| |

ණය, සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස – සී ජේ අමරතුංග ( විකල්පයක් නැත පොතෙනි )

රාජ්‍ය ණය පිළිබඳව සාකච්ඡා කරන විට සාමාන්‍ය ජනයා අතර සමහරු ප්‍රශ්න කරන්නේ මෙතරම් ණය ගැනීම හරි ද යනුවෙනි. මේ ණය ගෙවා අවසන් කරන්නේ කවදා ද යනුවෙන් ද ප්‍රශ්න කරන උදවිය ද සිටිති.

නමුත් තේරුම් ගත යුතු වැදගත් කරුණක් වන්නේ ණය යනු  සංවර්ධන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය සාධකයක් බව යි.

ලෝකයේ දියුණු ම රටවල් දෙස බලා ඔවුන්ගේ ණය ප්‍රමාණ සොයා බැලුවහොත් අපට පෙනෙන්නේ ඒ හැම රටක් ම විශාල ලෙස ණය වී සිටින බව යි. ලෝකයේ වෙනත් රටවලට ණය දෙන රටවල් ද විශාල ලෙස ණය වී තිබෙන ආකාරය සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කරයි.

එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ සංවර්ධන සමුළුව හෙවත් අන්ක්ටාඩ් (UNCTAD ) සංඛ්‍යා ලේඛන අනුව මේ වන විට ලෝකයේ වැඩි ම ණය ගැති රාජ්‍යය වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. 2022 දී එක්සත් ජනපදයේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 30,985 කි. දෙවැනි තැනට එන චීනයේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15,995 කි. ජපානය ණය වී ඇති ප්‍රමාණය ඩොලර් බිලියන 11,051 කි. බ්‍රිතාන්‍යය ඩොලර් බිලියන 3,152 ක්, ප්‍රංශය බිලියන 3,072 ක් , ජර්මනිය බිලියන 2,711 ක් සහ ඉතාලිය බිලියන 2,911 ක් ලෙස ණය වී ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සංඛ්‍යා ලේඛන අනුව ජපානය තම දළ දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 214.27 ක ප්‍රමාණයක් ණය වී ඇත. ඉතාලියේ එම සංඛ්‍යාව සියයට 140.57 කි. ඇමෙරිකා එක්සත් ජනපදය තම දළ දේශීය නිෂ්පාදනය මෙන් සියයට 110.15 ක් ණය වී ඇති අතර බ්‍රතාන්‍යයේ එම සංඛ්‍යාව 100.75ක් ද ,ප්‍රංශයේ 92.15 ක් ද වෙයි.

සංවර්ධනයේ ආදර්ශයක් ලෙස අප කතා කරන සිංගප්පුරුවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතය මෙන් සියයට 135.86 කි.

මෙයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය 100%ට මඳක් වැඩි අගයක පවතී.

මෙයින් පෙනී යන්නේ ණය යනු සංවර්ධනය සමග එකට පවතින අත්‍යවශ්‍ය සාධකයක් බව යි. මෙම රටවල් ධනවත් වන විට අනෙක් පසින් සිදුව තිබෙන්නේ ණය ගැති භාවය ද වර්ධනය වීම යි.

මෙම කරුණ තේරුම් ගැනීමට දේශපාලන ආර්ථික විද්‍යාවේ සංකල්ප භාවිත කළ යුතුව ඇත. එය වෙන ම අභ්‍යාසයකි. එසේ වුවත්, මෙහි දී තේරුම් ගත යුතු කරුණ වන්නේ ණය යනු සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක් බව යි.

මෙය තේරුම් ගැනීම අවශ්‍ය වන්නේ සංවර්ධනය සඳහා ණය ගැනීම සහ ණය අර්බුද ඇතිවන ලෙස ණය ගැනීම අතර වෙනස හඳුනා ගැනීම සඳහා ය. එමෙන් ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉන් පසුව ද ණය ගැනීම අවශ්‍ය වීමේ කාරණය මෙන් ම, එලෙස ණය ගැනීමේ දී එය ඵලදායී ආකාරයෙන් සිදු කිරීම ගැන ද එමගින් අදහසක් ඇතිකර ගත හැකි වෙයි.

ඉහත කී ධනවත් රටවල් ඔවුන්ගේ ණය ගෙවා අවසන් කරන්නේ කවදා ද කෙසේ ද කියා ප්‍රශ්නයක් කෙනෙකුට විමසිය හැකි ය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතැම් පිරිස් දැනටමත් මෙම ප්‍රශ්නය මතුකරන බව පෙනෙන්නට තිබේ.

ඉහත ප්‍රශ්නයට පිළිතුර වන්නේ වත්මන් ආර්ථික ක්‍රමය සහ සංවර්ධන ක්‍රියාවලිය තුළ කිසිදු රටක් ණය ගෙවා අවසන් කරන්නට කල්පනා නොකරන බව යි. ඔවුන් කල්පනා කරන්නේ ණය පවත්වාගෙන යෑම සම්බන්ධයෙනි. ණය සේවා කරණය ලෙස හඳුන්වන එහි දී අවධානය යොමු කරන්නේ ණය වාරික සහ පොළී ගෙවමින් ණය පවත්වාගෙන යෑම යි. ඒ අතර ඇතැම් ණය ගෙවා අවසන් වන අතර අලුතින් ණය ගැනීම ද සිදු වනු ඇත.

ඉහත ප්‍රශ්නයට පිළිතුර වන්නේ වත්මන් ආර්ථික ක්‍රමය සහ සංවර්ධන ක්‍රියාවලිය තුළ කිසිදු රටක් ණය ගෙවා අවසන් කරන්නට කල්පනා නොකරන බව යි. ඔවුන් කල්පනා කරන්නේ ණය පවත්වාගෙන යෑම සම්බන්ධයෙනි. ණය සේවා කරණය ලෙස හඳුන්වන එහි දී අවධානය යොමු කරන්නේ ණය වාරික සහ පොළී ගෙවමින් ණය පවත්වාගෙන යෑම යි. ඒ අතර ඇතැම් ණය ගෙවා අවසන් වන අතර අලුතින් ණය ගැනීම ද සිදු වනු ඇත.

මෙම සංවර්ධන ක්‍රියාවලියේ දී ණය ඉටුකරන තීරණාත්මක කාර්යභාරය ලෝකයේ ප්‍රධාන රටවල් සහ ආර්ථික විද්‍යාඥයින් තේරුම් ගත්තේ මීට බොහෝ කටකට පෙර දී ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන පද්ධතියක් ඇති කරන්නේ ලෝකයේ සියලු රටවල ණය අවශ්‍යතා සැලකිල්ලට ගෙන එම ප්‍රශ්නවලට විසඳුම් දීම සඳහා ය. මේ වන විට ඒ සඳහා ආයතන විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක ය.

ජාත්‍යන්තර සංවිධාන ජාලයට අමතර වශයෙන් බොහෝ රටවල් තමන්ගේ ම ණය සහ ආධාර ව්‍යාපෘති ද ක්‍රියාත්මක කොට ඇත. ඒ සියල්ල ක්‍රියාත්මක වන්නේ සංවර්ධනය සඳහා ණය අවශ්‍යතාවය පිළිබඳ තිබෙන පොදු පිළිගැනීම හේතුවෙනි.

ධනය නිෂ්පාදනය වන්නේ ණය මගින් ය යන අදහස මුලින් ම ඉදිරිපත් කොට ඇත්තේ කාල් මාක්ස් විසිනි. ඔහු එය ඉදිරිපත් කළේ ධනවාදී නිෂ්පාදන මාදිලිය තුළ නිපදවෙන අතිරික්තය පැමිණෙන්නේ කොහෙන්ද යන ප්‍රශ්නයට පිළිතුරු සපයමින් ය. ඔහු ප්‍රශ්න කළේ ධනපතියා යොදවන ධනයට වැඩි මුදලක් අවසානයේ ඉවත් කර ගන්නේ කෙසේ ද යනුවෙනි. කාල් මාක්ස් පෙන්වා දුන්නේ එම අමතර මුදල ලැබෙන්නේ ණය ක්‍රමය මගින් බව යි. ණය සහ සංවර්ධනය පිළිබඳ දේශපාලන ආර්ථික විද්‍යා විශ්ලේෂණයක දී කාල් මාක්ස්ගේ එම අදහස ප්‍රවේශයක් ලෙස භාවිත කළ හැකි වනු ඇත.

ධනය නිෂ්පාදනය වන්නේ ණය මගින් ය යන අදහස මුලින් ම ඉදිරිපත් කොට ඇත්තේ කාල් මාක්ස් විසිනි. ඔහු එය ඉදිරිපත් කළේ ධනවාදී නිෂ්පාදන මාදිලිය තුළ නිපදවෙන අතිරික්තය පැමිණෙන්නේ කොහෙන්ද යන ප්‍රශ්නයට පිළිතුරු සපයමින් ය. ඔහු ප්‍රශ්න කළේ ධනපතියා යොදවන ධනයට වැඩි මුදලක් අවසානයේ ඉවත් කර ගන්නේ කෙසේ ද යනුවෙනි. කාල් මාක්ස් පෙන්වා දුන්නේ එම අමතර මුදල ලැබෙන්නේ ණය ක්‍රමය මගින් බව යි. ණය සහ සංවර්ධනය පිළිබඳ දේශපාලන ආර්ථික විද්‍යා විශ්ලේෂණයක දී කාල් මාක්ස්ගේ එම අදහස ප්‍රවේශයක් ලෙස භාවිත කළ හැකි වනු ඇත.

කෙසේ වෙතත්, මෙහි දී මතක තබා ගත යුතු කරුණ වන්නේ අපගේ අරමුණ විය යුත්තේ ණය නැති රටක් බිහිකිරීම නොවන බව යි. එය අපට කිසිදාක කළ නොහැකි වනවා මෙන් ම එයට උත්සාහ දැරීම ද ආර්ථික සංවර්ධනයට හානිකර වෙයි.

අපගේ ඉලක්කය විය යුත්තේ ණය අර්බුදයක් නොවී පවත්වාගෙන යමින් රට සංවර්ධනය කිරීම යි.

ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වූ ඉලක්ක දෙකක් අප ඉදිරියේ ඇත. එනම්, වාර්ෂික ණය ගැනීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5 කට සීමා කිරීම සහ සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 65 ක් නොඉක්මවන සේ පවත්වා ගැනීම යි.

ණය ගැන සහ ණය අර්බුදයක් වීම ගැන ඉහත කී කරුණු තේරුම් ගැනීම ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සඳහා මෙන් ම යළිත් අර්බුදයකට ගමන් නොකිරීම සඳහා අපට අතිශයින් වැදගත් වෙයි.

විකල්පයක් නැත – ආර්ථික අර්බුදය සහ විසඳුම් ගැන විමසුමක් – සී ජේ අමරතුංග පොත් පිංචෙන් උපුටා ගැනිණි.

 ප්‍රකාශනය – We Have A Dream සමුහිකය

බෙදාහැරීම – සරසවි පොත්හල

මිල – රුපියල් 200 යි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *