|

බැඳුම්කර ණය කැපීමේ සහනය සියයට 52 ක් – CAL Research පර්යේෂණ ආයතනය කියයි

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති ණය සහනය සියයට 52 ක් බව පෞද්ගලික අංශයේ පර්යේෂණ ආයතනයක් වන CAL Research ආයතනය ප්‍රකාශ කරයි. බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරණයේ පදනම් එකඟතාවය අනුව වර්තමාන  මූර්ත වටිනාකම ( Net Present Value – NPV) අඩු කිරීම මගින් බැඳුම්කර හිමියන් දරන පාඩුව සියයට 52 ක් බවත්, ආර්ථිකයේ අව වර්ධනයක දී එය සියට 58 ක් දක්වා වැඩි වන බවත්, ඉහළ ආර්ථික වර්ධන අවස්ථාවක දී එය සියයට 38 ක් බවත් CAL Research ආයතනය කියයි.

එකඟ වී ඇති පුරෝකථන අවස්ථා හයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ගණන් බැලීම් ඉහත වගුව මගින් දක්වා තිබේ.

පදනම් එකඟතාවය අනුව ණය මුහුණත වටිනාකම සියයට 28 කින් කපාහැරීම , එකතු වූ පොලිය සියයට 11 ක් කැපීම, කූපන් පොලිය සියයට 25 ක් කැපීම, කල් පිරීමේ කාලය වසර පහකින් වැඩි කිරීම මගීන් බැඳුම්කර හිමියන් දරාගන්නා වර්තමාන මූර්ත වටිනාකම් හානිය CAL Research ආයතනයේ ගණන් බැලීම් අනුව සියයට 52 කි.

CAL Research ප්‍රධාන පර්යේෂණ නිලධාරිනී ට්‍රිෂා පීරිස් විසින් මෙම වාර්තාව ඉදිරිපත් කොට ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *