පසුගිය කාලයේ රටේ තිබූ දැඩි දුෂ්කරතා විසඳුවේ රනිල්,ඒ ගැන විවාදයක් නෑ – චන්න ජයසුමන

අද (09) දින , හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ, තවත් වසරකින් ජනාධිපතිවරණය කල් දැමීමේ අවස්ථාව ව්‍යවස්ථාව තුළින්ම ඉඩ තිබෙන බවයි.

ඒ අනුව,  රනිල් වික්‍රමසිංහ නමැති පරිණත දේශපාලන නායකයාට ඒ තුළින් අවස්ථාවක් උදා කර ගැනීමට හැකි බවත්, ඔහුට ඒ සඳහා තීක්ෂණ බුද්ධියක්ද තිබෙන බවත්, ව්‍යවස්ථාව පිළිබඳව මනා දැනුමක් තිබෙන බවත් ජනාධිපතිතුමා ඒ අනුව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් කියා සිටියේය.

තවද ජයසුමන මහතා කියා සිටියේ, පසුගිය කාලය තුළ රටේ දැඩි ආර්ථික අපහසුතාවයන් සහ රටේ ජනතාවට දැඩි දුෂ්කරතාවයන් වලට මුහුණ දුන් බවත් විශේෂයෙන්ම තෙල් පෝලිම් නැති කර, රට ආර්ථික වශයෙන් මෙතෙක් දුරකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගොඩනගා ඇති බව අවිවාදයෙන් පිළිගත යුතු බවත්ය.

ඉදිරියේදී ජාතික ආණ්ඩුවක් බිහිවීමේ අවස්ථාව පිළිබඳව ද පවසා සිටි අතර, ජනාධිපතිවරයාගේ දූර කාලය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වුවහොත් ජාතික ආණ්ඩුවක් ද බිහිවීමේ අවස්ථාව තිබෙන බවයි.

තම සහාය ලබා දෙන්නේ කුමන පාර්ශ්වයටද යන පිළිබඳව ඉදිරියේදී දේශපාලනික වාතාවරණය අනුව තීරණ  ගැනීමට බලාපොරොත්තු වන බවත්, තවද හිටපු ජනාධිපති මෛත්‍රිපාලන සිරිසේන මහතා විසින් ගන්නා ලද තීන්දු තීරණ මේ වන විට අයහපත් තීරණ බවත් එය වැරදි තීරණ බවත් යම් යම් පාර්ශව සහ දේශපාලන පිරිස් පවසා සිටියත් ඔහු වටා සිටි දේශපාලනඥයින්ට සහ පාර්ශව වලටද එහි වගකීමක් පැවරෙන බවත් පවසා සිටියේය.

චන්න ජයසුමන මහතා තවදුරටත් පවසා සිටියේ , විශ්ව විද්‍යාල සිසුන් උපයෝගී කරගනිමින් අපක්ෂපාතී ස්වාධීන කණ්ඩායමක් එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණයක් සිදුකළ බවත්, එම සමීක්ෂණයේ ප්‍රතිඵල ඉදිරියේදී රටට හෙළිදරව් කිරීමට සූදානම් බවයි.

මේ වන වනවිට සියයට හතළිහක් වැනි පිරිසක් කිසිදු දේශපාලන තීරණයක් ගැනීමට නොහැකිව මධ්‍යස්ථව සිටින බවද හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා කියා සිටී.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහතා වේදිකාවල කරනු  ලබන ප්‍රකාශයන් අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි යම් අමනාපයක් ඇතිව අනුර කුමාර දිසානායක මහතාට තිබෙන ජනතා කැමැත්ත අඩු කිරීම සඳහා කරනු ලබන ප්‍රකාශ බවත් පවසා සිටියේය.

සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර විවාදය පිළිබඳව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියේ, ආර්ථික කමිටු දෙක අතර කරනු ලබන විවාදය මේ රටේ සියලු දෙනාම බලාපොරොත්තුවෙන් සිටින විවාදයක් බවයි.

චන්න ජයසුමන මහතා අවසානයේ කියා සිටියේ, මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක් බවත්, මැතිවරණ කොමිසමද ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද යන්න ඉදිරියේදී බලාගත හැකි බවත්ය.

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 , කොළඹ (LNW):

Leave a Reply

Your email address will not be published. Required fields are marked *