|

ජවිපෙ මාලිමා අර්බුදය තවත් අදියරකට – රටේ රාළ

මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුදය ගැන රටේ රාළ අවස්ථා කීපයකදී කතා කළා.එතනදී මාලිමාවේ බලවේග අතර නිර්මාණය වෙලා තිබෙන ප්රතිවිරෝධයේ ස්වභාවය ගිය 30 වෙනිදායින් අවසන් උන ගෙන්ගෙට යාමේ වැඩපිලිවෙල අසාර්ථක වීමෙන් හොඳටම පෙනුනා.ඒක කොච්චර අසාර්ථකද කියනවා නම් සමහර පැතතිවල ඒ වැඩපිලිවෙල පටන් ගන්නවත් බැරිවුනා.
අන්තිමට එහෙම කැන්වසින් එකක් පටන් ගත්තේ නෑ කියලා සමහර ජේවීපී සහෝදරවරු කමෙන්ට් කරලා තියනවා දැක්කා.ඒ තමයි මාලිමාවේ පහල බලවේගවල අද තියන පොදු ස්වභාවය.වෙනදා මැරිලා හරි වැඩක් ගොඩදාන්න හිටපු බලවේගය අද මාලිමාවට නෑ.මාලිමාවේ බලවේගය කියන්නේ බොරු කයිවාරු පුරාජේරු ගගහා ක්ලබ්වල දේශපාලනය කරන පිරිසක්.වර්තමාන ජවිපෙ සාමාජිකයා කියන්නෙත් අරමුණක් ඉළක්කයක්, දැනුමක් නැති ගිරාපෝතක Facebook කාරයෙක්.
ඒ බලවේග දෙකම ඇඟ මහන්සිවෙන වැඩවලට කැමති නෑ. වෛරය වැපිරීම තමයි එයාලගේ දේශපාලනය.ඊට අමතර ජවිපෙ ඉන්න පැරණි බලවේගය තමන් ඉතිහාසය කරපු කැපකිරීම මේ එකතුවෙලා ඉන්න බලවේගය සහ පීලි පැනලා තියන පක්ෂයට සහ එතනට පක්ෂය ගෙනිච්ච නායකයන් වෙනුවෙන් කරන්න කැමති නෑ.ඒක නිසා තමයි මාලිමාවේ දෙසතියේ ගෙන්ගෙට යෑමේ වැඩසටහන අසාර්ථක වුනේ. මාලිමාවේ පහල බලවේගය ඇතුලේ නිර්මාණය වෙලා තියන අර්බුදයට සමාන අර්බුදයක් මාලිමාවේ ඉහළ ස්ථරයන් අතරත් නිර්මාණය වෙලා තියනවා.
රටේ රාළ කිව්වේ මාලිමාවේ ඉහල අර්බුදය නිර්මාණය වෙන්නේ ඉදිරි ජනාධිපතිවරණ වැඩපිලිවෙල හදන්න ගියහම කියලයි.පරණ වැඩවසම් සමාජවාදීන් ටිකකුයි, වැඩවසම් ලිබරල්වාදීන් ටිකකුයි එකට ඉඳගෙන රටක් ගොඩනගන වැඩපිලිවෙලක් හදන්න පුළුවන් කියලා හිතන්න බෑ.ඒකට එයාලා අතර එකඟතා හදාගන්න බෑ. ඔක්කොම හණමිටිකාරයෝ. දැනටත් කට්ටිය පැති ගණනාවකට අදිමින් ඉන්නවා.
අන්තිමට එළියට එන්නේ බොරු තොරොම්බල් වැඩපිලිවෙලක් විතරයි.කොහොම උනත් මාලිමාවේ ඉහල නායකයන් අතර වැඩපිලිවෙල හදන්නත් ඉස්සෙල්ලා අර්බුදය ඇවිත්.ඉස්සෙල්ලාම හොයා ගන්න ඕනි ඒක උනේ කොහොමද කියලයි.අර්බුදය තියෙන්නේ ජවිපෙ නායකයින් සහ මාලිමාවේ නායකයින් අතර.ඇත්තටම මේ අර්බුදය මෙච්චර ඉක්මනට හැදුවේ කවුද?මේ අර්බුදය හැදුනේ නලින් බණ්ඩාරගේ විවාද යෝජනාවෙන්.
මෙහෙම අභයන්තර අර්බුදයක් හදන්න හිතාගෙන නලින් බණ්ඩාර විවාද යෝජනාව ගෙනාවා කියලා රටේ රාළ හිතන්නේ නෑ.එහෙම හිතලා ගෙනාවා නම් නලින් බණ්ඩාරත් පොරක් තමයි.මොකද වැඩේ දැන් ඇතුලේ වැඩ කරනවා. අපිට පිටින් බැලුවම පේන්නේ විවාදයේ වැඩි වාසිය තියෙන්නේ මාලිමාවට කියලයි.ඒ අනුර සහ සජිත් අතර කෙරෙන විවාදය හින්දයි.සමාජ අවධානම යොමු වෙලා තියෙන්නේ නායකයන් අතර විවාදයට හින්දයි.
හැබැයි මාලිමාවේ ඇතුලේ ඉන්න උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය සෙට් එකට මේක බලපාන්නේ වෙනස් විදියකට.එයාලා දකින්නේ සජබ ආර්ථික කමිටුවත් එක්ක විවාදයට එන්න නොදීමෙන් එයාලා හෑල්ලුවට ලක් වෙනවා කියලයි. එයාලට ඒ අවස්ථාව නොදෙන්නේ ජවිපෙය විසින්.ඇයි ජවිපෙ එයාලට අවස්ථාව දෙන්නේ නැත්තේ.ඕක තමයි දැන් ජවිපෙ සහ මාලිමාව අතර තියන අර්බුදය. මාලිමාව ඇතුලේ ඉන්න ආචාර්ය,මහාචාර්ය සෙට් එක කියන්නේ මාලිමාව මේ තරම් පීක් එකට ගෙනාවේ අපි කියලයි.
ජවිපෙට කවදාවත් ඉතිහාසයේ මෙහෙම ජනප්රියත්වයක් හිමිවුනේ නෑ.ඒක කළේ එයාලා කියලා එයාලා හිතනවා.ඒක නිසා ජනගත වෙන්න එයාලටත් අවස්ථාව ඕනි කියන ඉල්ලීම එයාලගෙන් එනවා.ඒත් ජවිපෙ ඒකට ඉඩ දෙන්නේ නෑ.ඒකට හේතුව තමයි ජවිපෙට එයාලා විශ්වාස නැතිකමයි.ජවිපෙ මෙතනදී කරන්නේ එයාලගේ ආර්ථික හා දේශපාලන න්යායයන් අරගෙන ඒවා ජවිපෙ කටවල්වලින් රටට ඉදිරිපත් කිරීමයි.
ඒක කරන්න නං එයාගෙන් අරන් මෙයාලා විසින් ඉදිරිපත් කරන්න ඕනි.එයාලගේ දේ එයාලට ඉදිරිපත් කරන්න දුන්නොත් මේක අනවශ්ය සීමාවට යනවා කියලා ජවිපෙ දන්නවා.මොකද එතන ඉන්න සියලු දෙනාම ලිබරල් බුද්ධිමතුන්.ලිබරල් අර්ථයෙන්ම ගත්තොත් ඔක්කොම රනිල්ගේ ගෝලයෝ.එයාලා සහ සජබ ආර්ථික කම්ටුව අතර විවාදයකට කළොත් වෙන්නේ සියලු දෙනා මේ කියන්නේ රනිල්ගේ වැඩපිලිවෙල බව රටට තහවුරු වෙන එකයි.
ඒක වහන්න ජවිපෙ කරන්නේ මාලිමාවේ ආර්ථික කමිටුව හංගන එකයි.ඒකත් හරියට ජවිපෙ හදුනෙත්ති දයාෂාන් අයියගෙන් ඇඳුම් ඉල්ලගෙන එයාගේ වගේ ඇඳගෙන යනවා වගේ වැඩක්.දැන් මෙතන වෙලා තියෙන්නේ මාලිමාව ඇතුලේ ඉන්න ආචාර්ය මහාචාර්ය සෙට් එකේ ඇඳුම් ටික ටිල්වින්ලා, අනුරලා,ලාල්ලා, හදුනෙත්තිලා, විජිලා එයාලගේ වගේ ඇඳගෙන යනවා.දැන් ආචාර්ය මහාචාර්ය සෙට් එකට ඒකට මල පැනලා. එයාලා කියන්නේ ඒක බලහත්කාරකමක් කියලයි.
අපි වගේ පිරිසක් මාලිමාව ඇතුලේ සේවය කරන බව රට දන්නේ නෑ කියලයි.එයාලගේ දැනුම එකතු කරගන්න මාලිමාව ඇතුලේ හදලා තියන මාදිලිය ඒකාධිපති හැඩයේ එකක් කියලයි එයාලා හිතන්නේ. අනික මෙච්චර ආචාර්ය මහාචාර්ය සෙට් එකක් තියාගෙන මාලිමාවට තවමත් වැඩපිලිවෙලක් නැති එක ගැන එයාලා ඉන්නේ කණගාටුවෙන්. වැඩපිලිවෙලක්වත් තවම හදාගන්න බෑ කියලා එයාලට කට්ටිය දැන් කෝචොක් දාන්නත් පටන් අරන්ලු.ජවිපෙට තවමත් වැඩපිලිවෙලක් හදන්න උවමනාවක් නැතිකම ගැනත් එයාලා ඉන්නේ බරපතල කනගාටුවකින්.
ඇත්තටම ජවිපෙ දන්නවා එහෙම වැඩපිලිවෙලක් හදන්න ගියොත් මේක ඇතුලේ නැති වලියක් ඇති වෙන බව.ඒක නිසා එයාලා කල් ගනිමින් පස්සට යනවා.අන්තිමට කට මුලට හිරවුනාට පස්සේ ජවිපෙට ඕනි විදිහේ බොරු තොරොම්බල් වැඩපිලිවෙලක් දානවා.මොකද ජනාධිපතිවරණයෙන් පස්සේ ජවිපෙ ගහන්න හදන්නේ වෙනම ගේමක්.ඒක දැන්ම කියන්න හොඳ නෑ.ඔය ආචාර්ය මහාචාර්යවරුන්ටත් මොලේ කලඳක් හරි තියනවා නං ඒක තේරෙන්නත් ඕනිනේ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of ‎2 people and ‎text that says '‎ටදෙ 1S ባ م സ ل EG‎'‎‎

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *