විදුලිබල පනතට ශ්‍රේෂ්ටාධිකරණයෙන් සංශෝධන

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නව විදුලිබල පනතට ශේෂ්ටාධිකරණය නියම කොට ඇති සංශෝධන කළහොත් එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි ඡන්දයෙන් සම්මත කළ හැකි බව ශේෂ්ටාධිකරණය තීන්දු කොට ඇත.

පනත සංශෝධන රහිතව සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය බව ශේෂ්ටාධිකරණ තීන්දුවේ සඳහන් වෙයි.

ශේෂ්ටාධිකරණයේ එම තීන්දුව කතානායක තුමා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *