|

මාලිමා රැල්ලට මොකද වුනේ – රටේ රාළ

මීට මාස හත අටකට උඩදී මාලිමාවට තිබුණ රැල්ල කෝ කියන ප්රශ්නය දැන් හැම කෙනාම අහන එකක්.මාලිමා රැල්ලට අහුවෙලා බොහෝ දෙනෙක් ගහගෙන යද්දී,මාලිමා රැල්ල දැකලා ගොඩ දෙනෙක්ගේ කකුල් වෙව්වද්දී මාලිමා රැල්ලට නොබියව මුහුණ දුන්න කණ්ඩායම් අතර රටේ රාළ බලකායට හිමිවෙන්නේ පළවෙනි තැන. රැලි පිට රැලි නගිමින් මාලිමා රැල්ල ගහද්දී රටේ රාළ කිව්වේ මාලිමාවට රැල්ල පවත්වාගෙන යන්න බෑ කියලයි.
එදා මාලිමා නායකයෝ කිව්වේ එයාලාගේ ප්රතිශතය 80% යි කියලයි.එහෙම හිතාගෙන හිටපු මාලිමා නායකයන්ට දැන් තේරෙන්න ඕනි දැන් තමන් ඉන්නේ සජිත්ටත් වඩා පිටි පස්සෙන් කියලා.ඇත්තටම මාලිමාවට තිබුණ රැල්ලට මොකද වුනේ.ඒක උත්තර හොයන්න ඕනි ප්රශ්නයක්.සමහරු කියන්නේ දැන් ජවිපෙ බලවේගයට හති වැටිලා කියලයි.ඒ උත්තරය මතුපිටින් බලද්දී හරි වෙන්න පුළුවන්.
හැබැයි දේශපාලනිකව බලද්දී ඊට වැඩිය නිවැරදි උත්තර තියනවා.මාලිමාවේ රැල්ල නැතිවෙන්න බලපාපු හේතු ගොඩක් තියනවා.පළවෙනි එක තමයි එයාලාගේ දේශපාලන උපායමාර්ගයේ තියන වැරැද්ද.ඇත්තටම දැන් ජවිපෙට දේශපාලන උපාය මාර්ගයක් නෑ.විජේවීර නිරවුල් කරලා දුන්න ජාතික විමුක්ති අරගලයන් තුලින් සමාජවාදයට කියන උපායමාර්ගය ජවිපෙ අතෑරලා දැන් ගොඩක් කල්.
ඒ බව ලාල් කාන්ත ප්රසිද්ධියේම කිව්වා.ඒ උපායමාර්ග අතාරින්න නං එයාලට නව උපායමාර්ගයක් තියෙන්න ඕනි.හැබැයි මාලිමාවට එහෙම එකකුත් නෑ.උපායමාර්ගයක් තියනවා නම් නිශ්චිත දේශපාලන වැඩපිලිවෙලක් තියෙන්න ඕනි.ඒක මැතිවරණය වැඩපිලිවෙලක් නෙවෙයි නිශ්චිත ඉලක්කයක් වෙනුවෙන් හදපු ප්රේම් එකක් තියෙන්නේ ඕනි.එහෙම එකක් මාලිමාවට හරි ජවිපෙට හරි දැන් නෑ.
එහෙම එකක් නෑ කියලා එයාලා ප්රසිද්ධියේ පිලිගන්නවා.මාලිමාව නිර්මාණය කරන්නේ 2019 ජනාධිපතිවරණයට මුහුණ දීමේ උපක්රමයක් විදිහට.ජනාධිපතිවරණය ඉවර උනාට පස්සේ ඒ අට්ටාලය ගලවන්න ඕනි.හැබැයි ජවිපෙ නායකයන් ඒ අට්ටාලය ගලවන්නේ නැතිව ඒක දිගටම කර තියාගෙන යනවා.ඒකෙන් උනේ ජවිපෙට සමාන්තර තවත් පක්ෂයක් හැදෙන එකයි.
එකිනෙකට වෙනස් මතවාද දෙකක් දරන කණ්ඩායම් දෙකක් එකතු කරගෙන ජවිපෙ නායකයන් එක පාරාක යන්න හදනවා.ඒකෙන් උනේ එහාටත් නැති,මෙහාටත් නැති ගන්ධබ්බ තත්වයකට ජවිපෙ සහ මාලිමාව පත්වෙන එකයි. මතවාදයක් නැති එක එක්කෙනා එක එක මනෝ විකාර කියන තැනක් බවට මාලිමාව පත්වෙලා. ජවිපෙ කණ්ඩායම එකක් කියද්දී මාලිමා කණ්ඩායම තව එකක් කියනවා.
ඒක නිසා එක මතයක ඉඳන් කටයුතු කරන්න බැරි තැනකට ජවිපෙ සහ මාලිමාව පත්වෙලා. මතවාදීම වශයෙන් දැන් ජවිපෙ ලිබරල් පැත්තට බරයි.හැබැයි ජවිපෙ අයගේ භාවිතාව ඊට වැඩිය වෙනස්.එයාලගේ කටේ තියෙන්නේ ලිබරල් උනාට ඇඟේ තියෙන්නේ පන්ති වෛරය.ඒකනේ මාලිමා වේදිකාවලින් වෛරය වපුරන්නේ.ඒකයි මාලිමාව දිනුවම වැඩේ දෙන්න ඕනි කට්ටිය දැන්මම මාක් කරගෙන ඉන්නේ.
මතවාදයට අනුව භාවිතාවක් ජවිපෙට නෑ.ඒකට හේතුව ජවිපෙට උපායමාර්ගයක් නැතිකමයි. පැරණි ජවිපෙට උපායමාර්ගය ඇතුලේ නිශ්චිත දේශපාලන ඉලක්කයක් තිබ්බා.ඒ වෙනුවෙන් ගොඩනගපු මතවාදයක් තිබ්බා,ඊට අනුව භාවිතාවක් තිබ්බා.මේ සියල්ල එකතු වෙලා හැදුණු සංස්කෘතිකක් තිබ්බා.අද මාලිමාව ඇතුලේ එහෙම එකක් නෑ.මරන්න,කපන්න, කොටන්න ලෑස්ති වෙච්චි පිරිසක් සහ අමු තිත්ත කුණුහරුප වලින් මිනිස්සුන්ට බනින කාලකණ්ණි ටිකක් විතරක් මාලිමාවේ ඉන්නවා.
අනුරගේ වේදිකා පම්පෝරි අහලා මාලිමාව රට බේරගනී කියලා මාලිමාව ඇතුලට ඔළුව දාන කෙනාට අර මරන්න,කපන්න, කොටන්න ලෑස්තිවෙලා ඉන්න යමපල්ලෝ ටික හම්බ වෙනවා.ඊළඟට අර කුණුහරුප කියන ගිරා පෝතකයා ටික හම්බ වෙනවා.මේ සෙට් එකත් එක්ක කොහොම රට හදන්නේ කියන ප්රශ්නය ඒ මිනිස්සුන්ට එනවා.ප්රතිඵලය වෙන්නේ එයාලා තවත් කීපදෙනෙක් ඇඳගෙන මාලිමා බස් එකෙන් බහින එකයි.
ඔයාලා බලන්න මාලිමා වේදිකවේ රට හදන වැඩපිලිවෙලක් කතා කරනවද කියලා.එකමදේ හොරු අල්ලනවා කියන කතාව විතරයි.ජවිපෙ නායකයන් කරන්නේ රටපුරා වෛරය වපුරන එක.මාලිමාවේ වේදිකාවෙන් කල එළි බැහැපු නාකි අයින් කරන කතාව ගන්නකෝ.එක වේදිකාවක නාකි එලවන්න කතා කරද්දී තව වේදිකාවක නාකි එකතු කරනවා.
පැන්ෂන් ගිය පොලිස් නිලධාරීන්,හමුදා නිළධාරීන් එකතු කරලා නාකින්ගේ සාමූහික හදනවා. සමහරවිට එහෙම ඒවා හදලා තියන එක නාකි අයින් කරනකොට අයින් කරන්න ලේසියි කියලා හිතනවා වෙන්නත් ඇති.මොකද පොල්පොට් නාකි අයින් කරපු හැටි ටිල්වින් හොඳට දන්නවා. ටිල්වින්ගේ ගෙදරත් ටිල්වින්ට වැඩිය වයස අය ඉන්නවා.එයා අයින් කරන්න ටිල්වින් කියපු කරපුවා ගොඩක් අය දන්නේ නැතිවුනාට දන්න අය එක්කෙනෙක් දෙන්නෙක් හරි තවමත් ජීවතුන් අතර ඉන්න බව ටිල්වින් මතක තියාගන්න ඕනි.
මාලිමාවේ රැල්ල ආපිට හරවන්න මේ සේරම හේතු බලපෑවා වගේම තවත් තීරණාත්මක හේතුවක් බලපෑවා.ඒ තමයි රනිල්.මාලිමාව පීක් එකට එන්නේ රටේ ප්රශ්න වැඩි වෙනකොට.ගෑස් නැති එක මාලිමාවට හොදයි,පෝලිම් හැදෙන එක මාලිමාවට හොඳයි,පෝලිම්වල මිනිස්සු මැරෙන එක මාලිමාවට හොඳයි.රටට ඩොලර් නැති වෙන එක මාලිමාවට හොඳයි.රට බංකොලොත් නම් ඒකත් මාලිමාවට හොඳයි.
ඒකනේ ටිල්වින් සහ හඳුන්නෙත්ති ඒ දවස්වල තරඟෙටව කිව්වේ රටට ඩොලර් එවන්න එපා කියලා.මාලිමාවට ඕනි අර්බුද පිරුණු හිඟන්නන්ගේ දේශයක්.දෙන දෙයක් කාලා අනුරලා කියනදේ අහගෙන ඉන්න ජාතියක්. එහෙම රටක් තමයි රාජපක්ෂලා අපට උරුම කරලා දුන්නේ.රාජපක්ෂලා අපට උරුම කරලා දුන්න බංකොලොත්භාවයේ පීන පීන තමයි මාලිමාව ඔය වෛරයේ රැල්ල හැදුවේ.
රනිල් ඇවිත් කළේ ගිනිගත්ත රට ටික ටික නිවන එකයි.රට ටිකෙන් ටික යථාවත් කරන එකයි.රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්න එකයි.රටේ අර්බුදය හමුවේ ඉහල යන මාලිමාවේ රැල්ල අර්බුදය සමනය වෙනකොට පහල යන්න ඕනි. ඒක තමයි සමීකරණය.රනිල් කරලා තියෙන්නෙ රාජපක්ෂලා මාලිමාවට වැඩෙන්න හදලා දුන්න පාරිසරික තත්වය ක්රමයෙන් අහෝසි කරන එකයි. මාලිමා රැල්ල මොකද උනේ කියලා නෙවෙයි, මාලිමා රැල්ලට මොකද කළේ කියලා රනිල්ගෙනුයි අහන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *