු දේශපාලනයක් තියනවා.
දිලිත් සහ ධම්මික දෙන්නම හිටියේ රාජපක්ෂ කඳවුරේ.ඇයි රාජපක්ෂලාට දිලිත් නරක් වෙලා ධම්මික හොඳ වෙන්නේ.එකක් මේ මොහොතේ රාජපක්ෂලාට ඕනි බිලී බෝයි කෙනෙක්.ඒ බිලී බෝයි වෙන්න දිලිත් සුදානම් නෑ.රාජපක්ෂලා රට දාලා පැනලා ගිය වෙලාවේ පොහොට්ටුවේ හිටපු ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු ජනාධිපතිවරණට ඉදිරිපත් වුනා.
හැබැයි රාජපක්ෂලාගේ තේරීම උනේ රනිල්. තමන්ගේම පක්ෂේ මිනිහා පැත්තකට විසි කරලා රාජපක්ෂලා රනිල් තෝරා ගත්තා.රාජපක්ෂලා එදා රනිල් තෝරාගත්තේ රට හදයි කියන අදහසින් නෙවෙයි.ඒ වෙලාවේ රාජපක්ෂලාව ආරක්ෂා කරන්න පුළුවන්කම තිබුණේ රනිල්ට විතරයි.ඒක නිසා රාජපක්ෂලා රනිල්ව තේරුවා. රනිල් අවස්ථාවෙන් ප්රයෝජන අරගෙන රාජපක්ෂ කඳවුරට රිංගුවා.
හැබැයි රනිල් රාජපක්ෂ කඳවුර ඇතුලේ රාජපක්ෂලාගේ වහලෙක් උනේ නෑ.රනිල් රට යථාවත් කරන ගමන් රාජපක්ෂලාට එරෙහිව වෙනම කඳවුරකුත් පොහොට්ටුව ඇතුලේම හැදුවා.ඒකත් හරියට පෘතුගීසි කඳවුරක් ඇතුලේ හැදිලා වැඩිලා,බෞතීස්ම වෙලා හිටපු කොනප්පු බණ්ඩාර පළවෙනි විමලධර්මසූරිය විදිහට රජ වුනා වගේ වැඩක්.දැන් එතකොට රනිල් විඩ්රෝ කරලා ධම්මික ගන්න තරම් රාජපක්ෂලාට ධම්මික එක්ක තියන සම්බන්ධය මොකද්ද?
රාජපක්ෂලා සහ ධම්මික අතර තියෙන්නේ මූල්ය සම්බන්ධක් බවට ලොකු සැකයක් රටේ රාළට තියනවා.රාජපක්ෂලා හොරාකාපු සල්ලි ආයෝජනය කළේ ධම්මික පෙරේරා හරහා කියලත් කතාවක් සමාජයේ පැතිරිලා තියනවා. රාජපක්ෂලා කවදාවත් තමන්ට වාසියක් නැති නං කිසිම කෙනෙක් ලඟට ගන්නේ නෑ.හැබැයි ළඟට ගත්ත කෙනා නැත්තටම නැති කරලා තමයි ආපහු යවන්නේ.විමල්,ගම්මන්පිල,වාසු,රතන හිමිට උනේ ඒක.
බැසිල් ජාතික ලයිස්තුවෙන් අයින් උනාට පස්සේ එතෙන්ට ගෙනාවේ ධම්මික.එතනත් ලොකු අත යට ගණුදෙනුවක් උනා කියලා ඒ දවස්වල කතාවක් ගියා.ඒ වගේම ධම්මික පොහොට්ටුව වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරපු බව නං රහසක් නෙවෙයි.දැනට රාජපක්ෂලාට පොහොට්ටුවේ ඉතිරිවෙලා ඉන්න ටීම් එක නඩත්තු කරන්නේ ධම්මික පෙරේරා කියලා කතාවකුත් තියනවා.
ධම්මික මේ දවස්වල කරගෙන යන DP Ediucation program එක ගොඩක් වටින දෙයක්.හැබැයි ඒකත් හරියට සජිත්ගේ සුහුරු පන්ති කාමර සහ බස් බෙදීම වගේ වැඩක්.ඒ දෙන්නම ඡන්දෙට එන හින්දනේ මේවා දෙන්නේ.නැත්තං සජිත් අනුන්ගෙන් ඉල්ලලා හරි රටට දීපු දෙයක් තියනවද?නිදන් ටිකට වැඩේ දුන්නා කියලා නං ඒ කාලේ කතාවක් තිබුණා.සජිත් සංස්කෘතික අරමුදල ඇමති විදිහට පරිහරණය කරලා තියන විදිහ විගණකාධිපති වාර්තාවේ තියනවා.
ධම්මිකත් දේශපාලනයට එන්න ඉස්සෙල්ලා අපට දුන්නේ ජැක්පොට්,කැෂීනෝ,පිටරට කුණු වගේ දේවල්.රාජපක්ෂලා බිලි බෝයි කමකට උනත් තොරන්නේ හොඳ දලකාරයෙක්.ධම්මික පෙරේරා පහුගිය දවස්වල කිව්වේ රනිල් එන්නේ නැත්තං තමයි එයා එන්නේ කියලා.දැන් ඒ ස්ථාවරය වෙනස් වෙලාද දන්නේ නෑ,බැරි වෙලා හරි ඒක වෙනස් වෙලා ධම්මික මොලේ පෑදුනොත් පොහොට්ටුවට අපේක්ෂකයෙක් නැතිවෙනවා.
රාජපක්ෂලා ධම්මික තෝරගන්න ඇත්තෙත් පොහොට්ටුවේ වෙනදාන්න කෙනෙක් නැති හින්දා වෙන්න ඕනි.රටේ රාළ යෝජනා කරන්නේ ධම්මික බැරිවෙලා හරි බෑ කිව්වොත් පියුමී හංසමාලිට කතා කරන්න කියලයි.පියුමි කියන්නෙත් සාර්ථක ව්යවසායකයෙක්.රාජපක්ෂලාට ඕනි මුලික සුදුසුකම තියනවා.ඒ කියන්නේ සල්ලි තියනවා. පියුමී ජනප්රිය චරිතයක් වගේම ක්රියාශීලී කාන්තාවක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 1 person, smiling and car

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *