|

දේශපාලනයේ ආපදා තත්වයක් – රටේ රාළ

රට ඇතුලේ ප්රබල ආපදා තත්වයක් නිර්මාණය කරමින් පටන් ගත්ත ජූනි මාසය රටේ දේශපාලනය ඇතුලෙත් බරපතල ආපදා තත්වයක් නිර්මාණය කරමින් තියන බව පේනවා.එජාප මහ ලේකම් රංගෙ බණ්ඩාරගේ අවුරුදු දෙකකට මැතිවරණ සිතියම අකුලන්න ඕනි කියපු කතාවෙන් තාවකාලික ආපදා තත්වයකට ලක්වෙන්න එජාපයට සිද්ධවුනා.
හැබැයි දැන් එජාපය පැත්තෙන් පෙන්නමින් තියෙන්නේ මැතිවරණ කල්තැබීමේ පැත්තට වඩා මැතිවරණය පැවැත්වීමේ පැත්තට පියවර කීපයක් තියපු බවක්.ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන එජාප කෘත්යාධිකාරී මණ්ඩලය සංශෝධන ගණනාවක් සහිත මැතිවරණය කමිටුවක් යෝජනා කරගෙන ක්රියාත්මක කරමින් තියනවා.
හරීන් ජනාධිපතිවරණයේ කැම්පේන් මැනේජර් කරලා, එජාපයත් එක්ක නිර්මාණය වෙන සන්ධාන වැඩ කටයුතු ඉක්මන් කරන්න එජාපයට ජාතික ලේකම් තනතුරකුත් නම් කරගෙන.එජාප ජාතික ලේකම් විදිහට රවී කරුණානායකව පත්කරගෙන.ඒ වගේම ව්යාපාර ක්ෂේත්රයේ හිටිය තවත් පිරිසක් මේ මැතිවරණ ක්රියාවලියට සම්බන්ධ කරගෙන.
එජාපය මැතිවරණයකට බරව එහෙම ක්රියා මාර්ග ගනිමින් ඉදිරියට යද්දී පොහොට්ටුව සහ සජබය ඇතුලෙත් අභයන්තර සහ භාගිර වශයෙන් ගිණි ගනිමින් තියනවා.පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම ඇතුලේ දැන් ප්රසිද්ධියේ වලි කීපයක්ම ගියා.මහින්දානන්ද අලූත්ගමගේ එක්ක වලියක් ගිය මන්ත්රීවරයෙක් හමුදා රොහලේ ප්රතිකාර ලබන බව මාධ්ය වාර්තා කරලා තිබුණා.මහින්දානන්ද කියන්නේ දෙන්න අතර බහින්බස්වීමක් ඇතිවුනත් මම එයා තල්ලු කළේ නෑ කියලයි.
ඒ වගේම පවතින ආපදාතත්වය යටතේ මහ පාරට කඩා වැටෙන ගස් අයින් කිරීම සම්බන්ධ ඇමති පවිත්රා සහ මන්ත්රී මධුර විතානගේ අතරත් ලෝකු බහින් බස්වීමක් ඇතිවෙලා. ඊට ඉස්සෙල්ලා ලොහාන් සහ ප්රසන්න රණවීර අතරත් ගුටිකෙලියක් යන්න ගිහින් 99 න් බේරුණා කියලා ආරංචි වුනා. කොහොම උනත් ඔයාලට පේනවා ඇති පොහොට්ටුව ඇතුලේ අභයන්තර ප්රතිවිරෝධී තත්වයන් වර්ධනය වෙමින් තියන බව.
ඇත්තටම මේවා එලියෙදී වෙන වෙන හේතූන් විදිහට පෙනුනාට මේවා සියල්ල දේශපාලනිකයි.මේ පිටවෙමින් තියෙන්නේ රාජපක්ෂලාට පක්ෂපාතී සහ රාජපක්ෂලා එරෙහි ප්රති විරොධයයි.පොහොට්ටුව මොන තරම් තර්ජනය කළත් පොහොට්ටුවේ බහුතරය රනිල් එක්ක ඉන්න බව දැන් රාජපක්ෂලා දන්නවා.ඒ ගැන රාජපක්ෂලාට තමන්ගේම කදවුරේ අය ගැන තියෙන්නේ ලොකු ප්රති විරෝධයක්.
අනුරාධපුර පොහොට්ටුවේ ජන රැලියට ශෙහාන් සේමසිංහට ආරාධනා නොකිරීම ප්රාදේශීය දේශපාලනයේ ප්රශ්නයක් කියලා සාගර කියන්න හැදුවත් දේශපාලනය තේරෙන ඕනි කෙනෙකුට තේරෙනවා ශෙහාන්ට ආවේ රාජපක්ෂලාගේ කැපිල්ලක් කියලා.ඇත්තටම රාජපක්ෂලගේ පැත්තෙන් බලද්දී ඒක මහ මෝඩ වැඩක්.රනිල් වගේ සද්ධන්තයෙක් එහා පැත්තෙ තියාගෙන රනිල්ට හිතවත් අයට කැපිලි දානවා කියන්නේ පනින රිලවුන් ඉනිමන් තියනවා වගේ වැඩක්.
කොහොම උනත් පොහොට්ටු කදවුරේ වැඩි වාසිය දැන් තියෙන්නේ රනිල්ට.රනිල්ට තවමත් බැරි වෙලා තියෙන්නේ සජබය ආක්රමණය කරන්න.මොකද මේ මාසය ආරම්භ වෙනවත් එක්ක ගිය කතාවල හැටියට සජබය පිරිසක් පිල් මාරුවකට ලෑස්ති වෙන බව කියවුණා.සමහර අය කිව්වේ කෙලින්ම යූඑන්පියට නාවත් පිරිසක් ස්වාධීන වෙයි කියලයි. දැන් මේ මාසේ මුල් පාර්ලිමේන්තු සතිය ඇරඹුණත් තවම නං එහෙම හුවමාරු වීමක ලක්ෂණ පේන්නේ නෑ.
සජබය දිගටම ඉන්නේ රනිල් ඉලක්ක කරගත්ත ප්රහාරතක. සජබට කරන්න තියෙන්නෙත් දිගටම රනිල් විරෝධය මතු කේරීමම තමයි.සජිත්ගේ පැත්තෙන් හිතුවොත් වෙන කරන්න දෙයක් සජිත්ට නෑ.හැබැයි මතුපිටින් සජබය එහෙම විරෝධයක් පෙන්නුවත් සජබ අභයන්තරයේ රනිල් සජිත් එකතුවක් ගැන සාකච්ජාවක් තවම යනවා.ඒ සාකච්චාජාවත් මේ මාසය දෙක ඇතුලේ උපරිම වශයෙන් උඩට එයි.
යම් විදහකින් රනිල් සජිත් එකතුවක් සම්බන්ධ සාකච්ඡාව බලවත් උනොත් සජබය ඇතුලේ අභයන්තර ගැටුම තවත් වර්ධනය වෙන එක නවත්තන්න බෑ. කොහොම උනත් සජබය මේ පාර්ලිමේන්තු සතියත් ඩෑමේජ් එකක් කරගන්නේ නැතිව පැන ගත්තොත් ඒක ලොකු ජයග්රහණයක්.ඒකෙනා තවමත් සජබය නිරුපද්රිතව ඉදිරියට යනවා කියන හැගීම එනවා.සජිත් සහ රනිල් අතර එහෙමත් නැත්තං සජබ සහ එජාපය අතර මේ දේශපාලන ගනුදෙනුව විසදෙන විදිහ අනුව ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා සජිත්ද,රනිල්ද, අනුරද,කියන එක තීරණය වෙයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 3 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *