|

ජූලි දෙවෙනිදා සජිත්ට ජූලි හතයි

ජූලි දෙවෙනිදා සජිත්ට ජූලි හතයි

රට බංකොලොත් බවෙන් මුදවා ගත් බවට අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජූලි 02 දින පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඡන්ද විමසීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බව අනාවරණය වේ.

එම ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ වෙත 134 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණින් 28 වෙනිදා – හෙට සිට මෙහෙයුමක් දියත් කර තිබේ. සමගි ජන බලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ලියන ලද ග්‍රන්ථය දොරට වැඩීම හෙට යොදා ගෙන ඇති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස රනිල් වික්‍රමසිංහට ඇරයුම් කර තිබේ. එම ග්‍රන්ථය දොරට වැඩීමත් සමඟ දියත් කරන මෙහෙයුම ජූලි 02 වෙනි දින ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මෙන් ම, මේ දක්වා පොහොට්ටු පක්ෂයේ රාජපක්ෂ පිල වෙත සමීප මන්ත්‍රීවරුන්ගෙන් ද කොටසක් දිනා ගැනීම දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

අභ්‍යන්තර ගැටුම් ගණනාවකට මුහුණ දී සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට එම ඡන්ද විමසීම වඩාත් තීරණාත්මක වනු ඇති බව දැනටමත් අනාවැකි පළ වෙමින් තිබේ.

LANKA TRUTH 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *