|

2027 වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලර් බිලියන 100 ඉක්මවා යනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාව ඉදිරි වසර කිහිපයේ දී වේගවත් ආර්ථික වර්ධනයක් ලබනු ඇති බවත්, 2028 වම විට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 100 ඉක්මවා යනු ඇති බවත්, රාජ්‍ය මුදල් කමිටුවේ සභාපති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා කියන්නේ මුල්‍ය අරමුදලේ තක්සේරුව වන ඩොලර් බිලියන 88.6 ට වඩා අපගේ දළ දේශීය නිෂ්පාදිතය බොහෝ වැඩි වනු ඇති බව යි.

සියයට 28 ක ණය කප්පාදුවකට බැඳුම්කර හිමියන් එකඟ වී ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතය බිලියන 88.6 වන්නේ නම් බවත්, ආර්ථිකය ඩොලර බිලියන 100 ඉක්මවා යන බැවින් අපට ලැබෙන ණය කප්පාදුව අඩු වනු ඇති බවත්, එය සියයට 15 දක්වා අඩුවිය හැකි බවත් ඒ මහතා කියයි.

ශ්‍රී ලංකා රජය බැඳුම්කර හිමියන් සමග ඇතිකර ගත් සම්මුතිය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *