|

2024 මැයි මාසයේ දී ඩොලර් මිලියන 1,287 ක අපනයන ආදායමක්

2024 මැයි මාසයේ අපනයන කාර්ය සාධනය

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 960.2 ක් වූ අතර එය පෙර මාසය වන 2024 අප්‍රේල් මාසයට සාපේක්ෂව 9.4% ක වර්ධනයකි.තවද, 2023 මැයි මාසයට සාපේක්ෂව 2024 මැයි මාසයේ අපනයන කාර්ය සාධනය 5.81% කින් අඩු වී ඇත.

2024 මැයි මාසය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 327.35 ක් වූ අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 21.24% ක වැඩිවීමකි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 මැයි මාසය සඳහා වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,287.59ක් ලෙස සටහන් විය.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගු

(මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *