|

ටිල්වින් සීයා වෙත – රටේ රාළ

පහුගිය 12 වෙනිදා ජාත්යන්තර මූල්ය අරමුදලෙන් අපට හදුන්වා දුන්න විස්තීර්ණ ණය පහසුකමට අදාල දෙවන සමාලෝචනයට අනුමැතිය ලැබුණා. ඒ අනුව IMF තුන්වන වාරිකයත් අපට ලැබුණා. එතන ඩොලර් මිලියන 336 ක මුදලක් තියනවා.ඒ අනුව IMF විස්තීර්ණ ණය පහසුකම යටතේ අපට ලැබෙන්න නියමිත ඩොලර් බිලියන 2.9 යෙන් ඩොලර් බිලියන එකක් මේ වෙනකොට ලැබිලා තියනවා.
IMF තුන්වෙනි වාරිකය ලැබීමත් එක්ක අපට තවත් ණය වාරික ප්රමාණයක් ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ගන්න පුළුවන්.ඇත්තටම මේ ණය හරියට කලමණාකරණය කළොත් අපිට නව ආර්ථික ගමනකට අඩිතාලම දාගන්න පුළුවන්.අපි තව තවත් අඳුරු ඉතිහාසයට සාප කරකර ඉන්නේ නැතිව අනාගතය වෙනුවෙන් එක පහනක් හරි පත්තු කරන්න ඕනි.
තුන්වෙන වාරිකය ලබාදෙමින් IMF කිව්වේ අපි තවමත් ආර්ථික වශයෙන් අවධානමක ඉන්නවා කියලයි.දැනට පවත්වාගෙන යන මේ තත්වය ඕනිම වෙලාවක බිඳ වැටෙන්න පුළුවන් කියලත් කිව්වා.ඒක නිසා මේ ආර්ථික ගමන තවදුරටත් සීරු මාරුවට යන්න ඕනි.විජිත හේරත් කියන්නේ කිරි වෙනුවට කහට බොමු කියලා.හැබැයි කහට එකත් නැතිවෙන වැඩක් නං කරගන්න එපා.
ලංකාවේ මැතිවරණ පැවැත්වීම ගැනත් ජාත්යන්තර මූල්ය අරමුදල ප්රකාශයක් කළා.ඕනෑම රටක මැතිවරණ පැවැත්වීම ප්රජාතන්ත්රවාදී ක්රියාවලියක් නිසා ඊට ගරු කරන බවත්,ඒ වගේ තත්වයක් යටතේ ඊට අනුගතව ක්රියාත්මක වෙන බවත් IMF කියනවා.එයාලා කියන්නේ මැතිවරණ කාලය ඇතුලෙත් IMF වැඩපිලිවෙල ක්රියාත්මක වෙන්න ඕනි කියලයි.රටේ රාළ ” රනිල් ඔබට සතුටුයිද දැන් ” ලිපියෙන් පෙන්වලා දුන්නේ මේ ගත්ත ණය වාරිකය රනිල්ගේ පෞද්ගලික උවමනාව වෙනුවෙන් ගත්ත ණය නෙවෙයි කියලයි.
එහෙම ගත්ත නායකයෝ මේ රටේ හිටියා.ඒක හින්දා තමයි මේ රට බංකොලොත් වුනේ. එයාලගෙ ගෝලයෙක් උන කළුතර රෝහිත නං දැන් කියන්නේ ණය ගැනීම සතුටක් නෙවෙයි කියලායි.එහෙමයි මේ රට කාපු අය හම්බ වෙච්ච තුන්වෙන වාරිකයත් හෑල්ලූ කරන්නේ.ඇත්තටම මේ ණයවලට මොකද කරන්නේ?එතෙන්ට තමයි පක්ෂ විපක්ෂ කාගේත් අවධානය යොමු වෙන්න ඕනි.ඒ ගැන රනිල්ටත් වැඩපිලිවෙලක් ඇති. හැබැයි විපක්ෂයටත් මේ වෙලාවේ තමන්ගේ යෝජනා රජයට දෙන්න යුතුකමක් තියනවා.
එහෙම යෝජනා දෙන්න තියා එහෙම එකට සුදානමක්වත් තියනවා කියලා අපේ විපක්ෂ කණ්ඩායම්වලින් නං පේන්නේ නෑ.ඒත් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්යාපාරයේ සභාපති හිටපු කතා නායක කරූ ජයසූරිය නම් වහාම ක්රියාත්මක කරන්න කියලා යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියනවා.කරූ නායකත්වය දෙන සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්යාපාරය කියන්නේ ජාතික අවශ්යතාවලදී ජාතියට මඟ පෙන්වන්න ඉදිරියට එන සමාජ ව්යාපාරයක්.
කරූ මෙතනදී යෝජනා කීපයක් ඉදිරිපත් කරලා තියනවා.තුන්වෙනි වාරිකය ලැබීමත් එක්ක වහා සිදුකල යුතු කරුණු කිහිපයක් විදිහටයි කරූ ඒවා බලධාරීන්ගේ අවධානය ලක් කරලා තියනවා. පළවෙනි දේ විදිහට කරූ පෙන්වා දීලා තියෙන්නේ අපේ රටේ ජනතාව වගේම IMF විසින් දිගින් දිගටම ඉදිරිපත් කරන දූෂණය සහ නාස්තිය නතර කරන්න අවශ්ය පියවර ගන්න කියලයි.
ඒ වගේම කරූ නව තත්වයන්ට ගැලපෙන විදිහේ කෘෂිකර්මාන්තයේ නවීකරණයක් ඉල්ලා සිටිනවා.දැනට අවුරුදු 70 ක් පමණ කාලයක් තිස්සේ අතපසු වෙලා තියන 15000ක් පමණ වන ඉපැරණි වැව් ප්රතිසංස්කරණය කරලා නවීන කෘෂිකර්මාන්තයට උපයෝගී කරගැනීමට ගැලපෙන විදියට සකස් කරන්න කියලා කරූ ඉල්ලනවා.ඒ සදහා අන්තර්ජාතික මූල්ය අරමුදල් වලින්,මිත්ර රටවලින්,පෞද්ගලික අංශයෙන් හා අපේ යුද හමුදාවේ ශක්තියත් ලබාගත හැකි බව කරූ පෙන්වා දෙනවා.
ඒ වගේ අපනයන ක්ෂේත්රය වහා වේගවත් කිරීම වෙනුවෙනුත් කරූ යෝජනා ඉදිරිපත් කරනවා. 1990 දශකයේ ද “Export or Perish” ” අපනයනය කරනු නැතිනම් වැනසෙනු ” යන තේමාව යටතේ විශාල වැඩසටහනක් දියත් වූ අතර විදේශීය ගැණුම්කරුවන් පන්දාස් හයසියයක් සහභාගී වූ එක්ස්පෝ 92 නමින් අති සාර්ථක අන්තර්ජාතික වෙළද ප්රදර්ශනයක් පැවැත් වූ ආකාරය කරූ සිහිපත් කරනවා.
අපනයන ගම්මාන (Export Villages) සංකල්පය 90 දශකයේ සාර්ථකව ක්රියාත්මක වීම හේතුවෙන් තෝරාගත් ගම්මාන කිහිපයක ජනතාව ඉහළ ආදායම් ලබාගත් අතර වර්තමානයේ ප්රවීණ සුපිරි වෙළඳසැල් ජාලාවලද සහයෝගය ලබාගනිමින් අපනයනය සඳහා අපනයන ගම්මාන නිර්මාණය කළ හැකි බව කරූ වැඩිදුරටත් සදහන් කරනවා.
අපනයන සංවර්ධන මණ්ඩලයට අවශ්ය සම්පත් හා බලතල ලබාදී ඔවුන් ශක්තිමත් කිරීම, තාක්ෂණය දියුණු වූ කාලයක ප්රදර්ශන අවශ්ය නොවුනත් ශ්රී ලංකාව අපනයන කටයුතු සීඝ්ර ලෙස ඉහළ යන රටක් වශයෙන් ප්රචාරය කළ හැකි බවත් කරූ යෝජනා කරනවා.ඒ එක්කම කුඩා හා මධ්යම පරිමාණයේ ව්යවසායකයන් ගොඩනැගීම වෙනුවෙන් සහන පොලියට මුදල් ලබාදීමත් බිම් මට්ටමේ පහසුකම් වැඩිදියුණු කිරීම අත්යවශ්ය බවත් කියලා තියනවා.
රටේ රාළ කියන්නේ කරූගේ මේ යෝජනා අවසන් යෝජනා නොවෙන්න පුළුවන්,හැබැයි අවසන් යෝජනාවලියක් හදන්න අවශ්ය පදනම ඒ යෝජනා ඇතුලේ තියනවා.කරූ ඉදිරිපත් කරන ඒ යෝජනාවලියෙන් තවමත් මේ රට ගැන හැඟීමක්, ඊළඟ දරු පරපුරේ අනාගතය ගැන හැඟීමක් සහ ඊට හැකි පමණින් දායක වෙන්න ඕනි කියලා ජීවිතයේ සැදෑසමය ගතකරන කරූලා හිතන එක ගැන අපිත් ආඩම්බර වෙනවා.
මේ දවස්වර සමහර වේදිකාවලින් වැඩිහිටිකමට, වයෝවෘද්ධකමට අපහාස කරන කතා ඇහෙනවා. හැබැයි වයසට ගිය කරූලා තවමත් රට වෙනුවෙන් යමක් කරන්න දරන උත්සාහය ප්රසංසනීයයි.මාලිමාව වගේ වේදිකාවකින් වැඩිහිටියන් සම්බන්ධව එහෙම අදහස් ප්රකාශ කිරීම ගැන ජවිපෙ සහ මාලිමාවේ නායකයින් ලැජ්ජා වෙන්න ඕනි.සීයලාට බනිමින් සීයා හදපු ගෙදර තවමත් ඉන්න පරම්පරාවක් තමයි අද මාලිමාවේ ඉන්නේ.
වැඩිහිටියන් කියන්නේ(එයාලට අනුව නාකි) මේ සමාජය සංවර්ධන වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලයම කැපකරපු මිනිස්සු.එයාලගේ ඒ කැප කිරීමේ සහ දහඩිය මහන්සියේ ප්රතිපල තමයි අද අපි බුක්ති විදින්නේ.රනිල් නාකියා මේ රට යථාවත් කළේ නැත්තං නාකින්ට අපහාස කරන මාලිමාවේ තරුණියන්ගේ තරුණකම අකාලේ ගණිකා මඩම් ඇතුලේ විනාශ වෙන්න පවා ඉඩ තිබුණා.
කොන්ඩය පාට කරගෙන හිටියත් ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වත් දැන් ඔය කියන නාකිකමේ ගැට්ටේ ඉන්න කෙනෙක්.ඒත් අපි ටිල්වින්ට නාකියා කියලා අපහාස කරන්නේ නෑ.මොකද හෙට දවසේ ඊළඟ නාකි පරම්පරාව රටේ රාළලා බව අපි දන්නවා.ටිල්වින්ලට වැඩිහිටියන්ට ගරු කරන සමාජයක් හදන්න බැරිවුනා කියලා අපි චෝදනා කරන්නේ නෑ.හැබැයි ටිල්වින්ලට තවමත් වැඩිහිටියන්ට ගරු කරන පක්ෂයක් හදගන්න බැරිවෙලා.වයසට ගිහිල්ලත් ටිල්වින්ලා තවමත් වපුරන්නේ වෛරය.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *