දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් බලාපොරොත්තු වීම සිහිනයක් – දෙමළ සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්

දෙමළ ජාතික සන්ධානයේ සහය තමන්ට ලැබෙනු ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා සිතා සිටීම සිහිනයක් පමණක් බවත්, එලෙස කිසිවකුට සහය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට නැති බවත්, එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා අද ප්‍රකාශ කළේය.

පක්ෂයේ ජේෂ්ට නායක ආර් සම්බන්ධන් මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා කීවේ ජනාධිපති අපේක්ෂකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු තමන් ආධාර කරන අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගන්නා බව යි.

2019 දී සජිත් ප්‍රේමදාස මහතාට සහය දුන්නක් මෙන් 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාට ද ,2010 දී සරත් ෆොන්සේකා මහතාට ද තම සන්ධානය සහය දුන් බවත්, ඒ තිදෙනා ම ඉදිරිපත් කළේ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරණයට දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අදහසට තමන් හෝ සම්පන්දන් මහතා හෝ එකඟ නැති බව ද ඒ මහතා කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *