ජනාධිපතිතුමා ගංවතුර චක්‍රලේඛය වෙනස් කළේ මගේ ඉල්ලීමට – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්

ගංවතුරෙන් විපතට පත්ව නිවාසවල රැකවරණ ලැබූ පිරිසට ද සහනාධාර හිමිවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  චක්‍රලේඛයක් නිකුත් කළේ තමන්ගේ ඉල්ලීමකට අනුව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මීට පෙර පැවති ක්‍රමවේදය වුයේ අවතැන් වී කඳවුරු වෙත පැමිණෙන පිරිසට පමණක් සහනාධාර ලබා දීම යි. එසේ වුවත් මෙවර එම සහනාධාර තම ඥාති ,හිතවතුන්ගේ නිවාසවල රැකවරණ ලබන පිරිසට ද ලබාදීමට ජනාධිපතිතුමා චක්‍රලේඛයක් මගින් නියම කළේය.

මරික්කාර් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළේ එම චක්‍රලේඛය ජනාධිපතිතුමා නකුත් කළේ තමන් කළ ඉල්ලීමක ප්‍රතිඵල වශයෙන් බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *