|

ලාංකේය ගුරු භූමිකාව සහ දේශපාලනය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

messenger sharing button
පාසල් පැවැත්විය යුතු (උදේ 7.30 සිට 1.30 තෙක්) කාලය ඍජුව හෝ වක්‍රව කඩා කප්පල් කිරීමට කිසිසේත් ඉඩ නො දිය යුතු බවට ජනාධිපතිවික්‍රමසිංහ ජූලි 3 බදාදා අරලියගහ මන්දිරයේදී ගුරු සේවයේ විදුහල්පතින් ඇතුළු ශ්‍රේණිධාරින් අමතා කළ ප්‍රකාශය ඇසූ නීතිඥ වෘත්තිකයෙක්, රාජ්‍ය සේවා වර්ජන රැල්ලක් ඉස්මතුව තිබියදී, පාසල් දරුවන් වෙනුවෙන් කළ ප්‍රකාශය පාසල් යන දරුවන්ගේ පියෙකු හැටියට ඛෙහෙවින් අගය කරන බව කීය.

 

තම දරුවන් දෙදෙනා ගෙන් වැඩිමහල් දරුවා මෙවර උසස් පෙළ ඉහළින් සමත්ව වෛද්‍ය පීඨයට යාමට සුදුසුකම් ලබා සිටියද, ඒ දරුවා අපොස සා පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටියේ දැඩි පිඩාවන් අතර බවත් දෙවන දරුවා ඒ තත්වයට බිලි නොවේවා යයි ප්‍රාර්ථණා කළේය. ලෝකයම මුහුණ දුන් කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 දෙසැම්බර මාසයේ සාමාන්‍ය පෙළ විභාගයට කාලයේ පෙනී සිටිය යුතු වුවත් ඔහු විභාගයට පෙනී සිටියේ 2021 මාර්තුවේ බවත් එකී විභාග ප්‍රතිපලය ජූනි මාසයේ නිකුත් විය යුතුව තිබුණද, දීමනා ඉල්ලා කළ ගුරු වර්ජන හේතුවෙන් ප්‍රතිපල නිකුත් කිරීම හය මාසයකින් පමා වීම හේතුවෙන් පාසල් සිසූන් අපේක්ෂා භංගත්වයෙන් විඳි පීඩාවට තවත් දරුවන් මුහුණ නො දිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

 

අ.පො.ස. උත්තර පත්තර බැලීම පමා වෙයි2022 ජූලියේ යළි පාසල් ආරම්භ වුවද, 2023 දෙසැම්බරයට නියමිත උසස් පෙළ විභාගය 2024 මාර්තු තෙක් ඇදී ගියේය.
පමා වී සාපෙළ ප්‍රතිපල ලබා ගත් තම දරුවා ඇතුළු සිසූන් උසස් පෙළ පන්ති යාම ආරම්භ වීමත් සමග ඇතිවූ ආර්ථීකය හැකිළී යාමෙන් යළි මානසිකව ඇද වැටුණ අතර, 2022 ජූලියේ යළි පාසල් ආරම්භ වුවද, 2023 දෙසැම්බරයට නියමිත උසස් පෙළ විභාගය 2024 මාර්තු තෙක් ඇදී ගියේය. එවරද ප්‍රතිපල නිකුත් කිරීම දීමනා මුල් කර ගත් ගුරු වර්ජන නිසා යළිත් පමා වූ බව මතක් කළ ඒ නීතිඥ වරයා මේ කියන කාලයේ විභාගවලට පෙනී සිටි දරුවන්ට පාසල් පද්ධතියෙන් ලැබුණ සහායක් නොවූ අතර, ඔවුන් විභාග දෙකට මුහුණ දුන්නේ තමන් තුළ වූ දරා ගැනීමේ හැකියාව මෙන්ම උපකාරක පන්ති පිහිට නිසා බව සිහිපත් කළේය. එක් ශිෂ්‍ය පරම්පරාවක් තම තීරණාත්මක විභාග දෙක සඳහා මෙසේ විඳි පීඩාව ජනාධිපති වික්‍රමසිංහ අවබෝධ කරගෙන සිටින බව ඔහුගේ ඉහත දැක්වූ කතාවෙන් පිළිබිඹුවන අතර, ඊට සිසූන් මෙන්ම දෙමාපියන්ද සහාය ලැබිය යුතු බව කීය.

 

වසංගත ඇඳිරිය උසස් පෙළ විභාගය කරුවල කරයි
imagesමේ ඛේදවාචකයට අදාළව තවත් කතාවක්, 2024.05.04 දින ලියා පළ කළ ගුරු සේවයේ අමුඩයන් සහ දිසාපාමොක්වරු ලිපිය අනුව, ලංකාවේ උසස් පෙළ ටියුෂන් සඳහා දෙමාපියන් වසරකට රුපියල් බිලියන 20කට වඩා අධික මුදලක් වැය කරන බවට ජෝෂප් ස්ටාර්ලින් මොනරා පත්‍රයට කළ ප්‍රකාශය සමග 2021දී ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාව හා පුද්ගලික අංශයේ පාසල් අතර වෙනස 374ක් බව  අමතක නො කළ යුතුවේ.

එසේම දිගු කලක් වැසී තිබුණ පාසල් පද්ධතිය 2022 ජූලියේදී රනිල් රටේ ජනාධිපති වී පැය 48ක් තුළ විවෘත කිරිමේ වාසිය, ගුරු වර්ජන හේතුවෙන් තවමත් පාසල් දරුවන්ට අහිමි වී යාම නම් අවාසනාවකි. දීමනා වැඩි කරන්නැයි විභාග රාජකාරි නවතා මහා මාර්ගය අවහිර කරමින් ගුරු වර්ජකයන් වරක් ඉල්ලා සිටි සාකච්ඡාව, උසස් පෙළ ප්‍රතිපල නිකුත් කරන තෙක් ලබා නො දෙන බව කළ දැනුම්දීම අසා සිටි, 2024 උසස් පෙළට පෙනී සිටි ගුරු යුවලකට සිටි එකම දරුවා අත්පොළසන් දී උඩ පැන්නේය. දරුවාගේ හැසිරීම නිරීක්ෂණ්‍ය කළ ආණ්ඩු පෙරළන ගුරු සටනට එක්ව සිටි උසස් පෙළ පන්ති භාර ගුරුවරියකවූ අම්මා කාටද අප්පුඩි ගැහුවේ රනිල්ටදැයි කෝපයෙන් විමසුවාය. එහිදී දරුවා හැරෙන තැපෑලෙන් දුන් අම්මාට දුන් නෑ විභාගයට ලිව්ව අප වෙනුවෙන් ගත්ත තීරණයට… අර අම්මා වහා කුස්සියට ගියාය. (උපුටා ගැනීම 2024.05.04 ගුරු සේවයේ අමුඩයන් සහ දිසාපාමොක්වරු ලිපිය) දරුවන්ට වඩා දේශපාලනය ලොකු කරගත් ගුරු වෘත්තික අම්මලාත් සිටින රටේ රනිල් වික්‍රමසිංහ කරන මේ අරගලය ශක්තිමත් කළ යුත්තේ මාසික වැටුප් නො ලබන පන්තියේ පුරවැසි දෙමාපියන් විසිනි.

 

ගුරු-මුල්ගුරු වැඩ වර්ජනය ශතකයක් වාර්තා කර නොනැවතී පෙරටම2021දී පැවති ගුරු වර්ජනය
2021දී පැවති ගුරු වර්ජනය අළලා පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් නමින් ගුරු සිත රිදිලාද යනුවෙන් 2021 අගෝස්තු 06 සිකුරාදා දිනපතා ලංකාදීපයේ කිවිදා දැක්ම හැටියට පළ කළ ලිපියේ ගුරු වර්ජන ගැන දැක්වූ සමහර ප්‍රකාශ මෙසේය. ”අපේ ආණ්ඩුවට ඡන්දය දුන් සමහරුන්ද වර්ජනයට සම්බන්ධ බව කියා සිටි ලියුම්කරු, කොවිඩ් තහංචි උල්ලංඝණය කළ වෘත්තීය සමිති කාරයන් නිරෝධායනයට ගෙන යාමට එරෙහිව පාරට බැස්ස ගුරු සේවයේ 249,944ක ගෙන් 121,569ක් හෙවත් හරි අඩක් නිසි සුදුසුකම් සපුරා නැත්තෝ වෙති. ගුරු වර්ජනයේ සැබෑ අරමුණ, වැටුප් විෂමතා නොවේ. 1994දී ආරම්භ වූ වැටුප් විෂමතා ගැටලුවට, ඉල්ලා සිටි විසඳුම් 27 වසරක් රට කරවූ ආණ්ඩු 7ක් ලබා දී නැත. (මහාචාර්ය චරිත හේරත් හෙළි කළ) එකී 27 අවුරුදු ඉතිහාසයෙන් හත් වසරක් රනිල් දෙවරක් අගමැතිව සිටි අතර, ඉතිරි විසි වසරම බලයේ සිටියේ ශ්‍රීලනිප පොදු පෙරමුණු සහ ජවිපෙ සභාගයන්ය.

චරිත හේරත් සිය ලිපියෙන් මෙසේ ගුරු සේවය සවුත්තු කළද, ජනාධිපති වික්‍රමසිංහ තම පාලනය තුළ පොදුවේ ගුරුවරුන්ට දෙවරකට රුපියල් 15000ක වැටුප් වැඩිවීමක් ලබා දී තිබේ. එසේම අයාලේ ගිය ගුරු සේවයට නිසි බඳවා ගැනිමේ සහ පුහුණුව ලබා දීමේ නිත්‍ය වැඩ සටහන් හඳුන්වා දෙමින් ගුරු ශිෂ්‍ය දෙ පාර්ශවයටම ධනාත්මක වටිනාකම් රනිල් වික්‍රමසිංහ අඛණ්ඩව ලබා දුන් බවගුරු සේවයේ බහුතරයකට මතක නැත.

 

FUTA 1රටේ අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් ඉල්ලීම මෙන්ම ගුරු සේවය අත්‍යාවශ්‍ය කරවිමද කඩිනමින් සිදුවිය යුත්තකි.

අධ්‍යාපනයට 6%ක රාජ්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටින දේශපාලනඥයන් වර්තමානයේ ගුරු සංහතිය කඩේ යැවීම ගැන කතා කරන්නේ නැත. රටේ අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් ඉල්ලීම මෙන්ම ගුරු සේවය අත්‍යාවශ්‍ය කරවිමද කඩිනමින් සිදුවිය යුත්තකි. නවසිය අසූ ගණන්වල පාසල් දරුවන් පාරට බැස්සූ අධ්‍යාපන ධවල පත්‍රීකාව රනිල් වික්‍රමසිංහගේය. තානායම්වලට කැඳවා ගුරු පත්වීම් දුන් ක්‍රමය අවසන් කළ, විද්‍යා පීඨ ක්‍රමය රනිල් වික්‍රමසිංහගේය. ජාතික අධ්‍යාපන ආයතනය රනිල් වික්‍රමසිංහගේය. විදුහල්පති ක්‍රමය ශ්‍රේණි ක්‍රමය ආදි ලෙස, කන්නන්ගර යුගයෙන් මෙපිට ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි යම් සාධනීය වෙනසක් සිදු කළා නම් ඒ සියලු  මැදිහත්වීම් රනිල් වික්‍රමසිංහගේය. එසේම කොවිඩ් වසංගතය සහ ආර්ථීක කඩා වැටීම හේතුවෙන් වසර ගණනාවක් වැසී ගිය පාසල් පද්ධතිය 2022 ජූලියේ තමන් බලයට පත්ව එක් රැයකින් විවෘත කරවීමට පියවර ගත්තේද ජනාධිපති වික්‍රමසිංහ විසිනි.

තුන්සිය හැටපස් දවසක පාලනය නමින් 2023 අගෝස්තු 15 දින පළ කළ මගේ ලිපියේ මෙසේ දැක්වේ. ”මහනුවර ප්‍රදේශයේ මෙවර උසස් පෙළට ලියන දරුවන් සහභාගි වන උපකාරක පන්තියක දේශපාලන විද්‍යා පාඩම අවසානයේ සාකච්ඡා වාරය ආරම්භ කරමින්, ඉදිරි මැතිවරණයේදී පුතාලා ඡන්දය දෙන්නේ කාටදැයි ගුරුවරිය විමසා සිටියාය. පන්තියට පැමිණි සිටි දරුවන් 39 දෙනාගෙත් 37 දෙනෙකුගේ උත්තරයට රනිල් වික්‍රමසිංහ යන්නය. ඉතිරි  දෙදෙනා මාලිමාවටය. කිසි විටෙකත් තමන් අපේක්ෂා නො කළ මේ පිළිතුරෙන් විමතියට පත් ගුරුවරියට දරුවන් දැක්වූ හේතු කාරණා මෙසේය. වසර හතරකට ආසන්න කාලයක් වැසී තිබුණ පාසල් විවෘත කිරීමට රනිල් හැර වෙනත් කිසිදු දේශපානඥයෙකු මුල් නො වීමත්, රනිල් යහ පාලන කාලයේ  අගමැතිව සිටියදී සැලසුම් කළ ආකාරයට ලැප්ටොප් සහ නොමිලේ වයිෆයි ලබාදී තිබුණා නම්, කොවිඩ් කාලයේ ඔන් ලයින් භාවිතයට ගස් කඳු මුදුන් සහ වහල මතට නැගීමට සිදු නොවීමත් ය. ලැප්ටොප් භාවිතයෙන් දරුවන් වඳ වෙතී සහ අශ්ලීල රූප නරඹතී ආදි චෝදනා නගමින් විපක්ෂය එකී ව්‍යාපෘති කඩා කප්පල් කිරීම වැඩිහිටියන්ට වඩා මතක තියෙන්නේ දරුවන්ටය. එසේම රනිල් ජනාධිපතිවී පැය හතළිස් අටක් ඇතුළත පාසල් විවෘත කරවීමත් උසස් පෙළ උත්තර බලන තේක වර්ජකයන් සමග කතා නො කරන බවට ජනාධිපති වරයා ගත් තීරණයත් පාසල් සිදු පරපුර කිසිදාක අමතක නො කරනු ඇත.” (උපුටා ගැනීම අවසන්ය.)

 

පාසල් දහසක්' ව්‍යාපෘතියෙන් කුඩා පාසලට කණකොකා හඬන ලකුණුවසංගත සහ ආර්ථීක හේතු නිසාවෙන් තුන් වසරකට ආසන්න කාලයක් බිඳ වැටී තිබුණ පාසල් පද්ධතිය
වසංගත සහ ආර්ථීක හේතු නිසාවෙන් තුන් වසරකට ආසන්න කාලයක් බිඳ වැටී තිබුණ පාසල් පද්ධතිය රනිල් විසින් යාවත් කාලීන කළ පසුව, මුල් වරට උසස් පෙළ ලියා මෙවර කඩිනමින් ප්‍රතිපල ලබා ගත් 2004දී උපන් විසි හැවිරිදි සිසු පරපුර 2024දී සිය පළමු ඡන්ද අයිතිය පාවිච්චි කිරීමට නියමිත අතර, (නිදහස් ලංකාවට සියක් වස් පිරෙන 2048දී හතළිස් හතර හැවිරිදි පුර වැසියන් වන) ඒ කිසිදු සිසුවෙකුට උසස් පෙළ විභාගය සඳහා අවශ්‍ය දැනුම ලබා දීමට රජයේ පාසල් පද්ධතිය හිලව් සැසි හෝ පැවැත්වීමට ක්‍රියා කළේ නැත. එහෙත් අවාසනාව වන්නේ 2023 දෙසැම්බර් වලට සැලසුම් කළ උසස් පෙළ විභාගය පවා එක් මසකින් කල් ගියේ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්න හේතුවෙනි. කොහේදෝ කියවූ කතාවක් සාරාංශ කොට දක්වමින් මේ ලිපිය අවසන් කරමි.

 

ගුරු දිනය වෙනුවෙන් ගුරුවරයා නම් උත්තම පුරුෂයා නිරූපනය කෙරෙන ප්‍රතිමාවක් නිර්මානය කරවා ගැනීමට දෙවියන් භාර දී වසර කිහිපයක් හෙවක් ගුරු දින ගණනාවක් යන තෙක් එකී ඉල්ලීම ඉටු නොවූයෙන් එකී ප්‍රතිමාව නිර්මානය කරන ලෙස ඉල්ලා සිටි පිරිස දෙවියන් හමුවී පමාව ගැන විමසූ විට, දෙවියන් දුන් පිළිතුර මෙසේය.

මෙය ඛෙහෙවින් දුෂ්කර කාර්යකි. විශ්වය නිර්මානය කළ තරම් පහසුවෙන් පරිපූර්ණ ගුරු භූමිකාව නිරූපනය කෙරෙන ප්‍රතිමාවක් නිර්මානය කිරීම දෙවියන් වන අපටද දුෂ්කර වේ. එකී පිළිතුරෙන් අපහසුවට පත් මිනිස් ක්‍රියාකාරිහූ එකත්පස්ව මෙසේ කීහ.

ගුරුවරයා සහ ගුරුකම විග්‍රහ කෙරෙන බොහෝ පොතපත විවිධ භාෂාවන් ගෙන් මිනිස් ලෝකයේ ලියැවී තිබේ. ඔබගේ ප්‍රයෝජනය පිණිස අප එකී පතපොත කඩිනමින් ඔබට ගෙනැවිත් දීමට අවසර ඉල්ලා සිටිමු. එවිට දෙවියන් සිනාසී ඔවුන් මෙසේ කීය.

අවශ්‍ය නැත. සැබෑ ගුරුවරයා හඳුනා ගත හැකි සියලු කරුණු මා සතුව පවතී. එසේ කී දෙවියන් ගුරුවරයා හඳුනා ගත හැකි ලක්ෂණ එකින් එක මෙසේ මෙසේ විස්තර කළේය. ගුරුවරයාට සිසූන් සමග ජීවත් වෙමින් ඔවුන්ට ඉහළින් තීරණ ගැනීමේ ශක්තිය පැවතිය යුතුවේ. තේ කෝප්පයකින් හෝ ඉතිරි වූ කෑමකින් වේල පිරිමසා ගන්නා තරමට නිහතමානි විය යුතුවේ. ගුරුවරයා මනා දැනුමකින් යුක්තව එකී දැන්ම සියලු සිසූන්ට අවබෝධ කර දිය හැකි ශක්තිවන්තයෙක් විය යුතු අතර හැම විටකම නිවැරදි විය යුතුය. එසේම තමන් කෙරෙහි වැය කරන කාලයට වඩා අනුන් කෙරෙහි කාලය කැප කිරිමට හැකි විය යුතුවේ. වැටුප් කප්පාදුවකදී මෙන්ම ගැටළු සහගත දරුවන් නිසා කනස්සල්ලට පත්ව සිටින දෙමාපියන්වද ධෛර්යමත් කළ හැකි තරමට ශක්තිමත් විය යුතුවේ. අධ්‍යාපනය ලබා දීමේදී දෙමාපියන්ගේ අවධානයෙන් ගිළිහුණ දරුවන්ටද ගුරු පමණක් නොව දෙගුරුද වෙමින් ඔවුන් යහමගට යොමු  කළ හැකි විය යුතුවේ. මේ සියලු චරිත ස්වභාවයන් යුක්ත ගුරු භූමිකාව කිසි විටෙක දැවයෙන් මැටියෙන් ගලකින් නිර්මානය කළ නො හැකිය. දෙවියන් පාසල් නොයන හෙයින් කිසි දිනෙක පාසල් නො ගිය දෙවියෙකු වන මට සැබෑ ගුරුවරයෙකු හමු වී නැත. සැබෑ ගුරුවරුන් සිටින්නේ පන්ති කාමරවල මිස, මහපාරේ නොවේ. දෙවියන්ගේ කතාව ඇසූ පිරිස හිස් අතින් ආපසු මිනිස් ලොවට පැමිණියහ.
කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

නිදහස් ලේඛක
sugathcb@gmail.com

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *