|

ෆොනී,රාජිත කසකරුවන් – එන බව කියන පෙරහැර කුමක්ද? – රටේ රාළ

සමගි ජන බලවේගයයේ නායක සජිත් ප්රේමදාස මේ දවස්වල සජබය ඇතුලෙන් දැඩි ප්රහාරයකට ලක් වෙනවා.එක පැත්තකින් ෆොන්සේකාගේ අනුකම්පා විරහිත කෲෂ් මිසයිල ප්රහාරයකට ලක්වුනා.අනිත් පැත්තෙන් රාජිතගේ උපායමාර්ගික දේශපාලන ප්රහාරයකට ලක්වෙමින් ඉන්නවා. මේ ප්රහාර දෙක වෙනස් තලවල ක්රියාත්මක උනත් ප්රහාර දෙකම අතිශයින්ම දේශපාලනිකයි.
ෆොන්සේකාගේ ප්රහාරයට තවමත් සජිත්ගේ පැත්තෙන් හරි ප්රතිචාර ලැබිලා නෑ.ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී සජිත්ට එල්ල කරපු ප්රහාරයට එවෙලේම ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුජිබර් රහුමාන් උත්තර දුන්නා.හැබැයි ඒ උත්තර දෙකම යන්නේ කොහේද මල්ලේ පොල් උත්තර.සජිත්ගේ සක්වල, හුස්ම සහ සසුනට අරුණ වැඩසටහන් හරහා පාසැල්වලට, රෝහල්වලට සහ පන්සල්වලට බෙදන බඩු ගන්න සල්ලි දෙන්නේ ජාවාරම්කාරයෝ සහ කැෂීනෝකාරයෝ කියලා ෆොන්සේකා කෙලින්ම කිව්වා.
ඒකට දෙන උත්තරය විදිහට ෆොන්සේකාගේ ජනාධිපති හීනය අවුල්වීම කියලා හරියන්නේ නෑ. කිරිඇල්ල කිව්වේ සජිත් විපක්ෂ නායකයා විදිහට පාර්ලිමේන්තුවේ කතා කරන්නේ බලහත්කාරයෙන් නෙවෙයි මූලාසනේ අවසරය ඇතිව කියලයි.ඒක බ්රිතාන්ය පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව විපක්ෂ නායකයාට තියන අයිතියක් කියලයි.කිරිඇල්ල කියන කතාව තමයි සජිත්ට තියන චෝදනාව.
සජිත් විපක්ෂ නායකධූරයේ බලතල සහ වරප්රසාද අවභාවිත කරනවා කියලා චෝදනාවත් තියනවා.ඒත් ඒ කිසිදෙයක් ෆොන්සේකා නගන චෝදනාවට අදාල නෑ.ඊළඟට කිරිඇල්ල කියන්නේ වත්කම් බැරකම් දීලා තියන මන්ත්රීවරු 225 න් ට්රාන්ස් පේරන්ස් ඉන්ටර්නැෂනල් වෙබ් අඩවිය කරපු ඉල්ලීමක් ගැන. එයාලා කියලා තියෙන්නේ මන්ත්රීලගේ වත්කම් සහ බැරකම් ප්රකාශ එයාලගේ වෙබ් අඩවිය හරහා ප්රසිද්ධ කරන්න කියලයි.
ඒක කරලා තියෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මන්ත්රීවරු විසිදෙනෙක් විතරයිලු.කිරිඇල්ල කියන විදිහට හිතන්න වෙන්නේ ෆොන්සේකාත් එයාගේ වත්කම් සහ බැරකම් ප්රකාශ එතෙන්ට දීලා නෑ කියලයි.හැබැයි ඒක ෆොන්සේකට විතරක් තියන චෝදනාවක් නෙවෙයි.තවත් මන්ත්රීවරු 205 කට තියන චෝදනාවක්.එහෙම චෝදනාවක් ෆොන්සේකට ඇති, හැබැයි ෆොන්සේකා සජිත්ට කරන චෝදනාවට උත්තරය ඒක නෙවෙයි.
සජිත් බඩු බෙදන්නේ ජාවාරම්කාරයන්ගේ සහ කැෂීනෝකාරයින්ගේ සල්ලිවලින් කියන චෝදනාවට ඒ වගේ උත්තරය ගැළපෙන්නේ නෑ.තව සමහරු කියන්නේ ෆොන්සේකාට සජබේ ඉන්න බැරි නං යන්න කියලා.ඊළඟට සජබෙන් ෆොන්සේකාට නාම යෝජනා දෙන්නේ නැතිලු.සජබ උත්සවවලට ෆොන්සේකට ආරාධනා කරන්නේ නෑලු.එහෙම උත්තර දීමෙන් තේරෙන්නේ සජබය ප්රශ්නයෙන් පැනලා යන්න හදනවා කියන එකයි.
සජිත් උනත් ඒකට කෙලින් උත්තරයක් දුන්නේ නෑ.සජිත් කිව්වේ විපක්ෂයේ ඉඳනුත් සජිත් සංවර්ධන වැඩ කරනවා කියන එකයි.බංකොලොත් වෙච්චි රටක විපක්ෂ නායකයා විදිහට සජිත් කරන වැඩ ගැන හිතන්න කියලයි සජිත් කියන්නේ.
ඒවා ඔක්කොම ඇත්ත කියලා කියමුකෝ.ඒත් ෆොන්සේකාගේ ප්රශ්නයට උත්තරය ඒක නෙවෙයි. ප්රශ්නය,සජිත් කරන මේ සංවර්ධන වැඩවලට සල්ලි දෙන්නේ ජාවාරම්කාරයෝ සහ කැෂීනෝකාරයෝ කියන කතාව ඇත්තද කියන එකයි.ඒ ප්රශ්නයට සජිත් සහ සජිත්ගේ ගෝලබාලයෝ දෙන උත්තරවලින් සැකය තවත් වර්ධනය වෙනවා.සජිත් දැන් පෙන්නන් ඕනි ඒ සල්ලි ආපු විදිහ, වෙන බයිලා වැඩක් නෑ.එහෙම කලොත් සජිත්ට One shot සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් වෙන්න පුළුවන්.
මෙතනදී පැහැදිලිව පේන එක දෙයක් තියනවා.සජිත්ට එල්ලවෙන චෝදනාවලට සමස්ථ සජබයම එකට එකතුවෙලා ෆොන්සේකට attack කරන්නේ නෑ.ෆොන්සේකා ඒ ජාතියේ මිසයිල ප්රහාරයක් එල්ල කරද්දී රාජිතත් සජබය ඇතුළට තවත් උපායමාර්ගික දේශපාලන ප්රහාරයක් එල්ල කරලා.ඒකත් දැන් සජබය ඇතුලේ තැන තැන පුපුරන්න පටන් අරන්.රාජිත කියන්නේ රනිල් මෙච්චර ඉක්මනට ආර්ථික අර්බුදයෙන් රට ගොඩගනී කියලා එයාවත් හිතුවේ නෑ කියලයි.
ඇස් පෙනෙන කන්,ඇහෙන ඕනිම කෙනෙකුට රනිල් රට සාමාන්ය තත්වයට ගෙනාවා කියලා පිලිගන්න වෙන බවත් රාජිත කියනවා.බංකොලොත් වෙච්චි රටවල් අතරින් ඉතාමත් ඉක්මන් සාමාන්යකරණයට ලක්වෙච්චි රට ලංකාව කියලා ජාත්යන්තර වශයෙන් පිලිගන්න බව කියන රාජිත ඒ විශ්ම කර්ම වැඩේ කළේ රනිල් බවට full Credit එකක් දෙනවා.රාජිත මෙතනදී සජිත්ට ෆොන්සේකා පන්නයේ ප්රහාරයකක් එල්ල කරන්නේ නෑ.
හැබැයි රාජිත සහ ෆොන්සේකා එල්ල කරන ප්රහාර දෙකෙන් වඩාත් දරුණු කොයි එකද කියලා බැලුවොත් රටේ රාළ නං හිතන්නේ රාජිතගේ ප්රහාරය වඩාත් දරුණුයි කියලයි.මේ සියල්ල කියලා රාජිත අන්තිමට කියන්නේ රනිල් සජිත් එකතුවකින් රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඕනි කියලයි.නැත්තං අනුර කුමාර දිනනවා කියලත් රාජිත අනතුරු ඇඟවනවා.ෆොන්සේකාගේ ප්රහාරයට උත්තර දෙන්න එන සජබයේ අය රාජිතගේ ප්රකාශය ඉස්සරහා සංවේදී වෙන බවත් පේනවා.
සජබය ඇතුලේ නිර්මාණය වෙලා තියන මේ තත්ත්වය සජිත්ට බරපතල අභියෝගයක්.රටක් විදිහට අපි බංකොලොත්භාවයෙන් මිදුනා කියන ජාත්යන්තර සහතිකයත් ළඟ ළඟම එනවා.ඒ සහතිකය අරන් ඒක හමස් පෙට්ටියේ දාගෙන ඉන්න තරම් රනිල් අදේශපාලනික වෙන එකක් නෑ.ෆොන්සේකා සහ රාජිත කියන්නේ ළඟ එන පෙරහැරේ කසකාරයෝ දෙන්නෙක්.
පෙරහැර ළඟ එන බව ෂුවර්.මේ කසකාරයෝ දෙන්නා කියන්නේ සජබේ පෙරහැරක් රනිල් දෙසට එනවා කියන එකද?එහෙමත් නැත්තං සියලු දෙනා එකතු උන පෙරහැරකින් රනිල් ජනාධිපතිවරණයට එනවා කියන එකද?ඒක ඔයාලා තීරණය කරන්න. රටේ රාළ ඔක්කොම කියන එක හරි නෑනේ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *