ආර්ථිකය තවමත් අවදානමේ බව IMF කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන සමාලෝචනය සඳහා අනුමැතිය හිමිවුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ (12) දිනයේ අදාළ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මාස 48ක් සඳහා ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ තෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ.

තෙවන වාරිකය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 336ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.

2023 වසරේ මාර්තු 20 වන දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න මුදලක් විස්තීරීණ ණය පහසුකම යටතේ මාස 48ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාව පළ කරනු ලැබීය.

එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337ක් හිමි වූ අතර ඒ අනුව මේ වනවිට අමෙරිකානඩු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.

ඊයේ දිනයේ රැස් වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ දෙවන වාරිකය අනුමත කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව විසින් අදාළ ආධාර වැඩසටහනේ සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ ආන්තික හිඟය හැර සියලු ප්‍රමාණත්මක ඉලක්ක සපුරාගෙන ඇති බව ඔහු එහිදි ප්‍රකාශ කර තිබේ.

ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති අතර උද්ධමනය අඩු මට්ටමක පවතින බවත් ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් පවතින බවත් කෙන්ජ් ඔකමුරා මහතා පවසයි.

කෙසේවෙතත් මෙම ධනාත්මක ආර්ථික වර්ධනයන් නොතකා ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර ණය තිරසාරත්වයට පත්වීම තවමත් ප්‍රමාද වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීම සහ සමාජ හා ප්‍රාග්ධන වියදම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව පෙන්වාදෙන නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පවසන්නේ, රාජ්‍ය මුල්‍ය කළමනාකරණය දියුණු කිරීම, මුල්‍ය විනය වැඩිදියුණු කිරීමට උපකාරි වන අතර ණය කලමනාකරණ රාමුව ශක්තිමත් කිරීම ද අවශ්‍ය බවය.

මුදල් ප්‍රතිපත්තිය මිල ස්ථායිතාවයට ප්‍රමුඛත්වය දෙමින් ඉදිරියට යා යුතු අතර මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහය විය යුතු බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *