|

සජිත් සහ අනුර 13 ගෙනැල්ලා – රටේ රාළ

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්රේමදාස වගේම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකත් මේ දවස්වල ඉන්නේ යාපනේ.දෙන්නම උතුරේ ඡන්ද එකතු කරන්න ගිහිල්ලා.ඒක ඒ දෙන්නටම තියන අයිතියක්.ඒ වෙනුවෙන් එයාලා උතුරේ ජනතාවත් එක්ක කරන සංවාදයේ වැදගත් කරුණු වගේම හාස්යය උපද්දවන කරුණුත් තියනවා.
මේ හාස්යය උත්පාදක වැඩේ හොඳටම කරන්නේ සජිත්.හොඳම උදාහරණය තමයි සජිත් යාපනේ ගිහින් මෙහේ Test Match ground එකක් නැද්ද කියලා අහපු කතාව.ඇත්තටම සජිත් ඒ ගැන නොදැන හිටියාද,නැත්තං ආර් ප්රේමදාස Stadium එක ගැන කියලා තාත්තා ගැන කියන්න පොටක් පාදගත්තද කියලත් හිතෙනවා.
කොහොම උනත් ඒක අමු මෝඩ කතාවක්.හැබැයි උතුරේදී සජිත් වගේම අනුරත් 13 වෙනි සංශෝධනය ගැන කතා කළා.88/89 දී 13 වෙනි ව්යවස්ථා සංශෝධනය ඇතුලත් ඉන්දු – ලංකා ගිවිසුමට ජවිපෙ විරුද්ධ වුනා.සජිත්ගේ තාත්තත් විරුද්ධ වුනා.හැබැයි අද සජිත් සහ අනුර දෙන්නම ඊට සහයෝගය පළ කරලා තියනවා.
අනුර කිව්වේ පලාත් සභා කියන්නේ බලය බෙදීමක්.හැබැයි දැනට ක්රියාත්මක පලාත් සභාවලින් ජාතික ප්රශ්නය විසදිලා නෑ කියලා.ඒක නිසා එතනින් ඔබ්බට යන විසදුමක් අවශයයි කියලා අනුර කිව්වා.ඒක කියනකොට දෙමල සන්ධාන මන්ත්රී සුමන්තිරනුත් අනුරත් එක්ක හිටියා.
සජිත් කිව්වේ සජිත් ජනාධිපති උනාට පස්සේ 13 වෙනි සංශෝධනය පුර්ණ වශයෙන් ක්රියාත්මක කරනවා කියලයි.ඒක කරන්න සජිත් බය නෑ කියලත් කිව්වා.සජිත් ඉතින් බය විවාදවලට විතරක් උනත් සජිත් ජනාධිපති උන පලියටම 13 තනියෙන් ක්රියාත්මක කරන්න බෑ.
පොදුජන පෙරමුණේ නායක මහින්ද ජනාධිපති විදිහට ඉන්නකොට ඉන්දියාවේ කරපු සංචාරයකදී 13 + දෙන්න එකඟ වෙලා ආවා.රනිල් අනුප්රාප්තික ජනාධිපති විදිහට ඉන්දියාවට ගිය වෙලාවේ අගමැති මෝදි 13 ක්රියාත්මක කිරීම ගැන රනිල් ගෙන් ඇහුවා.එතනදී රනිල් කිව්වේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල අනුමැතිය දෙනවා නම් තමන් 13 වෙනි සංශෝධනය ක්රියාත්මක කරන්න එකඟයි කියලා.
එතනින් නොනැවතුන රනිල් ලංකාවට ඇවිත් 13 සම්බන්ධව එකගතාවයක් හදා ගන්න සර්වපාක්ෂික සමුළුවක් කැදෙව්වා.හැබැයි එදා රටේ රාළට මතක විදිහට විපක්ෂය ඒ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කළා.එදා එතනදී එකඟතාවයකට එන්න තිබුණ අවස්ථාව මඟ හැරලා,ඒ අවස්ථාව කඩා කප්පල් කළා.
අද සජිත් සහ අනුර යාපනේ ගිහින් දෙමල ජනතාවගේ ඡන්ද ඩැහැගැනීම වෙනුවෙන් 13 ගැන කතා කරනවා.පලාත් සභා ගැන,බලය බෙදීම ගැන කතා කරනවා.කොහොම උනත් බොරුවට හරි,දෙමල ජනතාව රැවට්ටීමේ අර්ථයෙන් හරි ඒ සාකච්ඡාව ගත්ත එක හොඳයි.ඒ ගැන රටේ රාළ අනුර සහ සජිත්ට ස්තුතිවන්ත වෙනවා.
හැබැයි මෙතනදී මේ දෙන්නගේ කටින් එලියට පැන්න දෙයින් ප්රයෝජනයක් ගන්න ඕනි.මොකද දැන් රනිල්,මහින්ද,චන්ද්රිකා,අනුර සහ සජිත් 13 සම්බන්ධව ඉන්නේ බොහෝ දුරට සමාන ස්ථාවරවල.රටේ රාළ කියන්නේ මේ අවස්ථාවෙන් ප්රයෝජන ගන්න ඕනි කියලයි.අනික හැමදාම ඡන්ද කාලෙට උතුරට ගිහින් දකුණේ නායකයන් උතුරේ ජනතාව රවට්ටන එක නතර කරන්න ඕනි.
රටේ රාළ මේ කියන කතාවේ වැඩි වගකීම තියෙන්නේ ජනාධිපති රනිල් වික්රමසිංහට.දැන් මේ එකඟතාවය හැදිලා තියන වෙලාවේ ජනාධිපතිට පුළුවන් එදා විපක්ෂය මඟහැරපු 13 සම්බන්ධව කතා කරන සර්වපාක්ෂික සමුළුව ආයෙත් කැඳවන්න.දැන් දෙමළ ඩයස්‌පෝරාවේ උනත් මේ ප්රශ්නය දිහා මධ්යස්ථව බලන පිරිසක් දැන් ඉන්නවා.
ඒ වගේම මේ වෙලාවේ උතුරේ සහ නැගෙනහිර ක්රියාත්මක දෙමල සහ මුස්ලිම් පක්ෂවලටත් වගකීමක් තියනවා මෙතෙන්ට ඇවිත් මස් රාත්තලම ඉල්ලන්නේ නැතිව සාධාරණ මධ්යස්ථ විසදුමකට එන්න.දැනට 13 වන සංශෝධනයේ ප්රධාන ගැටළු දෙක බවට පත්වෙලා තියෙන්නේ ඉඩම් බලතල සහ පොලිස් බලතල ප්රශ්නයයි.
ඉඩම් බලතල සම්බන්ධව නම් ලොකු ප්රශ්නයක් තියනවා කියලා රටේ රාළ හිතන්නේ නෑ.පොලිස් බලතල ප්රශ්නයත් විසදගන්න බැරිකමක් නෑ.ඒක නිසා සියලු දෙනා එකතු වෙලා ඉක්මන් සර්වපාක්ෂික සමුළුවකට එන්න කියලා රටේ රාළ යෝජනා කරනවා.ඇත්තටම මේ ප්රශ්නය දිහා මේ පාරත් බොහොම සාධාරණ විදිහට බැලුවේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්යාපාරයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය.
සජිත්ගේ සහ අනුරගේ කටින් 13 ගැන කතාව එලියට එනකොට කරූ වහාම ක්රියාත්මක වෙනවා දැක්කා.කරූ කියන්නේ සියලු කණ්ඩායම් එකතු කරපු වට මේස සාකච්ඡාවකට ගිහින් ප්රශ්නය බේරගමු කියලයි.තව පරම්පරාවකට මේ ප්රශ්නය ඉතිරි නොකර මේ පාර්ලිමේන්තුවෙන්ම විසදගමු කියලයි.
රටේ රාළ බළකාය අත් දෙකම උත්සලා කරූගේ යෝජනාව අනුමත කරනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *