|

අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට දුන් නියම ගේම මෙන්න

රුපියල් බිලියන දහයක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවූ බවට චෝදනා ලබා සිටින මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ක්‍රියාත්මක කළ ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය යටතේ මේ වනවිට රුපියල් බිලියන තුන්සිය පනහකට (මිලියන තුන් ලක්ෂ පනස් දහසකට ) ආසන්න වටිනාකමින් යුත් බැදුම්කර නිකුත් කර ඇති බව මහ බැංකු වාර්තා කියයි . එම ප්‍රමාණය පෙබරවාරියේ නිකුත් කළ බිලියන දහය මෙන් තිස් පස් ගුණයක් හෙවත් සියයට තුන්දහස් පන්සියයක ප්‍රතිශතයකි .

පසුගීය පාලන සමයේදී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට යොදාගත් පෞද්ගලික ලන්සු භාරගැනීම මේ වනවිට සම්පුර්ණයෙන්ම නවතා දමා  ඇත . ඉන් පසුව මෙතරම් විශාල බැදුම්කර ප්‍රමාණයක් නිකුත්කර ඇත්තේ වෙන්දේසි ක්‍රමය යටතේය . එමගින් මුල්‍ය වෙළෙඳපොළේ විනිවිද භාවය පවත්වා ගැනීමට මෙන්ම පොලී අනුපාත ස්ථාවර කිරීමට ද හැකිවී ඇති බව මහ බැංකු ආරංචි මාර්ග කියයි .

මහ බැංකුව පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන එකසිය හැත්තෑ දෙකක ද අප්‍රේල් මාසයෙදී බිලියන හතලිස් හතරකද මැයි මාසයේදී බිලියන තිස් හතකද ජුනි , ජුලි මාසවලදී තවත් බිලියන සියයකට ආසන්න ප්‍රමාණයක්ද බැඳුම්කර නිකුත් කර ඇත .

මෙම බැඳුම්කර වෙන්දේසි ක්‍රමය හදුන්වාදීමට උත්සාහ කළ මුල් අවස්ථාවේ බිලියන දහයක නිකිතුව ගැන විශාල ලෙස ප්‍රශ්න මතු කළ ද මේ දක්වා නිකුත්කොට ඇති අති විශාල බැඳුම්කර ප්‍රමාණය ගැන කිසිවකු ප්‍රශ්න කර නැති බව කියති . එමෙන්ම ආණ්ඩුවේ සමස්ත ණය ගැනීම් ප්‍රමාණයද මෙම කාලයේදී සියයට තිහකින් අඩු වී ඇති බව ද වාර්තා වීය .

(මහ බැංකුවේ ඇත්තටම සිදුවුයේ කුමක්ද යන්න ගැන ලිපියක් ඉදිරි කාලයේ බලාපොරොත්තු වන්න . )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *