|

ශ්‍රිලනිප – ලන්සා නව සන්ධානයේ වැල්ලවාය රැලිය – රටේ රාළ

ලන්සා – ශ්රිලනිප නව සන්ධානයේ දෙවෙනි ජන රැලිය පහුගිය 29 වෙනිදා වැල්ලවායේදී පැවැත්වුනා.ඇත්තටම ඒකත් අති සාර්ථක මහජන රැලියක්.රැළියට සෙනඟ ගෙනත් තිබුණේ ජගත් පුෂ්පකුමාර මන්ත්රීවරයා.වෙනත් දිස්ත්රික්කවලින් සෙනඟ ඇඳපු බවක් පේන්න තිබුණේ නෑ.ශ්රිලනිප ආසන සංවිධායකයන් සෑහෙන්න ප්රමාණයක් මේ රැස්වීමට පෞද්ගලිකව සහභාගීවෙලා හිටියා.
දැන් ශ්රිලනිපය සම්පුර්ණයෙන්ම වගේ විජේදාස – මෛත්රී පාර්ශවයෙන් ගැලවීලා නිමල් සිරිපාල – දුමින්ද පාර්ශවයට එකතුවෙලා.
ඇත්තටම දැන් ශ්රිලනිපය කියලා කියන්න ඕනි නිමල් සිරිපාල – දුමින්ද පාර්ශ්වයට.දැන් ලන්සලා ශ්රිලනිපයත් එක්ක හදන සන්ධානයටත් අලුත් නමක් දාගන්න වෙයි.මෛත්රී – විජේදාස පාර්ශවය දේශපාලන වශයෙන් නන්නත්තාරම වෙලා ගියා. සමහරවිට විජේදාසටත් දැන් වැරදුන බව තේරිලා ඇති.විජේදාසට යම් සමාජ වටිනාකමක් තිබුණා නම් එකත් නැතිවුනා.
ඇත්තටම විජේදාස පව්.ඔහොම ලණුවක් කාපු පළවෙනි ජනාධිපති නීතිඥයා විජේදාස වෙන්නත් පුළුවන්.වැල්ලාවාය රැලියෙන් උන ලොකුමදේ ශ්රිලනිපයේ බලය ඉහල සිට පහලටත්,පහල සිට ඉහලටත් මෛත්රී – විජේදාස පාර්ශවයෙන් ගැලවිලා දුමින්දලාට අතට ආපු බව නැවත වරක් තහවුරු වීමයි.මේ රැස්වීමේදී ලන්සලාගේ නව සන්ධානයයේ මෙහෙයුම් නායක අනුර ප්රියදර්ශන යාපා නව සන්ධානය කියන්නේ මොකද්ද කියන එක ගැන පැහැදිලි කරමින් බොහොම හරවත් කතාවක් කළා.
අනුර ප්රියදර්ශන රාජපක්ෂලාට දෙන්න ඕනි උත්තරත් හරියටම දුන්නා.විශේෂයෙන්ම මේ දවස්වල තැන තැන කට කියව කියව යන නාමල්ට සහසුද්දෙන්ම කියලා දුන්නා.නාමල්ලා ආයෙත් ඉස්සරහට දාගෙන එන ” ජාතික සමිපත් විකුණනෝ ” කෑල්ලට කුඩු වෙන්නම දුන්නා.නාමල් කියන්නේ 2028 වෙනකන් ණය ගෙවන කාලය දීර්ඝ කර ගත්තත් 2028 වෙනකොට මේ විකුණන විදිහට කිසිම ජාතික සම්පතක් ඉතිරි වෙන එකක් නෑ කියලයි.
ජාතික සම්පත්වලට රාජපක්ෂලා කළේ මොකද්ද කියලා රට බංකොලොත් කරන්න වගකියන්න ඕනි කවුද කියලා ශ්රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවෙන් පැහැදිලි වෙනවා.එතන රාජපක්ෂලා තුන් දෙනෙක්ගේ නම් තියනවා.ජනාධිපති ගෝඨාභය,අගමැති මහින්ද සහ මුදල් ඇමති බැසිල් එතන ඉන්නවා.රටේ තියන සියලු සම්පත් තමන්ගේ පවුලේ බූදලයක් විදිහට පාවිච්චි කරපු නාමල්ලා ලැජ්ජා නැතිව තවත් ජාතික සම්පත් ගැන කතා කරනවා.
ජාතික සම්පත් නෙවෙයි සුනාමියෙන් අසරණ වුන ජනතාවට හම්බ උන විදෙස් ආධාරවලට මොකද්ද නාමල්ගේ අප්පොච්චා කළේ කියලා හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා කිව්වා.සරත් එන් කිව්වේ ඒ නඩුවෙන් පව් කියලා මහින්දව නිදහස් කළා කියලයි.නැත්තං ඔය ජනාධිපති පට්ටමත් නෑ කියලයි.අනුර ප්රියදර්ශන ඉතා පැහැදිලිව ශ්රි ලංකා ගුවන් සේවයට රාජපක්ෂලා අත්කරපු ඉරණමෙන් රටට සහ ජනතාවට වෙච්චි විනාශය පැහැදිලි කළා.
චන්ද්රිකාගේ ආණ්ඩුවෙන් එම්රේට්ස් ගුවන් සේවයත් එක්ක ශ්රී ලංකා ගුවන් සමාගම ඒකාබද්ධ කරලා ලාබ ලබපු එක නතර කරලා මහින්ද ඒක ආයෙත් පවර ගත්තා.අරගෙන මහින්දලාගේ නෑදෑයින්ගෙන් ගුවන් සමාගම පිරෙව්වා.අන්තිමට ලාබ ලබපු ආයතනය බංකොලොත් වුනා.ඒ බංකොලොත් වෙන මුදල රාජ්ය භාණ්ඩාගාරයෙන් ගෙවන්න සිද්ධ වුනා.ඒ කියන්නේ අපේ බදු මුදල්වලින්.
මහින්දලාගේ ඥාති හිතවතුන් එයා ලංකා එකත් බංකොලොත් කරලා,රටත් විනාශ කරලා හොඳට පඩි සහ වරප්රසාද කාකා හිටියා.කුප්රකට එයා බස් ගනුදෙනුව ගැන අමතක වෙන්න මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ.වැල්ලවාය රැලිය සජබයට සහ මාලීමාවට නැගීගෙන එන අභියෝගක් බව නැවතත් ඔප්පු වුනා.මේ දක්වා එයාලා ගිය හැම තැනම සජබයට සහ මාලිමාවට සමානව හරි නැත්තං ඊට වැඩි සෙනඟක් එකතු කළා.
වැල්ලවාය රැලියෙන් වැඩිපුරම රිදෙන්න ඇත්තේ රාජපක්ෂලාට.රට,පවුලේ කට්ටිය අතර බෙදාගෙන පාලනය කිරීමේ රාජපක්ෂ ක්රමයට අයිති එක තැනක් තමයි මොණරාගල කියලා කියන්නේ.මොණරාගල ශෂීන්ද්රට,මාතර නිපුණට, ගම්පහ බැසිල්ට,කුරුණෑගල මහින්දට, හම්බන්තොට නාමල්ට සහ චමල්ට.ඔය විදිහට තමයි රාජධානි වෙන් කරගෙන තිබුණේ.ඒ වගේ රාජධානියකට පැනලා මේ වගේ ආක්රමණයක් කිරීම සුළුපටු වැඩක් නෙවෙයි.
ඒක රාජපක්ෂලාගේ අභිමානයට මරු පහරක්. ඔය දිස්ත්රික්කවල ගොඩනැගුණු දේශපාලන නායකත්වයන් විනාශ කරලා ඒ වෙනුවට රාජපක්ෂ පවුලේ අය plant කරගෙන ආපු ගමන දැන් අනිත් පැත්ත හැරෙමින් තියනවා.නැවත ඒවා රාජපක්ෂලාගෙන් උදුරා ගනිමින් තියෙනවා. වැල්ලවාය රැලිය ගැන ගොඩක් දෙනෙක් අවධානය යොමුවෙලා තිබුණේ පොදුජන පෙරමුණෙන්,සජබෙන් කීදෙනෙක් වේදිකාවට නගීද කියන එක ගැනයි.
ඒත් එහෙම දෙයක් උනේ නෑ.ඒ ගැන හොයලා බලද්දී අණාවරණය උනේ ඒක දැන් වෙනත් තලයක ක්රියාත්මක වෙන program එකක් බවයි. වැල්ලවාය රැලියට ප්රමාණවත් මාධ්ය ආවරණයක් හම්බවෙලා තිබුණේ නෑ.දැන් අපේ රටේ මාධ්ය ආයතනත් ගොඩක් දුරට දේශපාලන වශයෙන් බෙදිලා.එයාලටත් කඳවුරක් වගේම සමහර මාධ්ය ආයතනවලට අපේක්ෂකයොත් ඉන්නවා.
ඒ වගේම අවස්ථාවක අලුත් සන්ධානයක් විදිහට මතුවෙන ලන්සා – ශ්රිලනිප නව සන්ධානය උඩට ඒම ඒ න්යාය පත්රවලට බාධාවක් විදිහට පේනවා ඇති.කොහොම උනත් ලන්සා – ශ්රිලනිප සන්ධානය භූමියේ සැලකිය යුතු ඉඩක් අත්පත් කරගනිමින් ඉන්න බව නම් පේනවා.ඊළඟ රැළිය ජූලි 14 බදුල්ලේ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 6 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *