|

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමත් සාර්ථකයි ; ඩොලර් බිලියන තුනක ණය කපාහරී

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ශ්‍රී ලංකාවේ ණය සඳහා සියයට 28 ක ණය කැපීමකට එකඟ වී ඇති බවත්, ඒ අනුව ඩොලර් බිලියන තුනකට ආසන්න ණය කපා හැරීමක් සිදුවනු ඇති බවත්, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඩොලර් බිලියන 12.25 ක් වටිනා බැඳුම්කර වෙනුවට ඩොලර බිලියන 9.36 ක් වටිනා නව බැඳුම්කර හුවමාරු කර ගැනීමට එකඟ වී තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මුල්‍ය අරමුදලේ පුරෝකතනවලට වඩා අඩු වුවහොත් ණය කප්පාදුව සියයට 40 ක් ඉක්මවා වැඩි කිරීමට ද එකඟ වී ඇතැයි කියති.
එමෙන් ම හොඳින් ණය ගෙවිය හැකි ලෙස ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධනයක් ලබන්නේ නම් ණය කැපීම අඩු කිරීමට එකඟ වී ඇති අතර එහි අවම අගය සියයට 15 ක් වෙයි.
අකතු වූ ණය පොලිය සඳහා ද සියයට 11 ක කපා හැරීමක් හිමිවන අතර ඒ සඳහා සියයට 4 පොලියකට නව බැඳුම්කර නිකුත් කරනු ඇත.
බැඳුම්කර කල් පිරීම 2033 සිට 2038 දක්වා දීර්ඝ කර ඇති බව ද වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන මෙම කොන්දේසි සම්බන්ධයෙන් දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා  කළේ ඊයේ (03) දිනයේ දී අදාළ එකඟතාවයකට පැමිණ ඇති බවය.

වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ දේශීය ණය සහ ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට පෙර අවසන් කරනු ලැබී ය. මෙම එකන්ගත්වයත් සමග ණය ප්‍රතිව්‍යුහගත කරණ ගිවිසුම් ගත වීම සම්පුර්ණ වෙයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *