|

ජෙප්පෝ යනු දේශපාලන කුහකයෝද? – රටේ රාළ

ගුරු – විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති ක්රියාමාර්ගය හින්දා ජූනි 26,27 දවස් දෙකේම අපේ පාසැල් පද්ධතිය අකර්මණ්ය වුනා.මේ වෘත්තිය සමිති ක්රියාමාර්ගයට නායකත්වය දුන්න එක පාර්ශවයක තක්කඩි වෘත්තිය සමිති නායකයෙක් උන ජෝෂොප් ස්ටාලින් මෙහෙම කිව්වා. ලංකාවේම පාසල් 10026 ක් වැහුවා,අපි සාර්ථකයි කියලයි.
ගිය 26 වෙනිදා කොළඹ තිබුණ ගුරු – විදුහල්පති විරෝධතාවයට පොලීසියෙන් කඳුළු ගැස් හා ජල ප්රහාර එල්ල කිරීමට විරෝධය පළකරමින් ජූනි 27 වෙනිදාත් රට පුරා සියලු පාසල් වහනවා කියලත් ස්ටලින් කිව්වා.කිව්වා විතරක් නෙවෙයි ජූනි 27 වෙනිදා ආයෙත් අපේ පාසැල් පද්ධතිය අකර්මණ්ය කරන්න ස්ටාලින්ලට සහ මහින්ද ජයසිංහලට පුළුවන් වුනා.පොලීසියෙන් එයාලගේ උද්ඝෝෂණයට පහරදීම වැරදි නං ඒකට විරුද්ධ ස්ටාලින්ලා,මහින්ද ජයසිංහලා උසාවි යන්න ඕනි.
හැබැයි ස්ටාලින්ලා,මහින්ද ජයසිංහලා ඒ වාඩුව ගත්තේ අපේ අහිංසක පාසැල් ශිෂ්ය ශිෂ්යාවන්ගෙන් සහ එයාලගේ දෙමව්පියන්ගෙන්. ස්ටලින්ලාගේ,මහින්ද ජයසිංහලගේ අණසකට උතුරු සහ නැගෙනහිර පලාත්වල ගුරුවරු බහුතරයක් යටත්වුනේ නෑ.විශේෂයෙන් උතුරු පලාතේ සහ මඩකලපුව දිස්ත්රික්කයේ ගුරු – විදුහල්පතිවරු සුපුරුදු විදිහට සේවයට වාර්තා කළා.ඒ වගේම ඒ දවස් දෙකේ තමන්ගේ පාසැල් දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළා.
ඇත්තටම ඒ ගුරු – විදුහල්පතිවරුන්ට රටේ රාළගේ ස්තුතිය පිරිනමනවා.ඒ වගේම දිවයිනේ පෞද්ගලික පාසැල් පද්ධතියත් 26,27 දවස් දෙක කිසිම ප්රශ්නයක් නැතිව පැවැත්වුනා.දැන් බලනකොට ඒ දවස් දෙකේ අධ්යාපන කටයුතු ඇණ හිටලා තියෙන්නේ රජයේ පාසැල්වල ඉගෙන ගන්න බහුතරයක් දුප්පත් අහිංසක දරුවන්ගේ. ස්ටාලින්ලට,මහින්ද ජයසිංහලට පාරවල් වහලා සාමාන්ය ජන ජීවිතය කඩාකප්පල් කරලා. ඉස්කෝලේ ආපු ළමයි අතරමං කරලා ඇවිත් උද්ඝෝෂණ කරන්න හොඳයි.
ඊට විරුද්ධව පොලිසිය තමන්ගේ සීමාව ඇතුලේ ඉඳන් නීතිය ක්රියාත්මක කළහම ඒකේ වාඩුව ගන්නෙත් අර අහිංසක දරුවන්ගෙන්.ඒකනේ ස්ටාලින් කියන්නේ අපට කඳුළු ගෑස් ගහපු හින්දා අපි 27 ත් ඉස්කෝල වහනවා කියලා.ස්ටාලින්ගේ ඒ කතාවෙන් පැහැදිලි වෙන්නේ එයාලා මිනිස් පලියක් විදිහට පාවිච්චි කරන්න අපේ ශිෂ්ය පරපුර බවයි.ඇත්තටම මේක තවදුරටත් වෙන්න දෙනවා නම් හොඳම වැඩේ ස්ටාලින්ලට,මහින්ද ජයසිංහලට සහ එයාලගේ නායකයන්ට මේ රට බාරදීලා රනිල් පැත්තකට වෙන එක.
එහෙමත් නැත්තං ජනාධිපති,අධ්යාපන ඇමති සහ අධ්යාපන අමාත්යාංශය එකතු වෙලා මේ අධ්යාපන ක්ෂේත්රය වෙලා ගත්ත වෘත්තිය සමිති මාෆියාව දණ ගස්සන්න ඕනි.ඒකට දෙමව්පියන්ගේ සහය ගන්න පුළුවන්.රටේ රාළ කියන්නේ ස්ටලින්ට කඳුළු ගෑස් වැදුනා කියලා ඉස්කෝල වහන්න පුළුවන් නම් 26 වෙනිදා විදුහල්පතිලා කරපු තක්කඩි වැඩේට එරෙහිව නීතිමය ක්රියාමාර්ගක් සහ ආයතනික ක්රියාමාර්ගයක් ගන්න පුළුවන් කියලයි.එදා 26 වෙනිදා ගුරුවරු ලෙඩ නිවාඩු දාලා උද්ඝෝෂණයට ගියා.ගුරුවරු එහෙම කලාට විදුහල්පතිට එහෙම කරන්න බෑ.
පාසැලේ සමස්ථ වගකීම තියෙන්නේ විදුහල්පතිට.එයාට ඒ වගකීමෙන් මිදෙන්න බෑ. මෙයාලා දන්නේ නැතිවුනාට විදුහල්පති තනතුර කියන්නේ වගකීම් සහගත තනතුරක්.ඉස්කෝල වහලා ළමයි අතරමං කරලා ගිය විදුහල්පතිවරුන්ගේ වාර්තාවක් හරි නං අධ්යාපන අමාත්යාංශය මේ වෙනකොටත් අරන් තියෙන්න ඕනි.රටේ තියන නීතිය,ආයතන සංග්රහය යටතේ තමන්ගේ වගකීම,එදා දවසේ පාසැල් දරුවන්ගේ ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නැතිවයි විදුහල්පතිලා කටයුතු කරලා තියෙන්නේ.ළමයි දහස් ගාණක් අනාරක්ෂිතව මහ පාරට ඇදදැමීමත්.ඒ වගේම දෙමාපියන්ට තමන් කරන වැඩ දාලා ලමයි හොයාගෙන එන්න වුනා.
මේ සියලු දේවල්වලට විදුහල්පතිලා වගකියන්න ඕනි.වගවීම කියන එක ජනාධිපතිට,මැති ඇමතිටලට,අමාත්යාංශ නිලධාරීන්ට විතරක් නෙවෙයි විදුහල්පතිලටත් අදාලයි.ඒක නිසා තමන්ගේ වගකීම කඩකරපු විදුහල්පතිලට විරුද්ධ අනිවාර්යයෙන්ම ක්රියාමාර්ගයක් ගන්න ඕනි.පාසැලේදී දරුවන්ගේ වගකීම ගන්න ඕනි බළධාරියා මෙහෙම නං හැසිරෙන්නේ ඔයාලගේ දරුවන්ට දෙයියන්ගෙම පිහිට තමයි.
කොහොම උනත් ආයෙත් වැඩවර්ජන රැල්ලක් උත්සගන්න ජවිපෙ ඇතුළු කණ්ඩායම උත්සාහ කරන බව පේනවා.ඇත්තටම ඒකෙන් දෙන පණිවිඩය මොකද්ද?ඔයාලට මතක ඇති පහුගිය දවසක ලාල් කාන්ත කිව්වා අපි ජනතාව අපහසුතාවට පත්කරන උද්ඝෝෂණ,වැඩවර්ජනය කරන්නේ නෑ කියලා.එතකොට 26,27 කළේ මොකද්ද?අහිංසක පාසැල් ශිෂ්ය ශිෂ්යාවන් කියන්නේ ලාල්ට අනුව ජනතාව නෙවෙයිද?
අනික තමයි ඔයාලට නිතර පේනවා ඇති ජවිපෙ සහෝදරවරු කියනවා තව පෝය කීපයකින් අනුර මේ රටේ ජනාධිපති කියලා.ඉතින් අනුරට තියෙන්නේ මේ මාස දෙකතුනේ ජනතාව අපහසුතාවට පත් කරන වැඩවර්ජනය, උද්ඝෝෂණ නොකර තව පෝය තුන හතරකින් ඇවිත් ප්රශ්න ටික විසදලා දාන්නනේ.රාජ්ය සේවකයාට රුපියල් 20000 ක් වැටුප් වැඩිවීමක් එයාලා තමයි ඉල්ලුවේ.රනිල් බංකොලොත් රටක් මැනේජ් කරන ගමන් දහදාහක් දුන්නා.
ඉතිරි දහදාහා තව මාස තුන හතරකින් දෙනවා. වැටුප් විෂමතා නැති කරනවා කියලා අනුරට දැන් කියන්න පුලුවන්නේ.ප්රශ්නය තියෙන්නේ ඇයි අනුර එහෙම පොරොන්දුවක් රාජ්ය සේවකයන්ට දෙන්නේ නැත්තේ කියන එකයි.ඒකයි රනිල් කියන්න ඇත්තේ අනුරලාගේ දේශපාලන දැනුම තවමත් තියෙන්නේ ප්රාථමික මට්ටමේ කියලා. රනිල් කියපු ඒ කතාව අනුර ඔප්පු කළා.අවුරුදු දෙකකට උඩදී IMF ගිහින් මොන රටද ගොඩ ගියේ කියලා අහපු අනුරලා දැන් කියනවා වැල් පාලමේ ඉතිරි ටික අපි යන්නං කියලා.
රනිල් එදා ගත්ත තීරණය අනුරට තේරෙන්න අවුරුදු දෙකක් ගියා.ඒකයි රනිල් කියන්නේ රනිල් අද ගන්න තීරණය අනුරලාට තේරෙන්නේ තව අවුරුදු දෙකකට පස්සේ කියලා.අනුරගේ thinking capacity එක ගැන අපි හොඳට දන්නවා.ප්රශ්නය තියෙන්නේ එතන නෙවෙයි අනුරට ප්රශ්නය තේරුම් ගන්න අවුරුදු දෙකක් යනවා නම් ඒ අවුරුදු දෙක ඇතුලේ එයාලා කරන විනාශයට වගකියන්නේ කවුද කියන එකයි.
මෙයාලගේ කතා සහ වැඩ අතර කොච්චර පරස්පරයක් තියනවාද කියලා හිතුවොත් දැන් ජවිපෙ තමන්ගේ තක්කඩි වෘත්තිය සමිති ව්යාපාරය මෙහෙයවමින් මෙච්චර අමාරුකම් තියන රටේ මස් රාත්තලම ඉල්ලනවා.රනිල්ගෙන් මස් රාත්තලම ඉල්ලුවට විජිත හේරත් කියන්නේ අනුර සහෝදරයා බලයට ආවම ප්රාතිහාර පාන්න බෑ.දැන් බොන කිරි කෝප්පය වෙනුවට කහට කෝපයක් හරි බීලා මහන්සිවෙලා වැඩ කරමු කියලා.
විජිත සමහරවිට හිතනවා ඇත්තේ අනුරට ප්රාතිහාර පාන්න බැරිවුනාට රනිල්ට පුලුවන් කියලද දන්නේ නෑ.ඒකනේ කොහොමත්ම දෙන්න බැරි ඉල්ලීම් රනිල්ගෙන් ඉල්ලන්නේ.ඇත්තටම අනුර බලය ගත්තොත් විජිත කියන කහට උගුරත් අපට නැතිවෙනවා.වර්තමාන ජෙප්පෝ කියන්නේ පට්ට කුහකයෝ කියලා එයාලා කියන කතාවලින් සහ එයාලගේ හාවිතාවෙන් ඔප්පු උනාට අපි මොනවා කරන්නද?.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *