|

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරේ

ශ්‍රී ලංකාවේ දිවිපර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට ළඟා වී ඇති බව තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

නම් සඳහන් නොකළ ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කොට ඇත්තේ පසුගිය නොවැම්බරයේ ඇතිකරගත් මුලික එකඟතා අනුව සැකසු ගිවිසුම් අවසන් වශයෙන් අනුමත කිරීමේ තත්ත්වයට ළඟා වී ඇති බව යි.

පැරිස් සමාජය ප්‍රමිඛ නිල ණය හිමි කණ්ඩායම සමග සහ චීනය සමග ගිවිසුම් සඳහා සාකච්ඡා වෙන වෙනම සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ ද්විපාර්ශවික ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10.6 ක් ලෙස ගණන් බලා ඇති අතර එයින් සියයට 40 ක ප්‍රමාණයක් චීන ණය බව කියති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *