මහින්ද අමරවීර හැමදාම කළේ දිනන පැත්තට පනින එකයි – අනුර කුමාර දිසානායක අද හම්බන්තොට දී කියයි

මහින්ද අමරවීර මහතා 2000 වසරේ සිට හැම ආණ්ඩුවක ම ඇමතිකම් කළ බවත්, ඔහු යන පැත්ත දිනන බව අමරවීර මහතා කීව ද , ඔහු හැමදාම කළේ දිනන පැත්තට පැනීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද හම්බන්තොට පැවති තරුණ සමුළුව අමතා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පිණිස ගොඩ නගන සන්ධානයක පළමු රැස්වීම ඊයේ අම්බලන්තොට පැවති අවස්ථාවේ මහින්ද අමරවීර මහතා කීවේ තමන් ගන්නා පැත්ත හැමදාම දිනන බව යි. එයට ප්‍රතිචාර දක්වමින් අනුර කුමාර මහතා කීවේ අමරවීර මහතා යන පැත්ත දිනනවා නොව සිදුවන්නේ ඒ මහතා දිනන පැත්තට පැනීම බව යි.

මෙලෙස දිනන පැත්තට පැනීම තවත් දේශපාලඥයින් කරන බව ද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *