|

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඉතිරි ටිකත් සතියකින් අවසන් ! – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් පියවර වන ජාත්‍යන්තර බැඳුම්කර හිමියන සමග ගිවිසුමකට එලබීම ඉදිරි සතිය තුළ අවසන් කළ හැකි බවට තමා විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එම ගිවිසුම ද ලැබුණු පසු ගිවිසුම් තුන ම ( දේශීය, ද්වි පාර්ශවික, ජාත්‍යන්තර බැඳුම්කර ) එකට ගෙන සාකච්ඡා කරමු යැයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට තමා යෝජනා කළ බව ද ජනාධිපතිවරයා කී ය.

බැඳුම්කර හිමියන් සමග ගිවිසුම්ගත වීමට මාසයක් පමණ ගතවනු ඇතැයි මුලින් සිතුව ද එය ඊට වඩා බොහෝ ඉක්මනින් කළ හැකි වන බව ආණ්ඩුවේ දැන් විශ්වාසය වී තිබේ

මෙම ගිවිසුම් පරලිමෙන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම අවශ්‍ය බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

ජනාධිපතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේ බැඳුම්කර හිමියන් සමග ගිවිසුමට අහිතකර ලෙස බල පෑ හැකි බැවින් ද්වි පාර්ශවික ණය හිමියන් සමග ගිවිසුම් සම්බන්ධ සම්පුර්ණ තොරතුරු මේ අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බව යි.

ඊයේ මාතර පැවති ජන රැලියට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තොරතුරු හෙළි කළේ ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *