ජනාධිපති රනිල්ගේ දේශපාලන කාර්යාලය මල්පාරේ විවෘත කෙරෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයකු ලෙස ජනපතිවරණයට තරග වැදීම සඳහා තම දේශපාලන කාර්යාලය අද උදේ කොළඹ මල්පාරේ විවෘත කරනු ලැබීය.

මල්පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ස්ථානයක තෙමහල් ගොඩනැගිල්ලක නව කාර්යාලය ක්‍රියාත්මක වනු ඇත.

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන විවිධ පක්ෂ සහ කණ්ඩායම් සඳහා මෙහි ඉඩකඩ වෙන් කරනු ඇතයි කියති.

කාර්යාලය විවෘත කිරීමේ මුලික කටයුතු එජාප සභාපති වජිර අබේවර්ධන මහතා විසින් සිදුකරනු ලැබී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *