|

දුයිෂෙන් පන්ති කාමරයක් තුල මරාදැමු ජවිපෙ දේශපාලනය – රටේ රාළ

සමහරවිට ඔයාලා ” ගුරු ගීතය ” පොත කියවලා ඇති.ජවිපෙ දේශපාලනයට අත්පොත් තියන හැම සහෝදරයෙකුටම,සහෝදරියකටම මුලින්ම කියවන්න නිර්දේශ කරන පොත් දෙකෙන් එකක් තමයි ගුරු ගීතය.අනිත් පොත ” අම්මා ” රුසියානු සාහිත්යයේ අති විශිෂ්ඨ කෘතින් අතරින් එකක් වන ගුරු ගීතය ඇතුලේ තමයි අපට දූයිෂෙන් කියන ගුරුවරයාත්,අල්තිනා කියන ශිෂ්යයාවත් හම්බ වෙන්නේ.
දූයිෂෙන් කියන්නේ අතිශය වැඩවසම් සමාජ පසුබිමක ඉදිමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දිවි පරදුවට තියලා වැඩ කරපු ගුරුවරයෙක්,ඒ වෙනුවෙන් මහා කැපකිරීම් කරපු ගුරු භාවිතාවක්.ජීවිතයේ අවසාන මොහොත දක්වාම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පෙනී හිටපු ශ්රේෂ්ඨ ගුරුබවතෙක්.දූයිෂෙන්ට හමුවුන දක්ෂම ශිෂ්යාවක් තමයි අල්තිනා.තමන් සතු සියලු දැනුම අල්තිනාට දුන්න දූයිෂෙන් අල්තිනාගේ අනාගතය වෙනුවෙන් ඇයව නගරයේ පාසැලකට යොමු කරනවා.
ඒ වෙනකොටත් තරුණ දූයිෂෙන්ට අල්තිනා ගැන අදහසක් පහල වෙලාත් තිබුණා.හැබැයි ඒ වෙනුවෙන් අල්තිනාගේ දක්ෂතාවය සහ අනාගතය විනාශ කරන්න දුයිෂෙන්ට ඕනි උනේ නෑ.අල්තිනා පසුකලෙක මහචාර්යවරියක් වෙලා ගමට එද්දී මම තමයි ඔයාගේ මුල් ගුරුවරයා කියාගෙන දූයිෂෙන් ගියේ නෑ,මම තමයි ඔයාට ඉගැන්නුවේ,මම තමයි ඔයාව නගරයේ පාසැලකට ඇතුල් කළේ කියාගෙන දූයිෂෙන් ගියේ නෑ.
අල්තිනා ගමට ඇවිත් දූයිෂෙන් හොයනකොටත් දූයිෂෙන් ලියුම් බෙදන්නෙක් විදිහට තමන්ගේ සේවය කරමින් ඉන්නවා.ජවිපෙ පක්ෂ පාසැල කියන්නේ අති දක්ෂ ගුරුවරුන් හිටපු තැනක්.ඒ ගුරුවරුන් ඉගෙන ගැනීමට විතරක් නෙවෙයි ලෝකය වෙනස් කිරීමටත් අවශ්ය දුයිෂෙන්ලා නිර්මාණය කළා.එදා ජවිපෙ පක්ෂ පාසැල ඇතුලේ මහා ආදර්ශයන් බවට පත්වුනේ රුසියානු සාහිත්යය ඇතුලේ අපට හම්බ උන දූයිෂෙන්ලායි.
අද ජවිපෙ පාසැලේ පන්ති කාමරයක් ඇතුලේ දූයිෂෙන් මරා දාලා ඉවරයි.අද දූයිෂෙන් වෙනුවට ඉන්නේ මහින්ද ජයසිංහලා.ජෝෂොප් ස්ටාලින්ලා. සමස්ථ දරු පරපුරේ රීරි මාශය උරා බොන ගුරු ලේබලය අලවාගත්ත දේශපාලන ගිජුලිහිනියෝ. දූයිෂෙන් මරා දැමීම යනු අපේ රටේ දරු පරපුරේ අනාගතය මරා දැමීමයි.දරු පරපුරේ අනාගතය මරා දැමීම යනු රටේ අනාගතය විනාශ කිරීමයි.
අපේ රටෙත් දූයිෂෙන් පන්නයේ ගුරුවරු ඕනි තරම් හිටියා.
හැබැයි ගොඩ දෙනෙක් හිටියේ ඉතිහාසයේ.දැන් දුයිෂෙන්ලා නෑමයි කියලා රටේ රාළ කියන්නේ නෑ. ඉන්නවා නම් ඒ ඉතාමත් සුළු පිරිසක්.දැන් වැඩිපුර ඉන්නේ දරුවන්ට ඉස්කෝලෙදී උගන්නන්නේ නැතිව තමන්ගේ ටියුෂන් පන්තියට වරෙන් කියන ගුරුවරු,එයාගේ ටියුෂන් පන්තියට ආවේ නැත්තං ඒ ළමයාට වෙනස්කම් කරන ගුරුවරු,ළමයි පන්ති යනවා කියලා ඉස්කෝලේදී උගන්නන්නේ නැතිව පාඩුවේ ඉන්න ගුරුවරු.
එදා කෝවිඩ් ඇවිත් රට අසීරුම අඩියකට වැටිලා තියන වෙලාවේ පාරට බැහැලා වෛරසය ගෙනියන වාහකයෙක් වෙන්න එපා කියලා සෞඛ්ය අංශවලින් දැඩිව උපදෙස් නිකුත් කරලා තිබුණා ඔයාලටත් මතක ඇති.ඒ වෙලාවෙත් ස්ට්රයික් කරලා රටටම කෝවිඩ් බෙදන්න දායක උනේ ඔය ගුරු වෘත්තිය සමිති මාෆියාව නෙවෙයිද?ඇත්තටම මේවට සමස්ථ ගුරුවරු අදාල නැතිවුනත් මේ වෘත්තිය සමිති මාෆියාව ඇතුලේ අහිංසක ගුරුවරු විශාල ප්රමාණයක් පීඩාවට පත්වෙනවා.
මෙතනදී වැඩි වශයෙන් පාව්චිචි වෙන්නේ මහින්ද ජයසිංහලාගේ,ජෝශප් ස්ටාලින්ලගේ බලහත්කාරය.මාරුවීම් මණ්ඩල ඇතුලේ තියෙන්නේ තනිකරම ජවිපෙ මාෆියාවක්.මහින්ද ජයසිංහලා අවුරුදු 20 කින් ඉස්සෙලෙකට උගන්නන්න ගිහින් නෑ.පිං පඩි කමින් ජවිපෙ දේශපාලනය කරන මහින්ද ජයසිංහලා ඉස්කෝලෙකට ගොඩ උනොත් ගොඩවෙන්නේ ලමයෙකුට අකුරක් උගන්නන්න නෙවෙයි.
ඉස්කෝලේ වහලා,ළමයින්ගේ අනාගතය අඳුරු කරලා,ගුරුවරු පාරට ගන්න.තමන්ගේ ආණ්ඩුව යටතේ කිරිතේ එක වෙනුවට කහට එකක් බීලා හරි වැඩ කරමු කියලා කියන ජවිපෙට අද රටේ තියන තත්වය ගැන කිසිම හැගීමක් නෑ,ඊයේ එකපාරට පාරට වැටුණ දරුවන්ට මොකද්ද උනේ කියලා කිසිම හැඟිමක් නෑ.එකපාරට ගුරු – විදුහල්පති වැටුප් ප්රශ්නයක් මුල්කරගෙන ඉස්කෝල වහලා ගුරුවරු පාරට ගත්තා.
ගුරුවරුන්ට වැටුප දිගටම දීලා තියනවා.
රුපියල් දහදාහකින් පොදුවේ වැටුප් වැඩිකරලා තියනවා.ඒවත් සියල්ල අරගෙන හිඟ වැටුප් ප්රශ්නයක් මුල් කරගෙන ඊයේ ගුරුවරු පාරට ගෙනාවා.අදත් ගන්න හදනවා.රට වැටිලා තියන තැනත් එක්ක,රට මුහුණ දීපු අවාසනාවන්ත තත්වයන් එක්ක රට දැන් අමාරුවෙන් නැගිටිද්දී ගුරුවරයා විසින් දෙන්න ඕනි සහයෝගය මේකද? මානව හැගීම් නැති ස්ටාලින්ලා,මහින්ද ජයසිංහලා හදපු කලකණ්ණි ගුරු සංස්කෘතික යටතේ අපේ රටේ ගුරුවරුත් මෝඩයෝ වගේ පාරට බහින තැනට පත්වීම ඇත්තටම අවාසනාවක්.
ඊළඟ ආණ්ඩුව ගන්න බලාගෙන මහජන කැළඹීම් හදන දේශපාලන ධාරාවන්වල අතකොලු වෙලා පාරට ඇවිත් ගුරු ගෞරවයත් විනාශ කරගෙන පාසැල් ලමයින්ගේ ජීවිතත් අනතුරේ දාලා මේ කරන පිස්සුව මොකද්ද?ඊයේ එක පාරට පාසැල් වැහුවහම පාසැල් ආපු දරුවෝ ලක්ෂ ගානක් මහ පාරේ රස්තියාදු වුනා?ඒ දරුවන්ගේ ආරක්ෂාව ගැන විදුහල්පතිලා හිතුවද?
ඉතින් මෙයාලට අපි කොහොමද දුයිෂෙන් පරපුරේ ගුරුවරු කියලා කියන්නේ.
මේ දූයිෂෙන්ලා නෙවෙයි දේශපාලන පාදඩකරණයට ලක්වෙච්චි තක්කඩි කණ්ඩායමක්.ඊයේ මෙයාලාගේ මේ වගකීම් විරහිත හැසිරීමෙන් ඒක ඔප්පු වුනා.රජය පැත්තෙන් මේ වෙනකොටත් වැටුප් සමාලෝචන කමිටුවක් පත් කරලා තියනවා.මාස තුනකින් වාර්තාව දෙන්න කියලා තියනවා.එතන කරන සමාලෝචනයකින් පස්සේ ගුරුවරුන්ගේ විතරයක් නෙවෙයි පොදුවේ රාජ්ය සේවයේම වැටුප් ප්රශ්න නිරාකරණය කරලා ලබන අයවැයෙන් ඒ හිඟ දිමනා දෙන්න ලෑස්ති වෙනවා.
ජවිපෙ සහ ස්ටාලින්ලගේ සහයෝගයෙන් ඊයේ කරපු ගුරු වැඩ වර්ජනය සහ උද්ඝෝෂණ තනිකරම දේශපාලන උවමනාවක් වෙනුවෙන් කරපු එකක්.ඊයේ පැරිස් සමාජයට අයිති අපේ ණය හිමියන් සහ චීනයත් එක්ක අපි ණය ප්රතිව්යුහගතකරණ ගිවිසුම් අත්සන් කළා.ඒ හරහා අපට ණය ගෙවීමේ සහන වැඩපිලිවෙලක් හම්බ වෙනවා.ඒ වගේම නැවතුණ සංවර්ධන කටයුතු පටන් ගන්නත් පුළුවන්.
අපිට විදෙස් ආයෝජන ගෙන්න ගන්න සහ ජාත්යන්තර මූල්ය ආයතනත් එක්ක කටයුතු කරන්න ජාත්යන්තර වශයෙන් සහතිකයක් හම්බවෙලා තියනවා.ඒක රටට ලැබුණු දැවැන්ත ජයග්රහණයක්.ඒ ජයග්රහණ එන දවසේ රට අකර්මණ්ය කරලා ජනමනස වෙනත් පැත්තකට යොමු කිරීම තමයි මේ දුෂ්ඨ ගුරු සටනේ අභිප්රාය වෙලා තිබුණේ.නැත්තං තව මාස තුන හතරකින් බලය ගන්න බලාගෙන ඉන්න අනුරට මේ ප්රශ්නය විසදන්න පුළුවන්නේ.
ඇයි මේ එයාලා කියන රනිල්ගේ බංකොලොත් ආණ්ඩුවෙන්ම ගන්න හදන්නේ.ජවිපෙට දැන් ඕනි මහ පාරේ ගුරුවරයෙක් මරා ගන්න.මෙතනදී එකක් ඉතාමත්ම පැහැදිලියි,මාලිමාවේ රැල්ල අනිත් පැත්ත හැරෙනවාත් එක්ක ජවිපෙ නැවතත් විනාශකාරී ක්රියාමාර්ගවලට යොමුවෙලා.ආයෙත් වර්ජන රැල්ල උඩට ගන්නයි මේ හදන්නේ.මේ වෘත්තිය සමිති මාෆියාව පරාජය කිරීම නං අත්යවශ්ය දෙයක්.නැත්තං අපිට කවදාවත් රටක් විදිහට ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නෑ.
ඒ වගේම මීට එරෙහිව ජනතාව දැනුවත් කරන්න ඕනි.අනුරගේ බල උවමනාව වෙනුවෙන් තමන්ගේ දරුවාගේ අනාගතය බිලි දෙනවද කියලා මේ රටේ දෙමව්පියෝ තීරණය කරන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *