|

මැයි මාසයේ විදේශ වෙළෙදාමේ ඩොලර් මිලියන 611 ක අතිරික්තයක්

පසුගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාව රටේ ආනයන වියදම අභිබවා ඩොලර් මිලියන 611 ක අතිරක්ත ආදායමක් වාර්තා කොට ඇති බව නිල සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කර ඇත.

එම මාසය තුළ අපනයන , විදේශ ප්‍රේෂණ සහ සේවා ආදායම් ලෙස ඩොලර් මිලියන 2,016 ක් උපාය ඇති අතර ආනයන වියදම වුයේ ඩොලර් මිලියන 1,404 කි.

කෙසේ වෙතත්, විදේශීය සේවා සඳහා වියදම් වී ඇති ඩොලර් මිලියන 229.8 මුදල අඩු කළ විට ශුද්ධ විදේශ විනිමය ඉපයීම ඩොලර මිලියන 1,786 ක් වේ.  එය ආනයන වියදම මිලියන 318.4 කින් ඉක්මවා යාමකි.

මෙම වසරේ මැයි දක්වා කාලයේ මෙරට වාර්තා වී ඇති වෙළෙද අතිරික්තය ඩොලර් මිලියන 1,364 කි. එය 2023 සම්පුර්ණ වර්ෂයේ වාර්තා වූ ඩොලර් මිලියන 1,597 ට ආසන්න මුදලකි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *