ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයේ හැරවුම් ලක්ෂයක් – මහින්ද රත්නායක

”ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකත්වය කරා ගෙන යන්න නම්, එම කර්තව්‍යයට කරගහන බරදරන්නකු සහ ”වීරයෙකු” සිටිය යුතු ය.  එම බර දරන්නා නොසැලෙන අධිෂ්ඨානයෙන් සිටිය යුතුවා පමණක් නොව  තමන්ගේ පෞද්ගලික දේශපාලන  ඉරණම, ප‍්‍රජාතන්ත‍්‍රවාදි විප්ලවයේ නායකත්ව කාර්ය්‍යය සමඟ අනන්‍ය කරගත්තෙකු විය යුතු ය. දේශපාලන සටනේදී මතුවන චූල දේශපාලන න්‍යාය පත‍්‍ර වලින් තම ඉදිරි දැක්මට හානි පමුණුවන්නට ඉඩ නොතබන, තමා සතු ඓතිහාසික වගකීම පිළිබඳ සැක පහළකර නොගන්නා නූතන කුමාරයෙකු විය යුතු ය”

පසුගිය දා  බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යාන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ නුගසෙවන ශාලාවේ දී  පැවැති රුසියානු විප්ලවයේ ශත සංවත්සර සමරු උත්සවයේ ප‍්‍රධාන දේශකයා වූ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා  දේශනය අවසන් කළේ  ඉහත ෙඡ්දයෙනි. අද අප රට මුහුණ දී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදි අරගලය හිර වී ඇති දෙපැත්ත හිරවෙන හබයෙන් ගලවා ගන්නට මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරන මේ යෝජනාව ගැන සාකච්ඡුා  කිරීමේ දි මැකියාවෙලි ගේ ”කුමාරයා” ගැන මතක් කර ගැනීමට යෝග්‍ය යැයි සිතමි.

එවකට පැවති වැඩවසම් පාලන ක‍්‍රමය තුළ වෙන්ව තිබූ ප‍්‍රාදේශිය පාලන ඒකකයන් එක්සත් කරගනිමින් යුරෝපයේ අනිකුත් රාජ්‍යයන් අලූත් ගමනකට සූදානම් වන විට ඉතාලිය එක්සත් කිරීමට පැවති ප‍්‍රධානතම බාධකය වූයේ වැඩවසම් ආගමික සංස්ථාව වූ කතෝලික පල්ලිය වේ. ඉතාලිය එක්සත් කිරීමට  තරම් පාප්වහන්සේ බලවත් නොවූ නමුත් යමෙක් ඉතාලිය එක්සත් කරන්නට ඉදිරිපත් වන්නේ නම් එය කඩාකප්පල් කිරීමට තරම් හේ බලවත් විය. (ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් වූ  රට එක්සත්කර ගැනීමට තරම් ශක්තියක් නැති නමුත් එය කඩා කප්පල් කිරීමට තරම් ශක්තිමත් වැඩවසම් සංඝ සංස්ථාව මත පදනම් වන ශ‍්‍රි ලංකාවේ පාලකයින් මෙයට නග්න උදාහරණයකි*  මේ අනුව පාප් වහන්සේගේ දේශපාලන බලය යටපත් නොකර ඉතාලිය  එක්සත් කළ නොහැකි බව වටහාගත් මැකියාවෙලි තම ”කුමාරයා” නම් වූ රචනාවෙන්  යෝජනා කරන්නේ ඉතාලිය එක්සත්කර, ආර්ථික සංවර්ධනය කරා මෙහෙයවිය හැකි පාලකයෙකු සතුවිය යුතු ගුණාංග සමුදායකි. රුසියානු විප්ලවයේ ශත සංවත්සර සමරු උත්සවයේ  මුඛ්‍ය දේශනයෙන් එය ශ‍්‍රි ලංකාවට වක‍්‍රාකාරයෙන් අදාළවන  ආකාරය මහාචාර්ය උයන්ගොඩ පෙන්වා දුන්නා පමණක් නොව  ප‍්‍රජාතන්ත‍්‍රික රාජය ප‍්‍රතිසංස්කරණ සඳහා සමාජය වෙතින් ගොඩනැගී තිබෙන දේශපාලන කථිකාව මහපොලොවේ ක‍්‍රියාත්මක වන දේශපාලන ප‍්‍රතිසංස්කරන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කිරීමේ කැමැත්ත හා ශක්‍යතාවය  නොසැලී පවත්වාගත යුතු බව පෙන්වා දුන්නේ ය.

එපමණක් ද නොව ශ‍්‍රි ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රතිසංස්කරණ සම්බන්ධව තිබෙන අති මූලික පරස්පරතාවයක් වන ප‍්‍රතිසංස්කරණ සඳහා ඇති මහජන අභිලාශය සහ රාජ්‍යයේ ආයතන සහ එම ආයතන මෙහෙයවන පිරිස් අතර ඇති ප‍්‍රතිසංස්කරණ විරෝධයේ නොපෑහෙනකම ද, මහාචාර්යවරයා මෙහිදි අවධාරණය කළේ ය. මේ පරස්පරය ජය ගැනීමට නම්  ප‍්‍රතිසංස්කරණ විරෝධි රාජ්‍ය ව්‍යුහයන්ගේම ගොදුරු සහ සිරකරුවන් නොවීමට දේශපාලන නායකත්වය වග බලාගතයුතු බවයි මහාචාර්ය උයන්ගොඩ පවසන්නේ.

රුසියානු විප්ලවයේ දී මෙන් වැඩවසම්වාදි ඉතුරු බිතුරු අහෝසිකර සංවර්ධනය කරා යෑමට  ප‍්‍රධාන පක්ෂ දෙකේ එක්වීමෙන් ඇතිකර ගත් ආණ්ඩුව අසමත් වන්නේ නම්,  රට යළි ඒකාධිපතිවාදය තුළ සිරවිය හැකි බව තම කථාවේ දී පෙන්වා දුන්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා,  ප‍්‍රජාතන්ත‍්‍රවාදයේත්, මාක්ස්වාදයේත් ඇති සමානත්මතාවය හා සමාජ සාධාරණත්වය මෙන්ම වෙළඳ ආර්ථිකය සමඟ එක්ව ජාත්‍යාන්තර වශයෙන් ඉදිරියට යන්නට අපි සැලසුම් කළ යුතු බව අවධාරණය කළේ ය.

ලෝක දේශපාලනයේ ඇති වූ වෙනස සමඟ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයට වෙනස්වීමට නොහැකි වූ නිසා සොවියට් දේශය නැති වූ නමුත්, චීන සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ නව අදහස් ලබාගෙන මාක්ස්වාදය හා  වෙළඳ ආර්ථිකය මිශ‍්‍රකරමින් අද ක‍්‍රියා කරන්නේ කෙසේද යන කාරණය අප අධ්‍යයන කළ යුතු බව ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා මෙහි දී අවධාරණය කළේ ය.

පක්ෂ ගණනාවක් එක් වී පොදු අපේකෂකයා ලෙස මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්කර අපි පළමු විප්ලවය ආරම්භ කළෙමු. ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සමග ආණ්ඩුවක් නිර්මාණය කිරීම දෙවැනි විප්ලවය ලෙස  හැඳින් වූ අගමැතිතුමා, ලෙනින් හා ට්‍රොට්ස්කි අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්තා සේ අප ලැබූ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නේ කෙසේද යන්න සැළසුම් කළ යුතු බව ද පෙන්වා දුන්කේ ය.

එනම්  නව ව්‍යවස්ථාවක් ඉදිරිපත්කර දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමේ අභියෝගය පමණක් නොව සමාජ ආර්ථික වෙනසක් ද ජනතාව අපේක්ෂා කරන බව ද අගමැතිතුමා මෙහිදී අවධාරණය කළේ ය.  මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්, අපත් සාකච්ඡුාකර ඒ ගමන යන බව පැවසු අගමැති තුමා ඇතැම් ස්ථානවලදී එම ගමන හෙමින් සීරුවේ යැමට සිදුවී ඇති බව ද අමතක කළේ නැත.

සමරු උත්සවයට ආරාධිතයෙකු ලෙස පැමිණි සෝවියට් සහ වියට්නාම් තානාපතිවරු දෙදෙනාට ජනාධිපතිතුමාගේ කථාව පරිවර්තනය කරන්නට භාෂා පරිවර්තකයෙකු ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් එවා තිබූණි. කෙසේ නමුත් අපනීප තත්ත්වයක් හේතුවෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා තමාට නියමිත කථාව නොකරන බව ඒ මොහොතේ දැණුම් දුන් බැවින්  පැමිණ සිටි පිරිසගේ බලාපොරෙත්තුවක් කඩ වූ බව ද පෙනුනි. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා පැවැත් වූ මුඛ්‍ය දේශනයට ජනාධිපතිතුමා හොඳින් සවන්දුන් නමුත් අගමැතිතුමාගේ කථාවට ඇහුම්කම් දීමට  තරම් වෙලාවක් ගතකිරීමට ජනාධිපතිතුමා සිටියේ නැත.  ජනාධිපතිතුමාගේ අසනීප තත්ත්වය සහාසික නොවන්නට, 2015 ජනවාරි 08 වෙනි දින මේ රටේ ඇති වූ වෙනස  තුළ දැල්වුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ප‍්‍රශ්නය, 2000 වසරේ සිදු වූ ඉරණමට යළි ඇද නොවැටෙන බව සැකහැර දැනගැනීමට ජනාධිපතිතුමාගේ කථාව ඉවහල් වන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවට ජනාධිපතිතුමාගේ හදිසි අසනීප තත්ත්වය එම අවස්ථාව  රැුස්ව සිටිවූවන්ට අහිමි කළේ ය..

දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඉදිරියේ අප රටේ දේශපාලන බලවේග අලූත් ද්‍රැවීකරණය වීමක්  මෙන්ම දේශපාලන විවාදයේ පරාසය පටුවීමක් මේ දිනවල නිරික්ෂණය කළ හැකි බව මහාචාර්ය උයන්ගොඩ පවසයි. මේ බව හොඳින් ප‍්‍රකාශයට පත්වන්නේ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය පිළිබඳ දැනට සිදුවන විවාදයේ බව ද ඔහු මෙහි දී පෙන්වා දුන්නේ ය.  මේ විවාදය තුළ ඇතැම් පසුගාමි දේශපාලන බලවේග පමණක් නොව මාධ්‍යයේ හැසිරීම ද ඉතා කණගාටුදායක ය. මේ අතර ඉංග‍්‍රිසි මාධ්‍ය නරක නැති නමුත් සිංහළ මාධ්‍ය  කැපී පෙනේ. රටේ අනාගතය තීරණය කරන  රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ගැන සාර ගර්භ සංවාදයක් රට තුළ ගොඩනැගීම මාධ්‍යයේ යුතුකමක් වේ. මෙහිදි ඉංග‍්‍රිසි මාධ්‍ය ආයතන වලට වඩා සිංහළ මාධ්‍ය ආයතනවලට ඇති වගකීම අති විශාලය. එහෙත්  පසුගාමි සමාජ බලවේගයන් එවන  පුද්ගල පිල්ලි විසින් ඇති කෙරෙන අලකලංචි මිස  රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ කෙරෙන සංවාදවල අති මූලික මෙන්ම වැදගත් අන්තර්ගත කරුණු අර කියන මාධ්‍ය වාර්තා කරන්නේ නැත.  ඇතැම් රාජ්‍ය මාධ්‍යයට ද දේශපාලන ප‍්‍රතිසංස්කරණ  සංවාදයන්  ප‍්‍රවෘත්ති නොවීම විශ්මය ජනක ය. මහාචාර්ය උයන්ගොඩ පැවසු ආකාරයට මෙකී රාජ්‍ය මාධ්‍ය ආයතන ද දේශපාලන ප‍්‍රතිසංස්කරණ වලට එරෙහි රාජ්‍ය ව්‍යුහයේ අංගයන් ලෙස හඳුණාගත හැක. රුසියානු විප්ලවයේ ශත සංවත්සර සමරු උළෙලට අමාත්‍ය රාජිත සේනාරත්න ද සහභාගි විම කැපි පෙනුනි.

පසුගිය දා ශ‍්‍රි ලංකා පදනම් ආයතනයෙන් ආරම්භ වූ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරන ජාතික ව්‍යාපාරයේ සම්මන්ත‍්‍රණයට සවන්දීමට දේශපාලනඥයින් කිහිප දෙනෙකුම පැමිණ සිටි නමුත් වේදිකාවට ගොඩවීමට ඔවුනට ආරාධනයක් තිබුණේ නැත. අමාත්‍ය රාජිත සේනාරත්න මතුගම පැවති ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සම්මන්ත‍්‍රණයකට කථිකයෙක් ලෙස පසුගිය දා සහභාගි විය. මෛත‍්‍රිපාල සිරිසේන මහතා  මේ රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව පත්කළේ වෙනසක් අපේක්ෂාවෙන් බව පෙන්වා දුන් අමාත්‍ය රාජිත  සේනාරත්න, ජනාධිපති ක‍්‍රමය වෙනස් නොකර එම වෙනස කිරීමට නොහැකි බව පැහැදිළිව ප‍්‍රකාශ කළේ ය. අමාත්‍යවරයාගේ මේ මැදිහත්වීමත් සමඟ ම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය  ව්‍යාපාරයට මෙතෙක් අඩුවක්ව පැවති දේශපාලන නායකත්වයක් දැන් සම්පූර්ණ වී ඇත. ඒ අනුව දේශපාලන ප‍්‍රතිසංස්කරණ  ව්‍යාපාරය ඉදිරියේ දී නව මගක් ගනු ලබන අතර වෙනසක් ඇති කිරීමට සහභාගි නොවු නමුත්, ජනමත විචාරණයකට නොයන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් පමණක් යෝජනා කරන ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට ඒ අනුව නැවත වරක් ඒ ගැන සිතා බැලීමකට සිදුවනු ඇත. ඒ අතරම එළඹෙන සතියේ රැුස්වීමට නියමිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ මෙහෙයුම් මණ්ඩල රැුස්වීම දේශපාලන ප‍්‍රතිසංස්කරණයේ හැරවුම් ලක්ෂයක් විමට  බොහෝ ලෙස ඉඩ තිබේ.

 

 

 

 

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *