|

රාජපක්ෂලා අභිබවා අමරවීර පෙරට – රටේ රාළ

ඊයේ ජූනි 08 වෙනිදා.ඊයේ ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබුණේ ලන්සා – ශ්රිලනිප නව සන්ධානයේ අම්බලන්තොට රැළියට.ගිය 07 වෙනිදා ශ්රිලනිප විජේදාස – මෛත්රී පාර්ශවය ගොඩගම රීච් හොටලයේ ශ්රිලනිප දිස්ත්රික් සංවිධායකයන්ට සහ ආසන සංවිධායකයන්ට සුහද හමුවක් පවත්වලා තිබ්බා.
එතන පුටු 280 ක් දාලා තිබුණා. පුටුවලට අමතරව පිරිසක් හිටගෙනත් හිටියා.එතන දිස්ත්රික් සහ ආසන සංවිධායකයන්ට අමතර පිරිසකුත් හිටියා.ගිය ඉරිදා (02) නිමල් සිරිපාල ද සිල්වා අතින් පත්වීම් අලුත් කරගත්ත පිරිසේ අයත් එතන හිටියා.සමහරු දුමින්ද පාර්ශවයේ අවබෝධයෙන් එතෙන්ට ආපු අය.දැන් ශ්රිලනිප සංවිධායකයන් පවා පැහැදිලිවම කණ්ඩායම් තුනකට බෙදිලා,
ආසන සංවිධායකයන්ගේ සහ දිස්ත්රික්ක සංවිධායකයන්ගෙන් පිරිසක් මෛත්රී – විජේදාස පාර්ශවයත් එක්ක ඉන්න බව පේනවා.ඒ වගේම දෙපැත්තේම වැඩවලටම ඔළුව දාලා දෙපැත්තටම එක දාගෙන බලය හැරෙන්නේ කොයි පැත්තට කියලා බලා ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා.මෙතනදී මෛත්රී – විජේදාස පාර්ශවයේ අරමුණ උනේ තමන් එක්ක කීදෙනෙක් ඉන්නවද කියලා හරියටම තහවුරු කරගන්න සහ ආපු කට්ටිය එයාලත් එක්ක හරියට plug කරගන්න.
ඇත්තටම එතනට ආපු බහුතරයකට මොකද්ද වෙන්නේ, මොකද්ද විජේදාස කරන්න හදන්නේ කියලා සැක හැර දැන ගැනීමේ උවමනාවක් තිබුණා.ප්රශ්න අහපු අයගෙන් ඒ බව කැපී පෙනුනා ප්රත්නවලට උත්තර දුන්නේ විජේදාස.විජේදාස රනිල් විරෝධය වගේම,සජිත් විරෝධය මතු කළා. විජේදාසගේ පැත්තේ තර්කය වෙන්නේ ලන්සා – දුමින්ද කණ්ඩායම රනිල්ටත්,දයාසිරි – තිලංග කණ්ඩායම සජිත්ට පක්ෂය ගෙනිහින් දෙන්න හදනවා කියලයි. ඊළඟ ජනාධිපතිවරණයට රනිල් ඉල්ලන්නේ නැති බව තහවුරු කරන්නත් විජේදාස හැදුවා.
විජේදාස ඒක පැහැදිලි කළේ 2015 උදාහරණයෙන්.2015 දිත් අන්තිම මොහොත වෙනකම් රනිල් ඉල්ලනවා කිය කියා ඉඳලා පරදින බව දැනගත්ත ගමන් වැඩේ අතාරිය හැටි කිව්වා.කොහොම උනත් විජේදාස කිව්වේ රනිල් ඉල්ලලා දිනුවත්,ඉල්ලලා පැරදුනත්, ඉල්ලන්නේ නැතිව හිටියත් රනිල් ළඟට ගියොත් අනිවාර්යයෙන්ම අනාත වෙනවා කියලයි.විජේදාස ගොඩක් බර කරලා කතා කළේ පාර්ලිමේන්තු,පලත් සභා,පලාත් පාලන ඡන්දවලදී රනිල් ළඟට ගියොත් අනාත වෙන බව පෙන්නන්න.
රනිල් දිනුවොත් රනිල් යූඑන්පිය හදන නිසා යන අයට වෙන්නේ යූඑන්පියෙන් ඉල්ලන්න කියලයි විජේදාස තර්ක කළේ.ඒ වගේම ශ්රිලනිපයේ දැන් තියන නඩු ශ්රේෂ්ඨාධිකරණය දක්වා යන නිසා අත ලකුණෙන් බැරි උනත් වෙනත් ලකුණකින් හරි තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බවත් කිව්වා.විජේදාස කියන කතාවට විරුද්ධව ප්රති තර්ක ඕනි තරම් ගොඩනගන්න පුළුවන් උනත් ඒවා ගැන නොසිතා ආපු අයගෙන් බහුතරය විජේදාස කියන බණ දෙගිඩියාවෙන් අහගෙන හිටිය බව තේරුණා.
මොකද ශ්රිලනිප සාමාජිකයාට දැන් ඕනි කාගෙන් හරි මොකක් හරි උත්තරයක්.මෛත්රී – විජේදාස පාර්ශවය සුහද හමු සංවිධානය කරද්දී ශ්රිලනිප නිමල් සිරිපාල – දුමින්ද පාර්ශවය ලන්සලා එක්ක එකතූවෙලා නව සන්ධානය එලියට දාන දැවැන්ත රැලියක් අම්බලන්තොටදී කළා.ඒ කියන්නේ මෛත්රී – විජේදාස පාර්ශවය ආසන සහ දිස්ත්රික්ක සංවිධායකයන් එක්ක ගේම් එක ගහන්න හදද්දී ශ්රිලනිප නිමල් සිරිපාල – දුමින්ද පාර්ශවය ලන්සලාට එක්ක එකතුවෙලා ශ්රිලනිප බිම් මට්ටමේ සාමාජිකයා එක්ක ගේමක් ගහන්න ground එකට බැහැලා.
ඊයේ අම්බලන්තොට රැලිය මේ දෙපැත්තටම තීරණාත්මක එකක්.7 වෙනිදාට කලින් ඉඳන්ම අමරවීර සංවිධාන වැඩවලට බැහැලා තිබුණා.ඇත්තටම මාලිමාවට, සජබයට සහ පොහොට්ටුව වඩා සංවිධානාත්මක බවක් සහ පිලිවෙලක් අමරවීර වැඩ ඇතුලේ පෙනුනා.ඊයේ එළිවෙනකොට හම්බන්තොට දිස්ත්රික්කයේ හැම ප්රධාන හන්දියක්ම කොඩි දාලා සරසලා තිබුණා.ඒක ටිකක් ජේවීපී ටයිප් වැඩක්.
බස් රථ 400 ක් දිස්ත්රික්කයේ අවශ්ය තැන්වලට වෙලාවට ඇවිත් තිබුණා. අමරවීරට විදිමත් සංවිධාන වැඩපිලිවෙලක් තියන බව පේනවා. සෙනඟ ගෙන ඒම අමරවීර බාර ගනිද්දී මන්ත්රීවරු ගෙන ඒමේ වගකීම පැවරිලා තිබුණේ ලන්සා ප්රමුඛ කණ්ඩායමකට.මේ රැලියේදී ලන්සා තිරය පිටුපස භූමිකාවක යෙදිලා සිටීම විශේෂ සිද්ධියක් විදිහට පෙනුනා.පාර්ලිමේන්තු මන්ත්රීවරු රැළියෙන් රැලියට නගින චේන් එකක් ලන්සලා හදලා කියලා ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුණා.
ඊයේ වේදිකාවට පාර්ලිමේන්තු මන්ත්රීවරු 21 දෙනෙක් නැගලා තිබීම විශේෂයක්.ඊට අමතරව දේශපාලන චරිත ගණනාවක් හිටියා.සජබ සහ පොහොට්ටුව කීපදෙනෙකුත් වේදිකාවට නැග්ගා. වෘත්තීය සමිති ගණනාවක් වේදිකාවේ ඉන්නවා දැක්කා.ශ්රිලනිප ආසන සහ දිස්ත්රික් සංවිධායකයන් 100 කට වැඩිය මෛත්රී – විජේදාස අතෑරලා මේ වේදිකාවට ඇවිත් තිබුණා.
රටේ රාළගේ තක්සේරුව අනුව ඊයේ රැස්වීමේ සජබ සහ මාලිමා රැස්වීම් දෙක අභිබවා යන සෙනඟක් හිටියා.පොහොට්ටුව තංගල්ල පොල භූමියේ තියපු රැලියට වඩා දෙගුණයකට වැඩි සෙනඟක් හිටියා.මෛත්රිලා විජේදාසලා ශ්රිලනිපය ඇතුලේ ඉඳන් දෙන සටනට වඩා වැඩි වාසියක් මේ රැලියෙන් නිමල් සිරිපාල – දුමින්ද පාර්ශ්වයට ආවා.
තව ටික දවසකින් පක්ෂ අභ්යන්තරයේ රැල්ල උනත් විජේදාසගෙන් ගැලවිලා අනිත් පැත්තට හමන්න පුළුවන්.නව සන්ධානය තමන්ගේ පළවෙනි සන්ධාන රැලියට සාර්ථක කරගත්තා.හම්බන්තොට දිස්ත්රික්කයේදී තමන්ටත් සජබය සහ මාලිමාව එක්ක කරට කර සටනක් දෙන්න පුළුවන් බව එයාලා පෙන්නුවා.මෙතනදී අමරවීර බොහොම පහසුවෙන් රාජපක්ෂලා පහුකරගෙන ඉදිරියට ගියා.
අමරවීර ඒ වෙනුවෙන් තමන් සතු සියලු සාධක පාවිචිචි කළ බව පේනවා.මොකද රනිල් දිනුවොත් අගමැතිකමට උනත් කේවල් කිරීමක් ඔය සටන ඇතුලේ නව සන්ධානය පැත්තට එනවා.එහෙම බලාපොරොත්තුවක් නිමල් සිරිපාලටත් තියනවා නං බදුල්ලේ රැස්වීම මීටත් වඩා ලොකුවට කරන්න වෙනවා.මේ රැලිය ජාතික දේශපාලනයත් එක්ක ගලපද්දී හම්බන්තොට ඇවිත් ලන්සා – ශ්රිලනිප සන්ධානය දුන්න ෂොට් එක රාජපක්ෂලාට මරු පහරයක්. රාජපක්ෂලා නැතිව දිනන්න බෑ කියලා රනිල්ගේ යටි හිතේ තියන අතාර්කික සංකල්පයටත් මේක හොඳ පන්ච් එකක්.
ඇත්තටම රනිල්ට දිනන්න නං රාජපක්ෂලා ඕනි නෑ.හැබැයි ඒකට පොහොට්ටුවේ බහුතරය ඕනි.ඒ වගේම සජබ බහුතරයත් ඕනි.රටේ රාළ කියන්නේ ලන්සලා,අනුර ප්රියදර්ශනලා,දුමින්දලා,ලසන්තලා, වීර කුමාරලා….මැද ඉඳන් මේ දෙන ෆයිට් එකෙන් රනිල්ට ඒ වැඩේ කරගන්න පට්ට චාන්ස් එකක් එනවා.මේ වැඩෙන් හම්බන්තොට රාජපක්ෂ රාජධානියේ වගේම හම්බන්තොට සජිත්ගේ රාජධානියේ ගල් කණු බුරුල් වෙලා. ඒ විතරක් නෙවෙයි මාලිමාවේ රැල්ල ආපිට රිවස් කරන්න ලොකු බලපෑමක් වෙලා.
ලන්සා – ශ්රිලනිප සන්ධානය එකවර උඩට ඇවිත් දේශපාලන පිටිය උඩු යටිකුරු කරන්න සූදානම් වෙන බව නං පේනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 3 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *