|

ජාතිය අමතා ජෝකර්ලා පෙන්වීම – රටේ රාළ

රටේ ජනාධිපති ජාතිය අමතනවා කියන්නේ විශේෂ අවස්ථාවක්.ජාතියට වැදගත් පණිවිඩයක් දෙන්න තමයි ජනාධිපතිවරයෙක් ජාතිය ඇමතන්නේ.ඒක නිසා ජනාධිපතිගේ ජාතිය ඇමතීම ජනතාවත් ටිකක් සීරියස් ගන්නවා. දේශපාලන වශයෙන් ජනාධිපතිට පක්ෂ උනත් නොවුනත් ජාතිය අමතා ජනාධිපති කරන කතාව කැමත්තෙන් හරි අකමැත්තෙන් හරි අහන්න කවුරුත් පෙළඹෙනවා.
ජනාධිපති ජාතිය අමතලා ඉවර උනහම ජාතියම එකතුවෙලා ජනාධිපතිට විතරක් නෙවෙයි ජනාධිපතිගේ දෙමව්පියන්ටත් එක්ක අමතන කාලපරිච්ඡේදයකුත් අපේ රටේ තිබුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විදිහට පත්වුනාට පස්සේ අවස්ථා ගණනාවකදී ජාතිය ඇමතුවා.ගෝඨාභය ජනාධිපති විදිහට දිවුරුම් දීලා රුවන්වැලිසෑය ළඟ ඉඳන් ජාතිය අමතලා කිව්වේ තමන් බලයට පත්වුනේ සිංහල ජනතාවගේම ඡන්දවලින් කියලයි.
ගෝඨාභයගේ පළවෙනි ජාතිය ඇමතීමම විහිළුවක් උනේ ඒ විදිහටයි.ඊට පස්සේ පරිප්පුවල සහ සැමන්වල මිල ගණන් කියන්නත් ගෝඨාභය ජාතිය ඇමතුවා.ගෝඨාභය ජාතිය ඇමතීමෙන් පස්සේ ගොඩක් වෙලාවට උනේ ජාතියම එකතු වෙලා ගෝඨාභයට ඇමතීමයි.ගෝඨාභයගේ අනුප්රාප්තික ජනාධිපති විදිහට රනිලුත් අවස්ථා කීපයකදීම ජාතිය අමතලා තියනවා.රනිල් ජනාධිපති උනාට පස්සේ ජාතිය අමතලා කිව්වේ රට බංකොලොත්භාවයෙන් මුදා ගන්නවා කියලයි.
තුන් වේල කන්න පුළුවන් ආර්ථිකයක් හදනවා කියලයි.ඒ වෙලාවේ ජනතාව රනිල් කියපු කතාව විස්වාස කළා.විස්වාස කළා විතරයක් නෙවෙයි ඒකට රනිල්ට ඉඩ දෙන්න ඕනි කියන තැනකටත් ජනතාව ආවා.ඒ රනිල් හොඳ හින්දා නෙවෙයි. හොඳයි කියන සජිතුයි,අනුරයි රටේ වගකීම බාර නොගෙන පැනලා යද්දී නරකයි කියන නාකි රනිල් ඇවිත් රටේ වගකීම බාරගත්ත හින්දයි.රනිල් තමන්ගේ ආර්ථික උපක්රම විදිහට තේරුවේ IMF එකත් එක්ක ඉදිරියට යන වැඩපිලිවෙල.
එදා IMF යන්න රනිල් තීරණය කරපු වෙලාවේ,අද අපිටත් වැල් පාලමේ යන්න පුළුවන් කියන අනුරලා ඇහුවේ IMF ගිහින් මොන රටද ගොඩ ගියේ කියලයි.එදා මහ බැංකු අධිපතිට බංකොලොත්භාවය ප්රකාශ කරලා අදාල තැන්වලට දන්වන්න කියලා උපදෙස් දුන්න හර්ෂලා අනිත් පැත්තට සජිත්ට කිව්වේ රට බාරගන්න නෙවෙයි බාරගන්න හිතන්නවත් එපා කියලයි.සජිත් එක්ක සාකච්ඡාවට ගිය අරගල කණ්ඩායමකට සජිත් කියලා තිබුණේ තව අවුරුදු 08 කට මේ රට ගොඩගන්න බෑ කියලයි.
හැබැයි රනිල් අභියෝග බාර අරගෙන රට බංකොලොත්භාවයෙන් මුදාගෙන සහ තුන්වේල කන ආර්ථිකයක් හදලා දෙනවා කියලා වැඩේ පටන්ගත්තට පස්සේ අඩුම ගානේ ඒකටවත් සහය දෙන්න සජිත් හරි අනුර හරි ඉදිරිපත් උනේ නෑ.මාලිමාව ඇතුලෙන් එහෙම යෝජනාවක් එන්න විදිහක් නෑ.හැබැයි එහෙම යෝජනාවක් සජබය අස්සෙන් ඇවිත් තියනවා.හර්ෂ,එරාන් ළඟ තියාගෙන සජිත් එක්ක රාජිත කරපු සාකච්චාවක් ගැන තොරතුරු රාජිත රටට මීට ඉස්සර අණාවරණය කළා
එදා රටේ බංකොලොත්භාවය ප්රකාශ කරන්න මහ බැංකු අධිපතිට බලපෑම් කරපු හර්ෂලා රනිල් ගෙනියන වැඩපිලිවෙලෙන් රට යථාවත් වෙනවා කියලා පිලිගත්තත් ඒකට අවශ්ය සහයෝගය දෙන තැනට පක්ෂය තල්ලු කරන්න උත්සාහ කළේ නෑ.රනිල් සම්බන්ධව සජිත්ගේ තියන බය හින්දා සජිත්ලා,හර්ෂලා ඇත්තටම රට පවා දීලයි තියෙන්නේ.රනිල් එක්ක තියන තරහට හරි රනිල්ට තියන බයට හරි රටෙන් පලිගන්න ඔය කාටවත් අයිති නෑ.
ඒ දේශපාලන කුහකකම සජිත්ගේ විතරක් නෙවෙයි,රටක ආර්ථිකයත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ කියලා දන්න හර්ෂලා ළඟත් තිබුණා,තවමත් තියනවා.ඒ අතින් රාජිත හර්ෂලාට වඩා Great.රටේ නාඩි වැටෙන විදිහ අල්ලගන්න රාජිතට පුළුවන්.දේශපාලන වශයෙන් රාජිතත් එක්ක අපි එකඟ නැති උනත් රටේ ආර්ථිකය ගොඩනැගීම,ජාතික ප්රශ්නය, බලය බෙදීම වගේ කාරණාවලදී රාජිත කොතැන හිටියත් කුහක නැතිව තමන්ගේ මතය සෘජුව කිව්වා.
රටේ රාළ කියන්නේ රට බංකොලොත් කියලා කියපු තැන ඉඳන් අද මේ මොහොත දක්වාම හර්ෂලා කරලා තියෙන්නේ දේශපාලන කුහකකම් කියලයි.අනුප්රාප්තික ජනාධිපති විදිහට රට බාර අරන් ජාතිය අමතලා රනිල් දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරලද,නැද්ද කියලා හොයලා බලන්නත් ඕනි.රනිලුත් ගෝඨාභය වගේ ජාතිය අමතලා විහිළු කරනවාද කියලා හරියට චෙක් කරගන්නත් ඕනි.සජිත් කියනවා වගේ රනිල් රට ඇන්ඳවලද කියලත් බලන්න ඕනි.
රනිල් ජාතිය අමතලා කිව්වේ අවුරුදු දෙකක් තිස්සේ දරපු උත්සාහයේ ප්රතිපල අද ලැබුණා කියලා.බංකොලොත් වෙලා තිබුණ අපේ රටේ මූල්ය ක්ෂේත්රය සම්බන්ධව අපට ජාත්යන්තර සහතියක් ලැබුණ බවත් ඒක නිවැරදිව අපි පාව්ච්චි කලොත් අපිට ආය කවදාවත් IMF යන්න ඕනි නෑ කියලත් රනිල් කිව්වා.රනිල් ජනතාවගෙන් ඉල්ලුවේ නිවැරදි තීරණය හිතලා බලලා ගන්න කියලයි.
පැරිස් සමාජයට අයිති රටවල් වන ඉන්දියාව, ප්රංශය සහ ජපානය ඇතුළු රටවල් එක්ක අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක විදේශ ද්විපාර්ශ්වික ණය ප්රතිව්යුහගතකරණ ගිවිසුම අද අත්සන් කළා.ඊට අමතරව අදම බෙයිජිං නුවරදී ශ්රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ප්රතිව්යුහගතකරණ ගිවිසුමක් අත්සන් කරලා.එතනදී ඩොලර් බිලියන 4.2ක ද්විපාර්ශ්වික ණය ප්රතිව්යුහගත කිරීමකට එකඟ වෙනවා.
මේ ගිවිසුම් එක්ක අපට ණය සහනයක් සහ ණය ගෙවීම ආරම්භ කරන්න 2028 දක්වා කාලයක් හම්බ වෙනවා.ඒ දක්වා අපිට අපේ ආර්ථිකය ශක්තිමත් කරගනිමින් ඉස්සරහට යන්න පුලුවන්.
අපි අපනයන ආර්ථිකයට ඉක්මනින් මාරු වෙන්න ඕනි.එහෙම උනොත් තමයි ආරංචිය සුබයි වගේම ගමනත් සුභ වෙන්නේ.ප්රායෝගිකව හිතුවොත් රනිල් රට යථාවත් කළා කියන එක ඇස් පේන, කන් ඇහෙන,හෘද සාක්ෂියක් තියන ඕනි කෙනෙකුට පිලිගන්න වෙනවා.මීට අවුරුදු දෙකකට උඩදී තිබුණ තත්වයයි අද තත්වයයි සන්සන්දනය කරද්දී ඒ තත්වයන් දෙක අහසට පොළොව වගේ වෙනස්.
එදා 76% පැනලා තිබුණ උද්දමනය අද 1.6 ට බැහැලා.ඇත්තටම ඒක ආශ්චර්යයක්. ප්රායෝගිකව අපි අත්විදපු බංකොලොත්භාවය දැන් නෑ.ඒ වගේම ජාත්යන්තර මූල්ය වෙළඳපලට පිවිසෙන්න අපට තිබුණ බාධාවනුත් රනිල් ඉවත් කරගෙන.එදා ජාතිය අමතලා රනිල් රටට දුන්න පොරොන්දුවේ තමන්ගේ කොටස රනිල් එයාගේ ටෙම්පරි පීරියඩ් එක අස්සේ ඉෂ්ඨ කරලා.
මෙතනින් එහාට රනිල් තියාගන්නවද,නැද්ද කියලා රටේ ජනතාව තීරණය කරන්න ඕනි.
රනිල් තියාගත්තත් නැතත් රනිල් තමන්ගේ ධූර කාලය ඇතුලේ විහිළුකාරයෙක් නොවී තමන් බාරගත්ත වගකීම ඉෂ්ඨ කරලා තියනවා.හැබැයි රනිල් තමන්ගේ වගකීම ඉෂ්ඨ කරලා තියෙන්නේ සජිත්,අනුර සහ එයාලගේ අර්ථික කමිටු දෙකත් රට ඉස්සරහට ජෝකර්ලා කරලය.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *